තමන් එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපීමට ගෙන ඇති තීරණය බල ශූන්‍ය කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී ශිරාල් ලක්තිලක සහ මෛත්‍රී ගුණරත්න මහත්වරුන් අභියාචනාධිකරණයට පෙත්සම් දෙකක් ගොනු කර ඇත.
මෙම පෙත්සම් දෙකෙහි වගඋත්තරකරුවන් වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, එහි කෘත්‍යාධිකාරී මණ්ඩලය ඇතුළු 94 දෙනකු නම් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේගොල්ලෝ විපක්ෂයට ගියත් උසාවි ගියත් මට නම් වෙනසක් පෙනෙන්නෙ නැහැ (නි)
ලෝකයේ දියුණු රටවල නම් පක්ෂ නායකයෙක් එක ඡන්දයක් පරද වුනනාම පක්ෂයේ තව කෙනෙකුට ඉඩදීලා පැත්තකට වෙනවා. පක්ෂයේ ප්‍රාදේශීය නායකවරු මොන වැරැද්ද කලත් නායකතුමාට මිනිස්සු කැමති වීම නිසා මිනිස්සු ඡන්දය දෙනවා. යූ.එන්.පීයට නම් වෙලා තිබෙන්නේ මේකේ අනිත් පැත්ත. දැන් ඔවුන්ට අලුත් මුහුණු වුවමනායි (නි)
මම ඔය ප්‍රියන්ත කියන කෙනාට කියන්නේ.ඔබ චුයින්ගම් කවන අයට ඡන්දෙ දෙන්න තරම් මෝඩ වුනාට අපි එහෙම නැහැ. (නි)
රනිල් නායකයා හැටියට ඉන්නන්කම් එ ජා පෙට ඡන්දෙ දෙන්න මම හරි බයයි. හැමෝම දන්නවා අර අවුරුදු 2දි කොහොමද පාලනය කලේ කියලා. (නි)
ශිරාල් කියන්නේ අමු සතෙක් මම ඔකාව දන්නවා හොදට .හෙනම කපටිය.. (අ)
තමන්ගේ නායකයට ගරු කරන්න, අවනත වෙන්න බැරි මිනිස්සු රටේ ජනතාවට සේවය කරයි කියලා කොහොම විශ්වාස කරන්නද? මේ කට්ටිය එදා ඉඳල කළේ මොකක්ද? (නි)
මේ අයට තව අවස්ථාවක් දෙන්න බැරිද? (නි)
රනිල් දුර්වල නායකයෙක් නම් මොනවටද රනිල්ට එලව එලවා ගහන්නේ? රනිල් දුර්වල නායකයෙක් නම් පක්ෂය තුල නායකත්වය තවුරු කරගන්නේ කොහොමද? දුර්වල කෙනෙක් නම් පසුගිය වසර දෙක තුන ඇතුලත තමන් මුහුණදුන් අභියෝග හමුවේ දේශපාලනයෙන්ම සමුගන්නවා නේද? (නි)
මේ රනිල්ට බනින අය දන්නවද දන්නෙ නැහැ රනිල් ඇතුළු එජාපය ඉතා වටිනා නව ව්‍යවස්ථා යෝජනාවලියක් ඉදිරිපත් කරලා තියෙන බව. ප්‍රතික්ෂේප කරන්න කලින් පොඩ්ඩක් හොයලා බැලුවොත් හොදයි. මාත් ඉස්සර ඉදන්ම රනිල්ට කැමති නැහැ. ඒත් අපි කැමැත්තෙන් හිටපු මිනිස්සු අපිට කරන කියන දේවල් පේනකොට අපි දන්නෙ මොනවද කියලා හිතෙනවා. (නි)
ඡන්ද පරදිනවා මදිවට අනිත් මිනිස්සුන්ගෙත් කකුලෙන් අදිනවා , රනිල් කතා කරන්න පටන්ගනකොට මිනිස්සු රැස්වීම් වලින් නැගිටලා යන්නව (අ)
බුදු පිළිම කුඩු පට්ටම් කල අය පක්ෂයෙන් නෙවෙයි මුළු රටෙන්ම පන්නා දැමිය යුතුයි. (නදී)
අජිත් මහත්තයා, ඔබ 100% ක් හරි. මට කියන්න තියෙන්නෙත් මේකම තමා. (නි)
එකනේ අජිත් මහත්තයෝ මේ දෙන්න මේ කරන්න හදන්නේ.(නදී)
රනිල්ට අභියෝග කරන්න විදියක් නැහැ . පක්ෂයේ බලය හදා ගෙන තියෙන්නේ . විධායක කමිටුව රනිල්ට කඩේ යන කොටස නිසා . පක්ෂයේ සාමාජිකයන්ගේ ඡන්දයෙන් තේරුවොත් රනිල් නිකම්ම එළියේ . මේ පවතින රජයත් සහයෝගය දක්වන්නේ රනිල්ට . මොකද රනිල් නායක කමේ ඉන්නකම පවතින රජයත් බලයේ . මේක බෙදා හදා ගෙන කන කෑමක් (අ)
මොකක්ද මේ ප්‍රජාතන්තවාදය කියලා මට නම් තේරෙන්නේ නැහැ (නි)
නායකයා හොද නැත්නම් පක්ෂයේ ඉන්නේ මොනවාටද? යන්න තියෙන්නේ. වැඩ පුලුවන් නම් කොයි පක්ෂයත් එකයි.(නදී)
රනිල්ගේ නායකත්වය ප්‍රතික්ෂේප කරන පිරිස නායකත්වයට සුදුසු කවුරුද කියල කෙලින් කියන්නේ නැත්තේ මොකද? අපිට නම් පේන්නේ රනිල්ට අභියෝග කරන්න පක්ෂය තුල වෙනත් කෙනෙක් නැතුව වගේ කියලයි. රජය භය යුඇන්පී එකට නොවෙයි, රනිල්ටයි. එකනේ රනිල් විවේචනය කරන රජයේ එක රූපවාහිනි චැනලයකට පවරලා තියෙන්නේ.ඔය දෙන්නටත් තියෙන්නේ නායකයා එලවන්න හදන්නේ නැතුව මේ රජය පන්නල යුඇන්පී ආණ්ඩුවක් පිහිටුවන්න වෙහෙසෙන්න නේද? ඊට පස්සේ නායකයා එලවන්න බලන්න . (අ)