IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


සජිත්ගේ අවසන් නිවේදනය

 (නිමල කොඩිතුවක්කු)

ආර්ථික කණ්ඩායම් අතර විවාදයට බියවී සිටින්නේ නිවැරදි ආර්ථික වැඩපිළිවෙළක් සහ කණ්ඩායමක් නැති බියගුළු පිරිසක් යැයි  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

ආර්ථික දර්ශනයක්, කණ්ඩායමක්, වැඩපිළිවෙළක් නොමැති අය එවැනි විවාදවලින් පැනගියත් තමා ඇතුළු පිරිස වාද විවාදවලින් පැන නොයන බැවින් ආර්ථික කණ්ඩායම් සහ නායකයන්ගේ විවාදයට එකවර දින දෙකම තීන්දු කරනා ලෙස අවසාන වතාවට ප්‍රකාශ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 209 වැනි අදියර යටතේ හම්බන්තොට මුල්කිරිගල වීරකැටිය රාජපක්ෂ මධ්‍ය  විද්‍යාලයට රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කීවේය.

ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රගතියක් ගැන වාද විවාද කිරීම විකාර වැඩක් ලෙස පැවසුවත් ආර්ථික කණ්ඩායමක් වැඩපිළිවෙළක් නොමැති අයට ආර්ථික කණ්ඩායමක් හා වැඩපිළිවෙළක් සකස් කර ගැනීමට එමගින්  උපකාරී විය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.



අදහස් (26)

සජිත්ගේ අවසන් නිවේදනය

පුරවැසියා Thursday, 30 May 2024 07:10 PM

ව්‍යාපාරිකයන් ගෙන් මුදල් අරන් පාසල් වලට දෙන්නේ ව්‍යාපාරික යන්ට මොන පොරොන්දු දීලා ද. එක්කෙනෙක් නම් යාලුවට සීනි බදු අඩු කරලා දීලා අන්තිම ට ඡන්දෙ දුන්න ජනතාව විසින් ම එලවලා දැම්මා

:       70       70

චන්දනFriday, 31 May 2024 08:32 AM

කාගෙන් සල්ලි අරන් කලත් ඒක මිනිස්සුන්ට කරන සේවයක්.ඒ සේවය කරන සජිත්ට අනුරට වගෙ ස්ටෙජ් උඩ නැගල එක එකා විවේචනය කර කර යන්න වෙලාවක් නැ.89දි මිනිස්සුන්ගෙ කප්පම් ගත්ත සල්ලි යෙදෙව්වෙ ජනතා සේවයටද?

:       20       8

වීරFriday, 31 May 2024 12:36 PM

ඔහේගේ පවුලේ 4 දෙනෙක් නම් ලක්ෂ 50ක් ලෝකෙට ණයයි. ලක්ෂ 50න් කාර් එකක් ගත්තාද? ඒ ලක්ෂ 50න් ඉඩමක්, ගෙයක් ගත්තාද? ඒහෙම කළත් ඔහෙට තිබුණොත් නේ... මෙන්න මේවගේ හොරකම් කරලා තමයි ඔබලා හිඟා කන්නේ අද.. මෝඩ මනුස්සයෝ ඕවා නෙමෙයි... ඔවුන්ගෙන් පුළුවන්නම් ලක්ෂ 50 ගානේ අරං ඉදපං. එහෙම කියලා තව ළමයෙක් හදන්න එපා... හොඳේ එතකොට සජියා ඔහෙට ලක්ෂ 62.5ක් දෙන්‍නෑ.. ඔහෙට තව වහලෙක්ගේ පැටියෙකුට කන්න බොන්න දෙන්න වෙලා. ඔහෙ තවත් ණය කාරයෙක් වෙන එක විතරයි වෙන්නේ... මොලේ තියන මිනිහකුට ඔය ටික ඇති යථාර්තය තේරුම් ගන්න. නැත්තං ඉතිං පුරුදු වහල් ජීවිතයම තමයි..

:       0       6

අරවින්ද මොනරවිල Friday, 31 May 2024 01:31 PM

කාගෙන් සල්ලි ගත්තත් කමක් නැහැ කියලා හරි යන්නේ නැහැ. ඒ මිනිස්සු සල්ලි දෙන්නේ මොකටද? අරමුණ මොකක්ද කියලා පැහැදිලි කර ගන්න ඕනෑ. එහෙම නැත්නම් එවායේ වන්දි ගෙවන්න වෙන්නේ ජනතාවටයි. ගෝඨාගේ කාලයේ සීනි බදු වංචාව, සුදු ළූණු වංචාව ඇන්ටිජන් මගඩිය හා කොරෝනා එන්නතින් පවා හොරකම් කරන්න ඉඩ දුන්නේ, තමන්ගේ දේශපාලන හා මැතිවරණ ව්‍යාපාරයට උදව් කළ මිනිස්සුන්ට ප්‍රති උපකාර කරන්න කියලා අපි දන්නවා.

