නිවාස ඇමැති සජිත් ප්‍රේමදාස, වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක , නියෝජ්‍ය ඉන්දික බණ්ඩාරනායක රැගත් හෙලිකොප්ටර යානයක් දැඩි මීදුම නිසා අද (25) නුවරඑළිය නගර සභා ක්‍රීඩාපිටියට ගොඩ බෑමට නොහැකි විය.. ඔවුන් ගමන් කළේ දයා ගමගේ මහතාගේ පෞද්ගගික හෙලිකොප්ටරයෙනි.
ගුවන් නියමුවා හෙලිකොප්ටරය සීතාඑළිය කටුමානේ උදය කුමාර් ගොවියාගේ ඉඩමකට ගොඩ බැස්සවීය. එතැන් සිට ඇමැතිවරු පොලිස් රියෙන් නුවරඑළි නගර ශාලාවේ උත්සවයට ගියහ.
ජායාරූප - ෂෙල්ටන් හෙට්ටිආරච්චි
ඡායාරූප - රංජිත් රාජපක්ෂ

![IMG_6401[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/IMG_64011.png)
![IMG_6403[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/IMG_64031.png)
![IMG_6407[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/IMG_64071.png)
![IMG_6410[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/IMG_64101.png)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිද්ධිය නොවන්න මේ ඇමතිගොල්ලෝ කියන්නේ අපි හෙලිකොප්ටර් වලින් ගමන් යන්නේ නැහැ කියලා (නි)
හෙලිකොප්ටරය දයා ගමගේ මහත්තයගේ වුණාට කොහොමද අනෙක් අයගේ ලොකු ලොකු කතා? (නි)
ලැම්බෝගිනි,ෆෙරාරි වගේ වාහනවල හෝ හෙලිකොප්ටර් වල නොගියොත් අපේ මහජනතාව ගණන් ගන්නේ නැහැ. ඒකයි ඇත්ත. පරණ කසිකබල් වාහනයකින් ගියොත් මිනිස්සු ඡන්දෙවත් දෙන්නේ නැහැ. (නි)
යන ගමන් අලුත්ම එළවලු ටිකකුත් අරන් යන්න. මේ වැඩේ නිසා තමයි දැනගත්තේ හෙලිකොප්ටර් තියන ඇමතිලත් ඉන්න බව. (නි)
හොඳ සරුසාර වගාබිමක්නේ. දැන් මේකට සිද්ධවුණ අලාභය? (නි)
මෙහෙම වුණු නිසා දැන් අපි දන්නවා ‘අපි හෙලිකොප්ටර් වලින් යන්නේ නැහැ‘ කිවුවට මෙයාලගේ ගමනුත් ඉස්සර අයගේ වගේමයි කියලා. (නි)
අපි යන එන යතුරු පැදියටත් අවුරුද්දකට සැරයක් බදු ගහන රටේ හෙලිකොප්ටර් වලට බදු ගහන්නේ නැද්ද? ගහන්න තියෙන්නේ අවුරුද්දකට කෝටියක විතර බද්දක්. අගමැති රට කරන්න සල්ලි නැහැ කියලා කිව්ව නිසයි කිව්වේ (නි)
පුද්ගලික යානයකින් යන්න ඇත්තේ වැඩි හොඳට වෙන්න ඇති. හැබැයි ඉතින් වැඩි හොඳත් නරකට කියනවනේ (නි)
ඇමතිවරුනේ. අපි ඕවට ගෙවමු. ඊළඟ පාරත් කතිරය ගහමු. (නි)
මමත් වත්මන් යහපාලනය තිත්ත වෙච්ච කෙනෙක්. හැබැයි දයා ගමගේ කියන්නේ ඉතා දක්ෂ ව්‍යාපාරිකයෙක්. එතුමාට ඇමතිකම් ඕනෑ නැහැ ගුවන් යානයක් ගන්න. මේක එතුමාගේ ගුවන් සමාගමේ හෙලිකොප්ටරයක්. (නි)
කරදරයක් නොවුණ එක මොනතරම් වාසනාවක්ද? (නි)
මේකත් බලලාම අදහස් දක්වනවා නම් හොඳයි. http://www.dayaaviation.com/ ගොඩක් දෙනෙක් කරුණු හරිහැටි නොදැනයි අදහස් දක්වන්නේ (නි)
