කුමාර් සංගක්කාර ලබාගත් විශිෂ්ට ශතකයෙන් සවිමත්ව, එංගලන්ත පන්දු යවන්නන් හමුවේ ලකුණු 294 ක ඉලක්කයක් හඹා ගිය ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ (13 වැනිදා) ලන්ඩන් ඕවල් පිටියේදී පැවැති ශූරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගයේදී කඩුලූ 7 ක අති විශිෂ්ට ජයක් ලබාගත්තේය. මෙම ජයත් සමගින් ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු සුරැකිව තබාගැනීමට ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ සමත් වූහ.
පන්දු 71 කට පමණක් මුහුණ දෙමින්, සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 110 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ කුමාර් සංගක්කාර (නොදැවී 134) සහ නුවන් කුලසේකර (නොදැවී 58) දෙදෙනා, තරගයේ පන්දු 17 ක් ඉතිරිව තිබියදී ශී‍්‍ර ලංකා පිල ජයටැඹ කරා කැඳවාගෙන ගියහ.
මෙවර ශූරයන්ගේ කුසලාන තරගාවලියේ පිතිකරුවකු තනි ඉනිමකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කියන සංගක්කාර ඒ සඳහා පන්දු 135 කට මුහුණ දෙමින් හතරේ පහර 12 කින් එය අලංකාර කළේය. කුලසේකරගේ පන්දු 38 ඉනිම අලංකාර හයේ පහර 3 කින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය.
තිලකරත්න ඩිල්ෂාන් පන්දු 56 කට මුහුණ දෙමින් ලකුණු 44 ක් ලබාගත් අතර සංගක්කාර සමග එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 85 ක් එක්කළ මහේල ජයවර්ධන පන්දු 43 කදී ලකුණු 42 ක් ලබාගැනීමෙන් අනතුරුව දැවී ගියේය.
එංගලන්ත ඉනිමේ අවසන් ඕවර දෙකේදී ලකුණු 38 ක් උදුරාගත් රවී බොපාරා (නොදැවී 33) සහ ස්ටුවර්ට් බ්‍රෝඞ් (නොදැවී 7) දෙදෙනාගේ පිතිහරඹය නිසා එංගලන්ත පිල නියමිත ඕවර 50 ක් අවසානයේදී කඩුලූ 7 ක් දැවී ලකුණු 293 ක් ලබාගත්තේය. ශමින්ද එරංග විසින් යවන ලද අවසන් ඕවරයේදී, හයේ පහර 3 ක් සහ හතරේ පහර දෙකක්ද සමගින් ලකුණු 28 ක් උදුරාගත් රවී බොපාරා ලකුණු 33 ක් ලබාගත්තේ පන්දු 13 කිනි.
මන්දගාමී ආරම්භයක් ලබාගත් නමුත් එංගලන්ත මැද පෙළ පිතිකරුවන් කල්යල් බලා කළ ප‍්‍රහාරය හේතුවෙන් ලකුණු 293 ක් කරා යාමට ඔවුන්ට හැකි විය. තරගයේ 48 වැනි ඕවරය අවසානයේදී එංගලන්ත පිල ලබා සිටියේ කඩුලූ 7 කට ලකුණු 255 ක් පමණි. ලසිත් මාලිංග විසින් යවන ලද 49 වැනි ඕවරයේදී ලකුණු 10 ක් ලබාගත් බොපාරා සහ ස්ටුවර්ට් බ්‍රෝඞ් දෙදෙනාගෙන් අවසන් ඕවරයට මුහුණ දීමේ අභියෝගය බොපාරා බාර ගත්තේය.
ශමින්ද එරංග විසින් යවන ලද අවසන් ඕවරයේදී රවී බොපාරාගේ ලකුණු රැස්කිරීම වූයේ 6, 4, 6, 4, 2, සහ 6 ක් වශයෙනි.
කලකට පසුව එක්වූ ශී‍්‍ර ලංකා පිලේ ආරම්භක පන්දු යවන්නන් දෙදෙනා මෙම තරගයේ මුල් ඕවර 20 න් හරි අඩක් යැවූ අතර ඔවුන් දෙදෙනාගේ පන්දු 60 න් එංගලන්ත පිතිකරුවන්ට ලබාගත හැකිවූයේ ලකුණු 25 ක් පමණි. කුලසේකර ඕවර 6 ක් යවමින් ලකුණු 15 ක් පමණක් දුන් අතර ලසිත් මාලිංග ඕවර 4 ක් යවමින් එංගලන්ත පිතිකරුවන්ට දුන්නේ ලකුණු 10 කි.
