IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


සාකච්ඡා අසාර්ථකයි කැලණි සිසුහු කියති

කැලණි සරසවි සිසුහු දහසකට වැඩි පිරිසක් මහ වැස්සේ තෙමෙමින් කැළණියේ සිට පැය හතරක පා ගමනකින් කොළඹ වෝඩ් පෙදෙසේ  විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පැමිණ පාරේ වාඩි වී සිටියහ.

 ඔවුන්ගෙන් නියෝජිතයින් හය දෙනෙක් ප්‍රතිපාදන කොමිසමේ සභාපතිනී මහාචාරීනී ක්ෂාණිකා  හිරිමුරේගම සමඟ පැයක පමණ සාකච්ඡාවක් පැවැත්වුහ.

 කන්නන්ගර නේවාසිකාගාරයට එල්ල වු මැර ප්‍රහාරය,ශිෂ්‍ය මර්දනය ,නව අභ්‍යන්තර පිරිමි නේවාසිකාගාර ලබා දීම ,කාන්තා නේවාසිකාගාරවල රැස්වීම පැවැත්වීමේ නිදහස  තහවුරු කිරීම හා සරසවිය තුළ  නිදහස තහවුරු කරන්නැයි ඔවුන්ගේ ඉල්ලීම් විය.

සාකච්ඡාව අසාර්ථක වී යැයි කැලණිය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කිංස්ලි ගුණරත්න සිසුවා කියයි.

 



අදහස් (0)

සාකච්ඡා අසාර්ථකයි කැලණි සිසුහු කියති

මහසෙන් Tuesday, 17 September 2013 09:49 PM

නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන තැනකට ආපු අයම තමයි ඒ නිදහස් අධ්‍යාපනයට වල කපන්නේ.මේ දාලා තියෙන අදහස් බලපුවහම ඒ අය ගැන අනේ අපොයි කියලා හිතෙනවා. (නි)

:       0       0

උද්ධික දිසානායක Tuesday, 17 September 2013 04:05 PM

අනේ මන්දා මේ ගොල්ලෝ යන්නේ ඉගෙන ගන්නද නැත්නම් කැම්පස් එකේ රැස්වීම් පවත්වන්නද (දී)

:       0       0

අසෝක Tuesday, 17 September 2013 04:26 PM

අපේ රටේ අනාගත පරපුරේ සුරක්ෂිත බව මේවායින් හොඳට පැහැදිලි වෙනවා. ඉතින් දේශපාලකයෝ යහතින් වැජඹෙනවා. (නි)

:       0       0

සුනෙත් Tuesday, 17 September 2013 04:28 PM

දැන් අන්තරේ පොස්ටර් ගහන්නේ ඉංග්‍රීසි වලින්..මේක කාටද පෙන්නන්න ඕනෑ කියන එක ඒකෙන්ම පේනවා.. (නි)

:       0       0

කසුන් Tuesday, 17 September 2013 04:29 PM

කැම්පස් යන කාලේ ගන්න සතුටුදායක අත්දැකීම් වලින් එකක් තමා මේකත්.. (නි)

:       0       0

උකුසා Tuesday, 17 September 2013 04:31 PM

අසරණ දෙමව්පියන්ගේ අසරණ දරුවෝ, මරුවෝ රැලකට මැදිවෙලා විදින දුකක් (නි)

:       0       0

අමිල් Tuesday, 17 September 2013 04:32 PM

මේකට නාවොත් වෙන දේ කියන්න ඕනෑ නැහැනේ.. (නි)

:       0       0

සිල්වා Tuesday, 17 September 2013 04:47 PM

උද්ඝෝෂණයක්වත් නොකළා නම් නියමෙටම තිබේවි (නි)

:       0       0

තිලක් - ඩුබායි Wednesday, 18 September 2013 12:01 PM

බන්දුල පෙරේරා කියන්නේ දුප්පත් අසරණ මිනිසුන් සමඟ බද්ධ වෛරයෙන් පසු වෙන මානසික ලෙඩෙක්.උපතින්ම මොලේ අමාරුවක් තියෙන මානසික ලෙඩෙක්.මේ මනුස්සයා ඇත්ත බොරුව කරලා, අසාධාරණය සාධාරණය කරනවට සහ සපත්තු ලෙව කනවට මාසේ අන්තිමට හොද වැටුපක් ලැබෙනවා.ඒ විතරක් නෙමෙයි සති අන්තයේ ඩවුන් සවුත්වල හොඳ හොටෙල් එකකින් කන්න බොන්නත් ලැබෙනවා.ඔය ඔක්කොම ලැබෙන්නේ මහජන මුලින්ම නිසා ප්‍රශ්නයක් නැහැ.ඔයිට වඩා හොඳ නැද්ද කොලයක් එළලා මහා පාරේ හිඟා කෑවා නම්.ලැජ්ජාවක් කියලා දෙයක් ඇත්තේම නැද්ද. (ස)

:       0       0

රමිංග Tuesday, 17 September 2013 04:51 PM

මේ රජයෙන් අධ්‍යාපනය විනාශ කරනවා වගේ (දී)

