IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


සෞඛ්‍ය සේවකයන්ගේ ඉල්ලීම සාධාරණයි

(යොහාන් භාසුර)

සෞඛ්‍ය සේවකයන් දීමනාවක් ඉල්ලා සිටීමේ වරදක් නොමැති බවත් එය එසේ වුවද මේ අවස්ථාවේදී එවැනි දීමනාවකට වෙන්කිරීමට මුදල් නොමැති යැයි මුදල් අමාත්‍යංශය පවසන බවත් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (13) පැවසීය.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අර්ථික යුක්තිය ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් අද ආරම්භ කළ වැඩවර්ජනය පිළිබඳව කරුණු දැක්වීමට සෞඛ්‍ය අමාත්‍යංශයේදී අද පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා එසේ පැවසීය.

එම වෘත්තිය සමිති වෛද්‍යවරුන්ට දුන් රුපියල් 35,000 ක් ඉල්ලා නොමැති අතර ඔවුන් විවිධ මට්ටම්වලට විවිධ ගණනික් දීමනාව ඉල්ලා ඇති බව කී අමාත්‍යවරයා ලබන අප්‍රේල් මස සිට රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000 ක වැටුප් වැඩිවීමක් සිදුවන බව ද කීය.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෙනත් පුද්ගලයන් ආදේශ කිරීමේ හැකියාවක් නොමැති බව කී අමාත්‍ය රමේෂ් පතිරණ මහතා වර්ජනයට සහභාගි වී සිටින සෞඛ්‍ය සේවකයන්ට රාජකාරිය සඳහා වාර්තා කරන ලෙස ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.

 



අදහස් (4)

සෞඛ්‍ය සේවකයන්ගේ ඉල්ලීම සාධාරණයි

පිටරටවැසියා Tuesday, 13 February 2024 02:33 PM

වෛද්‍යවරුන්ට විතරක් රුපියල් 35,000 දෙන්න කලින් ටිකිරි මොලෙන් ටිකක් හිතන්න තිබුණා... වෛද්‍යවරුන් විතරක්ද රාජකාරියට පැමිණීමද අත්‍යාවශ්‍ය? රජයේ අනෙකුත් සේවකයන් රාජකාරියට පැමිණීයයුතු නැද්ද? වෛද්‍යවරුන් අවතක්සේරු කරනවා නෙවෙයි, නමුත්, ඔවුන්ට වාහන පර්මිට් එහෙම ලැබෙනවා රාජකාරියට පැමිණීම පහසුකිරීම වෙනුවෙන්. නමුත්, සෞඛ්‍ය සේවයේ සහ රජයේ අනෙකුත් ක්ෂේත්‍රවල මොහොමයක් සේවකයන්ට එහෙමද? හැමදාම, හැම රජයක්ම ටිකිරි මොලෙන් ටිකක්වත් හිතන්නෙ නැතුව ඔහේ වැටුප් හා දීමනා වැඩිකර, සේවකයන් අතර නැවත-නැවතත් වැටුප් විෂමතාවයන් නිර්මාණය කළා. මෙම වර්ජන රජය විසින් ඉල්ලා ජනතාවට සැපයූ දෙයක්....

:       12       14

Hafeel Tuesday, 13 February 2024 04:00 PM

මෙයා එහම මුදල් නැහැ කියල කිව්වට, බියගමට ජාතික රෝහලක් සහ ළමා රෝහලක් ඉදිකරනවා කියල ඊයේ කැබිනට් මන්ධලය අනුමැතිය දීල තියන්නේ. එහම්නම්, මේකට කොහොමද මුදල් ලැබුනේ? පැය 24ක් ගත වන්නටත් කලින් ආණ්ඩුවේ බොරු අතේ පත්තු වුනා.

:       7       9

ලසා Tuesday, 13 February 2024 10:57 PM

මෙයත් දොස්තර නිසා දොස්තරලාට ඇද්දායි කියලා තමයි අපිට පේන්නේ. රාජ්‍ය සේවයේ එක පිරිසකට පමණක් එවැනි විශාල දීමනාවක් දීම අර්බුද ඇති කරවන්නක් බව ඕන මෝඩයෙක්ට තේරෙන දෙයක්!

:       0       0

Bamunuarachchi Wednesday, 14 February 2024 02:35 AM

කට වරද්දගන්න එපා මොවුන්ට දීලා නවතින්නේ නැහැ අනිත් රජයේ සේවකයින්ටත් දෙන්න වෙනවා. එතකොට නගින්නේ වැට් සහ බදු. ඒවා ගෙවන්න අපි තවදුරටත් ලැහැස්ති නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 63 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


ජයශංකර් රනිල් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 358 0

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(4)විශේෂ සාකච්ජාවක න


ජයශංකර් සජිත් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 04 211 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඉන්දිය මහකො


මෝදි අනුරට ඉන්දියාවට එන්න කියයි
2024 ඔක්තෝබර් මස 04 505 0

එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දි


ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් ඇද වැටි ජිවිතක්ෂයට
2024 ඔක්තෝබර් මස 04 379 0

නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ විවේක කාලයේදි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් උඩ පන්දුවක් රැ


’’ලයිසන් තුවක්කු සියල්ල බාර දෙන්න’’
2024 ඔක්තෝබර් මස 04 1130 1

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38903 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25517 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1024 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 365 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site