
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රටට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය වැඩිවී තිබුණත් ඒ හරහා රටට අපේක්ෂා කරන ආදායමේ අඩුවක් පෙන්නුම් කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
සංචාරක ව්‍යාපාරයේදී රටක ස්වභාවික සුන්දරත්වය වගේම රටේ පුරවැසියන්ගේ වටිනා ගුණධර්මත් බොහෝ ඉවහල් වෙනවා.රුහුණු සරසවියේ පසුගියදා පැවැති උපාධි ප්රදානෝත්සවයකදී විශේෂ අවශ්‍යතා සහිත දියණියකට උපාධිය පිරිනමන ඉතා සංවේදී අවස්ථාවේ ඒ සරසවියේ කුලපති ලෙස කටයුතු කරන අකුරැටියේ නන්ද හිමියන් අසුනින් නැගිට දැරියට උපාධිය පිරිනමන ආකාරය මේ වන විටත් බොහෝ දෙනාගේ ඇගැයීමට ලක්වෙන කාරණයක් බවට පත්ව තිබෙනවා.අප උන්වහන්සේට ගෞරව කළ යුතුයි.
සංචාරක කර්මාන්තයට හරි හමන් වැඩපිළිවෙළක් නොමැති වීම අප රටේ සංචාරක කර්මාන්තයට බලපාලා තියෙනවා.මෙවර අයවැයෙනුත් ඒ පිළිබඳව විශ්වාසය යොමු කර නැති බවයි අපේ හැඟීම.අපේ රටට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය වැඩිවී තිබුණත් ඒ හරහා රටට අපේක්ෂා කරන ආදායමේ අඩුවක් පෙන්නුම් කරන්නේ මේ හේතුව නිසයි යනුවෙන්ද කරුණාතිලක මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd