IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


සීගිරි සිතුවම් කසුප් කාලේ : අඟුරු කෑල්ල සාක්කියට

සීගිරියේ දැරණිගල ගුහාවෙන් සොයාගත් ගල් අඟුරු කැබැල්ලෙන් කාශ්‍යප රජු පිළිබඳව  සැවුණු රහස් රැසක්ම අනාවරණය වෙයි.කසුප් රජු සිය ආරක්ෂාවට බළකොටුවක් ඉදි කරගන්නා ගමන්ම  ලොව අග්‍රගණ්‍ය කලාගාරයක් වන සිගීරි සිතුවම් නිර්මාණය කළ බවට මහා වංශය ඇතුළු වංශකතාවල එන තොරතුරු නිවැරදි බව එම අගුරු කැබැල්ල කාබන් 14  කාල නීර්ණ පරීක්ෂණයට ලක් කළ ඇමෙරිකාවේ ෆ්ලොරිඩා නුවර විද්‍යාගාරය කියයි.සිගිරි බිතු සිතුවම්වල කාල නීර්ණය  විද්‍යාත්මක තහවුරු කළ මුල්ම අවස්ථාව මෙයයි.

දැරණියගල ගුහාවේ සිතුවම් සහිත බදාමයේ තිබී සොයා ගත් අගුරු කැබැල්ලෙන් සීගිරිය දැරණියගල ගුහාවේ සිතුවම් කි‍්‍රස්තු වර්ෂ 390-540 දක්වා කාලයට අයත් බව පුරා විද්‍යා අධ්‍යක්ෂ ආචාර්ය සෙනරත් දිසානායක මහතා කියයි.

‘ප‍්‍රධාන පර්වතයේ සුප‍්‍රකට ගල් ගුහාවෙහි කාන්තා රූප කොටස් 22ක් 19 වැනි සියවසේ අග භාගයේදී අනාවරණය කර ගැනිණි. කැටපත් පවුරේ තිබී තවත් කාන්තා චිත‍්‍ර කීපයක් මීට වසර කිහිපයකට පෙරාතුව සොයා ගැනිණි. ‘

 ‘සීගිරිය ප‍්‍රධාන පර්වතය පාමුල පිහිටි ගල් පර්වත සහ ගල් ලෙන්හි කාන්තා රූප හා කොටස් 25ක් පමණත් දිව්‍ය හා පුරුෂ රූප 5ක් පමණත් දක්නට ලැබේ. මේ අතුරින් වැඩිම සිතුවම් ප‍්‍රමාණයක් දක්නට ලැබෙන්නේ දැරණියගල ගුහාව නමින් හැඳින්වෙන ලෙනෙහිය. එහි ඇති කාන්තා රූප සංඛ්‍යාව 22ක් වේ. ‘

‘මෙම ලෙනේ සිතුවම් කළ කාන්තා රූ ශෛලියෙන් සීගිරියේ ප‍්‍රධාන පර්වතයේ චිත‍්‍රවලට නෑකමක් දක්වන මුත් දැරණියගල ගුහාවේ සිතුවම් ප‍්‍රධාන පර්වතයේ සිතුවම් තරමට අලංකාර නොවන බව පුරා විද්‍යා මතයයි.‘

‘ඇතැම් විද්වතුන්ගේ  අදහස වූයේ දැරණියගල ගුහාව ඇතුළු සීගිරිය ප‍්‍රධාන පර්වතයට බැහැරින් වූ පර්වත බේදයන්හි සිතුවම් කාශ්‍යප සමයෙන්  පසු කලෙකට කාලනීර්ණය කිරීම සුදුසු බවයි‘.

‘කාශ්‍යපගේ අභාවයෙන් පසු සීගිරි බලකොටුව භික්ෂූන් වහන්සේලා වෙත පූජා කළ බවට එන මහාවංශ සඳහන් අනුව මෙම සිතුවම් පශ්චාත් කාශ්‍යප විහාරාරාමික අවදියට අයත් බව ඇතැමෙකුගේ අදහස විය. කෙසේ වුවද මෙම සිතුවම් සඳහා විද්‍යාත්මක කාලනීර්ණයක් සැලසීමට හැකියාවක් මේ තාක් නොවිණි. මෙවැනි පසුබිමක් යටතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යා පර්යේෂණ සහකාර  ටී.කේ. විජේසිංහ මහතා විසින් දැරණියගල ගුහාවේ සිතුවම් සහිත බදාමයේ තිබී අඟුරු කැබැල්ලක් සොයා ගැනිණි.

කාබන් 14 කාලනීර්ණ පරීක්ෂාව සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරීඩාවේ බීටා ඇනලිටික් රේඩියෝ කාබන් කාලනීර්ණ විද්‍යාගාරය වෙත යවන ලදී.

 මෙම අඟුරු සාම්පලය කි‍්‍රස්තු වර්ෂ 390 සිට ක‍්‍රිස්තු වර්ෂ 540 දක්වා කාලයට අයත් බවත්. කාශ්‍යප රාජ්‍ය කාලය ක‍්‍රිස්තු වර්ෂ 473 සිට ක‍්‍රිස්තු වර්ෂ 491 දක්වා වන බැවින් මෙම සිතුවම් බොහෝ විට කාශ්‍යප රාජ්‍ය සමයේ හෝ ඊට ආසන්න සමයකට අයත් බවත්  එම කාලනීර්ණය මඟින් සනාථ වී ඇතැයි  දිසානායක මහතා කියයි.

fffff images1 images777 stairs-to-Sigiriya-Lion-Rock-Fortress

 

DSC06797 DSC06796 b a DSC06797 DSC06796

carbon-dating

 

 

 

     

 



අදහස් (0)

සීගිරි සිතුවම් කසුප් කාලේ : අඟුරු කෑල්ල සාක්කියට

බෙනට් Thursday, 11 December 2014 05:52 PM

ඒකටත් ඉතින් ඇමරිකාවේ පිහිට තමයි (නදී)

:       0       0

සදුනි Thursday, 11 December 2014 03:49 PM

ඉතා වටිනා සොයාගැනීමක්. (නි)

:       0       0

යසස් Thursday, 11 December 2014 11:54 AM

වැදගත් සොයාගැනීමක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 67 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 2 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 409 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 178 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 347 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 771 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38590 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site