IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


සංචරණ සීමා ඉවත් කරන්නේ දැඩි කොන්දේසි මතයි

(සුජිත් හේවාජුලිගේ )

කොරෝනා තෙවැනි රැල්ල පාලනය සඳහා දිවයින පුරා පනවනු ලැබූ සංචරණ සීමා හරියටම මාසයකට පසුව හෙට (21)අලුයම 4.00ට දැඩි කොන්දේසිවලට යටත්ව ඉවත් කෙරේ .

සෞඛ්‍ය අංශ විශේෂඥයන්ගේ උපදෙස් මත රජය විසින් දිවයින පුරා සංචරණ සීමා පණවනු ලැබූවේ පසුගිය මැයි මස 21වැනිදාය .

සංචරණ සීමා පනවනු ලැබූ කාලයේදී රජයට සිදු වූ පාඩුව රුපියල් කෝටි 45,000 කට වැඩි යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය .

සංචරණ සීමා අද ඉවත් කෙරුණද එම සීමා අනිද්දා (23)රාත්‍රී 10 ට යළි පනවා ලබන 25 වැනි දා සිකුරාදා අලුයම 4.00ට ඉවත් කෙරෙන බව කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියා ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය .

පොසොන් උත්සවය ලබන 24 වැනිදාට යෙදෙන හෙයින් අනවශ්‍ය සංචරණ වැළැක්වීම සඳහා එම දින කිහිපයේදී මෙලෙස සංචරණ සීමා පැණවෙන බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය .

සංචරණ සීමා අද ඉවත් කෙරුණද පළාත් අතර සංචරණ සීමා දිගටම ක්‍රියාත්මක කෙරෙන බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය පවසයි .

සංචාරණ සීමා ඉවත් කෙරුණද පහත සඳහන් නීති දිගටම ක්‍රියාත්මක කළ යුතු බව පොලිස් මූලස්ථානය පවසයි .

(1) කාර්යාලවල රාජකාරි සදහා කැදවිය හැක්කේ සීමිත සේවකයන් සංඛ්‍යාවක් පමණි .

(2) නිවසේ සිට රාජකාරි කළ හැකි පිරිස් ඔන්ලයින් ක්‍රමයට ඒ කටයුතු සඳහා යොදා ගත යුතුය .

(3)පොදු ප්‍රවාහන සේවාවන්හි ආසන ප්‍රමාණයට පමණක් මගින් ගෙන යා යුතුය .

(4)සෑම පුද්ගලයකුම මුහුණු ආවරණයක් පැළඳ සිටීම අනිවාර්ය වේ.

(5)නිරෝධායනයට අදාළ නියෝග ඒ ආකාරයටම ක්‍රියාත්මක කළ යුතුය .

(6)පළාත් අතර සංචරණ සීමා එලෙසම ක්‍රියාත්මක වේ .

(7)පළාත් අතර ගමන් කළ හැක්කේ සුවිශේෂවූ හේතුවක් නිසා පමණි .

(7)රැස්වීම්, සම්මන්ත්‍රණ , සාද ,උත්සව ,සන්දර්ශන ,විනෝද ගමන්,විවිධ චාරිකා,වෙරළ සාද සහ වන්දනා ගමන් සඳහා අවසර නොලැබේ.

(9)ගාලුමෝදර වැනි එළිමහන් පොදු ස්ථානවල සාමූහිකව එක්රැස්වීම ද තහනම්ය .

(10)පාරිභෝගික සේවා සපයන ආයතන සුපිරි වෙළඳසල්, වෙළෙඳසල් පවත්වා සෞඛ්‍ය උපමාන යටතේ පවත්වාගෙන යා යුතුය .

(11)සුපිරි වෙළෙඳසල්වල අත්සෝදා ගැනීමට ස්ථානයක් වෙන් කළ යුතුය .

(12) උෂ්ණත්වය පරික්ෂා කිරීමට පුද්ගලයකු යෙදවිය යුතුය .

නිරෝධායන නීති හරියාකාරව ක්‍රියාත්මක වන්නේ වන්නේ දැයි සොයා බැලීමට විශේෂ පොලිස් කණ්ඩායම් රටපුරා අද (21) සිට යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය .

 



අදහස් (13)

සංචරණ සීමා ඉවත් කරන්නේ දැඩි කොන්දේසි මතයි

Chandana Sunday, 20 June 2021 01:01 PM

සංචරන සීමාවලින් ලබාගත් ප්‍රතිඵල මොනවාද? මාර්ග වල දිනපතාම වාහන යනවා .

