IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


සීක්කුගේ ප‍්‍රහාරයෙන් ශී‍්‍ර ලංකා ‘එ’ පිලට ජය

ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම අතර ග්‍රෙනඩාවේ ක්වීන්ස් පිටියේදී පැවති පළමු නිල නොවන එක්දින තරගයේදී කඩුලූ 4ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඉරිදා (23 වැනිදා) සමත් විය. මෙම ජයත් සමග තරග තුනකින් සමන්චිත (නිල නොවන) එක්දින තරගාවලියේදී ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම 1.0 ක් ලෙස ඉදිරියෙන් සිටී.

ජයග‍්‍රහණය සදහා ලකුණු 282ක ඉලක්කයක් හඹා යමින් සිටි ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලේ කඩුලූ 6 ක් ලකුණු 223 කට බිඳ වැටී අසීරු තත්ත්වයකට මුහුණ දී සිටියදී පන්දු 17 කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 51 ක් ලබාගත් සීක්කුගේ ප‍්‍රසන්න තම පිලට ජය මාවත විවරකර දුන්නේය.

ශ්‍රී ලංකා ‘ඒ’ පිල කඩුලූ 6ක් දැවී ලකුණු 285 ක් ලබා ගන්නා විට තරගයෙන් පන්දු 20 ක් ඉතිරිවී තිබිණ. කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දුන් අතර කඩුලූ 9ක් දැවී ලකුණු 282ක් රැස් කර ගත්තේය.

බටහිර ඉන්දීය කොදෙව් ඉනිම වෙනුවෙන් ලෙන්ඞ්ල් සිමන්ස් පන්දු 113කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 6ක් සමගින් ලකුණු 106 රැස් කළේය. නර්සින් ඩිනොරින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 60ක්ද, කර්ක් එඞ්වඞ්ස් ලකුණු 57ක් ද රැස් කිරීමට සමත් වූහ. සුරංග ලක්මාල් ලකුණු 45 ක්දී කඩුලූ 3ක් දවා ගත්තේය.

ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලේ ජයග‍්‍රහණයේ පදනම දැමූ දිමුත් කරුනාරත්න හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 89ක්ද, නිරෝෂන් දික්වැල්ල පන්දු 56කදී හතරේ පහර 6ක් සමගින් ලකුණු 61 ක්ද ලබාගත්හ.

බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල කඩුලූ 9ක් දැවී ලකුණු 282
(ලෙන්ඞ්ල් සිමන්ස් 106, නර්සින් ඩෙනොරින් 60, කර්ක් එඞ්වඞ් 57, සුරංග ලක්මාල් 45/3, ලහිරු ජයරත්න 54/2, දිල්රුවන් පෙරේරා 49/2)

ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල කඩුලූ 6ක් දැවී ලකුණු 287
(දිමුත් කරුනාරත්න 89, නිරෝෂන් දික්වැල්ල 56, සීක්කුගේ ප‍්‍රසන්න නොදැවී 51, නිකිතා මිලර් 51/3)



අදහස් (0)

සීක්කුගේ ප‍්‍රහාරයෙන් ශී‍්‍ර ලංකා ‘එ’ පිලට ජය

සුජිව Monday, 24 June 2013 05:09 PM

ප්‍රසන්න දිගටම උත්සහ වන්න ඉදිරි තරගවලත් දස්කම් දක්වන්න, ඔබට ජය ! (අ)

:       0       0

අතපත්තු Tuesday, 25 June 2013 01:33 AM

ප්‍රසන්න දක්ෂ ක්‍රීඩකයෙක්,අනිවාර්යෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙක් වෙයි කවදාහරි. "ඒ" කණ්ඩායමේ තරග වලට ක්‍රීඩා කරලා තවත් අත්‍දැකීම් ලබාගන්න එක ගොඩක් වැදගත් ,මගෙන් ඔබට සුබ පැතුම් !!! (නි)

:       0       0

දසුන් Tuesday, 25 June 2013 04:34 AM

සික්කුටත් වැඩිය දක්ෂ අය තවමත් එළියේ ඉන්නවා (නි)

:       0       0

පිටබෙද්දර ජයා Tuesday, 25 June 2013 04:44 AM

කණ්ඩායමට අපේ සුබ පැතුම්! (නි)

:       0       0

චානක Tuesday, 25 June 2013 08:15 AM

අපේ පාරක් ගහන්න බැරි කට්ටිය වෙනුවට සීකුගේ කණ්ඩායමට ගත්තොත් නරකද? (නි)

:       0       0

දිලිප් Monday, 24 June 2013 02:12 PM

ශක්තිමත් කණ්ඩායමක් ප්‍රහාර එල්ලකිරීමත් හොදයි.(නදී)

:       0       0

චානක Tuesday, 25 June 2013 08:19 AM

එස්.එල්.පී.එල් එකෙත් වැඩ පෙන්නුවා. ඒත් එක ලකුනක්වත් ගන්න බැරි අය කණ්ඩායමේ ඉන්නවා. ඉතින් අයෙත් මොන දිනීමක්ද?(නදී)

:       0       0

චමත් Monday, 24 June 2013 03:05 PM

සීක්කුගේ ප්‍රසන්න ජාතික පිලට එන්න ඕන කෙනෙක් ....දැන්වත් අවස්ථාවක් දෙනවනම් හොඳයි (අ)

:       0       0

සමීර Monday, 24 June 2013 03:27 PM

අපිට වැටහුනා මොහු කණ්ඩායමට අවශ්‍ය කෙනෙක් කියලා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 435 0

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 474 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 148 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 1450 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1095 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 429 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37843 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 747 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site