IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


සංක්‍රමණිකයෝ අසරණ වෙති : 100ක් අබුඩාබියේ වහල් සේවයේ

ශ්‍රී ලංකාවේ, බංග්ලාදේශයේ, ඉන්දියාවේ සහ පාකිස්තානයේ සිට පැමිණි සංක්‍රමණිකයන් 100ක් පමණ සිය හාම්පුතුන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ අබුඩාබියේ රැඳී සිටින බව කියති.

වැටුප් රහිතව සේවය කරන ඔවුන් තමන්ව ගෙන්වා ගන්නා ලෙස සිය රටවලට අභියාචනා ඉදිරිපත් කර ඇත.

ඉන්දියාවේ තමිල්නාඩුවේ සිට පැමිණි 15 දෙනකුට ආසන්න ප්‍රමාණයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගයාති කම්කරු කඳවුරේ රැඳී සිටින බවත් ඔවුන්ගේ සේවා දිගු නොකිරීම, මුදල් නැති වීම ආදී ගැටලු ඇති බවත් රොයිටර් පුවත් සේවය පවසයි. ඔවුන්ට ආහාර ලැබෙන්නේද සුළු වශයෙන් බව කියති.

තම සේවා කොන්ත්‍රාත්තු, වීසා සහ කම්කරු හැඳුනුම්පත් සහ නේවාසික හැඳුනුම්පත් කල් ඉකුත්ව ඇති බවත් තම අනුග්‍රාහකයන් ඒවා අලුත් නොකළ බවත් ඔවුහු කියති. පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට ඔවුන්ට වැටුපක් ලැබී නැතැයිද කියති.

එක් කම්කරුවකුගේ බිරිය කියා සිටියේ තම ස්වාමියාට මාස 9කින් වැටුප් නොලැබුණු බවයි. ඉන්දීය සේවකයකු කියා සිටියේ අපට යළි පවුල සමග එකතුවී ගොඩනැගීමට අවස්ථාව ලබාදෙන ලෙසයි. ඉන්දීය රජයේ දත්ත අනුව මිලියන 6ක ඉන්දීය ජාතිකයන් පිරිසක් මේ වන විට ගල්ෆ් කලාපයේ බහරේන්, කුවේට්, කටාර්, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන බව වාර්තාවේ.

දින කිහිපයකට පෙර ඔවුන්ගේ පැමිණිලි ලැබුණු බවත් තමන් අබුඩාබියෙන් ඔවුන් යළි ගෙන්වාගැනීමට හා ඔවුන් සේවය කළ ආයතනවලින් වැටුප් ලබාදීමට කටයුතු යොදා ඇති බවත් ඉන්දීය විදේශ අමාත්‍යංශයේ නිලධරයකු පවසා ඇත. ඉන්දීය සේවකයන්ගෙන් ඇතැමුන් ව්‍යාජ හා පිළිගත නොහැකි ලේඛන ඉදිරිපත් කිරීම නිසා එම කටයුතු පමාවී ඇති බව කියති.

රාජ්‍ය නොවන සංවිධානයක ක්‍රියාකාරිනියක වන ජොසපියන් වැලමාති පැවසූයේ විදේශ රැකියා සඳහා විදේශ රැකියා නියෝජිත ආයතන පිළිගත හැකි ලේඛන නොමැතිව එසේ සේවකයන් යවන්නේ කෙසේදැයි එම රජයන් විමර්ශනය කළ  යුතු කාලය එළඹ ඇති බවයි. ඉන්දීය සංක්‍රමණිකයන් ගල්ෆ් රටක රැකියාවක් ලබාගැනීමට ඒජන්තවරුන්ට රුපියල් ලක්ෂ දෙකක පමණ මුදල් ගෙවන බවද වාර්තාවේ.

 



අදහස් (0)

සංක්‍රමණිකයෝ අසරණ වෙති : 100ක් අබුඩාබියේ වහල් සේවයේ

මනෝරි Wednesday, 27 July 2016 12:19 PM

චමල්, මමත් කටාර් ඉඳලා තියෙනවා. දැන් ඉන්නේ ඩුබායි. කටාර් වල අපිට ඕනෑ වෙලාවට ලංකාවට එන්නවත් නැහැ. ඒ අතින් ඩුබායි රත්තරන් (නි)

:       0       0

තරිඳු Wednesday, 27 July 2016 01:31 PM

චමල් ඒ ඔය දන්නා හැටි තමයි.මම දන්නා තැනක මිනිස්සු ඉන්නවා මාස 6 පඩි නැතුව. කන්න බොන්නවත් නැ.කම්කරු දෙපාර්තමේන්තුවට ගියාම ඔවුන්ව මහ අධිකරණයට යොමු කරලා. නඩු වාරය තිබෙන්නේ මාසෙකට පස්සේ.හරිම අසරණ වෙලා ඉන්නේ.අපේ තානාපති කාර්යාලය නිදි මෙහෙම අවස්ථා වල (බ)

:       0       0

චමල් Wednesday, 27 July 2016 07:03 AM

ඒ අතින් කටාර් රට රත්තරන්. මෙහෙ ඒවාට චාන්ස් නැහැ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 309 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 725 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 252 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 122 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 423 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1244 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39085 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25567 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 320 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1078 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site