විදෙස් සංචාරකයින් වෙනුවෙන් වේගයෙන්ම වර්ධනය වන ලොව සිව් වැනි නගරය බවට මෙරට කොළඹ නගරය පත්ව ඇති බව 2016 මාස්ටර් කාඩ් ගෝලීය ගමනාන්ත නගර දර්ශකය විසින් නිකුත් කළ නවතම වාර්තාව දක්වයි.
ජනප්‍රිය විදෙස් සංචාරක නගර 132ක් මුල් කර ගනිමින් සැකසූ මෙම ගමනාන්ත නගර දර්ශකයේ සිව්වන ස්ථානය කොළඹට හිමිව ඇති අතර මේ වසරේ විදේශකයින් පැමිණිම සියයට 19.57 කින් වර්ධනය වී ඇති බව ද “නිව් ඉන්දියන් එක්ස්ප්‍රස්“ පුවත් සේවය වාර්තා කරයි.
පළමු ස්ථානය ජපානයේ ඔසාකා නගරයට හිමිව ඇති අතර එය සියයට 24.15ක් වෙයි.දෙවන ස්ථානය චීනයේ ෂෙන්ග්ඩු නගරයට හිමිව ඇති අතර එහි විදේශකයින් පැමිණීමේ ප්‍රතිශතය සියයට 20.14ක් බව සඳහන්ය.තෙවන ස්ථානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයට හිමිව ඇති අතර එහි විදේශකයින් පැමිණීමේ ප්‍රතිශතය සියයට 19.81කි.විදේශකයින් පැමිණීමේ ජනප්‍රිය නගර දහය අතර නගර 07ක් ම ආසියාවේ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාම යුද්ධය කොට කොටා හිටියා නම් මෙලහට සංචාරකයෝ එනවා නෙමෙයි ජනතාවම හාමතේ. මේක තේරෙන්නේ කීයෙන් කී දෙනාටද? (නි)
මට නම් හිතාගන්නත් බැහැ. අවුරුද්දටම ලංකාවට සංචාරකයෝ එන්නේ ලක්ෂ 20 යි තාම. එහෙම ඇවිල්ලා ලෝකයේ 4 වන ස්ථානයට එන්න පුලුවන්ද? (නි)
මේක මට නම් හතරබීරි කතාවක් වගෙයි. විදේශීය සංචාරකයන් වැඩියෙන් එන රටවල් සහ මේ සමීක්ෂණය අතර තිබෙන වෙනස කුමක්ද? 2016 මාස්ටර් කාඩ් ගෝලීය ගමනාන්ත නගර දර්ශකය පෙන්වා දෙන්නේ නගරයක් මිස රටක් නොවේ නේද? ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් මේ පත්වීම ගැන මා ආඩම්බර වෙනවා. කෙසේවුණත් විදේශීය සංචාරකයන් වැඩි වශයෙන්ම පැමිණෙන, ලෝකයේ ප්‍රධානතම රට හැටියට වසර ගණනාවක් තිස්සේ තවමත් තිබෙන්නේ ප්‍රංශයයි. (නි)
මේ ආණ්ඩුව බලයට ඇවිල්ලා අවුරුදු දෙකයි ගියේ. බලන්නකෝ ආශ්චර්යය. ආශ්චර්යය කරන්නේ ගිය ආණ්ඩුවෙන් නොවෙයි, බලාගෙන ගියාම මේ ආණ්ඩුවෙන්නේ. එතකොට බැසිල් රාජපක්ෂ කරපු නාගරික සංවර්ධනය මත්තලට වී දැම්මා වගේ කළා නම් මොකද වෙන්නේ මෙවැනි අවස්ථාවට. (නි)
2014 අංක එකට හිටපු එක හතරට බැහැලා (නි)
ගිය ආණ්ඩුව හිටියා නම් අඩුවෙන්ම සංචාරකයෝ එන රට විදිහට සම්මානයක් ලැබෙනවා (නි)
ඇත්තටම සතුටුයි.(හේ)
හොදයිනේ.(හේ)
හොදයි මේ වගේ දෙයක් අහන්න ලැබීමත්.(හේ)