:       1       8

Prabha Thursday, 30 May 2024 07:32 PM

පාසල්වල දේශපාලනය කතා පවත්වන එකම මොලේ තරම පේනවා

:       64       70

කුසල්Friday, 31 May 2024 08:36 AM

එහෙම කරන්නෙ වැඩක් කරල.නිකම් බැන බැන වටේ ගිහින් නෙවෙයි.සජිත් වැඩ කරන නායකයෙක්.අනුර කතා පවත්වන,විවේචනය කරන කෙනෙක්.

:       24       10

Prabha Friday, 31 May 2024 12:59 PM

තැනට සුදුසු කතාවක් කරන්න බැරිකම මෝඩකම නොවේද? ඒක නොතේරෙන අයත් මෝඩයින්ම තමයි.

:       0       5

PATTA hora Thursday, 30 May 2024 07:41 PM

අර ඉස්කෝලෙ ළමයි එයාලාගේ අවුරුදු 60ටේ මිත්‍රයා කියන දේ අංදුන් කුංදුන් වෙලා අහගෙන ඉන්න ඇති. මූ වගේ මෝලෙක්

:       57       55

Tharindu Perera Thursday, 30 May 2024 07:45 PM

ඕක තමයි අපි කිව්වේසජිත් පුතා කවදාවත් තනියෙන් විවාදවලට එන්නේනෑ කියලා

:       48       57

රනේ Thursday, 30 May 2024 07:56 PM

අවසන් ලියුමයි ඔබට ලියන්නේ… කමිටු විවාදයෙ නාමෙන් .. ඔබට බැරිවුනත් මටනම් කම් නැහැ.. විපක්ෂෙ සදහට තිබියන්…

:       43       42

පිස්සා Thursday, 30 May 2024 08:07 PM

තියෙන්නේ ජනාධිපතිවරණයක් මූ පිස්සා වගේ ආර්ථික කණ්ඩායම් අතර විවාදයක් ගැන කියව කියව ඉන්නවා

:       48       60

කසුන් Thursday, 30 May 2024 08:19 PM

සිරිමා මැතිනිගේ කාලේ ඉදල රටේ දුම්රිය බස් රිය එකී නොකී සියලු දේපොල ගිනි තියපු ජේවීපී එකට තියෙන්නෙ බල ලොභය විතරයි.

:       63       65

නිහාල් Thursday, 30 May 2024 08:53 PM

තරගෙට ගැටබෙර ගහමු ද

:       47       37

නාමල් Thursday, 30 May 2024 09:02 PM

නායකයා නායකත්ව ලක්ෂණ පෙන්නුම් කලයුතුයි.තවත් එකෙකුට මුවා නොවිය යුතුයි.

:       51       57

John Fernando Thursday, 30 May 2024 10:07 PM

ඇත්ත වශයෙන්ම එන්පීපී එකේ ආර්ථික ප්‍රතිපත්තියක් නැතිකම හා ඔවුන්ගෙ නොහැකියාව හොඳින් විදහා දක්වපු සිද්ධියක්. ගොඨට ඡන්දෙ දීලා ලංකාවටම කෙලවපු 69ලක්ෂයෙන් ලක්ෂ 25ක් විතර එන්පීපී එකට හෙත්තු වෙලා විත්තිය වැඩි දෙනා දන්නවා. ඒ දිහා බලාගෙන එන්පීපී එක අධිමානසික බවකින් පෙලෙන බව වැඩි දෙනෙකුට හැඟෙනවා. නැතිනම් ආර්ථික කමිටු සංවාදයකට ඔය තරම් බිය විය යුතු නෑ. අපිට එන්පීපී එක කෙරෙහි තිබුණු පොඩි විස්වාසයත් පලුදු වුණා.

:       14       3

වීරFriday, 31 May 2024 12:46 PM

NPP එක ගැන ඒකේ ඔහේගේ විශ්වාසයක් තියෙන්න බැහැනේ. ඔහෙලා පරම්පරාගත නිල් කොළ වහල්ලුනේ. නිකං හිතනවා ඔහෙගේ පවුලේ 4ක් නම් ඉන්නේ අද වෙනකොට ඔහෙලා ලක්ෂ 50ක් ණයයි ලෝකෙට.. ඔහෙ කාලා බීලාද? යාන වාහන ඉඩම් අරගෙනද? එහෙම කරපු ඒවාට වග කියන්න ඕනෑ නිල්, කොළ අය ගැන කාටවත් බය වෙන්න ඕනෑ නැහැ. බයත් නැ. ඔවුන් බයයි.. ඔහෙලාත් ඔවුන්ගෙන් අරක්කු බාග, ටකරං, ලැට් පෝච්චි, මිටි නම් කම්කරු, උස නම් සිකුරුටි වගේ අල්ලස් අරං තියන නිසා ඒ වහල්කමට වැඩ.. සිල්ලර නෙමේ එහෙනම් පවුලට ලක්ෂ 50 ගානේ ණය ටික පිටිරටට ගෙවලා ඉන්න කියන්න... ඔය නිල් කොළ නීලකාස හොරුන්ට...

