පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ගවර්ස් කොපරේෂන් හි සාමාන්‍යාධිකාරි සුජානි බෝගොල්ලාගම කොළඹ අලුත්කඩේ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා විසින් අද (26) බර ඇප කොන්දේසි මත මුදා හරිනු ලැබීය.
නාමල්ගේ එන් ආර් කන්සල්ටන්ස් හා ගවර්ස් කොපරේෂන් සමාගම් දෙකේ රුපියල් මිලියන 45 ක වංචාවක් සම්බන්ධයෙන් ඇය අද අත්අඩංගුවට ගෙන ඇත.
රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ සියය බැගින් වු ශරිර ඇප 4 ක් මත මුදා හරින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත් ඇගේ ගුවන් විදෙස් බලපත තහනම් කළේය.
සාක්කිකරුවනට බලපැම් නොකරන ලෙසත් මසකට වරක් පොලිසියේ පෙනී සිටින ලෙස නියෝග කැරීණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයට තිබෙන්නේ පියකරු සිනහවක් හා සිරියාවන්ත මුහුණක් (නි)
අපිට නම් දැන් මේවා දැකලා දැකලාම එපාවෙලා (නි)
දැන්නම් මේවා විහිලුම තමයි. උසාවිය මඟහරිනවා, රෝහල්ගත වෙනවා, බාරවෙනවා, ඇප ලැබෙනවා. මේක දැන් සාමාන්‍ය දෙයක් වෙලා (නි)
නූතන කතාවල හොරකම් වලට කාන්තාවොත් සම්බන්ධනේ (නි)
යහපාලනය, මෛත්‍රිය වගේ වචන ඉස්සරහට දාගෙන මේ අය කරන වැඩ දැක්කහම මතක් වෙන්නෙ අර "මාලු වලේ කුසල්හාමි මාලු බානවා, සිල් අරන් අැවිත් සීලවතී මකුණො මරනවා" කියන ගීතයයි. (නි)
අනේ මන්දා මෙහෙමත් ලැජ්ජාවක්. ඒත් එයාලට නම් ගණනක්වත් නැහැ (නි)
දැනට අත්අඩංගුවට අරගෙන තියන සැකකරුවන් කළයි දුෂණ හොරකම් වල සංඛ්‍යාත්මක අගයන් ටික එක්කාසු කළොත් රටේ මුළු වත්කම් තක්සේරු වටිනාකමටත් වැඩියි කියලයි මට හිතෙන්නේ. (ම)