එහෙත් එංගලන්ත පිලේ මැද පෙළ පිතිකරුවන් ලකුණු වේගය වැඩි කළ අතර 20 වැනි සහ 40 වැනි ඕවර අතරේදී ලකුණු 116 ක් ලබාගැනීමට ඔව්හු සමත් වූහ. කෙසේ වෙතත් අද දිනය තිලකරත්න ඩිල්ෂාන්ට සෑහෙන දුරට අවාසිදායක එකක් විය. ඩිල්ෂාන් අතින් උඩපන්දු දෙකක්ම ගිළිහී ගිය අතර ඔහු විසින් යවන ලද ඕවර 4 කින් ලකුණු 29 ක් උදුරා ගැනීමට එංගලන්ත පිතිකරුවෝ සමත් වූහ.
එංගලන්ත කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම
එංගලන්තය
ඇලිස්ටෙයාර් කුක් - ක.මු.කළා ප. හේරත් 59
ඉයන් බෙල් - ඇ. ජනිත් ප. එරංග 20
ජොනතන් ට්‍රොට් - ක.මු.කළා ප. හේරත් 76
ජෝ රූට් - ඇ. ජයවර්ධන ප. මාලිංග 68
ඔයින් මෝගන් - ක.මු.කළා ප. මාලිංග 13
ජෝ බට්ලර් - ඇ. සංගක්කාර ප. කුලසේකර 0
රවී බොපාරා - නොදැවී 33
ටිම් බ්‍රෙස්නන් - ප. එරංග 4
ස්ටුවට් බ්‍රෝඞ් - නොදැවී 7
අතිරේක 13
එකතුව ඕවර 50 කදී කඩුලූ 7ක් දැවී 293
කඩුලු වැටීම : 1-48, 2-131, 3-218, 4-249, 5-249, 6-249, 7-254
පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ : ජේම්ස් ඇන්ඩර්සන්, ගේ‍්‍රඒම් ස්වෝන්
පන්දු යැවීම : නුවන් කුලසේකර : 10-0-42-1, ලසිත් මාලිංග : 10-2-58-2, ශමින්ද එරංග : 10-0-80-2, ඇන්ජලෝ මැතිව්ස් : 6-0-28-0, රංගන හේරත් : 10-0-46-2, තිලකරත්න ඩිල්ශාන් : 4-0-29-0
ශ‍්‍රී ලංකාව
කුසල් ජනිත් - ඇ. බොපාරා ප. ඇන්ඩර්සන් 6
තිලකරත්න ඩිල්ශාන් - ඇ. රූට් ප. ස්වෝන් 44
කුමාර් සංගක්කාර - නොදැවී 134
මහේල ජයවර්ධන - ඇ. අතිරේක ප. ඇන්ඩර්සන් 42
නුවන් කුලසේකර - නොදැවී 58
අතිරේක 13
එකතුව ඕවර 47.1 කදී කඩුලූ 3ක් දැවී 297
කඩුලු වැටීම : 1-10, 2-102, 3-187
පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ : ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ශමින්ද එරංග, රංගන හේරත්, ළහිරු තිරිමාන්න, ලසිත් මාලිංග
පන්දු යැවීම : ජේම්ස් ඇන්ඩර්සන් : 10-0-51-2, ස්ටුවට් බ්‍රෝඞ් : 8.1-0-67-0, ටිම් බ්‍රෙස්නන් : 10-0-63-0, ජෝ රූට් : 3-0-27-0, ගේ‍්‍රඒම් ස්වෝන් : 10-0-50-1, රවී බොපාරා : 6-0-33-0

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුලසේකර පන්දුවට පහරදෙන හැටි දැක්කම මතක්වෙන්නේ චමින්ද වාස් ව, කුලසේකරට හොද තාකෂණයකු යි,ජවයකුයි තියෙනවා. (අ)