:       0       0

ධම්ම Tuesday, 17 September 2013 04:52 PM

අඩු ගණනේ යුජීසී සභාපති එක්ක සාකච්චා කරන්න ලැබීම ගැන හිතලා සතුටුවන්න. අපට නම් ඒ කාලේ ඔච්චර දුරක් පයින් එන්න දුන්නේ නැහැ.මගදීම කදුළු ගෑස්, බැටන් පොලු පාරවල් තමයි ලැබුනේ. (නි)

:       0       0

දර්ශන Tuesday, 17 September 2013 04:56 PM

මේවට යන කාටවත් උපාධිය දෙන්න හොද නැහැ(නි)

:       0       0

ධනා Wednesday, 18 September 2013 12:29 PM

මොවුන් රටේ අධ්‍යාපනය විනාශ කරලා තියෙන්නේ දැනටම.මොවුන් පාර්ලිමේන්තුවට යැවුවේ අපේ මිනිස්සුම තමා. (ස)

:       0       0

ප්‍රියන්ත Tuesday, 17 September 2013 05:09 PM

අපේ රටේ තමයි මේ හැම විකාරයක්ම.නිදහස් අධ්‍යාපනය නිසානේ මේ තරමක් නටන්නේ.කෝ මේ වගේ දේවල් පෞද්ගලික විශ්ව විද්‍යාල වල තිබේද? (නි)

:       0       0

රධ. Tuesday, 17 September 2013 05:12 PM

දුප්පත් අහිංසක සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කරලා නැති නිසා මැරයන් නේවාසිකාගාර වලට කඩා වැදී පහර දෙනවා.ඔවුන්ට නේවාසිකාගාර පහසුකම් ද නැත.මේ සිසුන්ට පාලකයෝ දක්වන්නේ කුඩම්මාගේ සැළකිල්ලය.පාලකයන් ඔවුන්ගේ ඉල්ලීම් වලට කන් දෙන්නේ ද නැත.දැන් ඉතින් ඔබලාටත් තියෙන්නේ ජාත්‍යන්තරයේ පිහිට පැතීම පමණි.අපිට ඔබලාට අනුකම්පා කිරීම හැර කළ හැකි අන් දෙයක් නොමැත. (නි)

:       0       0

අරුණ ද සිල්වා Tuesday, 17 September 2013 05:13 PM

සුනෙත් හරි. කැම්පස් එකේ රැග් එකේදී පටන් ඉංග්‍රීසිය අරහං කරන්න හදන අය මොකද මේ ඇත්තටම ඉංග්‍රීසියෙන් පෝස්ටර් ගහන්නේ. මෙතන වාඩි වෙලා හිටියට හැමෝම හැම දෙයකටම එකග නැහැ. බයට තමයි එන්නේ. මෙතන ලියන කැම්පස් ගිය මා ඇතුළු අනිත් අයත් ඉදගෙන ඉන්න අයත් ඒක දන්නවා. මොවුන් වැරදියි හෝ වෙනත් පාර්ශවයක් වැරදිය කියනවා නොවෙයි. රටම වැරදියට තමයි යන්නේ හැමෝම වගකියාගන්න අවශ්‍යයි. යහ පාලනය, නීතිය හරියටම ක්‍රියාත්මක වන්නේ නම් මැනවි. (නි)

:       0       0

ක්.ද සිරිපාල Tuesday, 17 September 2013 05:19 PM

ඇවිද්ද පය දෙදහසක් වටී කියලා කියනවානේ. අනේ අසරණ දෙමව්පියෝ! (නි)

:       0       0

දිල්ශානි Wednesday, 18 September 2013 07:36 PM

බන්දුල අයියේ, මේ රට දියුණු කරන්න පුළුවන් ඔයාලා වගේ කට්ටියට පමණයි (නි)

:       0       0

වසන්ත Wednesday, 18 September 2013 07:56 AM

නුඹලාගේ ගෙලට තොන්ඩුව වැටුන දාට නුඹලා කියයි ඔවුන් හරි යැයි කියා. නමුත් එවිට ප්‍රමාද වැඩි යි. (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 18 September 2013 08:47 AM

මොවුන් හිතාගෙන ඉන්නේ මේ රටේ ඉන්නේ කොන්ඩේ බැදපු චීන්නු කියලා (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 17 September 2013 07:29 PM

මේ හැමදුරුවරුන්ගේ කොන්ඩ මොකද මෙච්චර...සාසනේ ඉවර වෙන්නේ මේ ගිහි සිසුවෝ අස්සේ හැමදුරුවරුන්ව දාල කරන මේ අනුවන වැඩෙන් තමය්..උපාදිය අරන් එලියට එන්නේ සිවුරත් ගලවල කසාදෙත් කරගෙන.(අ).

:       0       0

සමන්ත පෙරේරා Wednesday, 18 September 2013 10:01 AM

වසන්ත,සල්ලි දීලා ඉගෙන ගන්න කිවුවා නම් මේ කතා මොකුත් නැහැනේ.ඒ ගැන මොකද ඔබතුමා කියන්නේ? (නි)

:       0       0

පියුමාල් Wednesday, 18 September 2013 10:06 AM

ගැහුවද ගහගත්තද කියලා හරියටම කාටද කියන පුළුවන්? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 827 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5149 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3016 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 267 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1408 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1517 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28236 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23579 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 127 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 405 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 189 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site