අප්‍රේල් 27 වැනි දා පිටකොටුවේ කහ ඉරක් මත දී ගැබිණි මවක වාහනයක හැපී මරණයට පත්වීමෙන් පසු සිංගප්පූරුවට පැනගිය බව කියන කොළඹ පෞද්ගලික රෝහල අධ්‍යක්ෂවරයා බ්‍රහස්පතින්දා (09) ශ්‍රී ලංකාවට ගෙන්වා අද (09) භාර වූ බව කොටුව පොලිසිය කියයි.
සැකකරු අලුත්කඩේ මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අන්තර් ජාතික පොලිසියේ සහාය ලබා ගැනුණේ කොළඹ නගරයේ සීසීටීවී ආරක්ෂක කැමරාවලින් ලත් තොරතුරු අනුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලයකින් අහන්න ලැබුන හරවත් පුවතක්. අපේ පොලිසියට ආචාරය! (ස)
විශාඛා මහත්මිය , මේ පුද්ගලයාගේ නම් රියදුරු බලපත්‍රය අවලංගු කල හැකි. එත් පසුගිය දිනවල බලපත්‍ර නැතිව රිය පදවා කහ ඉර මත මාරාන්තික අනතුරු කල අයගේ මොනවාද අවලංගු කරන්නේ ? (අ)
මෙහෙම මාරාන්තික රිය අනතුරු කර ඇඟ බේරාගත් දේශපාලු බලවතුන් ගැනත් මෙහෙම පොලිසිය ක්‍රියාත්මක වෙනවා නම් කොපමණ හොඳද ? (නි)
තරාතිරම නොබලා නීතියෙන් නිසි දඩුවම් ලබාදෙන්න.මුදල් වලට නීතිය පාවාදෙන්න එපා.සමහරවිට මුදල් වලට හා ලොකුකමට ලබාගත් රස්සාවක් වෙන්න පුළුවන්.මොකද ආගම දහමට අනුව ජීවත් වෙන කෙනෙක් නම් මිනිස්කම් තියෙන කෙනෙක් නම් ඔහොම හැසිරෙන්නේ නැහැ. දිට්ඨ ධම්ම වේදනීය කම්ම කියන්නේ ඕවට තමයි.අනුන්ගේ දේවල් වලින් ජීවත් වෙන්න එපා. දිවි හිමියෙන් මවුබිමට තම තමන්ගෙන් ඉටුවිය යුතු ඉටුකම් කරමින් සාධාරනව ජීවත් වන්න (නි)
රියදුරු බලපත්‍රය අවලංගු කරන්න ඕනෑ (නි)
දඩුවම ඔහුගේ රියදුරු බලපත්‍රය අවලංගු කිරිමයි (නි)
නීතිියෙන් නිසි දඩුවම් ලබාදෙන්න.(ස)
අවංක පොලිස් නිලධාරීන්ටත් නිගා දෙන අන්දමින් අපරාධ කාරයින් කොපමණ ප්‍රමාණයක් පාලන තන්ත්‍රය විසින් නිදහස් කරනු ලැබුවාද. ලොක්කන්ව අල්ලනවා කියන්නේ සාධාරණ නඩු තීන්දුවක් ලැබෙනවා කියන එක නොවේ. (ස)
මන් හිතන්නේ ගොඩක් අය බලන්නේ පාට කන්නාඩි ගෙන නේද .ප්‍රශ්නයක් දිහා හරියට බලන්න. (ස)
සාධාරනව දඬුවම් දිය යුතුයි. (ස)
දඬුවම් දෙන්න අපක්ෂපාතීව. (ස)
හැපුණ වෙලේ පොලිසි ගියා නම් හොඳයි කියලා හිතෙන්න ඇති. (නි)
කියන්න බෑහැ මෙයත් හීනෙන් අැවිදින කෙනෙක්ද කොහේද?කොහොම වුණත් ඉක්මනින් ආ එක හොඳයි (නි)
පැසසිය යුතු කාරණාවකි. මොහුට නිසි දඬුවම් ලබාදිය යුතුමයි. (ස)
අපගෙ නිලධාරින් හුඟක් දක්ෂයි. මගෙ සුභ පැතුම්. (ස)
මොන දඬුවම් දුන්නත් මෙයා ජිවිතයක් නැති කරපු කෙනෙක්. අහිංසක ජීවිතය නැති වුණ පවුලට මොහුගෙන් ලොකු වන්දියක් අරන් දෙන්න. ඒක තමා ලොකුම දෙය. (ස)
අපේ නිලධාරීන්ට මල් මිටක්. මෙන්න සුබ පැතුම් සමග. (ස)
මට මුකුත් මතක නැ. (ස)
වරද කරු ඇල්ලුවට මදි නිසි දඩුවම් දෙන්න ඕනා ඔය වගේ වැරදි නැවත නොකරන්න.(නදී)
මෙයාටත් කිසි දෙයක් මතක නැහැ කියයිද දන්නේ නැහැ.(නදී)
පිටකොටුවට ගියා මතකයි හැබයි කව්රුවත් හැප්පුනා කියලා මතක නැහැ.(නදී)
කාට අමතක වුණත් අපිට මතකයි. (ස)
මෙයටත් ඔය සිද්ධිය අමතක වෙයිද දන්නෑ. (ස)
මෙන්න මේවා තමයි රටේ යුක්ති ගරුක ජනතාව බලාපොරොත්තු වෙන සැබෑ ආශ්චර්යය. ජාත්‍යන්තර පොලිසියේද සහය ලබා ගනිමින් කඩිනමින් මෙවැනි වැටලීමක් සිදු කරමින් නීතියෙන් පලා යාමට උත්සහ කළ මේ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම ගැන ශ් රීලංකා පොලිසියට අපගේ ප්‍රණාමය හිමිවිය යුතුයි. (ස)
'මට මතක නැහැ. මන් දන්නේ නැහැ. මන් සිංගප්පුරුවට ගියේ කොහොමද' කියලා අහයි.(නදී)
එයාගේ නම නම් දන්නවා. රෝහල නම් මොකද්ද කියලා තාම දන්නේ නැහැ. තිරිසන් වැඩ ඕවා. මම බලාගෙන ඉන්නේ මෙයාට දෙන දඩුවම මොකද්ද කියලා.(නි)
මේ වගේ මෙලෝ හදවතක් නැති අය තමයි එතකොට රෝහල් පාලනය කරන්නේ. විනයක් නැති නරි රජවෙනකොට එහෙමලුනේ.(නදී)
මිනිස් ජිවිත සමහරුන් සලකන්නේ කුකුලන් මියන් ගානට. මිනිස් ජීවිතයක වටිනාකම නොදන්නා මිනිසා අමනුස්සයෙක්. මොන තරම් ලොකු නිලතල දැරුවත් ලොකු උපාධි තිබුනත් වැඩක් නැහැ. මිනිසත් බව හදවතේ නැත්නම්.(නදී)
මහානාම - සිංගප්පුරු ගිහින් ආවොත් ඔක්කොම අමතක වෙනවාලු නේද ? (නදී)
බලපෑම් නැත්නම් ඕනෑම හොරෙකු අල්ලාගත හැකියි. (ස)
මෙහෙම කී දෙනෙක් සිංගප්පුරු ගියාද? ගිහින් ඇවිල්ලා දැන් ලස්සනට ඉන්නේ. මතක නැතිකර ගත්තා නම් හරි (නි)
මෙයාගේ නම ගම හෙළි කරන්නට අකමැති වගේ. (ස)