IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ශල්‍ය උපකරණ ඇතුළේ හත් ලක්ෂයක හෙරොයින්

පකිස්තානයේ කරච්චි නුවර සිට කුරියර් සේවාවක් හරහා එවන ලද පාර්සලයක් අද සවස කටුනායක සීදූවේ පිහිටි  රේගු නිෂ්කාෂණ මධ්‍යස්ථානයේදී  පරීක්ෂා කරද්දී එම පාර්සලයේ ශල්‍ය උපකරණ තුළ සඟවා තිබූ රුපියල් හත් ලක්ෂයක හෙරොයින් ග්‍රෑම් 132ක් සොයා ගත් බව රේගු  මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.

පසුගිය 29 වෙනිදා මෙම ශල්‍ය උපකරණ අඩංගු පාර්සලය කූරියර් සේවවාක් හරහා කරච්චි නුවර සිට මෙරටට එවා ඇත්තේ  කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි  කාන්තාවකගේ නමින් බව රේගුව කියයි.

ශල්‍ය උපකරණ  බවට  ලිය  කියවිලි සකස් කොට  ගෙන්වා තිබු මෙම පාර්සලය පිළිබඳ රේගු  නිලධාරීන්ට  ඇති වු සැකයක් මත  එය රේගුවේ රඳවාගෙන තබා ගෙන ඇත. පසුව එය ගෙනයාමට නම ස‍ඳහන් තැනැත්තිය සම තවත් කාන්තාවක් පැමිණි අවස්ථාවේ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

දන්ත වෛද්‍යවරුන් ප්‍රයෝජනයට  ගන්නා  ශල්‍ය උපකරණ 30 ක් පාර්සලයේ තිබු බව රේගුව කියයි.

මේ  පිළිබඳ  විමර්ශන කටයුතු රේගු ආධායම් අංශයේ අධ්‍යක්ෂක කේ.ඩී නිකොලොස්
මහතාගේ මෙයෙවීමෙන්  රේගු ගුවන් ගමන් බඩු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක එස්.එල්.ඊ මොහොට්ටි මහතාගේ අධීක්ෂනය යටතේ රේගු අධිකාරීවරුන් වන ශර්ලි වීරසේකර, පරාක්‍රම බස්නායක, ඩැනි අප්පුහාමි රේගු ගුවන් ගමන් බඩු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක එස්.එල්.ඊ මොහොට්ටි,  සහ නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන කමල් ප්‍රනාන්දු යන් නිලධාරීහු සිදු කරති.

 

 

 

 



අදහස් (0)

ශල්‍ය උපකරණ ඇතුළේ හත් ලක්ෂයක හෙරොයින්

අල්විස් Wednesday, 07 May 2014 09:21 AM

ධම්ම, ලෝකයම නොදන්නා දෙයක් ඔබතුමා හෙළි කළා වාගේය. කොහෙද යන්නේ මල්ලේ පොල් තමා. (ස)

:       0       0

දයා අළහකෝන් Tuesday, 06 May 2014 08:21 PM

අල්ලාගෙන හොඳ දඩුවමක් දෙන්න. නැත්නම් අපේ රට ඉවරයි (නි)

:       0       0

ලලිත් අපොන්සු Tuesday, 06 May 2014 08:39 PM

කාගේ හරි කඩාකප්පල්කාරී වැඩක් (නි)

:       0       0

අල්විස් Tuesday, 06 May 2014 08:44 PM

පාකිස්ථානය, බලොචිස්ටාන් සහ ඇෆ්ගනිස්තානය යන රටවල පොපිමල් වගාව සරුවට කෙරෙනවා. ඒ මල් අනුසාරයෙන් නිපදවන හෙරොයින් පාකිස්ථානය හරහා ලොව පුරා බෙදා හරිනවා. අපේ රට තුලට මේ විදිහට එන්නෙත් අපේ රට හරහා වෙනත් රටවලට යවන්නෙත් පාකිස්ථානය හා සම්බන්ධ වූ මෙරට මාෆියාවයි. කුරියර් සේවාවක් හරහා මෙලෙස මින් පෙර කොතරම් හෙරොයින් එවන්නට ඇද්ද? මෙතැන් සිට පාකිස්ථානයේ සිට එවන සියලුම කුරියර් සේවා සහ අනෙකුත් පාර්සල් දැඩි පරීක්ෂාවකට පත් කළ යුතුය යන්න මගේ හැඟීමයි. එමෙන්ම ඒ පසුපස සිටින මෝරුන් නීතියට හසු කර ගත යුතුයි. (නි)

:       0       0

සුවාරිස් Tuesday, 06 May 2014 09:06 PM

අල්විස් මහත්තයා, මෝරු අහුවෙන්න තරම් ශක්තිමත් දැල් අපි ළඟ නැහැ. ඒවා විදේශීය රටකින් ගෙන්වා ගන්න වෙනවා (නි)

:       0       0

අල්විස් Tuesday, 06 May 2014 09:23 PM

නැහැ. සුවාරාස්, ඔබ සිතන දේ මට පැහැදිලියි. නමුත් අපි රටේ හෝ රජයේ තත්ත්වය අවඥාවට ලක් කළ යුතු නැහැ. අපි ඒ සඳහා රජය සහ රේගු අංශ පෙළඹවිය යුතුයි. (නි)

:       0       0

සතිස් Wednesday, 07 May 2014 11:36 AM

ඇත්තෙන්ම මේ කුඩු ඇල්ලුවට ස්තුති කරනවා. ඔය ඇල්ලුවා කියන කුඩු තව දවස් දෙකකින් කියයි ඇල්ලුවේ ග්‍රැම් 1 යි කියලා. (නදී)

:       0       0

ජීවන්ත Wednesday, 07 May 2014 12:10 PM

මේ කුඩු ලංකාවට එන එක නවත්තන්න කිසිම වැඩ පිළිවෙලක් නැද්ද (දී)

:       0       0

සරත් බණ්ඩාර Tuesday, 06 May 2014 11:24 PM

රේගුවේ දත් ගලවන්න මුන්ට ලේබෙන්නේ නෑ (ස)

:       0       0

ධම්ම Wednesday, 07 May 2014 12:22 AM

හෙරොයින් ජාවාරම් කරුවන් ගැන ඔය තරම් සරලව හිතන්න බැහැ අල්විස්. ඇෆ්ගන්වරු බුරුවා පිටේ යමින් අවුරුදු දහයක් තිස්සේ නොපසුබටව රුසියාව සමග සටන් කලේත් දැන් ඇමෙරිකාව සමග කරට කර සටන් කරන්නෙත් ඔය කියන පොපි වගාවේ පිහිටෙන් තමයි. (ස)

:       0       0

මෝහමෙඩ් Wednesday, 07 May 2014 02:28 PM

උපරීම දඩුවම දෙන්ඩ ඕන. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 1550 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 2050 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 472 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති හෙට ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 3115 0

ජනාධිපති අනුර දිසානායක මහතා හෙට පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2514 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1844 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34730 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24022 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 160 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 488 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 218 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site