රතුපස්වල කම්හලක් නිසා ළිං ජලය අපිරිසිදු වෙතියි වැලිවේරියේ ගැමියන් පසුගිය අගෝස්තු පළමු වැනි දා පැවැත් වූ විරෝධතාවයේදි යුද හමුදාව හා ජනයා අතර පැවැති ගැටුමේදී තිදෙනකු මරණයට පත්වීම ගැන ගම්පහ මහේස්ත්‍රාත් උසාවියේ අද පැවැති පරීක්ෂණයේ සාක්කිදීමට සිටි වැලිවේරිය ශාන්ත අන්තෝනි පල්ලියේ කන්‍යා සොහොයුරියක හා පියතුමා පැමිණ සිටියේ නැත.
ශ්‍රී ලාංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසුරිය මහතා පැවැසුයේ සාක්කිකරුවන්ට අනියම් බලපෑම් ඇති බවයි. කොළඹ අපරාධ කොට්ඨාස අංශයේ පොලිස් පරීක්ෂක නෙවිල්ද සිල්වා මහතා පිළිතරු දෙමින් කියා සිටියේ බලපෑම් නොකරන බවයි. වැලිවේරිය පොලිසියේ ස්ථානාධිපති එස්.කේ උපාලි මහතා සාක්කි දෙමින් පැවැසුයේ යුද හමුදාව කැඳවුයේ කාගේ අණක් අනුවදැයි නොදන්නා බවයි. විසිර යන ලෙස හමුදා බ්‍රිගේඩියර් පවසද්දී ගල් ප්‍රහාරයක් එල්ල වූ බවත් තමාට ද ගලක් වැදුණු බවත් ඔහු කීවේය. ඔහුගේ සාක්කියට දෙපැයක් ගත විය. වැඩිදුර විභාගය ලබන 17 වැනි දාට කල් තැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට පස්සේ ඔය වගේ තැන්වලට යද්දී තුවක්කුව නැතුව සාක්කුවල ගල් පුරෝගෙන යන්න තියෙන්නේ. (නි)
මෙතන අදහස් පල කරලා තියෙන බොහොමයක් අය ප්‍රජාතාන්ත්‍රවාදය කියන්නෙ මොනවද මානව අය්තිවාසිකම් කියන්නෙ මොනවාද මෙවා උල්ලන්ගනය වීමෙන් මානව වර්ගයාට වෙන අවාසි මොනවාද කියල දන්නෙ නෑහෑ. තම වර්ගයා පාවා දෙමින් අන්ද අදහස් පල කිරීමෙන් පලක් නෑ.
එතකොට මේවා සාධාරණද
සති අන්ත පුවත්පතකට සිරි දම්ම හැමදුරුවෝ දීල තියෙන ඉන්ටවිව් එක කියවල බලන්න. මේ හැමදුරුවෝ ඉන්නේ මොන විදිහේ මනසිකත්වයකින්ද කියල විස්වාස කරන්නත් බැරි තරම්.මේ සිදුවීමේ යටි අරමුණු තේරුම් ගන්නවානම් කෙනෙකුට එ ලිපියම ඇති, සිදු වුනෙත් සිදු වෙන්න යන්නෙත් මොකක්ද කියල අවබෝද කර ගන්න..හැමදුරුවෝ ප්‍රසිද්දියේම තව මල මිනී ඉල්ලනවා.. (දී)
මේවගේ දේවල් වලින් හොඳට වැටහෙන දෙයක් තමයි මෙහි පිටුපස ඉන්නේ කව්ද කියලා. අනේ අපේ මිනිස්සුත් කොන්ඩේ බැඳපු චීන අය වුනානේ. (නදී)
නිශ දන්නා කෙහෙල්මල උද්ගෝෂණ කරනවා කියන එක සාධාරණයි කියන්නද හදන්නෙ ? ඔය ප්‍රශ්නේ තියෙන්නෙ ටික දෙනාටනෙ හේතව මොකක්ද කියල දන්නැතිව ආපු අයත් ඔතන ඉන්නවා ඒ අය පාඩමක් ඉගෙන ගන්න ඇති (දී)