හුග කාලෙකට පස්සේ හොද මැච් එකක් බැලුවා.කුලේ හොදට බැට් කලා. තිසර මැච් එකට ගැහුවා නම් මෙචච්ර කරදර වෙන්නෙත් නැහැ. නිදි මරපු එකට නම් පාඩු නැහැ (නි)
ඔන්න අපේ කොල්ලන්ගේ වැඩ. දැන් ඔය අදහස් දක්වපු සදරුවන් කියන්නකෝ බලන්න කුලසේකර කොහොම කෙනෙක්ද කියලා. සංගා, මහේල, දිල්, කුලා තම වගකීම මැනවින් ඉටු කලා. සදරුවන් අපි දෙයක් ගැන දැනගන කතා කරමු. ශ්‍රී ලංකා කණ්ඩායමට සුබපැතුම්! (නි)
හොද ක්‍රීඩකයෝ කොච්චර නම් ඉන්නවද?නමුත් කණ්ඩායමට ඇතුළු වන්න හැකි 11 දෙනාටනේ. ඒ නිසා ප්‍රතිවාදී පිලදිහා බලලා තමයි ක්‍රීඩකයෝ නම් කරන්න වෙන්නේ,කොයි පිලද පරදින්න කැමති? ජය පරාජය දෙකම අපි බාර ගන්න ඕනෑ. ප්‍රතිපලය කොහොම වුනත් අපි ඔහුන්ව දිරිමත් කළ යුතුයි.එහෙම නැති වුනොත් සදා පරාජය තමයි බුක්ති විදින්න වෙන්නේ. (නි)
සදරුවන් කියන්නේ කවුද? එයා කුලසේකර ගැන දන්නවද? (නි)
තිසර ඊළග එකටවත් ගත්තා නම් නේද හොද? (නි)
කියලා වැඩක් නැහැ. නියමයි (නි)
මම ඉදිරියට යන සුබ පතනවා. බුදු සරණයි! (නි)
සඳරුවන්, මෝඩකම තිබුනට එක හෙමොටම ප්‍රදර්ශනය කරන්න එපා, ගමේ ජිල් බෝල ගහනවා වගේ නෙමේ ලෙදර් ක්‍රිකට් ගහන එක. අනික මිනිස්සුනට අපහස කරන්න එපා. අපේ කිසිම ක්‍රීඩකයෙක් අදවෙනකම් හිතාමතා තරගයක් පරදවලා නේ. (අ)
මංගල, ඔයාට අකුරු කියවන්න දන්නේ නැද්ද? (අ)
පපුව උණු වෙවී තිබිලා හදවතින්ම සතුටු වුණු මොහොතක් (නි)
මං මේ කමෙන්ට්ස් බැලුව. ගොඩාක් හොඳයි. මැච් එකක් ඉවර වෙන්න ඉස්සෙල්ල කමෙන්ට්ස් දානකොට පරිස්සමෙන් නැත්තන් අර දෙවනියට කමෙන්ට්ස් දාපු සඳරුවන්වගෙ මොකද වෙන්නේ. (අ)
තරඟයක ස්වාභාවය ජය හෝ පැරදුම තමයි.එත් ඉතින් පාවාදීමෙන්, නොසැලකිල්ලෙන් හෝ අනුවණ කමින් පැරදීමනම් ලොකු වරදක්. වැරදීමකින් පැරදීම දොස් දැකිය යුතු නැහැ.මේ තරඟයේදී මහේල ආරම්භක පිතිකරුවෙක් ලෙස නොඑවීමත් ශාමින්ද එරංග වැනි අත්දැකීම් අඩු පන්දුයවන්නෙක් අවසන් ඕවරය යැවීමට යෙදවීම හා කුලසේකරට හෝ මාලිංගට ඒ වගකීම නොපැවරීම වැනි දුර්වල තීරණ වගේම කුලසේකර උචිත ස්ථානයක පන්දුවට පහරදීමට යෙදවීම වැනි ඉතා ඥානාන්විත තීරණයක් ගැනීම යන තත්වයන් අතරේ සාමූහික දක්ෂතාවයට හා වාසනාවට ජයග්‍රහණය ලැබුවා.තිසර පෙරේරා වැනි තුන් ඉරියවු දක්ෂයෙකුට ස්ථානයක් නොලැබුන එක නම් ලොකුඅඩුවක්. ක්‍රිකට් ක්‍රීඩාවට සහ ක්‍රීඩකයන්ට ආදරයකරන එහෙත් ක්‍රිකට් ගැන හරිහැටි නොදන්නා ප්‍රේෂකයන්ට පෙනෙන මට හිතෙන හැටියට නිවැරදි දේ කණ්ඩායම තේරීමේදී හෝ ස්ථානගත කිරීමේදී බලධාරීන්ට නිලධාරීන්ට නොපෙනෙන්නේ ඇයිද කියල කවුරුහරි දන්නවද. (අ)