මහින්දගේ රජයෙනුත් පාරවල් හැදුනා, දැනුත් හැදෙනවා. මේ හෙලිකොප්ටරය ඔහුගේ පුද්ගලික එකක් වුණාට තවත් කතා තිබෙන්න පුලුවන්. මේවා ලැම්බොගිනි ෆෙරාරි වලට වඩා ගණන් (නි)
මේක තවත් දේශපාලන ජවනිකාවක්ද? (නි)
පිලිපීනයේ අලුතින් පත් කරගත් ජනාධිපතිතුමා අනවශ්‍ය වියදම් කපාහරින්න කියලා එතුමාගේ ගමන් බිමන් යන්න තිබුන හෙලිකොප්ටර් එකත් විකුණලා ජනතා සතුකළා. අපේ රටේ ඇමැතිලටත් හෙලිකොප්ටර් තියෙනවා. එ්ත් රට කරන්න සල්ලි නැහැ කියලා බදු පිට බදු ගහලා අසරණ ජනතාවට දැඩි දඬුවම් දෙනවා (නි)
මේක කියවන අයට තේරෙන්නේ නැද්ද? මේ ගියේ රජයේ එකකින් නොවෙයි, දයා ගමගේ මහතාගේ හෙලිකොප්ටරයෙන් (නි)
බලන්නකෝ යහපාලනේ ගැන කතාකරපු මිනිස්සු උඩින් යන්නේ. දැන් හොයන්න ඕනෑ ඕවා අාවේ කොහොමද කියලා මේ අවුරුදු 1.5ට (නි)
සත්‍ය හෙළිකළ ලංකාදීපයට අපගේ ප්‍රණාමය. (නි)
වගාව විනාශ කළ මොවුන්ට ඒවාට දඬුවම් දෙන්නේ කවුද? (නි)
ලම්බෝගිනි,ෆෙරාරි ,ෆොර්චේ කාර් ගැන කියල බලයට පත් වුන/අපි පත් කර ගත්තු නායකයෝ දෙන්න මොනවද දන්නේ නැහැ දැන් කියන්නේ. ලැජ්ජයි (බ)
හර්ෂ දැන්නම්ය හපාලනයට ඡන්දෙ දුන්නු බත් කන උදවියට හිතිලා තිබෙනවා. (බ)
ගයාන් කියපු ලින්ක් එකට මමත් ගියා. නාමල්ලාගේ ලම්බෝගිනි මොනවාද, මේවනෙ බඩු. (බ)
එ් මිනිස්සු ආසාවට එහෙම ගියා. අපිත් උත්සාහ කරලා ඡන්දය ඉල්ලලා ඔතනට එන්න බලමු. ඊර්ෂ්‍යා කරන්න එපා (නි)
මේ වගා බිමට සිදු වූ හානිය ගෙවන්නේ නැද්ද?(හේ)
ත්‍රීවිල් වලට බදු වැඩිකරලා හෙලිකොප්ටර් වලට අඩුකළේ ඇයි කියලා හිතුනා. ඒ දවස් වල හෙලිකොප්ටර් ගමන් වල ආදායම ගියේ ගුවන් හමුදාවට. දැන් අපේ බදුමුදල් අපමණ අගයකින් කොම්පැණි වලට. (නි)
මෙහෙමත් හරක්. දයා ගමගේට හෙලිකොප්ටර්ස් තිබ්බේ කොච්චර කලෙක ඉඳලද? එතුමා ඇඟලුම් කර්මාන්තයෙන් දිගුගමනක් ගිය කෙනෙක්. එතුමා හෙලිකොප්ටර් කියක් ගත්තත් අපිට මොකද? ඊර්ශ්‍යා කරන්න එපා ! (බ)
විපුල, ඔය අපි දැක්කේ එක හෙලිකොප්ටර් එකක් පමණයි.කරුණාකරලා ගයාන් දීලා තිබෙන වෙබ් අඩවියට යන්න. හෙලිකොප්ටර් කීයක් තිබෙනවද කියලා බලන්න. එ්ත් මහජන මුදලින් රුපියල් කෝටි 8 අධිසුඛෝපභෝගි කාර් දෙකක් ඉල්ලුම් කළා නේද? (නි)
අපේ මෝටර් සයිකලයට දුමට 415 හා බලපත්‍රයට 750 ක් ගෙවනවා. මේ හෙලිකොප්ටරයට එහෙම කීයක් වාර්ෂිකව ගෙවන්න ඕනෑ ඇද්ද? (නි)
මහින්ද මහත්තයා හොරා කෑවා කියපු තරමට එතුමාට පෞද්ගලික ගුවන් යානා පවා තියෙන්න පුළුවන්. අද යහපාලන ඇමතිවරුන්ට හෙලිකොප්ටර් තියෙන බව දැනගත්තහම අපිට අලුතෙන් පනවපු බදු ගැන මතක් වුණා. (නි)