:       0       23

නයනSunday, 20 June 2021 06:16 PM

මෙවැනි විශේෂිත ලෝක වසංගත තත්ව වලදී පාලනය කළ නොහැකි අවස්ථාවල සංචරණ සීමා පැනවීම සිදු කරනවා. සෞඛ්‍ය අංශවල ඉල්ලීම අනුව සංචරණ සීමා පැනවිය යුතු ආකාරය පිළිබඳව වගකීම ඇත්තේ ආණ්ඩුවටයි. මේ සම්බන්ධයෙන් බුද්ධිමත් අධ්‍යයනයක් සිදු කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුව තිබුණත් මේ සියල්ලම සිදුවන්නේ නූගත් වංචනික දේශපාලුවන්ට ඕනෑ කරන විදිහටයි. මේ සංචරණ සීමා අද අසාර්ථක වී ඇත්තේ ඒකයි. මේ උදාහරණය ගැන සිතන්න. ඩයිනෝසෝරයන් පෘථිවියෙන් වඳ වී ගියේ විශාල උල්කාපාතයක් කඩා වැටීමෙන් බව විශ්වාස කරනවා. දැන් අපි ඩයිනෝසෝරයන් ඈත අහසේ ටිකෙන් ටික ලං වන උල්කාපාතය, කොරොනාව දිහා බලාගෙන ඉන්නවා. අපේ දේශපාලුවො මොකෝ කරන්නේ දැන්..? ආර්ථිකේ ගොඩගන්න තමයි ෆුල් ට්‍රයි එක දෙන්නේ.... ඉන්දියාවේ වගේ එකා පිට එකා මැරෙන්න ගත්තේ නැති නිසා තාම මොකෙකුටවත් ගාණක් නෑ. තේරුම් ගනිල්ලා මිනිසුනේ. නිකන් දෙන වැක්සින් එකත් හොරා කාලා ඔය දේශපාලුවොයි රට වටේම ඉන්න ඔවුන්ගේ හෙංචයියන්ටයි විදගෙන තියෙන්නේ. දොස්තරලගේ පවුල් වලට වැක්සීන් දෙනවා කියලා ආණ්ඩුවේ රෙදි හෝදන මාධ්‍ය වලින් කොච්චර නම් මිනිස්සුන්ව කුපිත කලාද? අන්තිමට දේශපාලුවන් නම් වෙන රටකට ගිහිල්ලා හරි බේරෙයි.

:       1       9

Sri Lanka Sunday, 20 June 2021 01:05 PM

සංචරණ, සංචරණ ... හැම මගුලකින්ම බැට දෙන්නේ අහිංසක, දුප්පත් මිනිස්සුන්ගේ බඩට... අනික් හැමදෙයක්ම කරනවා... ඒවාට සංචරණ කෝ..?

:       0       79

මහසෙන් Sunday, 20 June 2021 01:29 PM

අලුතින් හඳුනාගත් නව ඩෙල්ටා ප්‍රභේදයේ හිමිකරුවකු වීමට ඔබටත් කදිම අවස්ථාවක්..! සංචරණ කියලා නමට තිබ්බ කාලය තුළ හැසිරීම මෙහෙම නම් ඉවත් කළ පසු වෙන දේ සිතා ගත හැකියි. දාපු කොන්දේසි සහ ගහපු ගැසට් ආණ්ඩුවට මතකත් නෑ. රට්ටුන්ට මතකත් නෑ..

:       0       62

kasun Sunday, 20 June 2021 02:15 PM

දැන් මහසෙන් කියන විදිහට හැමදාම රට වහලා තියන්නද දන්නේ නෑ කියන්නේ? මහසෙන් වෙන්න ඇති මිනිස්සුන්ට කන්න බොන්න දෙන්නේ...!!!

:       25       15

මහසෙන්Sunday, 20 June 2021 04:11 PM

රට දිගටම වහන්න කියලා මම කියලා නෑ. ගත්තු තීරණ අවසානයේදී විහිළුවක් වුණා. පළමු වර කෝවිඩ් ආපු වේලාවේ මිනිස්සු හැඟීමෙන් වැඩ කළා. ඒකට නිවැරදි හා විශ්වාසනීය තොරතුරු බෙදාදීම වැදගත් වුණා. නමුත් මෙවර තත්වය...!!! 

:       0       45

wicky Sunday, 20 June 2021 04:06 PM

හෙට වෙන්නේ මෝඩ මිනිස්සු ඔක්කොම එළියට බහින එක. අන්තිමට ඇතුලෙ හිටිය අපිට දිගටම ඇතුළට වෙලා ඉන්න වෙනවා... රාජ්‍ය අංශයට.., ඔය තීරණ ගන්න බූරුවන්ට තෙරෙන්නේ නැද්ද? ඩෙල්ටාද මොකක් එකකුත් ඇවිත්. ඒ අස්සෙ රට අරිනවා. මේ අයට ඕනෑ වුණාම වහනවා. අන්තිමට එදා වේල හම්බකරන මිනිහා ගෙදර ඉඳලා අනික් ඇත්තන් රට වටේ සවාරි ගහලා...

