සත් පත්තිණි මෑණියන් සඳහා පාරම්පරිකව පැවැත්වෙන සොකරි නාඩගමක් දඹුල්ල පහළවැවදී අද අලුයම දක්වා පැවැත්විණි.
විකට, හාස්‍ය, ත්‍රාසය දුක සතුට එහි හරි හරියට මුසුවී ඇත.
මෙම නාඩගමේ එන ගුරුහාමිගේ පපුව මත වංගෙඩියක් තබා එහි වී දමා සොකරිය හා කාලි වී කොටති. ගුරුහාමි ආරූඪයෙන් වී කෙටූ පසු සිහිය ගනී.
දඹුල්ල පහළවැව කේ ජී ධර්මදාස ගුරුන්නාන්සේගේ සොකරි කණ්ඩායම කියනුයේ අතීතයේ සිටි උඩරට ජනයා ගමට, රටට සෙත් පැතීමට ද පැපොල, සරම්ප ආදී රෝගවලින් බේරීමට ද දරුවන් නොමැති මව්වරුන්ට දරුවන් පැතීමට ද ප්‍රධාන වශයෙන් මෙම සොකරි නාඩගම පවත්වන බවයි.
සොකරි නාඩගමේ සියලු චරිතවලට පිරිමින් පමණක් තෝරා ගැනෙයි.
පෙරදින රාත්‍රී අටට ආරම්භ කළ සොකරි නාඩගම ඉරිදා (15) ඉර පායන තුරු පැවැත්විණි. සොකරි බලන්නට ද එළිවෙන තුරු ජනතාව රැස්වී සිටිති.
දඹුල්ල පහළවැව කාන්තා මරණාධාර සමිතිය මේ සංකෘතිකාංගය සංවිධානය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
077 3416157 අංකයට අමතා ඔවුන් සම්බන්ධ කරගන්න උත්සාහ කරන්න (නි)
දිසා තියා දිසාගේ හමිනේවත් සාරි අඳින්න දන්නවායැ. (නි)
චන්දි, මටත් බය ඒකම තමයි (නි)
දෙනෙත්, ඔබගේ අදහස් ,විස්තර ඉතාම වටිනවා. බොහොම ස්තුතියි (නි)
යාලක් විතර වී අව්වේ වනා ලා දොළසක් විතර ඇග ගෝමර ඉසී ලා අතක් දිගට නිල් වරලස මිදී ලා සොකරි සිටිති වී අව්වේ වනා ලා සොකරි කොටන්නේ කාගේ වීයක් දෝ නෙකෙටි තියෙන්නේ මේරූ ගලක් දෝ නොපිපි තියෙන්නේ මානෙල් මලක් දෝ ගුරුව නේන්නේ කාගේ බසක් දෝ කොකටා මෙ වී මොකෙන් ද අපි පොළ න්නේ ජටාව ගෙන ඉස් මුදුනට බදි න්නේ රටා කුල්ල ගෙන සුරතට පොළ න්නේ සටන් පටන් කුලු හරඹේ වදි න්නේ වටස් සදිසි බටකොළ වියපු කු ල්ලේ මටත් බලන්නට සව්දන් ගැසි ල්ලේ මෙරට ගෑනු කුලු හරඹෙට ලවු ල්ලේ රන් මුදු ලන්ට නරක ද නුඹ ඇගි ල්ලේ සොකරි එන්නී සබයෙන් අවසර ග න්නී නැටුම් නටන්නී තාලෙට රාග කිය න්නී පද අල්ලන්නී සියයුරු ලැම හොල්ල න්නී කැඩපත ගන්නී සුරතින් මූණ බල න්නී අදුන් ගාන්නී නෙත් දෙක ඔමරි කරන් නී මල් ගවසන්නී කොණ්ඩේ ගොතා හෙළන් නී තොඩු දමන්නී පවලන් මාල බදින් නී සේල අදින්නී පටකින් ඔමරි දමන් නී නමුත් මේ සොකරි කතාව ගැන ලියූ කෙනෙක් ගැන සදහනක් නැත. (කවි උපුටා ගත්තේ මහාචාර්ය ආරිය රාජකරුණා විසින් රචිත සිංහල කාව්‍ය සංග්‍රහය නම් පොතෙනි) (ස)
