සිගිරිය නැරඹිමට පැමිණි දෙස් විදෙස් සංචාරකයින් මීට මින් මද වේලාවකට පෙර බඹර ප්‍රහාරයක් එල්ල වී ඇත.
150 ක් පමණ ප්‍රහාරයට ලක් වී ඇති අතර 41 ක් රෝහල් ගත කැර ඇත.
සීගිරි පොලීසියත්,මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධරයෝත් ආපදාවට ලක් වු සංචාරකයින් රෝහල වෙත රැගෙන යමින් සිටීති.
තවත් කණ්ඩායම් කිහිපයක් සීගිරි පව්ව මුදුනේ පහළට බැසීමට නොහැකිව සිර වී සිටිති.
මේ වන විට සිගිරියට ඇතුළු වීම සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම තාවකාලික අත්හිටුවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදේශ සංචාරකයින්ට වැඩිය මට නම් අපේ බඹරු ටික වටිනවා. කව්රු හරි උන් විනාස කරනවා නම් පුද්ගලිකව මම ඊට විරුද්ධයි. බඹරු අනිනවා නම් එහෙ නොගිහින් ඉන්න ඕන. යන්න ප්‍රවේස පත්‍ර නොදී ඉන්න ඕන. සීගිරිය වගේ ම බඹරුත් අපේ.(නදී)
මම හිතන්නේ දයා නෙව්ස් අහන්නේ හ්නාහ කියලා. ඔය වැඩේ කරන්න ගත්තු උත්සාහයේදී මොකද උනේ? කියලා දන්නේ නැත්තේ එකයි. අනිත් එක හැමදේම එකට බද්ද වෙච්ච පරිසරයක් (දී)
බඹරුත් ඉන්න ඕනෑ.සංචාරකයොත් සිගිරිය බලන්න ඕනෑ.රැවුලයි කැඳයි දෙකම බේරාගෙන මේ වැඩේ කරන්න පුලුවන් නම් ගොඩක් හොඳයි. (නි)
කුෂාන් චාමර,ඔයා කියන දේ හරි.සීගිරියත් ගල් වලට කඩන කාලයක් ඉස්සහරට එන්නේ. (ස)
බඹරු කොහොම වෙතත් මට නම් බය කවදාහරි සීගිරියත් අපිට අහිමිවේවිද කියලයි (නි)
මේ බඹරු ඇවිස්සෙන්නේ ඇත්තටම නරඹන්නන්ගේ නොමනා හැසිරීම නිසයි. එක් පුද්ගලයෙක් හිටියහම ඇති අනෙක් අයටත් අනවශ්‍ය කරදර දුක් පීඩා වලට මුහුණ දෙන්න. (නි)
ඔය බඔරු රජ පැලැන්තියෙන් පැවත එන අය. ඒ අය කරපු දෝෂයක් නිසා අද බඔරු වෙලා ඉපදිලා. (ස)
කවුරු හරි බඹරුන්ව අවුස්සන්න අැති. බඹරුන් නිසා ස්වභාව සෞන්දර්ය වගේ්ම සීගිරියත් අලංකාර වෙනව. සමහර අය බඹරුන්ට විරුද්ධව අනුවන කතා ප්‍රකාශ කරල තිබෙනවා. පරිස්සමින් සීගිරිය නරඹා ආව නම් නේද හොඳ? (ස)
සමහර අදහස් දැක්කම හිනාත් යනවා.මට නම් බඹරුත්, සීගිරියත්, මිනිස්සුත් ඔක්කොම වටිනවා. ඒ නිසා සියල්ලම ආරක්ෂා කරගත යුතුයි. (නි)
සමහරු ලියල තියන දේවල් දැක්කම බමරු ඔතනම තියල සීගිරිය වෙනත් තැනකට ගෙනියන්න හිතෙනවා . මටනම් මොනවා උනත් බමරුන්ට වැඩිය මනුස්සය වටිනවා. මොකද මමත් මනුස්සයෙක් හින්දා.(නදී).
"බඹරා වගේ මට තවම විසේ... " (නි)
විදේශීය හා දේශීය , සියලුම දෙනාට ඉක්මන් සුවය පතමි....!! (ස)
කොචර කල් දේශ විදේශ සංචාරකයන්ට බඹරුන්ගෙන් කරදර ඇති උනාද? වගකිවයුතු පිරිස ඉක්මනට පියවරක් රැගෙන පරිසරය ආරක්ෂා කල යුතුයි නේද? තවත් කල් අත පසු නොකර. (ස)
දයා අලහකෝන් ;ගම්මාන වෙන තැනකට ගෙන යන්නේ කොහොමද ? ඇරත් බඹරු සීගිරියේ ජීවත් වෙන්නේ අවුරුදු දහස් ගණනකට පෙර සිට. බඹරු සීගිරියෙන් පලවා හැරියොත් සිගිරි සිතුවම් වලට හානි වෙන්න පුළුවන් බව නොදන්නේද ? (ස)
දයා ,ඔබ පරිසරය ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න. (ස)
බඹර ප්‍රහාරයට ගොදුරු වුවන් බේරා ගැනීමේ නියතු ආරක්ෂක නිලධාරීන්ට මගේ ප්‍රණාමය .(නදී)
ඒකෙ අමාරුව දැනෙන්නේ බඹරා ඇනපු අයට විතරයි.රොෂාන්ට ඒක විහිළුවක් වෙලා වගේම අමාරිස් අද ඇඳේ වැරදි පැත්තෙන් බැහැල වගේ. (ස)
බොහෝ අවස්ථා වල මෙම බඹර කරදර ඇති වූ නිසා මෙම බඹර ගම්මානය වෙනත් තැනකට ගෙනයන වැඩපිළිවෙළක් ගැන සිතුවොත් නරකද? (නි)
අැයි පොලිසියෙන් වෙඩි තිබ්බේ නැද්ද? (ස)