IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


සජබෙ දෙමළ ඡන්ද හොරකමේ ගිහින් එවේලේම අසු වුණා

(අංජුල මහික වීරරත්න)

සමගි ජන බලවේගය දෙමළ පක්ෂ වලින් ඡන්දය හොරකම් කරන්නට ගොස්  ඒ මොහොතේම හොරකම අසු වූ බැවින් ඔවුන්ට දැන් යාපනයටවත් යන්න බැරි තත්ත්වයක් ඇතිවී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
 
දේශපාලන පක්ෂ එවැනි තත්ත්වයකට වැටිය යුතු නැතැයි  ජනාධිපතිවරයා කීය.

මාලිමාව අතීතය අමතක වූ පක්ෂයක් බව කී ජනාධිපතිවරයා  අතීතය ගැන නොදැන අනාගතයට යන්න නොහැකි යැයිද තමන්  කළේ කුමක්ද  කියා ඔවුන්ට අමතක වී තිබෙන්නේ යැයිද පැවසීය.

මාලමාවේ කැලැන්ඩරයේ 1971 කියා වසරක්  තිබෙනවාද කියා පුළුවන් නම් පෙන්වන්නැයි ජනාධිපතිවරයා අභියෝග කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි  බත්තරමුල්ල මොනාජ් ඉම්පීරියල් හෝටලයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 73 වැනි සංවත්සර උළෙලට සහභාගී වෙමිනි.

පසුගිය දෙවසර තුළ වැටුණු රට ගොඩනැඟීම වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබා දුන් සහාය තමන් කිසිදා අමතක නොකරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

නිර්පාක්ෂික අපේක්ෂකයෙක් වශයෙන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදිය යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව, විධායක කාරක සභාව සහ දේශපාලන මණ්ඩලය ගනු ලැබූ යෝජනාව මෙහිදී ඒකමතිකව සම්මත කර ගනු ලැබීය.

එහිදී  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

පළමු වතාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  සම්මේලනය ඇමතීමේ ගෞරවය මට ලැබී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය ආරම්භ කරන විට එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා එහි ආරම්භක සාමාජිකයෙක් වුණා. පසුව එතුමා ඉන් වෙන් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කළා. ඒ වන විට මා වයස අවුරුදු 10යේ පසුවූ අතර, එස්. ඩබ්ලිව්. ආර්. ඩී.  බණ්ඩාරනායක මැතිතුමාව දැනගෙන හිටියා. ඒ වගේම අවස්ථා කිහිපයකදී එතුමාව හමුවීමට ද මට අවස්ථාව ලැබුණා. 

අපි පක්ෂ දෙක දෙපැත්තක සිට රට දියුණු කිරීමට කටයුතු කළා වගේම අප අතර බෙදීමක් ද තිබුණා. එහිදී හොඳ හා නරක අප වෙතින් සිදු වුණා. අද අතැමුන් අපෙන් අහනවා ගතවූ වසර 75ක කාලය තුළ මොනවද කළේ කියලා. අප කළ කී දේ පිළිබඳ ලැයිස්තුවක්ම අප සතුව තිබෙනවා. ඒ ගැන පසුවට කියන්නම්. එදා පැවති රජයන් මේ රටේ සෞඛ්‍ය මෙන්ම අධ්‍යාපනය දියුණු කළා. අප කළ හොද වගේම නරකත් භාර ගැනීමට සූදානම්. සමහරුන්ට වාගේ අපට අතීතය අමතක වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම අපේ ඉතිහාසය හිස් වෙන්නේත් නැහැ. 

අපට විවිධ මත තිබුණා. නමුත් අප නිරතුරුවම රට ගැන හිතුවා. 2022 වසරේදී ද රට ගැන හිතන්න සිදුවුණා. සාම්ප්‍රදායික දේශපාලනය අනුව නායකයන් නැති වුණා. 

අප එක්ව රට සහ ප්‍රජාතන්ත්‍රවාදය බේරා ගත්තා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය බේරා ගත් නිසා තමයි අද වන විට ජනාධිපතිවරණයක් පැවැත්වීමට හැකියාව ලැබී තිබෙනවා. අපට රට ගොඩනඟන්න, ආර්ථිකය නඟාසිටුවන්න පුළුවන් වෙයි කියා කවුරුත් හිතුවේ නැහැ. මාසයක් දෙකක් ඇතුළත අවශ්‍ය වර්ධනය ඇති කරන්න අපට පුළුවන්කම ලැබුණා. ශ්‍රීලනිපයේ සාමාජිකයන්ට මේ අවස්ථාවේදී මම ස්තුතිවන්න වෙනවා. ඔබ සියලුම දෙනා පක්ෂයත් බේරා ගෙන, එක්සත්ව තබාගෙන මා හට සහාය ලබා දුන්නා. 

