සිතිජය හෝම්ස් හා රජගෙදර හොම්ස් ප්‍රයිවට් ලිමිටඩ් යන සමාගම් හා තවත් ව්‍යාපාර මගින් දහස් ගණනකගේ මුදල් වංචා කළැයි කියන චාමර නුවන් නම් පුද්ගලයකු යටතේ සේවය කළ කළමනාකාරවරියක හා අධ්‍යක්ෂකවරයෙක් කඩුවෙල මහේස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතා විසින් ලබන 25 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
ගමගේ ලක්ෂිකා රූපසිංහ හා ඒ ජී ප්‍රියන්ත සිසිර කුමාර ඒ දෙදෙනාය.
නිවාස ඉදි කැර දෙන බවටත් ඉඩම් විකුණන බවටත් රට රැකියා ලබා දෙන බවටත් පොරොන්දු වී මෙම ආයතන වලින් දහස් ගණනකගේ මුදල් වංචා කර ඇතැයි මිරිහාන වංචා විමර්ශන අංශය අධිකරණයට දැන්වීය
ප්‍රධාන සැකකරු චාමර නුවන් ආගිය අතක් නැතැයිද ඔහු සක්විති රණසිංහ යටතේ අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කර ඇතියිද සිතිජය හෝම්ස් හා රජගෙදර හෝම්ස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම් අරඹා ඇත්තේ සක්විති රණසිංහ අත්අඩංගුවට ගැනීමෙන් පසු බවත් පොලීසිය අධිකරණය හමුවේ කියා සිටියේය.
වැඩි පොලී දෙන බව කියමින් මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගිය සක්විති රණසිංහ හා ඔහුගේ බිරිය රුපියල් කෝටියකට වැඩි තැන්පතු වංචා කළැයි ගංගොඩවිල මහෙස්ත්‍රාත් උසාවියේ නඩුවකට මුහුණ දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරාගේ ගොලයා දුව දුව කරනවා කියන්නේ කට කහනවටද?(නදී)
අපේ ජනතාව රැවටෙන්න ඉතා කැමතිනේ.(නදී)
තවත් අය ඉන්නවා (අ)
අපේ මිනිස්සු සක්විතිලට රැවටෙන එක අහන්නත් දෙයක්ද? හැමදාමත් බොරුවට යට වෙනවනේ. (දී)
මේ ඔක්කොම සෙල්ලම් දමන්නේ, අපේ මිනිස්සු මේ ලනු කාලා මුදල් තැන්පත් කරන නිසානේ. මොලේ නැතිකමට හෝ තණ්හාවට කිසිම බෙහෙතක් මෙතෙක් සොයාගෙන නැහැ. ඒවා කරන අයට නෙමෙයි,තැන්පත් කරන අයට කෙවිටෙන් ගහන්න ඕනෑ. (දී)
ශ්‍රීලාල්, ඔබ හරි (දී)
මම ඉපදුනේ උගන්වන්න කියලා සක්විති කියල තිබුන එක හරිනේ.හොඳට ඉගෙන ගත්ත අයත් ඉන්නවා ඒ කියන්නේ. (අ)
ඔය සක්විති නීති විරෝධී ලෙස මුදල් වංචාකරන කාලේ ලංකාවේ බොහෝ පුවත්පත් වල ලොකු අකුරෙන් දැන්වීම් පවා ප්‍රසිද්ධියේ දැම්මා නේද? එතකොට කවුරුවත් මේවා ගැන හොයලා බැලුවේ නැද්ද? (නි)
කෝටියකට වඩා නම් කොහොමත් වංචා කරලා ඇති මේ අය. (නි)
දැන් ඉතින් එයාලට ගුරුගෝල සබදතා නැවත අළුත් කරගන්න පුළුවන් වෙයි (නි)
අනුන්ගේ මුදල් වංචා කර කීපදෙනට එකම ඉඩම විකුණන කෙනෙකුත් ඉන්නවා.මිනිහත් හුඟක් ඉස්සර විද්‍යාව ඉගැන්නුවා(අ)
චාමර නුවන් යනු ලෝක හොරෙකි. ඔහුගේ මූණ බැලූ බැල්මටම එය පෙනේ. දැන් දැන් එය ඔප්පු වෙමින්ද ඇත.(අ)
ශ්‍රී ලාල් ඔබ වැරදියි. සාර්ථක හොරෙක් වෙන්න ලොකු දක්ෂකමක් තියෙන්න ඕනේ. අහල ඇතිනේද පැරිසියේ අයිෆල් කුළුණ දෙපාරක්ම පරණ යකඩවලට විකුනපු වික්ටර් ලුස්ටිග් ගැන. මිනිහ කොයිතරම් දක්ෂද කිව්වොත් නම් දරාපු ප්‍රසිද්ධ අපරාධකාරයෙකු වූ අල් කැපොන් පවා රවටන්න පුළුවන් වුනා. ඒ හින්ද අහිංසක මුදල් තැන්පත් කරන්නන් විතරක් නෙමෙයි, ඕනෑම බුද්ධිමතෙක් වුනත් දක්ෂ හොරෙකුට අහුවෙන්න පුළුවන්. දැන් අධිකරණයේ විභාගවන ප්‍රසිද්ධ වංචා නඩුවල තැන්පත්කරුවන්ගේ නම් ලැයිස්තු බලන්න. ඒ ඔක්කොම මෝඩයෝද? (නදී)
උපාලි ඔබ හරි.(අ)