IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


සිංගප්පූරුවේ සහ ජපානයේ දියුණුවට හේතුව වජිර කියයි

 

(අංජුල මහික වීරරත්න)

රට විනාශයට පත්කිරීමට නොව රට ගොඩ දැමීමට සියල්ලන්ම එකතුවිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

මෙි රට ගොඩ නැගීමට සියල්ලන්ගේ  සහයෝගය අවශ්‍ය කාලයක් බැවින් ඒ සඳහා පක්ෂ පාට භේද නොසලකා සියලුදෙනා එක්විය යුතු බව ද ව‍ජිර ‍අබේවර්ධන මහතා කීය.

‘’සිරිකොත” එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (01) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් වජිර අබේවර්ධන මහතා මේ  බව සඳහන් කළේය.

නිදහසින් පසු රට ගොඩනැගීම වෙනුවට පටු අරමුණු සාක්ෂාත් කරගැනීමට විවිධ දේශපාලන පක්ෂ හා නායකයන් කටයුතු කිරීම‍ හේතුවෙන් අරාජික තත්වයට ඇදවැටී තිබෙන බවද එජාප සභාපතිවරයා කීය.

 අරගලය නමින් නැවතත් විරෝධතා ව්‍යාපාරයන් හි නිරතවීමට උත්සාහ කරන අතර  වර්ධනය වෙමින් පවතින සංචාරක කර්මාන්තය එයින් කඩා වැටෙන්න හැකියාව ඇති බවත්  ඩොලර් අර්බූදයක් ඇතිවී ඉන්ධන හා ගෑස් හිඟයක් මතු විය හැකි බවත් වජිර අබෙිවර්ධන මහතා සඳහන් කළේය.

අරගලය වැනි විරෝධතා ව්‍යාපාර අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් බවට සමහරුන් තර්ක කරන බවත් ජනතාවට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ද සඳහන් කර තිබෙන බවත් අබෙිවර්ධන මහතා කීය. එහෙත් අදහස් ප්‍රකාශ කිරීමෙි අයිතිය වල්බූරු නිදහසක් නොවිය යුතු අතර සිංගප්පුරුව, ජපානය වැනි රටවලට එම මුලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඇතැම් සීමා පනවලා තිබෙන්නේ යැයිද  ඒ මගින් එම රටවල් සංවර්ධනය වී තිබෙන බවද වජිර අබෙිවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (12)

සිංගප්පූරුවේ සහ ජපානයේ දියුණුවට හේතුව වජිර කියයි

SARATH SILVA Tuesday, 01 November 2022 03:02 PM

ඔය වගේ දෙපිටකාට්ටුවො නැති හින්ද

:       2       62

sachith Tuesday, 01 November 2022 03:05 PM

මෙච්චර ලොකු දේවල් කියන්න දෙයක් නෑ, එ රට වල ඔයාල වගෙ අමන, කුහක, වංචනික දේශපාලුවො නා.. ඉන්න මිනුස්සුත් මොලේ කල්පනා කරල චන්‌දෙ දෙනව.

:       2       61

ddd Tuesday, 01 November 2022 03:24 PM

ප්‍රධානම හේව ප්‍රතිපත්ති ගරුක පාලකයෝ ඉන්න එක , පාලකයො බුද්ධිමත් රට ගැන හිතල වැඩ කරනව හොරකන් කරන්නෙ නැහැ.

:       0       48

mp Tuesday, 01 November 2022 03:31 PM

පිස්සුද හලෝ, ඒවා රට හොරා කාපු අයට කියන්න.

:       1       53

Hafeel Tuesday, 01 November 2022 03:50 PM

වාසනාවට ඒ රටවල්වල වජිර වගේ හොරුන් ආරක්ෂා කරන දේශපාලුවෝ නැහැ. එකයි වෙනස.

:       3       69

senaka Tuesday, 01 November 2022 04:01 PM

හැමෝම කියන්නේ අනිත් අය ඇවිත් එයාලට එකතු වෙන්න කියල. ඇයි කියන අයට ගිහින් අනිත් අයට එකතු වෙන්න බැරි? තමුන්ට බැරි ඇයි ගිහින් අනිත් අයට එකතු වෙන්න?

:       1       39

සකල බුජං Tuesday, 01 November 2022 04:03 PM

උබල වගේ එවුං ඒ රටවල් වල නැති නිසා.

:       1       64

sharm warn Tuesday, 01 November 2022 04:04 PM

ඒ රටවල් දෙක විතරක් නෙවෙයි. වියට්නාමේ, කොරියාව වගේ රටවලුත් දියුණු වෙලා තියෙන්නේ තමුසෙලා වගේ දෙපිටකාට්ටු හොරු නැති නිසා. ඒ රටවල මහජන දේපොළ මංකොල්ලා කන දේශපාලුවෝ නැති නිසා. තමුසෙලා වගේ පිංගුත්තරයොයි, තමුසෙගෙ මහ එකා වගේ පාදඩයොයි නැති නිසා. කපුටා වගේ කොමිස් කාක්කො නැති නිසා. තව කියන්නද?

:       1       114

Buddika Tuesday, 01 November 2022 04:28 PM

අයියෝ ඔව් වජිර. මේ රට දියුණු නොවෙන්න හේතුව ඔහේ වගේම ඉන්න අනිත් පිරිස. මේ අමන කාලකන්නි දේශපාලකයෝ මේ රට කෑව. ඔහෙත් ඒ වගේම අපතයෙක් බව රටම දන්නවා.

:       1       55

Cri Tuesday, 01 November 2022 04:42 PM

එහේ දේශ පාලුවෝ නැහැ. උත්තරේ සරළයි.

:       0       47

LGPJ Tuesday, 01 November 2022 06:16 PM

As it closing down of Government Institutions . !!!

:       0       0

chandima Tuesday, 01 November 2022 07:42 PM

නොදන්න මඟුලකුත් නැහැ ඒත් කරපු මඟුලකුත් නැහැ. ජපානේ දියුණු වුණු හැටි ජපානෙට වඩා හොඳට දන්නවා. සිංගප්පූරුව දියුනු වුණු හැටි ලී ක්වාන් යූටත් වඩා හොඳින් දන්නවා ඒත් මෙහෙ හිඟා කනව.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 196 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


ආර් එම් වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු 8කට නඩු පවරයි
2024 නොවැම්බර් මස 19 422 0

රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත


බදුල්ල-කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය පැය දෙකක් ප්‍රමාදයි
2024 නොවැම්බර් මස 19 54 0

උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත


මුහුදට වැටී ධීවරයෙක් මරුට
2024 නොවැම්බර් මස 19 113 0

ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක සිටි ධිවරයෙකු ඈත මුහුදේදි මුහුදට වැටි මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි.


එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය වහා රැස් කරන්නැයි ඉල්ලයි
2024 නොවැම්බර් මස 19 912 0

වහාම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන්නැයි කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ලසන්ත ගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ


ගල් බෝර සවි කිරීමට ගිය අයෙක් මරුට
2024 නොවැම්බර් මස 19 196 0

බලන්ගොඩ කල්තොට රජවක ප්‍රදේශයේ ඇති ගල් වලක බොර සවි කිරීමට ගිය පුද්ගලයකු ගල් කොරියේ ඉහළ ස්ථානයක සිට පහළට ඇදවැටී අද (19) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27528 38

‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 20551 13


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 393 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 654 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1883 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site