යාලක් විතර වී අව්වේ වනා ලා දොළසක් විතර ඇග ගෝමර ඉසී ලා අතක් දිගට නිල් වරලස මිදී ලා සොකරි සිටිති වී අව්වේ වනා ලා සොකරි කොටන්නේ කාගේ වීයක් දෝ නෙකෙටි තියෙන්නේ මේරූ ගලක් දෝ නොපිපි තියෙන්නේ මානෙල් මලක් දෝ ගුරුව නේන්නේ කාගේ බසක් දෝ කොකටා මෙ වී මොකෙන් ද අපි පොළ න්නේ ජටාව ගෙන ඉස් මුදුනට බදි න්නේ රටා කුල්ල ගෙන සුරතට පොළ න්නේ සටන් පටන් කුලු හරඹේ වදි න්නේ වටස් සදිසි බටකොළ වියපු කු ල්ලේ මටත් බලන්නට සව්දන් ගැසි ල්ලේ මෙරට ගෑනු කුලු හරඹෙට ලවු ල්ලේ රන් මුදු ලන්ට නරක ද නුඹ ඇගි ල්ලේ සොකරි එන්නී සබයෙන් අවසර ග න්නී නැටුම් නටන්නී තාලෙට රාග කිය න්නී පද අල්ලන්නී සියයුරු ලැම හොල්ල න්නී කැඩපත ගන්නී සුරතින් මූණ බල න්නී අදුන් ගාන්නී නෙත් දෙක ඔමරි කරන් නී මල් ගවසන්නී කොණ්ඩේ ගොතා හෙළන් නී තොඩු දමන්නී පවලන් මාල බදින් නී සේල අදින්නී පටකින් ඔමරි දමන් නී නමුත් මේ සොකරි කතාව ගැන ලියූ කෙනෙක් ගැන සදහනක් නැත. (කවි උපුටා ගත්තේමහාචාර්ය ආරිය රාජකරුණා විසින් රචිත සිංහල කාව්‍ය සංග්‍රහය නම් පොතෙනි)
සොකරි වල අතීතය ගැන කියන්න
හරි ලස්සනයි !!ගොඩක් වටිනවා මේ වගේ දේවල් අපේ අනාගත පරපුරට කතෘ තුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් ලංකාවාසී සැමටත් අපේ එසැන පාටක ඔබටත් .., මටත් ., අප සෑම පවුලකටත් ''සත් පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාවයි '' (දී)
සොකරි නාටකය වනාහි උඩරට පළාත් වලටත් වන්නියටත් සතර කෝරළේ ඇතැම් පෙදෙස් වලටත් සීමාවු ගැමි නාට්‍ය විශේෂයකි. මේ නාට්‍යය මුහුදුබඩ පෙදෙස් වල හෝ දකුණු පළාතේ රඟ දැක්වීම සිදුනොවේ. මෙම සොකරි නාට්‍යයේ විශේෂ ලක්ෂණය නම් අනුරූපණ මාධ්‍යයෙන් කථාවක් කීමය. කණ්ඩායමේ නායකයා විසින් කිසියම් සිද්ධියක් කවියෙන් විස්තර කරන අතර නළුවෝ එය අනුකරණාත්මක නැටුමකින් දක්වති. මෙහි සමහර නළුවෝ වෙස් මුහුණු පළදින අතර නැටුමට හා ගැයුමට උපයෝගී කරගන්නා බෙරය වනාහි උඩරට භාවිතා වන ගැට බෙරයයි. සොකරි නාට්‍යයට මුලාශ්‍ර වන්නේ සොකරි කථාවයි.