ගත වූ වසර දෙකක කාලය තුළ අප සිදුකළ වැඩසටහන ගැන මෙම අවස්ථාවේ කතා කළ යුතු නැහැ. අපි කෙසේ හෝ රට තුළ ආර්ථිකය ස්ථාවරයත්වයක් ඇති කළා. අපට ඒ ආර්ථික ස්ථාවරයත්වය තහවුරු කිරීමට අවශ්‍යයි. ඒ වගේම මේ රට ශක්තිමත්ව ඉදිරියට ගෙනියන්න ද අවශ්‍යයි. තරුණ තරුණියන්ට යහපත් අනාගතයක් ලබාදීමට අවශ්‍යයි. අප කැපවී සිටින්නේ රට වෙනුවෙන්. ඇතැමුන් රට ගැන කතා කරලා හිතන්නේ තමන් ගැන විතරයි. අපි රට ගැන කතා කර, හිතන්නේ ද රට ගැන පමණයි. මේ වන විට අපේ අරගලය අලුත් ශ්‍රී ලංකාවක් ඇති කිරීමටයි.
 
දේශපාලන පක්ෂ ලෙස එකතුව රට වෙනුවෙන් වැඩ කළ හැකි බව අප පෙන්වා දී තිබෙනවා. අපි අරගල කරන්නේ එම වෙනස සහ දියුණුව සඳහායි. තරුණ තරුණියන්ට අනාගතයක් ඇති කිරීම වෙනුවෙන් ඒ අරගලය අප සිදු කරනවා. මේ රට හැමදාම හිඟන රටක් වෙන්න බැහැ. හැමදාමත් රටවල්වලින් විදේශ විනිමය ඉල්ලන්න බැහැ. අපට අවශ්‍ය මුදල් අප සෙවිය යුතුයි. රට තුළ ශක්තිමත් ආර්ථිකයක් ඇති කළ යුතුයි. ඒ ආර්ථිකය තුළින් මේ රටේ ජනතාවට මීට වඩා හොඳ ජීවිතයක් හිමිකර දිය යුතුයි.

කෘෂිකර්ම නවීකරණ වැඩසටහන මේ වන විටත් ගම්මාන වෙත පැමිණ තිබෙනවා. දැනටමත් මහින්ද අමරවීර අමාත්‍යතුමා ඊට අදාළ  අත්හදා බැලීම් ආරම්භ කර තිබෙනවා. ඒ වගේම අපි සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට ද ගමට එනවා. සංචාරකයන්ගේ පැමිණීම ද දෙගුණයක් කරනවා. මේ සෑම දෙයකින්ම ගමට මුදල් ගලා එනවා. සූර්ය බලශක්තිය ගම්මාන වලට ගෙන එනවා. අලුතින් ආයෝජන කලාප ඇති කරමින් රට ඉදිරියට ගෙන යනවා. 

අප සියලුම දෙනාම එක්ව වෙලා ලක්ෂ 20කට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමට කටයුතු කරමින් සිටිනවා. කොළඹ අඩු ආදායම්ලාභීන්ට තට්ටු නිවාස අයිතිය ද ලබා දෙනවා. වතු නිවාසවලට ගම්මාන සමඟ නිවාස ලබාදීමට ද කටයුතු කරනවා. මෙම කටයුතු මේ රට තුළ පළමු වතාවට අප කළ විප්ලව බව කිව යුතුයි. අස්වැසුම ලබා දීමත් විප්ලවයක් නොවෙයිද කියා මා අහනවා.

දුරකථනය සහ මාලිමාව රටට මොනවද කළේ?

අප සියලුම දෙනාම එකතු වෙලා ගම දියුණු කරමු. ඇතැමුන් පක්ෂ ගැන කතා කරන නමුත් තරුණ තරුණියන් ගැන කතා කරන්නේ නැහැ.  නමුත් අප තරුණ තරුණියන් ලක්ෂයකට රැකියා ලබා දීමට පියවර ගන්නවා. ස්වයං රැකියා අවස්ථා බිහි කරනවා. නවීන කෘෂිකර්මාන්තය ගමට ගෙන එනවා. එපමණක් නොව තවත් තරුණ තරුණියන් 50000කට වෘත්තීය පුහුණුව ලැබීම සඳහා මුදල් ලබා දෙනවා. 
ඔවුන්ට කැමති වෘත්තියක පුහුණුව ලැබිය හැකියි. විදෙස් රටවලට වුවද යෑමට අවස්ථාව තිබෙනවා. විදෙස් රටවල ද සෞඛ්‍ය අංශයේ රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ අවස්ථා හඳුනාගෙන ඒ සඳහා තරුණ තරුණියන් යොමු කිරීමට අප උදව් කරනවා. 

