පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද පෙරවරු 9.30ට ආරම්භ විය.
විභාග මධ්‍යස්ථාන 2836ක දී අපේක්ෂකයෝ 329725 දෙනෙක් ඊට පෙනී සිටිති.
එහි රාජකාරි සඳහා නිලධාරීහු 18000ක් යොදවනු ලැබ සිටිති.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද පෙරවරු 9.30ට ආරම්භ විය.
විභාග මධ්‍යස්ථාන 2836ක දී අපේක්ෂකයෝ 329725 දෙනෙක් ඊට පෙනී සිටිති.
එහි රාජකාරි සඳහා නිලධාරීහු 18000ක් යොදවනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ සැමට ජය!(නදී)
මේ විභාගේ ළමයින්ට සුදුසු නෑ කියන්නේ කව්ද?මේක ටොයිස් විභාගයක්නේ. ,මේකෙන් ළමයින්ට සුපිරි පාසලකට යන්න අවස්ථාවකුත් ලැබෙනවා. (ස)
සියලු දරුවන්ට බුදු සරණයි ! (ස)
අද ප්‍රශ්න පත්තරේ හරි අමාරුයි,ඒක හදපු මාමලා හරි නරකයි (නි)
ගමේ ළමයෙකුට හොද පාසලකට යන්න අවස්තාවක් මේක (දී)
අපේ අහිංසක දරු පැටව්න්ට ජයෙන් ජයම වේවා......තෙරුවන් සරණයි.(දී)
ලගදිම 2 පංතියටත් මෙවැනිම ව්භාගයකට කැබිනට් අවසරය ඉල්ලලා කියලා ආරංචිද?(නදී)
කසුන් චාමර, නියම ප්‍රතිචාරය. සියයට සියයක් එකගයි.(නදී)
අද ඇරඹෙන මේ ශිෂ්‍යත්වය විභාගය වගේ දරුවන්ගේ මොළය කුරුවල් කරන තව විභාගයක් මම නම් දැකලා නැහැ. හැම සැරේකම ප්‍රශ්න පත්‍රවල වැරදි හරියට. ඉතින් කොහොමෙයි ලමයෙක් හරියට උත්තර ලියන්නේ, ගුරුවරු පවා හරි උත්තර දෙන්න දන්නේ නැති කොට. මම නම් දන්නේ නැහැ. මගේ කවුරුවත් නම් මම යවන්නේ නැහැ මේ වගේ මෝඩ විභාගයක් පාස් කරන්න. අනික පහේ ශිෂ්‍යත්ව විභාග් පාස් වුනා කියලා අහවල් මඟුල ලැබෙන එකක් යෑ. යමක් කමක් තියෙන හොඳ සමාජ මට්ටමක ඉන්න දෙමව්පියන්ට මේ මළ ඉලව් විභාගේ තිබ්බත් එකයි නැතත් එකයි. මම නම් කියන්නේ අපේ තරුණ දරු පරම්පරාවට විනයක් සිදු කරන වෙනත් විභාගයක් මම දැකලා නැහැ පහේ ශිෂ්‍යත්ව විභාගය තරම් දරුණුවට. කොටින්ම කියනවා නම් මම මගේ හතුරෙක්ගේ දරුවෙක් වත් මේ විභාගේ ලියනවට කැමති නැහැ. මොකද මම කැමති නැහැ අසරණ දරුවෝ උන්මත්තකෝ පිස්සෝ වෙනවා දකින්න. මේ විභාගය ළමා මනසට සිදු කරන්නේ යළි කවදාවත් හැදිය නොහැකි විනාශයක්. බරපතල අපරාධයක්. අධ්‍යාපනය කියන්නේ චර්යාවේ සිදුවන ධනාත්මක වෙනස්කමක් ක්‍රමිකව ඇති කරවීමයි. එහෙම නැතිව දරුවෙකුට දරා ගන්න අමාරු වෙන විදිහට සිංහල, දෙමළ, ගණිතය, දෙමළ, ජපන් ආදී විෂය ගොන්නක් එක්වර ලපටි මනසට දැනුම ලෙස පැටවීම තුළින් අධ්‍යාපනයේ දිගු කාලීන ඉලක්ක හා අරමුණු ජය ගත නොහැකි බව පහේ ශිෂ්‍යත්ව මේනියාවට රැවටුනු එයින් මෝහනයට හා ස්වයං වින්දනයට පත් වූනු වැඩිහිටියන්ට වටහාදීම ලේසි පහසු නැහැ. අධ්‍යාපනයේ ඉලක්ක හා අරමුණු දිගු කාලීන වුන තරමට අධ්‍යානය සඳහා යමෙකුට තමන්ගේ ජීවිතේ විශාල කාලයක් මිඩංගු කළ හැකියි. අධ්‍යාපනය ක්ෂණික නූඩ්ල්ස් කර ගත්තොත් අන්තිමට දරුවන් මානසික