ක්‍රිකට් ඔලුවෙන් ගහන්න ඕන ගේමක්. තිසර හොදටම හොඳයි හැබැයි ගොඩාක් ඔළුව හදන්න වෙයි. ඒ නිසා ටිකක් එළියෙ හිටියට කමක් නැහැ. (අ)
තරගය ඉවර වෙන්න ඉස්සර ප්‍රතිචාර දාපු සදරුවන්ලා මංගලලා ගැන දුකයි. සනත්, ඔයාට ඇස් පෙනෙන්නේ නැද්ද? කුසල් මේ පාරත් අසාර්ථකයි.හැබැයි ඉදිරියට එසේ නොවේවා! (නි)
ටෝනි ග්‍රෙග් මහතාණනි, ඔබ නැති අඩුව තදින්ම දැනෙන්නේ ලාංකිකයින්ටයි . (නි)
ඕස්ට්‍රේලියාවටත් ගහලා හින්දි සිංදුවක් අහමුකෝ (නි)
සදරුවන් හරියට චුටි බබෙක් වගේ. ඇත්තටම මොන පාසලටද ගියේ. (නි)
මහේල තමන්ගේ වගකීම ඉටුකළා. නමුත් සංගා සහ දිල් උඩපන්දු අතහැරියා මතකද? අපිට මහේලගෙන් මනා සේවයක් වුණා. මහේල කුලා නැත්නම් තරගය පරාදයි (නි)
ඔහොම ගහල එන්කෝ, අපි ඔයාලට සලකන්නම්. (නි)
කට්ටිය හොදට සෙල්ලම් කළා. ඊලගට තිසරවත් සෙට් වුනොත් ගේම ගොඩ (නි)
මම ඇමරිකන් විරෝධී සදරුවන්. ඉහත අදහස් මගේ නොවේ (නි)
මේ වතාවේ අපි දිනුවේ, මොලේ පාවිචිකරලා, ඉවසිමෙන් ක්‍රීඩා කල නිසා. බොහොමයක් වෙලාවට අපේ කණ්ඩායම,ක්‍රීඩාව පටන් අරන් ටික වේලාවකදී...අයාලේ යනවා.(අ)
ඇමරිකන් විරෝදී සදරුවන්, පව් අනේ ඇමරිකන්කාරයෝ .ඒගොල්ලෝ හරි අප්සෙට් එකේ ඉන්නේ ඔයා ඒගොල්ලන් එක්ක විරුද්යි කියලා. පව් අනේ.ඒගොල්ලෝ වැද වැටි ඉල්ලනවා ඔයාගේ කරුණාව.(අ)
මිනිපේ කියන කෙනත් සුද්දන්ගේ දෙපතුල ලෙවකන කෙනෙක්ද? මිනිපේ, ඔයා ඇමෙරිකන් කලවන්ද? නැත්තම් ඔච්චර හිත රිදෙන්න විදියක් නැහැ (නි)
මිනිපේ, ඔයාලගේ ගමට ඉස්සර සුද්දෝ ආවා ගියාද? (නි)
කුණු බිත්තර ගහන කට්ටියට අනේ මොකද වෙන්නේ දැන්? (නි)
සදරුවන් මේවගේ පබ්ලික් තැන්වල අදහස් දන්නා ඉගෙන්න ගන්න , මේවට බනින්නේ ඔයාලගේ දෙමපියන්න්ට(අ)
හැමෝම වගේ හරියට සෙල්ලම් කළා.ඉදිරියටත් මේ මට්ටම පවත්වා ගත්තොත් හරි. (නි)
සුභපැතුම් සංගා
ඔක්කොම කතාකරන්නේ තරගයේ විරයා වෙන කෙනා ගැන විතරයි. මාලිංගට වික්ට් වැටුනත් නැතත් එයා දෙන පීඩනය ගැන කව්රුත් කියන්නෙ නැහැ. තිසරත් හිටියා නම් මරු. (නි)
කාලෙකට පස්සේ දැක්ක හොඳ තරගයක් ,සංගා ,කුලේ අගනා ඉනිමක් ඔබලා ක්‍රීඩා කළේ. කුසලානය කෙසේ වෙතත් අබිමානයෙන් ක්‍රීඩාකරන්න ,සියලු ශක්තිය ඔබලාට ලැබේවා!!!! (නි)