"රතුපස්වල කම්හලක් නිසා ළිං ජලය අපිරිසිදු වෙතියි වැලිවේරියේ ගැමියන් පසුගිය අගෝස්තු පළමු වැනි දා පැවැත් වූ විරෝධතාවයේදි" පසු බිමේ සිට පල්ලිය හා ඊට සහනුබද්ධ පිරිස් ක්‍රියාත්මක වූ අයුරු කෙසේද යන්න විධිමත්ව, විශේෂ අවධානයෙන් පිළිගත් ආයතනයක් මගින් විමසා බැලිය යුතු බව යෝජනා කරම්. විශේෂයෙන් ප්‍රසිද්ධ වීඩියෝවේ ඉන්න උද්ඝෝෂකයින් මෙහෙයවන නෝනා.(නදී)
රතුපස්වල සිදුවීමේ වැරදිකරුවන්ට (පොලිසිය උනත් හමුදාවේ වුනත්)දැඩි දඩුවම් දිය යුතු වගේම. බන්දුල පෙරේරාගේ අදහසත් 100%කම හරි.(නදී)
නිශා ඔබගේ අදහසට තුති. අද විතරක් නෙවෙයි එදත් ඔය වගේ සිදුවීම් වුනා. හමුදාව තමුන්ගේ පැත්ත ආරක්ෂා කරගන්නවා. මෙතන තියෙන්නේ අර අහිංසක ජිවිත තුන ගැන දුකක් නම් තමයි. මේ ආණ්ඩුවට ඒ ආයතනයත් එක්ක විරුද්ද වෙන්නත් බැරි බව දන්නා දෙයක්නේ. අනේ මන්දා.(නදී)
කරන කලට පවු මීරිය මීසේ. විදින කලට දුක් දැඩි වෙයි ගිනිසේ. මෙය වැරදි වැඩ කරන ආරක්ෂක අංශවල ප්‍රදාන නිලදාරීන් හා දේශපාලනය කරන මැති ඇමතිවරුන් හැම දෙනෙක්ම දැනගත යුතු සත්‍යක්. මිනිස් ජීවිත කියන්නේ යම් කිසි වටිනා කමක් තිබෙන තමන් ගේ ජීවිත වගේ කියල හිතාගෙන වැඩ කරන්න.(නදී)
රණ දෙරණේ අවි ඔසවන මුර සෙබළුනි මේ අහන්න. යුක්තිය උදෙසා මොර දෙන ජනයා නැසුවොත් නිරතුරු.වැනසෙන්නේ ඔබය. ඔබේ පන්තිය මිස සිතට ගනුව.(නදී)
එහෙනම් ඉතින් ඒ සාක්කියෙන් වැඩක් වෙන්නෙත් නැහැ. (නි)
දිනෙන් දින එක එක අය කියන කතා වෙනස් වෙන බවක් පෙනෙනවා.මේ නඩුවේ සාක්කි විමසීම සම්පුර්ණයෙන්ම පුවත්පත් වල දමනවා නම් හොදයි (නි)
පියතුමනි, කන්‍යා සොයුරියනි, දුටු දේ නොබියව පවසා රටට ආදර්ශයක් වන්න.මේ ඔබ පෙරට ආ යුතු කාලයයි. (නි)
හමුදාවට ගල් ප්‍රහාරය එල්ල කළ අය කවුරුන්දැයි ඉක්මනින්ම හෙළි වේවි. (නි)
එතකොට මෙහෙම බරපතල සිදුවීමකට මග පාදපු, මිනිස්සු ලවා පාරවල් හරස් කරවලා හමුදාවට ගහලා මහජන දේපල ගිනිතියවපු, මේ සිදුවීම් වලට නායකත්වය දීපු, ඍජුවම ප්‍රචණ්ඩත්වයට සම්බන්ද වුණු එක් කෙනෙකුටවත් දඩුවමක් නැද්ද? (නි)
රටේ ප්‍රජාතන්ට්‍රවාදය ඉස්තාපිත වුන දවසක වැරදි කරුවන්ට නිසි දඩුවම් ලබීවී.(අ)
නීතියේ පිහිට තමයි (දී)
කාට උනත් වරදට දඩුවම් ලැබෙනවා (දී)
ඇත්ත ඇති සැටියෙන් හෙළිවුණාදට හැමෝම පෝරකේ.එක මතක තිය ගන්න. (දී)
අන්තිමට වෙන්නේ මට මුකුත් මතක නැහැ...මම දන්නේ නැහැ....ෂෝර්ට් ඇන්ඩ් ස්වීට් පිළිතුරු...අලුත් ශ්‍රී ලංකාවනේ..අපි නොදන්නා.. (දී)
අනේ අන්තිමට අර පන්ති ගිහින් ආපු ළමය එයාම වෙඩි තියා ගත්ත වෙන්න බැරිද?
අනේ මන්දා !! මේක කවදා අවසන් වේවිද කියලා (නි)