මෙම කථාවේ ස්වරූප පළාතින් පළාතට මඳ වශයෙන් වෙනස් වේ.ඊට අනුව නාට්‍යයේ ස්වරූපයද වෙනස්වේ.කෙසේ වුවද සොකරි නාටකයක පොදු කථාවක් තිබේ. මේ කථාව එක් එක් කණ්ඩායම් ප්‍රදේශයෙන් ප්‍රදේශයට යම් යම් වෙනස්කම් ඇතුව ඉදිරිපත් කරයි.(නදී) මෙහි පොදු කථාව වනුයේ ගුරැහාමි නැමැත්තා ඔහුගේ බිරිඳ වන සොකරිය සහ පරයා සමග ලක්දිවට පැමිණ පදිංචියට ඉඩමක් සොයති.තඹරාවිටදී ඔවුන්ට වෙදරාළ කෙනෙක් ඉඩම් කැබැල්ලක් දෙයි.එහි ගෙයක් සාදාගෙන සිටින අතර ගුරැහාමිගේ කකුල බල්ලෙක් සපාකයි.ඔහුට වෙදකම් කිරිමට කැඳවනු ලැබු වෙදරාල සමඟ සොකරිය රහසිගතව පලායයි.කෙළවර ආපසු ගෙනඑනුලැබ සියළු දෙනා සමාදානවෙයි.මුලික වශයෙන් කථාව එසේ වුවද රංගනයේදී නොයෙකුත් අතුරැ කථා රසවත් සිදුවීම් අපමණව නිරෑපණය කෙරේ. සොකරි නාටකය පිළිබඳ පර්යේෂණ කළ විද්වතුන් පවසන්නේ මුලික වශයෙන් ගැමි රඟ මඩලෙහි නිර්මාණ කෞශල්‍යය හා ගැමි ජන විඥානය මේ තුළින් මැනවින් දක්නට ලැබෙන බවයි.කෘෂිකාර්මික ජීවිතයක් ගතකරන ගැමියාට සැහැල්ලුවක් විනෝදයක් ලැබිමට මෙම ජන නාට්‍ය මගින් හැකිවේ.සරල හාස්‍යය මෙන්ම සමාජ ශෝධක ක්‍රියාවක්ද මෙම ජන නාට්‍ය තුළින් සිදුවේ. අනුප්‍රාසයට මුල්තැන දෙමින් ඒ අනුව බෙර පද වයමින් ඊට අනුව ගායනය,රංගනය ඉදිරිපත් කිරීමෙන් විචිත්‍රතාවයෙන් යුත් රඟ මඬලක් දැකිය හැකිය.සොකරි නාටකයෙහි ගායනා කරන ඇතැම් කවි ජන කවිවල විද්‍යමාන සාහිත්‍යමය අගය පළකරයි.පහතින් දැක්වෙන්නේ එහි ගැයෙන කවියකි "ආල වඩන පියයුරැ දෙක ළැම දිලිසෙන්නේ කෝළ නැතුව සබයට එළි බැසලා නටන්නේ මලා කරට දමා හැට්ට සළු පළදින්නේ බාළ සොකරි ළමා මෙනුඹ නටා වරෙන්නේ සෘංගාරයක් ඇතිවන අයුරින් මේවා ගායනා කරයි.මෙය මධ්‍යම රාත්‍රියේදි රඟ දක්වන කොටසකිකෙසේ වුවද සිංහල ජන නාට්‍ය අතර ගැමි මතය මුර්තිමත් කරන සරළ ප්‍රියමනාප අංගයක් ලෙසසොකරි දැක්විය හැකිය. සිංහල ජන නාට්‍ය අතර තවත් කැපී පෙනෙන ජන නාට්‍යයක් වනුයේ කෝළම් නැමැති ජන නාට්‍යයයි.