ශ්රී ලංකා කණ්ඩායමේ ඉන්න හොදම ක්‍රීඩකයා මේ වන විට තිසර පෙරේරා. ඒත් පුදුම වෙන්ඩ ඕනේ අද තරග නොකරන එකටයි.(නදී)
අන්තිම ප්‍රතිපලය ලංකාව පැරදී.....(අ)
එය මැතිව්ස් අන්තිම ඕවර කිහිපය යවන්න කුලේ සහ මාලිංග සුසංයෝගය යොදා නොගත්තේ එරංග කියන්නේ තම අත්දැකීම් බහුල කෙනෙක් නෙවිනේ. පෙනවනේද වැරැද්දේ බරපතලකම (අ)
මට නම් ඇත්තටම පුදුමයි ඇයි තිසර පෙරේරා වැනි දක්ෂයෙක් මේ සදහා යොදා නොගත්තේ කියන එක (නි)
බොරුවට නමට ළකුණූ දාගන්න සමහරු එක්ක බැලුවම මාලිංග ඊට වැඩ දහස් වාරයක් ඉස්සරහින් ඉන්නවා. (නි)
අනේ මන්දා, පන්දු වාර නම් ගොඩක් ගිහිල්ලා.... (නි)
දින්නදාට කොල්ලෝ ෂා නියමයි කියලා කරට කනට මල් පලදනවා, පැරදුනාම අය්යෝ අනේ අපොයි ගොයියෝ අනේ මොකද කලේ කියනවා.ජය පරාදය කාටත් පොදුයි. අපේ කොල්ලන්ට ජය වේවා.(අ)
අපි මැච් එක දිනුම්. හුරේ! (නි)
අපි දිනුම් (අ)
නුවන් ඔබට මීට කලින් අවස්ථාවක් දෙන්න තිබුනෙ(අ)
ශ්රී ලංකා පිලට උණුසුම් සුබ පැතුම්. විශිෂ්ට ජයග්‍රහණයක්. (නි)
දැන් ඉතින් තරඟය දිනුවට පස්සේ , දිනන්න ඉස්සෙල්ලා අදහස් දක්වපු අයට බනිවී. (නි)
සදරුවන්, ඔයා මැච් එක වෙලේ නිදාගෙනද හිටියේ? බලන්න බැරි වුනා නම් අර ලිස්ට් එකේ බලන්න කුලසේකරගේ දස්කම් (නි)
කවුරු කොහොම කිව්වත් කුලසේකරගේ දක්ෂකම නිසා තමයි අවුලක් නැතුව මැච් එක දිනුවේ. කුලේ නැත්නම් අපි ඉවරයි. නිමයි කුලේ. ජය වේවා! (නි)
කුලසේකර වගේ පන්දු යවන්න පුලුවන් නම් සදරුවන් මොකද තාම ගෙදර? මෝඩ කතා කියන්න එපා. කුලසේකර කියන්නේ තරග දිනවපු කොල්ලෙක් (නි)
කුලසේකර එක්වුණා කියන්නේ තරගය පරාදයි.ඒ වගේ බෝල් මටත් දාන්න පුළුවන්. (අ)
සදරුවන්, ඔයාගේ මොලේ රොඩු හිරවෙලාද? කුලේ කළ දේ ඔයා දන්නේ නැතුව ඇති.හෙට උදේ අහලා බලන්න බලපු කෙනෙකුගෙන් (නි)
ඇයි එහෙම කියන්නේ? කුලේ බෝල් කළේ නැතත් බැටින් පැත්ත හොදයි.තිසර නැති එක අඩුවක් තමයි.අවසානයේ අපි දිනුම් . (නි)