අපි තවම රාජපක්ෂලාගේ ලැම්බෝගිනි, අශ්වයෝ, හෙලිකොප්ටර් පෙන්වනතුරු බලාඉන්නවා (නි)
ඔවුන් ගමන්කළේ දයා ගමගේ මහතාගේ ‘පෞද්ගලික‘ හෙලිකොප්ටරයකින්ලුනේ (නි)
හොඳ දේ කළා නම් රැකේවි. වැරදි කළොත් බලාගෙනයි. සොබාදහම අවදියෙන්. කාට කාටත් හිතන්න වේවි (නි)
මේක පුද්ගලික හයර් එකක් වෙන්න බෑ. (හේ)
ගිහාන්.ඔහු ඉතා දක්ෂ ව්‍යාපාරිකයෙක් බව ඇත්ත. ඇමතිවරු 36 දෙනෙක් රුපියල් කෝටි 6-8 වටිනා අධි සුඛෝපභෝගී කාර් ඉල්ලුවා ඔබට මතක ඇති. ඒ 36 දෙනා අතර මෙතුමාත් එතුමාගේ භාර්යාවත් ඉන්නවා.මේ තරම් ගුවන් සමාගම් තිබිලත් ඒ කියන්නේ රුපියල් කෝටි 16 ක් මහජන මුදල් වියදම් කරන්න ඕනේ. (බ)
හෙලිකොප්ටරය පෞද්ගලික වුණත් රජයේ වුණත් ගමන් ගාස්තුව ගෙවන්නෙ රජය.ඒ කියන්නේ රටේ සල්ලි.ඒ කියන්නෙ මිනිස්සුන්ගෙ බදු සල්ලි.(ම)
මහින්ද මහත්තයාගේ පුතාට නෙමේනේ පෞද්ගලික හෙලිකොප්ටර තියෙන්නේ දයා ගමගේටනේ. කොහෙන්ද සල්ලී? (බ)
පුද්ගලික යානයක් කියලා පැහැදිලිව කියලා තියෙද්දිත් සමහර කට්ටිය බුරන්නේ එයාලගේ මිම්මෙන්ම මෙයාලවත් මනින හින්දා වෙන්නැති......පව් ඉතිං (ම)
මේවා දයා ඇමති නොමිලේ සපයන ප්‍රවාහන පහසුකම් (ම)
ගයාන්, අපිව දැනුවත් කළාට ස්තුතියි. දැන්නේ දන්නේ ලංකාවත් හරියට මෙක්ෂිකො වගේ කියලා. (නි)
මට පෙනෙන්නේ මෙතන ඉන්න සමහරුන්ට ලියා තියෙන එක තේරුම්ගන්න බැහැ වගේ.මේක දයා ගමගේ මහතාගේ පෞද්ගලික යානයක්. මේවා ඔයාලගේ සල්ලි නෙමෙයි (නි)
ඉස්සර අය ආණ්ඩුවේ හෙලිකොප්ටර් වලින් ආණ්ඩුවේ ගමන් යන්නේ. මෙයාලා යන්නේ තමන්ගේ හෙලිකොප්ටර් වලින්නේ (නි)
මේක පසුගිය රජයේ අයට හොඳ පුවතක්. (නි)
දැන් මේ අයත් යන්නේ උඩින් (හේ)
තෙරුවන් සරණයි! නියමුවාගේ දක්ෂතාවය අගය කරමි (නි)
කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි (නි)
නියමුවාට මගේ ප්‍රණාමය! (නි)
මීදුම වැඩි නිසාද අව්කණ්ණාඩි දාගෙන යන්නේ (නි)
මහින්දට හෙලිකොප්ටර් තියනවා කිව්වා, ලැම්බෝගිනි තිස්යනවා කිව්වා. දැන් තියන කට්ටිය පේනවනේ. මේවා කාගේ සල්ලිද? (නි)
මේ කිසිවෙක් ගණන් නොගෙන තමන්ගේ පාඩුවේ කෘෂිකර්මාන්තයේ යෙදෙන ඒ ගොවි මහතුන් දෙපලට අපගේ ප්‍රණාමය! (නි)
එතුමා හෙලිකොප්ටර් ගන්න සල්ලි උපයාගත් ආකාරය සොයා බැලිය යුතුයි (නි)
දක්ෂ නියමුවෙක් ගොඩ බැස්වීම කර ඇත්තේ.(හේ)
පේනවා නේද අපේ අැමතිතුමාලගේ සරල භාවය (හේ)
මේවට කවුරුත් කෑගහන්න එපා මේවා යන්නේ මුහුදු වතුරෙන් (හේ)
මේක පුද්ගලික ගුවන් සමාගමක් වෙන්න ඇති. හෙලිකොප්ටර් පැදවූ අය හොඳ පළපුරුදු දක්ෂයෙක් වගේ පෙනෙන්නේ. (නි)
ඇති යන්තම් ඌරු කොටුවට බහින් නැතිව එළවලු කොටුවකට බැස්සා....(හේ)
