IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


සජීවී ගුටි කෙළියක්

පාකිස්තානයේ පෞද්ගලික රූපවාහිනී නාළිකාවක, දේශපාලන සංවාදාත්මක වැඩසටහනක් අතරතුරේ, සජීවී ගුටි කෙළියක් දැකගැනීමට නරඹන්නන්ට අවස්ථාව උදා විය.

වැඩසටහනට සහඟාවී වූයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ 'තරීක් ඊ ඉන්සාෆ්' පක්ෂයේ අපේක්ෂක නීතීඥ ෂාර් අෆ්රාල් මර්වාත් සහ 'පාකිස්තාන මුස්ලිම් ලීගය' පක්ෂයේ අපේක්ෂක සෙනෙට් සභික අෆ්නරුල්ලා ඛාන් යන  දෙදෙනාය.

දේශපාලන මතවාද සම්බන්ධයෙන් පළමුවෙන් එකිනෙකාට වාග් ප්‍රහාර එල්ල කරගත් දේශපාලනඥයන් දෙදෙනා, ඉන්පසු අසුන්වලින් නැගිට ගුටි හුවමාරු කර ගැනීමට පටන් ගත් බව පැවැසෙයි.

ගුටි කෙළිය සජීවීව නාළිකාව ඔස්සේ විකාශය විය. ගුටි කෙළිය නැවැත්වීමට වැඩසටහන මෙහෙයවූ නිවේදකයාටත්, නිෂ්පාදන කණ්ඩායමටත් මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණු බව ද දැනගන්න ලැබේ.

(පාකිස්තාන මාධ්‍ය ඇසුරිනි)



අදහස් (5)

සජීවී ගුටි කෙළියක්

නිමල් Saturday, 30 September 2023 06:38 AM

චෝර්, චෝර්... මෙහෙ වාගේමයි.

:       2       4

මැක්ස් Saturday, 30 September 2023 07:37 AM

ලංකාවට වඩා කොයි රටත් හොඳයි කියන නෙගටිව්වාදීන් විසින් කියැවිය යුතුම පුවතක්...!

:       1       4

[email protected] Saturday, 30 September 2023 11:18 AM

අපෙත් මෙහෙම වෙන්නේ නැහැනේ...!

:       1       4

පිටරැටියා Saturday, 30 September 2023 11:18 AM

ඕවා අමුතු දේවල් නෙවෙයිනේ... ලංකාවේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ඉන්න අයගේ හැසීරීම් ලෝකෙම දන්නවා...

:       0       5

ගමේ එකාලා Saturday, 30 September 2023 02:28 PM

ඕවා මොනවද? හොඳ හොඳ සෙල්ලම් තියෙන්නේ දියවන්නාවේ? එකාට එකා කුණුහරුප කියාගන්නවා. බැන ගන්නවා, ගුටිකෙළ ගන්නවා, සෙන්කෝළය අරන් දුවනවා. සමහරවිට මිරිස් කුඩුත් ගහනවා ඇති...!

:       2       9

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවෙක් ගුවන් තොටෙන් අල්ලයි
2025 අප්‍රේල් මස 25 2 0

විදානගමගේ අරුණ ප්‍රියන්ත නැමැත්තා සහ ඔහුගේ දියණිය සහ පුත්‍රයා මිද්දෙනිය ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ යතුරුපැදිකරු ඉන්දියාවේ චෙන්නාය


හිසට පහරදී සහෝදරයා මරා දාලා
2025 අප්‍රේල් මස 25 28 0

සොහොයුරන් දෙදෙනෙක් අතර සිදුවූ ආරවුලක් දුරදිග යාමෙන් බාල සොහොයුරා විසින් අතින් හිසට පහරදී වැඩිමහල් සොහොයුරා ඝාතනය කර ඇති බව පින්වත්ත පොලිසිය පවසයි.


ඇතැම් ස්ථානවලට මිලි මිටර් 100 ඉක්මවූ තද වැසි
2025 අප්‍රේල් මස 25 369 0

උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිටි පැමිණෙන සුළං (අන්තර් නිවර්තන අභිසාරි) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු


දෙවුන්දර ද්විත්ව ඝාතනයට තවත් අයෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 25 341 0

මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය අසලදී සිදු වූ ද්විත්ව ඝාතනයට පැමිණි වෙඩිකරුවන් සිව් දෙනා ප්‍රවාහනය කළ බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරී


ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 3598 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 626 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 740 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 360 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 511 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site