:       0       4

අරවින්ද මොනරවිල Friday, 31 May 2024 02:28 PM

ස.ජ.බ ආර්ථික ඔස්තාර්ලා තමයි 2015 ඉදලා 2019 වෙනතුරු රටේ ආර්ථිකය කළමනාකරණය කරනවා යයි පවසමින් විනාශ කෙරුවේ. බලයට ඇවිල්ලා මාස තුනක් යන්නට ඉස්සර වෙලා මහ බැංකුව මංකොල්ල කෑවේ ඔය ආර්ථික ඔස්තාර්ලාගේ අනුදැනුම ඇතුවයි. ඒ විතරක් නොවේ හම්බන්තොට වරාය චීන සමාගමට ඒක හදන්න ගිය මුදලටත් වඩා අඩු මුදලකට විකුණුවේ ඔය ආර්ථික ඔස්තාර්ලා විසින් තමයි. එහෙම විකුණලා ගත්තු ඩොලර් බිලියන 1.3ක මුදලට වෙච්චි දෙයක් නැහැ කියලා විගණකාධිපති කියන්නේ ඔය ආර්ථික ඔස්තාර්ලාගේ දක්ෂතාවය නිසයි. ඩොලර් බිලියන 12.5ක් ගිනි පොලියට බැඳුම්කර ණය අරගෙන ඒ මුදල් වලින් ඔය ආර්ථික ඔස්තාර්ලා කල එක සංවර්ධන ව්‍යාපෘතියක් ජොහාන්ට කියන්නේ පුළුවන්ද? බලයට ඇවිල්ලා අවුරුදු හතරාමාරකට පස්සේ රටේ ණය බර දෙගුණයකින් වෙලා, ආර්ථික වර්ධන වේගය අඩකටත් වඩා වේගයකින් අඩු වුනේ ඔය ආර්ථික ඔස්තාර්ලා බුද්ධියේ බල මහිමය නිසා කියලා ජොහාන් දන්නේ නැතුව ඇති. ඒ නිසා ඔය කයිවාරු ආර්ථික ඔස්තාර්ලා එක්ක විවාද කරන්න ජාතික ජනබල වේගයේ ආර්ථික විශේෂඥයින් අවශ්‍ය නැහැ. උසස් පෙළ විභාගයට වානිජ විෂය ධාරාවෙන් පෙනී සිටි සිසුන් කිහිප දෙනෙක් සිටියත් ප්‍රමාණවත් වනු ඇත...

:       1       4

සෙනෙවිරත්න Thursday, 30 May 2024 10:26 PM

මම තමයි කෙරුම, හැකි නම් මාත් එක්ක තරඟෙට වැඩ කරල පෙන්වන්න, විපක්ෂයේ ඉඳල වැඩ කරන ලෝකෙ එකම විපක්ෂ නායකය මමයි, එහෙම කියන මිනිහ මෙන්න බොලේ රට හදන්න ආර්ථික කමිටුවකින්ලු, ඒ අයත් එක්ක විවාද කරන්නලු, එතකොට අර වචන නිකමටද කිව්වෙ?

:       1       13

සෙනෙවිරත්න Thursday, 30 May 2024 10:31 PM

කසුන් , එතකොට බලය ලබාගත්ත අයට පුලුවන්ද යාපනේ පුස්තකාලය ගිනිතියන්න , තහනම් කරපු සංවිධාන වලට බස් ගිනිතියන්න තහනම් උනාට?

:       1       10

සෙනෙවිරත්න Thursday, 30 May 2024 10:34 PM

පහුගිය දවස්වල ඔය වගේ කුඩා ළමයි ඉදිරිපිටම කිව්වනේ ඕනම විවාදයකට සූදානම් කියල තමුන්නැහැ ? දැන් ඔයි මොනවද කියන්නෙ?

:       0       12

Vithana Friday, 31 May 2024 04:01 AM

අනුරත් මග අරිනවා සජිතුත් මග අරිනවා. ඒ මොකද මේ දෙන්නටම ආර්ථිකය ගැන පැහැදිලි වැඩපිළිවෙලක් නෑ.

