IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


සක්විතිගේ ගෝලයත් ගුරාගේ අඩි පාරේ

සිතිජය හෝම්ස් හා රජගෙදර හොම්ස් ප්‍රයිවට් ලිමිටඩ්  යන සමාගම් හා  තවත් ව්‍යාපාර මගින්  දහස් ගණනකගේ මුදල් වංචා කළැයි  කියන චාමර  නුවන් නම් පුද්ගලයකු යටතේ සේවය කළ කළමනාකාරවරියක හා අධ්‍යක්ෂකවරයෙක් කඩුවෙල මහේස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතා විසින් ලබන 25 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

 ගමගේ ලක්ෂිකා රූපසිංහ හා ඒ ජී ප්‍රියන්ත සිසිර කුමාර ඒ දෙදෙනාය.

නිවාස ඉදි කැර දෙන බවටත්  ඉඩම්    විකුණන බවටත් රට රැකියා ලබා දෙන බවටත් පොරොන්දු වී මෙම ආයතන වලින්  දහස් ගණනකගේ මුදල් වංචා කර ඇතැයි මිරිහාන වංචා විමර්ශන අංශය අධිකරණයට දැන්වීය

 ප්‍රධාන සැකකරු චාමර නුවන් ආගිය අතක් නැතැයිද ඔහු සක්විති රණසිංහ යටතේ අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කර ඇතියිද  සිතිජය හෝම්ස් හා  රජගෙදර හෝම්ස්  ප්‍රයිවට් ලිමිටඩ් සමාගම්  අරඹා ඇත්තේ සක්විති රණසිංහ අත්අඩංගුවට ගැනීමෙන් පසු බවත් පොලීසිය අධිකරණය හමුවේ කියා සිටියේය.

 වැඩි පොලී දෙන බව කියමින් මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගිය සක්විති රණසිංහ හා ඔහුගේ බිරිය රුපියල් කෝටියකට වැඩි තැන්පතු වංචා කළැයි  ගංගොඩවිල  මහෙස්ත්‍රාත් උසාවියේ නඩුවකට මුහුණ දෙති.



අදහස් (0)

සක්විතිගේ ගෝලයත් ගුරාගේ අඩි පාරේ

සමන්තිලක Sunday, 21 July 2013 04:43 PM

තවත් අය ඉන්නවා (අ)

:       0       0

හේමා Sunday, 21 July 2013 04:51 PM

අපේ මිනිස්සු සක්විතිලට රැවටෙන එක අහන්නත් දෙයක්ද? හැමදාමත් බොරුවට යට වෙනවනේ. (දී)

:       0       0

ශ්‍රීලාල් Sunday, 21 July 2013 04:55 PM

මේ ඔක්කොම සෙල්ලම් දමන්නේ, අපේ මිනිස්සු මේ ලනු කාලා මුදල් තැන්පත් කරන නිසානේ. මොලේ නැතිකමට හෝ තණ්හාවට කිසිම බෙහෙතක් මෙතෙක් සොයාගෙන නැහැ. ඒවා කරන අයට නෙමෙයි,තැන්පත් කරන අයට කෙවිටෙන් ගහන්න ඕනෑ. (දී)

:       0       0

අනිල් ලසන්ත Monday, 22 July 2013 12:22 AM

චාමර නුවන් යනු ලෝක හොරෙකි. ඔහුගේ මූණ බැලූ බැල්මටම එය පෙනේ. දැන් දැන් එය ඔප්පු වෙමින්ද ඇත.(අ)

:       0       0

ආනන්ද Sunday, 21 July 2013 05:44 PM

ශ්‍රීලාල්, ඔබ හරි (දී)

:       0       0

අසේල ඕමානය Sunday, 21 July 2013 06:14 PM

මම ඉපදුනේ උගන්වන්න කියලා සක්විති කියල තිබුන එක හරිනේ.හොඳට ඉගෙන ගත්ත අයත් ඉන්නවා ඒ කියන්නේ. (අ)

:       0       0

උපාලි Monday, 22 July 2013 05:02 AM

ශ්‍රී ලාල් ඔබ වැරදියි. සාර්ථක හොරෙක් වෙන්න ලොකු දක්ෂකමක් තියෙන්න ඕනේ. අහල ඇතිනේද පැරිසියේ අයිෆල් කුළුණ දෙපාරක්ම පරණ යකඩවලට විකුනපු වික්ටර් ලුස්ටිග් ගැන. මිනිහ කොයිතරම් දක්ෂද කිව්වොත් නම් දරාපු ප්‍රසිද්ධ අපරාධකාරයෙකු වූ අල් කැපොන් පවා රවටන්න පුළුවන් වුනා. ඒ හින්ද අහිංසක මුදල් තැන්පත් කරන්නන් විතරක් නෙමෙයි, ඕනෑම බුද්ධිමතෙක් වුනත් දක්ෂ හොරෙකුට අහුවෙන්න පුළුවන්. දැන් අධිකරණයේ විභාගවන ප්‍රසිද්ධ වංචා නඩුවල තැන්පත්කරුවන්ගේ නම් ලැයිස්තු බලන්න. ඒ ඔක්කොම මෝඩයෝද? (නදී)

:       0       0

ලෙස්ලි ලෝව් Sunday, 21 July 2013 07:00 PM

ඔය සක්විති නීති විරෝධී ලෙස මුදල් වංචාකරන කාලේ ලංකාවේ බොහෝ පුවත්පත් වල ලොකු අකුරෙන් දැන්වීම් පවා ප්‍රසිද්ධියේ දැම්මා නේද? එතකොට කවුරුවත් මේවා ගැන හොයලා බැලුවේ නැද්ද? (නි)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 21 July 2013 07:12 PM

කෝටියකට වඩා නම් කොහොමත් වංචා කරලා ඇති මේ අය. (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 21 July 2013 07:57 PM

දැන් ඉතින් එයාලට ගුරු‍ගෝල සබදතා නැවත අළුත් කරගන්න පුළුවන් වෙයි (නි)

:       0       0

පිටිගල Monday, 22 July 2013 04:29 PM

උපාලි ඔබ හරි.(අ)

:       0       0

ශ්‍රීලාල් Sunday, 21 July 2013 09:54 PM

අනුන්ගේ මුදල් වංචා කර කීපදෙනට එකම ඉඩම විකුණන කෙනෙකුත් ඉන්නවා.මිනිහත් හුඟක් ඉස්සර විද්‍යාව ඉගැන්නුවා(අ)

:       0       0

දයා අලහාකෝන් Sunday, 21 July 2013 03:57 PM

ගුරාගේ ගොලයා දුව දුව කරනවා කියන්නේ කට කහනවටද?(නදී)

:       0       0

දුමින්ද Sunday, 21 July 2013 04:14 PM

අපේ ජනතාව රැවටෙන්න ඉතා කැමතිනේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1821 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1160 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2070 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 518 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2967 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37168 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 624 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site