IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


සෞඛ්‍ය නීතියට යන බස් වලට සියයට 20ක් වැඩිපුර අය කිරීමට ඉඩ

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සෞඛ්‍ය නීතිය අනුව  ධාවනය කෙරෙන බස් රථ සඳහා සියයට 20ක පමණ මුදලක් වැඩිපුර අය කිරීමට අවසර දී ඇතැයි ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පාර්ලිමේන්තුවේ දී අද (20) පැවසීය.

රජය දුම්රිය දෙපාර්තමේන්තුව සහ ලංකා ගමනාගමන මණ්ඩලය සේවාවක් හැටියට පවත්වාගෙන යන බවද  හෙතෙම සඳහන් කළේය .

ඇමතිවරයා මෙසේ පැවසුවේ  කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

පෞද්ගලික ප්‍රවාහන අංශයට රජය  විවිධ පහසුකම් ලබාදී ඇතත්  ඒවා  ප්‍රමාණවත් නොවන්නේ යැයි තමා පිළිගන්නා බවත්  තවදුරටත් සහන ලබාදීමට රජය සමග සාකච්ඡා කර ගෙන යන බවත් ලොකුගේ මහතා ප්‍රකාශ කළේය .

දුම්රිය බඩු ප්‍රවාහනය ශක්තිමත් කිරීමට වැඩපිළිවෙළක් අරඹා ඇති බව පැවසූ ඇමැතිවරයා තෙල් සංස්ථාවේ තෙල් ප්‍රවාහනය මෙන්ම  සිමෙන්ති හා වැලි ප්‍රවාහනයද  දැනටමත් අරඹා ඇතැයි පැවසුවේය .

ඒ වගේම  ප්‍රීමා සමාගමේ පිටි ප්‍රවාහනයද දුම්රිය මගින් සිදුකරන බව හෙතෙම කීවේය .

තෙල් සංස්ථාවේ තෙල් ප්‍රවාහනය දුම්රියෙන් සියයට හැටක් පමණ සිදු කිරීමට ඉදිරියේදී  බලාපොරොත්තු වන බවද  ප්‍රවාහන ඇමතිවරයා පැවසීය .

මේ අතර තනි දොරේ බස්රථ හයසියයක් මිලදී ගැනීමට ඇණවුම් කර ඇති බවත් ඒවා ලැබුණු පසු දිවයින පුරා සෑම අතුරු මාර්ගයක යෙදවීමට බලාපොරොත්තු වන බවත් ලොකුගේ මහතා අනාවරණය කළේය.



 

 



අදහස් (2)

සෞඛ්‍ය නීතියට යන බස් වලට සියයට 20ක් වැඩිපුර අය කිරීමට ඉඩ

sharm warn Tuesday, 20 July 2021 01:07 PM

මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්... කමු කමු හාල්, පොල් අමුවෙන්ම ... වෙලාවක් නෑ... කිරිබත් හද හදා ඉන්න.

:       0       1

WCA Tuesday, 20 July 2021 06:02 PM

"බස්රථ 600ක් මිලදී ගැනීමට ඇණවුම් කර ඇති බවත් ඒවා ලැබුණු පසු දිවයින පුරා සෑම අතුරු මාර්ගයක යෙදවීමට" මෙතුමා ලංකාවේ අතුරු මාර්ග කීයක් තියෙනවද කියල දන්නවද දන්නේ නෑ. මෙතුමාගේ 69 ලක්ෂයේ බයියන්ට හොඳයි. මේ වගේ කතා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 54 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 184 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


ඡන්ද පත්‍රිකා සියයට 70ක් බෙදා අවසන්
2024 නොවැම්බර් මස 05 58 0

මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවස


හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ගැන වැඩ බලන පොලිස්පතිගෙන් වාර්තාවක්
2024 නොවැම්බර් මස 05 645 0

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා තීරණය කර ඇත.


මස්සිනා දොස්තර බිරිය මරයි
2024 නොවැම්බර් මස 05 1378 0

විශේෂඥ වෛද්‍යවරයකුට අයත් ත්‍රිකුණාමලය ප්‍රධාන කළේ පෞද්ගලික රෝහලක සිවුවැනි මහලේ දී එම වෛද්‍යවරයාගේ බිරිඳට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබියදී අද (05)


ඕලුමාරාගේ සිර කුටියෙන් දුරකතන හමු වෙයි
2024 නොවැම්බර් මස 05 197 0

බුස්ස අධිආරක්ෂිත බන්ධනගාරයේ දැනට රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කරුවකු වන රණවිර ආරච්චිගේ ශානුක මදුෂාන් නොහොත් ඔලුමරා නමැත්තා සිර මැදිවියේ වැසිකිළි


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 416 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1321 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 697 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site