
(සුජිත් හේවාජුලිගේ )
කාවන්තිස්ස ඇතාගේ මරණයට හේතුව තීරණය කළ යුත්තේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අනුව පමණක් බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි මහතා පැවැසීය
කාවන්තිස්ස ඇතාගේ මරණයට නිශ්චිත හේතුව අමාත්‍යවරයාට හෝ වෙනත් කිසිදු පාර්ශ්වයකට තම පෞද්ගලික මතය අනුව තීරණය කළ නොහැකි බවද ඔහු සදහන් කළේය
ඇතාගේ මරණයට හේතුව නිශ්චිතව තහවුරු කළ යුත්තේ අදාළ විද්‍යාත්මක හා වෛද්‍ය පරීක්ෂණවල නිගමන මත පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව හා පදනම්ව පමණක් බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ඒ අනුව, තම ස්ථාවරය වන්නේ කාවන්තිස්ස ඇතාගේ මරණයට හේතුව සම්බන්ධයෙන් පෞද්ගලික මත හෝ අනුමාන ඉදිරිපත් කිරීම වෙනුවට විද්‍යාත්මක නිගමන මත පදනම්ව කටයුතු කළ යුතු බව යැයි ධම්මික පටබැදි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd