භික්ෂූන් වහන්සේලා සහ විහාරස්ථාන සම්බන්ධයෙන් ඇති වන ගැටළු අධිකරණයට නොගොස් විසඳා ගැනීම සඳහා සංඝාධිකරණයක් පිහිටු වීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය සහ බුද්ධ ශාසන අමාත්‍ය දි . මු . ජයරත්න මහතා ප්‍රකාශ කරයි. මහනායක මහ නාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය සමග සාකච්ඡා කර මේ සඳහා අවශ්‍ය පියවර ගන්නා බවද අග්‍රාමාත්‍යවරයා කියයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකටත් ඉතින් ඊට පස්සේ දේශපාලනේ. බුදුන් දේශනා කරලා තියෙන ආනන්තරීය පාප අකුසල කර්ම එකක් තමයි සංඝයා බේද කිරීම. (නදී)
මේකේ නඩුකර හාමුදුරුවෝ කව්ද? (නදී)
නන්ද, ඔබේ අදහසට මා එකග වෙනවා. ඔබ සැබෑ බෞද්ධයෙක්. (නි)
අගමැති තුමා තව කරන්න නම් මෙයිට වැඩිය අත්‍යවශ්‍ය දේවල් තියෙනවා.(නදී)
පිටිගලගේ යෝජනාවට මාත් එකඟයි. වියදම් පිරිමහගන්න ඕනෑ නම් දැන් තියෙන සියලුම අධිකරණ 'දේශපාලන අධිකරණ' බවට පත්කරලා ඒ කට්ටියගේ නඩු සතියේ දිනවල අහන්නත් සෙනසුරාදට වගේ ඉඩ තියෙන දවසක අනික් නඩු අහන්නත් යොදා ගන්න බැරියෑ. (නි)
බුදු දහම උතුම් දහමක්.එය ආභරණයක් කරගන ඉන්න පිරිසක් ඉන්නවා.සමහරු හිතා ඉන්නේ බුදුදහම එයාලට අයිති එකක් කියලා.බුදුදහමේ නමින් බෞද්ධ විරෝධී කටයුතු කරන අයට විධිමත් ලෙස දඬුවම් දිය යුතුමයි. (නි)
මට නම් හිතෙන්නේ අලුතෙන් එකක් අවශ්‍ය නැහැ කියලයි (නි)
සංගායනාවක් පවත්වා සංඝාධිකරණයක් පිහිටුවා චීවරධාරීන් ඉවත් කරන්න.සුපේසල ශික්ෂාකාමී බහුතර භික්ෂුන් වහන්සේලාට සැනසීමක් වේවි. (අ)
අධිකරණ සංඝ නායක පදවියක් රටේ ස්ථාපිත වෙලා තියෙනවා නේද (අ)
මේ කටයුත්තත් අපේ මහා සංඝරත්නයටම බාර දුන්නොත් හොඳයි නේද? (නදී)
අසේල ඔබ ගිහියෙක්ය කියා මම හිතන්නෙමි. බුදුන් දෙසු ධර්මයත් ඒ ධර්මය විනාශ කරන සමහර පැවැදි අය ධර්මය රකිනවා නම් ' සංඝාධිකරණයක් රටට අවශ්‍ය වෙන්නේ නැත.(නදී)
බුදුන් දෙසු ධර්මයට සම කළ හැකි කිසිදු ධර්මයක් ලොව නැත්තේය (නි)
අගමැති තුමනි, වැරදි කරන භික්ෂූන් වහන්සේලාට මොකද කරන්නේ? (නදී)
මොනාද මැද පෙරදිගින් වාර්තා වන අපරාද?(නදී)
ඊට වඩා නරකද අගමැති තුමනි දේශපාලන අධිකරණයක් ස්ථාපිත කලොත්. ඒ තරමට දේශපාලකයන්ට විරුද්ධව පැමිණිලි තියෙනවා.(නදී)
සංගාධිකරණයට කට්ටිය දානකොට ප්‍රවේශමෙන් හොදේ. නැත්නම් අපේ සිවිල් අධිකරණයට වුනු දේම වේවි (නි)
සංඝ සමුළුවකුත් පැවැත්වුවොත් හොදයි කියලා හිතෙන්නේ නැද්ද? (නි)
කියලා විතරක් වැඩක් නැහැ, කරලම පෙන්නන්න (නි)
මොකක්ද දැකගන්න ලැබිලා තියෙන්නේ? මිනිසුන්ගේ පිරිහීම මිසක් වෙන දෙයක් නෙමෙයි. (නි)
හැබැයි සිවිල් අධිකරණයට වඩා වෙනස් යමක් අපි බලාපොරොත්තු වෙනවා (නි)
අසේල මහතාණනි, ඔබ හරියට හරි (නි)
ඒකනේ අසේල දැන් අපිට හොදින්ම දැකගන්න ලැබිලා තියෙන්නේ (නි)