:       11       1

වීරaFriday, 31 May 2024 12:57 PM

අප රටට ලොකු ආර්ථිකයක් නැහැ. අපේ රට ආර්ථිකය වගේ දහ පහලොස් ගුණයක් ලොකු වත්කම් තියන සමාගම් තනි පුද්ගලයෝ සිය දහස් ගාණක්ම ලෝකයෙ ඉන්නවා. ඒ්ත් රටක ආර්ථිකය කියන්නේ ලොකු විනාශයක්... හැබැයි අපේ රටේ ආර්ථිකය හදන්න 1. හොරකම නැවැත්තුවා නම් ඇති... 2. හොරුන්ගෙ වත්කම් නැවත පවරා ගැනීම ඔවුන්ට දඬුවම් කිරීම 3. මහා පරිමාණ බැංකු පොලු කාරයින්ගෙන් දේපල මුදල් අය කරගැනීම, 4. බදු අයකර ගැනීම ඇති. ඔය ටික කළොත් අපේ රට පොඩි කාලෙකින් ආර්ථික ප්‍රශ්නවලින් ගොඩ එන මාවත හදාගන්න පුළුවන්. ඕක කියන්න ආර්ථික කමිටු ඕනෑ නැහැ. හැබැයි ඔයාලා වගේ මිටි නම් කම්කරු, උස නම් සිකුරිටි ගත්තු අය බයයි. මොකද හොරා අහු වුනොත් ජීවිත කාලෙම හොරා වෙනවනේ...

:       0       3

Rose Friday, 31 May 2024 07:12 AM

මෙගොල්ලන්ගෙන් කවුරු දින්නත් අපිට වැඩක් නැහැ අපි රැකියාවල් කරලා උපයන මුදලින් කලා බීලා ඉන්න හොද ආර්ථිකය ශක්තිමත් රටක් තියෙන්න ඕනෙනේ එම නිසා ආර්ථිකය සම්බන්දයෙන් දක්‍ෂම කණ්ඩායම ඉන්නේ කොයි පැත්තේද කියලා ජනතාව වශයෙන් අපි හොද තීරණයක් ගත යුතුයි

:       4       6

Kazi Shajahan Friday, 31 May 2024 08:13 AM

පළමු එකට වඳුරා එවන්න එපා.මොකද ඔය ආර්ථික කමිටි එකේ කට්ටිය පහුවෙනිදා ර රනිල් ගාවට යන කට්ටිය .ඒක නිසා ඔබ තුමා සිංහයෙක් වගේ මුලින්ම විවාදයට එන්න .නිකම් බොරුවට බයිලා නැතුව

:       1       14

Rata Perata Friday, 31 May 2024 12:08 PM

සජිත්ට කඩේ යන අයට ළඟදීම රනිල්ටත් කඩේ යන්න වෙනවා. ඔය පක්ෂ දෙකම එකයි

:       0       2

අරවින්ද මොනරවිල Friday, 31 May 2024 12:59 PM

පාසල් ළමුන් ඉස්සරට ගිහිල්ලා "පුස් ටෝක්" නොදී පුළුවන් නම් අනුරගේ අභියෝග බාර ගන්න මහත්තයෝ, දැන් රටේ පැවැත් වෙන්න තියෙන්නේ ජනාධිපතිවරණයක් ඒකෙදී ජනතාවගෙන් ඡන්දය ඉල්ලන අපේක්ෂකයින්ගේ බුද්ධිමත්කම, ශක්තිය හා හැකියාවන් මෙන්ම දූබලතාවයන් කිරලා මැනලා බලාගන්න ඡන්ද දායකයින්ට අවස්ථාවක් ලැබෙන්නේ නායකයින් අතර විවාදයක් මිසක් ආර්ථික කමිටුව හරි වෙන මොන බම්බුක් අතර කෙරෙන විවාදයකින් නොවන බව ඔයා ඔය පාසල් ගානේ රස්තියාදු ගහන විට හමුවන පහේ වසරේ ළමයෙක්ගෙන් ඇහුවත් කියලා දෙයි. ඒ නිසා ඔයා විවාදය එන්න බය නම් ඒක කියන්න, එහෙම නැතුව 2015 ඉඳලා 2019 වෙනතුරු රටේ ආර්ථිකය බංකොලොත් කෙරුව රට ණයකරලා නන්නත්තාර කෙරුවා... මහබැංකු බැඳුම්කර මංකොල්ලය පිටු පස්සේ හිටිය ඔයාලාගේ තක්කඩි ආර්ථික ඔස්තාර්ලාට උසස් පෙළ ආර්ථික විද්‍යාව කරන ළමයෙක්වත් බය නැති බව මතක තියා ගන්න...

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 101 0

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 1947 2

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2257 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2953 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1298 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 278 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24964 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 754 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site