මොකද මේ මහලොකුවට රජයේ මුදල් නාස්තිය ගැන කතාකරපු එදා මන්ත්‍රීවරු අද හෙලිකොප්ටර් වලින් ගමන් යන්නේ ? ජනතාව කබලෙන් ලිපට වැටිලා, (හේ)
ඒ මනුස්සයාගේ එළවලු වගාවට වුන අලාභය ?(හේ)
මදැයි ඔයින් ගියා! (නි)
යහපාලනයේ නියම ස්වරූපය දැන් දැන් එළිවෙනවා (නි)
අනේ අපේ සල්ලි... (නි)
බස් එකේ ගියා නම් මේ මොන කරදරයක්වත් නැහැනේ. (නි)
මේකත් අර කලින් කටිටිය ගෙනාවා කියපු හයෙන් එකක්ද? (නි)
එයාලත් එහෙනම් දැන් යන්නේ උඩින්
යහපාලනෙට ඡන්දෙ දීපු අය හෙළුවෙන් පාරේ ගියානම් මීට වඩා හොදයි (බ)
ඉතින් අපි දුප්පත් රටක්ලු.(හේ)
මෙයාලටනේ හෙලිකොප්ටර් තිබිලා තියෙන්නේ . අපිටනේ වැරදුනේ .(හේ)
පුද්ගලික යානාවේ නිකම් එක්ක යන නෑ. ඒකට වියදම ආණ්ඩුවෙන් දරන්න ඕන. (හේ)
යකඩෝ දයා ගමගේ මහත්තයට පෞද්ගලික හෙලිකොප්ටර් තියෙනවද. එතකොට අපේ යහපාලන ඇමතිවරු මේවයේ යන්නෙත් පෞද්ගලික මුදල් වලින් වෙන්න ඇතිනේ. (හේ)
අපෝ වෙච්ච දෙයක්.(හේ)
මේ යන්නේ මුදල් ගෙවලද? කාගේ මුදල්ද? එළියට එන්නේ බලය නැතිවුණ දාටනේ. එතකොට කියන්නේ මෙන්න අපෙන් පළිගන්නෝ කියලනේ. ඔහොම යමු (නි)
අපේ යහපාලනෙන් අපි අැමතිලට හෙලිකොප්ටර් දුන්නා,කෝටි ගණන් වල කාර් දුන්නා. ජනතාවට වැට් බදු දුන්නා, රට කෑවා, රට හදන අය හිරේ දැම්මා, ඉතින් තව මොනවද? ඉස්සරහ අපි තව තව දේවල් දෙනවා. බලාගෙන ඉන්න (නි)
දැන් මේ අයත් යන්නේ උඩින්. පේනවා නේද අපේ අැමතිතුමාලගේ සරලභාවය? (නි)
ඇමති කෙනෙක්ගේ පුද්ගලික යානයක්නේ. මෙතුමාට මෙච්චර සල්ලි කොහෙන්ද? මේක ඩොලර් මිලියන 100 කට වඩා වැඩියි (නි)
ඉස්සර ජනාධිපති තුමාල විතරයි හෙලිකොප්ටර් වලින් ගියේ දැන්, මේ අැමැතිගොල්ලන්ටත් ගුවනින් යන්න අවස්ථාව ලැබිල තියෙන්නේ යහපාලනය නිසා තමයි.මුදල් ගෙවල් උඩින් යන්න කිසිම් ගැටළුවක් නැහැ (බ)
ඔහොම හරි එළවලු කොටුවකට යන එක ලොකු දෙයක් (ම)
කාර් නැති වුනාට දැන් අපිට හෙලිකොප්ටර් තියනවනේ අපේ හාමුදුරුවනේ . ඒ හින්ද අපි යහපාලනේ කාටවත් කඩන්න බැහැ. (බ)
හෙලිකොප්ටර් ලැම්බෝගිනි වලට වඩා ලාබද අම්මිලා ඇත්තෝ ? (බ)
මේක පුද්ගලික ගුවන් යානාවක්. හරියට කියවන්න. (බ)
තාපසයෝ වගේ ඉදගෙන කරන වැඩ . හරිම සරලයි අපේ හාමුදුරුවනේ (බ)
මොනවත්ම කියන්න එපා යහපාලනේනේ (බ)
වගා පඩුව ගෙව්වද දන්නේ නෑ.(හේ)
නියමුවන් එම කාර්යයට දක්ෂයි, දේශපාලකයොත් හැමදාම ජනතාව ඇන්දවීමට දක්ෂයි, ජන්ද දායකයෝ හැමදාම අදක්ෂයි, ඒවගේම පරාදයි. (නි)
සෙනරත්, නාරද, ඔබලාගේ අදහස් සමඟ මම 100%ක් එකඟයි. සමහරු කිවුවේ රට තුළ ගමන් සඳහා හෙලිකොප්ටර් ගන්නේ නැහැ කියලා (නි)
දැන් ඒ අහිංසක ගොවියට වූ අලාභයට මොකද කරන්නේ? (නි)