නාමල් රාජපක්ෂ ගේ එන්.ආර්.කන්සල්ටන්ට් හා ගවර්ස් කෝපරේෂන් හි ප්‍රධාන විධායිකාව වූ සුජානි බෝගොල්ලාගම පොලිසියෙන් අත්අඩංගුවට ගැනීම වළක්වා ගැනීම සඳහා කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවකට ඇතුළුවී සිටින්නේ යැයි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අද (19) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා හමුවේ කියා සිටියේය.
ඇය පෞද්ගලික රෝහලක සිට එහි පැමිණ ඇතැයි ද පොලිසිය අධිකරණයට දැන්වීය.
ඇය පරීක්ෂා කර බලා ලබන 22 වැනිදාට වාර්තාවක් ගොනු කරන ලෙස මහේස්ත්‍රාත් කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට නියෝග කළේය.
මේ අතර එම සමාගම් දෙකේ තවත් අධ්යක්ෂවරියක වන ඔරනෙල්ලා ඉරේෂා සිල්වා පිටරටක සිටින බවද පොලිසිය අධිකරණයට දැන්වීය.
ඇය දුටුතැන ඇල්ලීම සඳහා අන්තර්ජාතික ඉන්ටර්පෝල් වරෙන්තුවක් අධිකරණයෙන් නිකුත් කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමාපියනි, වැඩිහිටියනි, ඔබ කුමන සමාජ මට්ටමක සිටියත් මේ අසරණ දරුවන් දෙස බලා, ඔබගේ දරුවන්ට යහපත්, නීතිගරුක සහ ශිෂ්ටසම්පන්න පුරවැසියන් ලෙස ජීවත්වීමේ අගය, අවශ්‍යතාව හා වැදගත්කම පහදා දෙන්න (නි)
ඔය ජාතික රෝහලේ ගෙවන වාට්ටු වලට ඇතුළත් වන විදිහට මේ රටේ ජනතාවටත් විවෘත කරන්න. මොකද කොපමණ මුදල් තිබුනත් සාමාන්‍ය ජනතාවට එහි කාමරයක් ලබාගන්න බැහැ. මේක ඉහල පැළැන්තියේ පිරිස අත්අඩංගුවට පත්වුණාම සැපට ඉන්න හදපු තැනක්වද්ද? (නි)
ශරීරයක් ඇති සෑම අයෙකුම නිතරම ලෙඩරෝග වලින් පෙළෙනවා. ඒක නිසා දොස්තරලාටත් නිදහසට කියන්න දේවල් තියෙනවා. (නි)
ඇයි මේ තරුණියන් නොමඟ යන්නේ පෞද්ගලික වාසි තකා. විදින්ට සිදුවන දඬුවම් තරුණියකට දැරිය නොහැකි තරමේ ලැජ්ජාවන් නේද. (නි)
මෙවැනි අවස්ථාවල ලෙඩක් නැතත් ලෙඩක් ඇතිබවට සහතික දෙන දොස්තරලාට විරුද්දවත් නීතිමය පියවරක් ගත යුතුයි . අධිකරණය නොමග යැවීමට උදවු කිරීම සහ මුදලක් ඉපයීමේ අරමුණෙන් දැන දැනම වංචාවක් කිරීම යටතේ . (අ)
ජනතා මුදලින් උපන්දින සාද එංගලන්තයේ පැවැත්වුවේ මෙයාටද? රෝහිත බෝගොල්ලාගමගේ පවුලේ කෙනෙක්ද මේ? (අ)
බැසිල්ගේ ලෙඩේ හැදිලා. ඇති එකම විදියේ. කැමනේ කාල තියෙන්නේ ඒ කෑම කෑවට දිර වන්නේ. නැහැ. නැවත රෝහල්ලට නොයන්න නියමිත දින ගනන ඇයට නැවත දෙන්න. හිරේ තපින්න (අ)
පරිසරයත් විනාශකලේ නංගී ඔයාගේ තාත්ත, දෙපැත්තට පැන රට කෑවේත් ඔය තාත්තම තමා ගහේ කටු උල්කරන්න දෙයක් නැතිබව අපි දන්නවා. ඔයාල පිළිගන්න මහා උළුගෙදර තොරන් ගසා තිබෙනවා ඉක්මන් කරන්න ඉඩ සීමිතය ,නාමල් අයියාත් ඉන්න නිසා පාලු නැතිවේවි (අ)
ඔය සේරම වැරදි කළාම අසනීප වෙනවා. බන්ධනාගාර දොස්තරත් එයාලා අසනීපයි කියලා සහතික කරනවා. අනේද කියන්නේ. (නි)
මේවා පුදුම අසනීපනේ ඇත්තට (නි)
මේවා මේ ප්‍රභූ පැළැන්තියේ අයටම සීමාවුණ අසනීප වෙන්න ඇති (නි)
අනේ මේ සුකුමාල, ලද බොළඳ, රූමත්, තරුණ යුවතියන් නිරපරාදේ අත් අඩංගුවට ගන්නේ අැයි? (බ)
ප්‍රසිද්ධියේ කියන්න බැරි ලෙඩක් හැදිලද කියලා කවුද දන්නේ? (හේ)
මේ අයට ලෙඩක් හැදෙන්නෙම මේ වගේ දෙයක් වුණ ගමන්මයි.(හේ)
තාත්තාට පැත්ත මාරු කරන්න කාලේ හරි වගේ .(හේ)
ලෙඩක්නම් ඇත්තේ නෑ.(හේ)
මේ සමාගම් සියල්ලේ ඉහළ නිලතල වලට පත් කර ඇති අය දෙස විමසිල්ලෙන් බැලු විට ඒ සියල්ල කුමන අරමුණු මත දිවෙන්නක්ද යන්න පැහැදිලියි. සිය දේශපාලන අරමුණු ඉටු කරමින් පටු වාසි තකා රටක මහා ධනය හා රටේ අනාගතය බන්දේසි මත තබා භාර කිරීම පුදුමසහගතය.(හේ)
“මෙන්න හොරු අල්ලනවෝ. පළිගන්නවෝ“ (නි)
ඇප දුන්නා නම් කිසිම ලෙඩක් නැහැ ලොකු ලොකු අයට (නි)
මේ ප්‍රශ්න දාගන්න හැමෝම ප්‍රශ්න පත්තුවේගෙන එනකොට ලෙඩ වෙනවා. ඉස්පිරිතාල වල නවතිනවා. මේක පුදුම ප්‍රශ්නයක් (නි)
පුහුල් හොරා කරෙන් දැනේ ! කිව්වලු නේද? (බ)