තංගල්ලේ හෝටලයකදී බ්‍රිතන්‍ය ජාතිකයකු මරා පෙම්වතිය කෙළසීමේ සිද්ධියේ සාක්කිකාරියක වන තංගල්ල නෙචර් හෝටලයේ කළමණාකාරිනි තරංගා පීරිස් සාක්කි කාරිය අසනීප වීම නිසා නඩුව කල් තැබිණි.
මහාධිකරණ විනිසුරු රෝහිනී වල්ගම විනිසුරුවරිය බදිරියේ පෙර දින සාක්කි දෙමින් සිටියදී එම සාක්කිකාරිය ක්ලාන්ත වීම නිසා නඩුව කල් තැබිණි.
සැකකරුවන්ට ඇප දෙන්නැයි නීතීඥවරුන් කළ ඉල්ලීම සලකා බැලු මහාධිකරණ විනිසුරුවරිය තංගල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍ර ගුප්ත විදාන පතිරණ හැර සෙසු සැකකරුවන් පෙර ඇප මත මුදා හරින්නැයි නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් මේ දේවල් මෙහෙම වෙද්දී ගිය වර ජිනීවා වලදී අපට පක්ෂව චන්දය දුන්න රටවල් මෙවර අපට පක්ෂව දෙයිද? එකයි ඒ රටවල් අපෙන් අයින් වුනේ. (දී)
ඇයට ආරක්සාව දෙන්න. නැත්නම් නඩුව ඉවරයි.(නදී)
සාක්කිකාරිය අසනීපෙන්. සැකකරුවන්ට ඇප? (නදී)
මේ දේශපාලන ක්‍රමය වෙනස් වියයුතුයි. දියුණු රටවල මෙන් උගත්, බුද්ධිමත්, අවංක මහත්මා දේශපාලකයන් පත් කර ගැනීමට කාලය පැමිණ ඇත. (දී)
ඇත්ත තිත්තයි,අපි දන්නවා වෙන්න යන්නේ මොකද්ද කියලා. (නි)
මැර දේශපාලකයා නිසා රුසියානු රාජ්‍ය තාන්ත්‍රික සබදතා පලුදු වේවිද ? සාක්කි කාරිය තංගල්ලේ ප්‍රදේශයේ කෙනෙකේ නිසා , ඇත්ත කතා කරොත් බ්‍රිතන්‍ය ජාතික යට උන දේ වෙන්න පුළුවන්. නුගත් මැරයෝ දේශපාලනය කරන තාක් නිතර මෙවැනි පුවත් අසන්නට ලැබේ. (නදී)
ඇපපිට නිදහස් වූ සැකකරුවන් සාක්කිකරියට බලපෑම් කරනු ඇත.(නදී)
සාක්කිකාරියගේ හදිසි අසනීපය ගැන විධිමත් පරීක්ෂණයක් කළාද? (නි)
ලංකාවේ ජීවත් වන ගමන් නඩුවක සාක්කිකරුවකු වෙනවා කියන්නේ තමන්ගේ නරක කාලය ලැබුවා කියන එකයි. සිද්ධ වෙලා තිබෙන දේ අපිට හිතා ගත හැකියි. නිල්මිණි මහත්මිය කිව්වා වගේ දැන් නම් සාක්ෂිකාර මහත්මියට තියෙන්නේ වෙනත් රටක රැකවරණ පතන්න තමා. (නි)
මොකක්ද මේ ඇයට හදිස්සියේම වුණේ? (නි)
සාක්කිකාරියට බලපෑම් ඇති. ඒක පැහැදිලියි.පාදඩ දේශපාලනයේ නිරුවත දෙස අපි බලාසිටිමු. (නි)
සක්ෂිකාරියට එදා වෙච්ච සිදුවීම මැවී පෙන්න ඇති.ඒකයි ඇය ක්ලාන්ත වෙන්න ඇත්තේ. (ස)
සාක්කිකාරිය පොඩ්ඩක් පරීක්ෂා කරලා බැලුවොත් හොඳයි නේද? (නි)
සාක්කිකාරියගෙන් ඇසූ ප්‍රශ්න වලින් ඇය අපහසුතාවයට පත් වූ බවයි දැනගන්න තිබෙන්නේ (නි)
ඉදිරියේදී දෙන තීන්දුව ගැන දැන් අපට යමක් හිතෙනවා. දෙයියෝ සාක්කි! (නි)
අනිතිමට වෙන්නේ සාක්කි කාරිය කියනවා මට මුකුත් මතක නෑ කියලා. (ස)
සාක්කිකාරිය එන්න පුළුවන් නම් යුරෝපය පැත්තේ, ඕක හොඳ කතාවක් මෙහෙ වීසා ඉල්ලන්න.මෙලහකටත් ඔය නමින් කට්ටිය මෙහෙට ඇවිල්ලද දන්නෙ නැහැ (නි)
බලමුකෝ මොකද වෙන්නෙ කියලා (නි)
සාක්කි දෙන්න කලින් ජීවිතේ බේරගන්න සටනක් දෙන්න වෙයි වගේ. (ස)
සාක්කිකාරිය අසනීපෙන්. සැකකරුවන්ට ඇප. දෙයියෝම බලා ගනිත්වා!(දිල්)
සාක්කි කාරියට මරණීය තර්ජන ඊට පස්සේ සියල්ලෝම සතුටින් විසිර යයි (දිල්)