දිනපුවම කවුරුත් සතුටුයි. පැරදුනාම හේතු හොයනවා. කලින් තරගයේදීත් අපිට දිනන්න තිබුන විනිශ්චයේ වරද නොවුනානම්. අනික එදා තව ඕවරයකින් පවර් ප්ලේ තියනකොට තිසර පෙරේරා ටිකක් ඉවසුවානම් එදා අපිට 160 විතර ගහන්න තිබුන. මේ නිසා තමයි තිසර වෙනුවට කුලේ එවුවේ. ඔහු මීට පෙරත් මේ වගේම මැච් දිනවල තියනවා. තිසර කියන්නේ හොඳ විස්සයි විස්සේ ක්‍රීඩකයෙක් මිස එක්දින හෝ ටෙස්ට් ක්‍රීඩකයෙක් නොවේ. මම නම් සතුටු වෙනවා චන්දිමල් හරි මැතිව්ස් හරි නොආපු එකට මොකද මෙයාල ගැන තාම විස්වාසයක් තියන්න බහැ. හිටපු ගමන් ගහනවා. ඊලග එකේ නැහැ. කොහොම උනත් මැතිව්ස් ගේ නායකත්වය හොඳයි. (අ)
සඳරුවන්, ආපහු කියන්නොකෝ බලන්න ඒ කතාව. කුලසේකර එක්වුණා කියන්නේ තරඟය...? කුලසේකරගේ පන්දු යැවීම සමහර අවස්ථාවලදී පලදායක නොවුනත් ඔහු හැම විටම කණ්ඩායම් හැඟීමෙන් ක්‍රීඩා කරන කෙනෙක්. දැක්කා නේද සංගා වෙනුවෙන් තම කඩුල්ල පුජා කිරීමට සැරසුණු හැටි. ලෝක කුසලාන අවසන් මහා තරඟයෙත් ඔහු මහේල වෙනුවෙන් කඩුල්ල පුජා කළා. (නි)
සෑහෙන කාලෙකට පස්සේ සංගා ගහලා දිනපු මැච් එකක් බැලුවා. නිදි මැරුවට පාඩු නැහැ. (නි)
ශී‍්‍ර ලංකාවට කඩුලූ 7 ක විශිෂ්ට ජයක්. අපේ ක්‍රීඩකයිනට ජය පතමු..!! (නි)
සුපිරි තමා (අ)
ඔය සඳරුවන් කියනවා වගේ ජාත්‍යන්තර තරග කියන්නේ ටෙනිස් ගහනවා වගේ නෙමෙයි. කුලේ කියන්නේ අපි ගාව ඉන්න හොඳ ඕල් රවුන්ඩර් කෙනෙක්. දැක්කනේ සංගා වෙනුවෙන් කරපු දේ. ලොකුම දේ සංගාගෙන් පීඩනේ අරගෙන බැට් කරපු හැටි. ඉස්සෙල්ලා රටට ආදරේ කරන්න. (නි)
අපේ කොල්ලෝ සුපිරි තමා. නමුත් දිල්ෂාන්ගේ පන්දු රැකීම නම් තව ටිකක් මදි. උඩ පන්දු තුනක් මිස් උනානේ. අපිව පැරදුනානම් ඩිල්ෂාන්ට අත දිගු වෙනවා නොඅනුමානයි.(නදී)
කුසල් කියන්නේ තරග දිනවපු කෙනෙක් . දිල්හාර ලොකුහෙට්ටිගේ කියන්නෙත් නියම ක්‍රීඩකයෙක් . මොකද එයාටඅවස්ථාවක් නොදුන්නේ (අ)
මාලිංගව දැකලා නැති අය තාමවත් දැක්කෙ නැද්ද? අපරාදේ හැට්‍රික් එක. කුලේ ස්වාන්ට දුන්න හයේ පාරවල් ටික ආයෙ ලොවෙත් නැහැ. ස්වාන් ඉදිමිලා හිටියේ හොඳට බෝල දැම්මා කියලා. සංගා වගකීම හොඳටම ඉටු කරපු මොහොතක්, මහේලත් ලකුනු අතරට ආපු එක සතුටුයි. (නි)
සංගා, කුළසේකර ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායමට මගේ උණුසුම් සුභ පැතුම්! මේ වගේම කණ්ඩායම් හැඟීමෙන් ක්‍රීඩා කරලා ඔස්ට්‍රේලියාව සමග තරගයත් ජයග්‍රහණය කරන්න. (නි)
මෙනා උනත් කුලේ ගැහුවා සුපිරියටම. එන්ගලන්තෙට කවදාවත් මෙ මැච් එක අමතක වෙන එකක්නම් නෑ....... දැන් දෙමු කෑන්ගරුවන්ටත් දුවන්නම (අ)
අපේ කට්ටියට අයි.පී.එල්. බැරි වෙනකොට බැනපු අය අද සංගට කියන ඒවා නියමයි (නි)