:       0       34

Shashika519 Sunday, 20 June 2021 04:50 PM

පව්.... ජෙප්පන් බලන් හිටියේ පොහොර නැති එකට, තෙල් වැඩි කළ එකට, හාල් වගේ අත්‍යාවශ්‍ය ආහාර මිල ඉහළ යාමට, ප්‍රභූ වාහන ගෙන්වීමට, ගෑස්මිලට එරෙහිව, එන්නත් දේශපාලනීකරණයට විරුද්ධව, පීසීආර් අඩුකළාට ආදී ගොඩක් දේවල්වලට ගෝල් ප්ලේස් එකේ ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණ කරන්න. පව් ඒ අයගේ බලාපොරොත්තු.. අයියෝ 3%

:       12       2

anaSunday, 20 June 2021 09:37 PM

අනන්ත පීඩා වින්දත් අවදි නොවීම ගැන ජනතාවටද, බොරුවට නිදා සිටින ජනතාවක් අවදි කිරීමට වෙරදරන ජේවීපී එකටද කෝචොක් පාර දැම්මේ...?

:       0       0

pakeer Sunday, 20 June 2021 05:52 PM

ඇත්තටම මාසයක් රට වහලා තිබ්බේ නැහැ. යන්න ඕනෑ එක්කෙනා... අදාළ දේට ගියා ආවා.. මේ ක්‍රමය තව ඕන කාලයක් ගෙනියන්න තිබුණා. මේක පාලනය වෙනකම්ම... මේ කරන්නේ හෝදලා මඩේ දාන එක. මේ පාර නවතින්නේ 5000කියන සීමාවේ... අපි බලමු..

:       0       2

KP Sunday, 20 June 2021 09:04 PM

මෙතන අදහස් දක්වලා තියෙන ගොඩාක් දෙනා රට වහලා තියෙනවට කැමතියි වගේ... මොකද ඒ අයට මාසේ අන්තිමට සම්පූර්ණ වැටුප ලැබෙනවා ඇති. ඒක නිසා ඒ අයට කිසිම ගාණක් නෑ. හරිම ආත්මාර්ථකාමී විදියට තමයි මේ ප්‍රශ්නය දිහා බලන්නේ. එ්ත් පොඩ්ඩක් හිතන්න එදිනෙදා වැටුප් ගන්න දුප්පත් මිනිස්සු ගැන. සුළු ව්‍යාපාරිකයන් ගැන. බාබර් සාප්පු, ටේලර් සාප්පු, වාහන හදන ගරාජ් වගේ කීපදෙනෙකුට රැකියාවලුත් දීලා තමනුත් ජීවත් වෙන ව්‍යාපාර ගැන. ඒවා අත්‍යාවශ්‍ය සේවා නොවන නිසා රට වැහුවාම කරගෙන යන්න බෑ. තව පුද්ගලික අංශයේ ගොඩක් ආයතන වල වැටුපෙන් භාගයයි දෙන්නේ. එතකොට මේ රට වහන්න කියන අයද මේ කට්ටියට කන්න බොන්න දෙන්නේ? මම නම් කියන්නේ කවුරුහරි රට වහන්න කියනවා නම් කරුණාකරලා ඔබේ වැටුපෙන් කොටසක් රට වැහීම නිසා අසරණ වෙන අයට දෙන්න. නැත්නම් කට වහගෙන ගෙදරට වෙලා ඉන්න. මම රජයටත් කියන්න ආපහු රට වහනවා නම් සියලුම රජයේ සේවකයන්ගේ පඩියෙන් කොටසක් කපාගෙන රට වැහීම නිසා අසරණ වෙන අයට දෙන්න අරමුදලක් ඇති කරන්න...

:       0       0

Harish Sunday, 20 June 2021 11:33 PM

එතකොට බස් යන්නේ නැද්ද? අපේ ඔෆිස් එකෙන් කෝල් එකක් දීලා කිව්වා හෙට ආවේ නැතිනම් පඩි කැපෙයි කියලා...

:       0       0

damitha Monday, 21 June 2021 02:23 PM

මෙන්න මේකයි රට වහගෙන ඉන්න බැහැ කියන්නේ...මාස් පඩිකාරයෝ නෙවෙයි ඔක්කොම... "උකස් කඩ ඉදිරිපිට දිගු පෝලිම්..."

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩීසල් නැව් හතරක් ගන්න කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවට
2024 නොවැම්බර් මස 26 3 0

ඩීසල් (0.05% M.S.) නැව් තොග 4ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


අයවැය එන දවස ටක්කෙටම කියයි
2024 නොවැම්බර් මස 26 197 0

2025 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


චීනයට එන්නැයි ජනපතිට ආරාධනයක්
2024 නොවැම්බර් මස 26 97 0

චීනයේ නිල සංචාරයකට සහභාගී වන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතාට ආරාධනයක් ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි
2024 නොවැම්බර් මස 26 443 0

2015 වසරේ ශ්‍රී ලංකා මහා බැංකු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන් දූෂණය නම් වරද සිදු කර ඇතැයි කියන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට පෙබරව


අර්චුනා රාමනාදන්ට වරෙන්තු
2024 නොවැම්බර් මස 26 1484 0

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට යාපනය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහ


E 8 ගැන සීඅයිඩියට පැමිණිල්ලක්
2024 නොවැම්බර් මස 26 451 0

E8 වීසා ක්‍රමවේදය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 543 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2079 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site