රෝගීන් බවට පත් වෙලා තමයි ඔය අශ්ව රේස් යන එන නතර වෙන්නේ. කොච්චර කිව්වත් ටියුෂන් මාස්ටර්ලා මාස්ටර් වරියන් ළඟට වදෙන් පොරෙන් දක්කගෙන එන දරුවෝ දිහා බලද්දී ඒ අය ගැන ඇති වෙන්නේ ඉතාම සානුකම්පිත හැඟීමක්. හරියට කුඹුරකට හරක් දක්කනවා වගේ මෙහෙම වද දි දී දරුවන්ව වියුෂන් මඩු තුළට පැය 5-6 කූඩු කරලා හරියට සත්තු වගේ මුලික මනුෂ්‍ය අවශ්‍යතාවත් හරිහැටි ඉටු කර ගැනීමට අවස්ථාවන් ලබා නොදී සිරගත කර ගෙන ලබා දෙන්නේ අධ්‍යාපනයද නැතිනම් අධ්‍යාපනය වගේ වෙන මොකක්දැයි අධ්‍යාපන විද්‍යාව විධිමත්ව හදාල මම නම් නොදන්නෙමි.අප අධ්‍යාපන විද්‍යාව පර්යේෂණවලදී ඉගෙන ගන්නා ලද මූලික අධ්‍යාපන මනෝ විද්‍යා සංකල්ප පවා මෙවැනි නූගත් මිනිසුන් විසින් අමු අමුවේ උල්ලංඝනය කරන ආකාරය දකින විට අනේ මේ මිනිස්සු මක් කරලා වත් හදාගන්න බැහැ වැනි සානුකම්පිත හැඟීමක් ඇති වේ. මිනිසුන්ගේ ආකල්ප, කුසලතා හා චර්යා වෙනස් කිරීම අධ්‍යාපනයයි. නමුත් මිනිස්සු අධ්‍යාපනය කියලා සාමාන්‍යයෙන් දන්නේ මොනවා හරි පොතක තියෙන විෂය කරුණු ටිකක් දිරෝගන්න අමාරු වෙන විදිහට ඔන්න ඔහේ මොළය ඇතුලට දාගන්න එක විතරයි. ඒක අධ්‍යාපනය නෙවෙයි. දැනුම අධ්‍යාපනයෙන් ලැබෙන එක් අතුරු ප්‍රතිඵලයක් පමණකි. නූතන ලෝකේ අධ්‍යාපනය අර්ථකථනය කරනුයේ මානව චර්යා පිලිගත් සම්මත ක්‍රමවේදයකට අනුගතව වෙනස් කරනු ලබන මෙවලමක් වශයෙනි. ලෝකයෙහි දැනට දියුණු රටවල බොහෝවිට භාවිතා කරන සම්මත අධ්‍යාපන සංකල්පය ඔන්න ඕකයි. මමත් මගේ මිතුරන් පිරිසත් අතර මෙවැනි බොහෝ ශාස්ත්‍රීය සංවාද බහුලව ඇති වෙන අතර සාමන්‍ය මිනිසුන් තුළ බොහෝවිට දක්නට ලැබෙන දුර්වලතා ඇති වී ඇත්තේ සාමාන්‍ය ප්‍රජාව අතර මෙවැනි සංකල්ප ව්‍යාප්ත වී නොමැති නිසා බව අවබෝධ කරගත හැකිය. (නදී)
සියලු දූ දරුවන්ට විභාඝයෙන් ජය ලැබේවා!(නදී)
නිලදාරී 18 දාහක් දාල හරි i මේකවත් හරියට කර ගත්තොත් මගේ කොල්ලත් මේ ගමන විභාගේ කරයි.(නදී)
විභාගයට පෙනී සිටින සෑම නැගිලා මල්ලිලාට උණුසුම් සුභ පැතුම්!!! (දී)
සුබ අනාගතයක්.(නදී)
හැම දරුවෙකුටම ජේසු පිහිටයි (දී)
මේ පාරවත් විගාගයක් හරියට කරගන්න විභාග දෙපාර්තමේන්තුවට නුවණ පැහැදේවා (දී)
ඔබ සැමදෙනාටම තෙරුවන් සරණින් ජය වේවා දෙමාපියන්ගේ බලාපොරොත්තු ඉටු කරන්න ශක්තිය ලැබේවා.(නදී)
ඔබ සැමදෙනාටම තෙරුවන් සරණින් ජය වේවා දෙමාපියන්ගේ බලාපොරොත්තු ඉටු කරන්න ශක්තිය ලැබේවා!(නදී)
ශිෂ්‍යත්ව විභාගයට ළමයි සහ දෙමාපියන් මහන්සිවෙන ප්‍රමාණයෙන් පේන්නේ රටේ විවිද ප්‍රදේශ වල ක්‍රියාත්මක වෙන නිදහස් අධ්‍යාපනයේ විෂමතාවය සහ අසමානතාවය නොවේද?(නදී)
අම්මාලා ගොඩාක් දුක් ගන්නේ ඕකට තමයි (දී)
ඔබ සැමට තෙරුවන් සරණින් ජයවේව! (දී)
සියලුම දු දරුවන්ට !!විභාගය ජය ගැනීමට අවශ්‍යධෛර්යය හා ශක්තිය ලැබේව !!!! සැමට තෙරුවන් සරණයි!!! (දී)