කුමාරි හාමි, තාම දිසා ඇවිත් නැත්තේ මොකද කියා දන්නවද? එයා සොකරි නටන්න යන්න සාරිය අදිනවලු (මට බය දිසා සොකරි නටන කොට සාරිය ගලවන් වැටේද කියලා.(නදී)
ඉල්ලීම අනුව වීඩියෝ දර්ශනය පළකිරීම පිලිබදව මගේ හෘදයාන්ගම ස්තුතිය කතෘ තුමාට පිරිනමමි (පලවෙනි වතාවට මෙවැනි දෙයක් දුටුවේ )(නදී)
අපේ දේශීය දේවල් අපේ ළමයින්ට පෙන්නන්න ඉතුරු කර දීමට ස්තුති වන්තවෙමි (දී)
ඇත්තටම වියදමක් නැතිව නටන්න පුළුවන් එකම නාඩගම සොකරි. (ස)
පොඩි කලේ බැලුවට පස්සෙ තාම බැරි උනානේ බලන්න. ලංකාදීපෙට ගොඩක් ස්තුති.මෙය පල කරාට. (ස)
මෙහි වීඩියෝ දර්ශන තියේ නම් පල කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.(නදී)
ලංකාවේ පැරණි ග්‍රාමීය සංස්කෘතියේ එක විනෝදාත්මක වැඩ සටහනක් වන සොකරි නාඩගම මමද දෙවරක් ගම් දෙකකදී නරඹා ඇත්තෙමි. බොහෝ විට විනෝදය සඳහා අසබ්‍ය වචන නොපිට පෙරලා කීම වැනි දේ දකින්නට ලැබුනත් ඒවායින් නරඹන්නන් අපහසුවට පත්වීමක් දකින්නට නොලැබේ. කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ නාට්‍ය පාඨමාලාවක් පවත්වාගෙන ගිය ධම්ම ජාගොඩ මහත්මයා ජීවතුන් අතර සිටි කාලයේ, ගම්බද පෙදෙස් වලට ගොස් සොකරි නාඩගම පටිගත කළ බව මට මතකය. රවුම් වේදිකාවක රංග දක්වන නාට්‍යකට සොකරි I නාඩගම හොඳ උදාහරණයකි.(නදී)
ඉතා දර්ශනීය වටිනා හෙළ සංස්කෘතික අංගයක්. මතු පරපුර සඳහා සංරක්ෂණය කර ගත යුතුමය. මේ දර්සනීය සංස්කෘතික පූජා සන්දර්සනය සියසින් දැක ගැනීමට මා පින් කර නැත.(නදී)
අපේ බන්දුල, දිසානායක, හේරත් ඇතුළ පිරිමි කැළට බැරිද මෙහෙම ඔසරි ඇදගෙන සොකරි නටන්න? (නි)
චන්දිගේ ඉල්ලීම අනුව වීඩියෝ දර්ශනයක් ඵල කර ඇත.(නදී)
පාරම්පරික දේවල් තව තවත් රැක ගත යුතුයි. සත්පත්තිනි පිහිට ලැබේවා.(නදී)
මම නම් කිසිම දවසක දැකලා නැහැ. හැකිනම් කවුරුහරි සමාජ වෙබ් අඩවියට මේවා පටිගතකොට දමන්න. (නි)
මෙම සොකරි කණ්ඩායම සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකයක් සදහන් කරන්න. (නි)
සමන් ,මේ සාරි ඇදන් ඉන්නේ පිරිමි කට්ටිය (ගුරුන්නාන්සේලා) ඇයි ලියලත් තියෙන්නේ මෙයට සහභාගි කර ගන්නේ පිරිමි අය විතරයි කියලා.(නදී)
අපේ පුරාන දේවල් සුරකිමු (දී)
දැන ගැනීම පිණිසයි . ඔය සාරි ඇඳගෙන ඉන්නේ ගැහැණු කට්ටියද
මම ගොඩක් ආසාකරන දෙයක් සොකරි නාඩගම (දී)
අනේ මෙහෙම දෙයක් මෙහෙම වත් බල ගන්න ලැබුන එකට ලංකාදීප යට ස්තුති වන්ත වෙනවා. මේ පාරම්පරික වස්තුන් රැක ගැනීම අපේ යුතුකමක්. (දී)