අපි මෙතැන සිටින්නේ ජනතාවගේ ජීවිතය තව තවත් දියුණු කිරීමටයි. අපට අවශ්‍ය රට දියුණු කිරීමටයි. අද ගෑස්, ඉන්ධන, ඖෂධ පෝලිම් නැහැ. නමුත් මම එක පෝලිමක් ඇති කරන බව සඳහන් කරනවා. ඒ සැප්තැම්බර් 21 වැනිදා ඡන්ද පොළට යන පෝලිමයි. ඒක නවත්වන්න මම ඉඩ තියන්නේ නැහැ.

මේ ගමන යන අවස්ථාවේදී මා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ස්තුති කරනවා.  එදා අපි දේශපාලන වශයෙන් දෙපැත්තක හිටියත් අප අතර මිත්‍රකම තිබුණා. මේ සෑම කෙනෙක් ගැනම දැනගෙන හිටියා. සියනෑ කෝරළේ අයගෙන් පාර්ලිමේන්තුවට එන්න කලිනුත් දැනගෙන හිටියා. ඒ වගේම නිමල් සිරිපාල ද සිල්වා ද වගකීම් සහගත නායකයෙක් බව පැවසිය යුතුයි. එතුමා වරායත්, ගුවන් තොටුපළත් සංවර්ධනය කරා ගෙන යමින් සිටිනවා. මෙවැනි අවස්ථාවක එම ආයතන ඉදිරියට ගෙන යෑම දක්ෂතාවක් බව කිව යුතුයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලනයෙන් ඉහළට ආ පක්ෂයක්. මේ කාලය වන විට දේශපාලන කේෂත්‍රයේ විප්ලව ඇතිව තිබෙනවා. ගත වූ වසර දෙක තුළ නායකයන් පක්ෂ අත්හැර ගියා. ඔවුන් අලුත් මාර්ගයක ගමන් කරමින් සිටිනවා. ඔබ ලබා දුන් සහයෝගය මම කිසි දිනෙක අමතක කරන්නේ නැහැ. අප ඉදිරියට ගිහින් ප්‍රතිඵල රටට පෙන්වමු. අපි කිසි දිනෙක පැනලා ගියේ නැහැ. එක තැනක සිට ප්‍රශ්නවලට මුහුණ දුන්නා. අනාගතයේදී ද ප්‍රශ්නවලට මුහුණ දී රට හදන්න එකතු වෙමු. අපි ජයග්‍රහණය කරමු.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, අමාත්‍ය මහින්ද අමරවීර ,ශ්‍රී ලංකා නිදහස්  පක්ෂයේ භාණ්ඩාගාරික,  රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහත්වරු ද  කතා කළහ.



අදහස් (5)

සජබෙ දෙමළ ඡන්ද හොරකමේ ගිහින් එවේලේම අසු වුණා

Priyantha Dissanayake Tuesday, 03 September 2024 05:27 PM

හරි ඉතිං ඒ සෑම එකක්ම ඔබතුමාගේ වාසියටනේ වෙලා තියෙන්නේ. හිත් අමනාපකම් ඇතිකර ගන්න එපා. සතුටු වෙන්න....!

:       0       0

වික්‍රම විදුර Tuesday, 03 September 2024 11:03 PM

මිස්ටර් බටලන්දේ අවුරුදු ත් මතක් කරගන්න.. හිරේ යනකොට අපි මතක් කරන්නම් පිස්සා..

:       1       2

Rathnayake Wednesday, 04 September 2024 01:44 AM

මාලිමාව 1971 තිබුනේ නෑ සීයේ. අවුරුදු 50කට එහා කතා කියනවා තාමත්. ඒකාලේ යමක් තේරුම් ගන්න වයසේ හිටපු හැමෝම දැං 60 පැනලා අඩුම ගානේ. මේ මනුස්සයාට ඡන්දය නොදෙන්න මේවම ඇති. වැඩි අතීතය ඕන නෑ.

:       1       1

Chandima Wednesday, 04 September 2024 02:28 AM

මෙන්න බලාපල්ලා ගූ හොරෙක් හොරු ගැන කතා කරනව.

:       1       2

ගාමිණී Wednesday, 04 September 2024 09:49 AM

කවදාවත් ගරු සිරිමා මැතිණිය නොහිතන්න අති අත වෙනුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සරයට අනාගත බලලෝභී තම පක්ෂයේ දේශපාලුවන් ගෑස් සිලින්ඩරය ලකුණ එල්ලයි කියලා.

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 81 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 282 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 23 24 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 660 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 669 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 14172 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19800 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 291 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 154 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site