ඇප කොන්දේසි කඩ කළේදැයි සොයා බැලීම සඳහා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර ලබන අට වැනිදා උසාවි කැඳවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද නියෝග කළේය.
2012 අගෝස්තු මාසයේ උද්ඝෝෂණයකදී පොදු දේපළ වැනසීයැයි චෝදනා ලබා සිටි ඔහු ඇප මත නිදහස් කර ඇත්තේ යලිත් එවැනි දේට හවුල් නොවක කොන්දේසිය මත යැයි ද, ගිය මාසයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල විරෝධතාවකට නායකත්වය දීමෙන් ඔහු එම කොන්දේසිය කර ඇතැයි ද කොළඹ අපරාධ කොට්ඨාසය මහේස්ත්‍රාත්වරයාට දැන්වීය.
ඒ නිසා ඔහුගේ ඇප අවලංගු කරන්නැයි ඉල්ලා සිටියේය.
ඇප කොන්දේසි උල්ලංඝණය කළාද නැද්ද සොයා බැලීමට ඔහු උසාවි කැඳවන්නැයි මහේස්ත්‍රාත් නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ ඉන්න විෂබිජ අතරින් භයානක විෂබීජ වඳ කරලා දාන්න ඕනෑ (නි)
මේකේ බොහෝ කෙනෙක්ට අදහස් දාන්න අකුරු ලියන්න හරි ඉගෙනගන්න පුළුවන් වුනේ සංජීවලා නිදහස අධ්‍යාපනය රැකගත් නිසාය. (නි)
මුව අල්ලලා ජීවිතාන්තය දක්වා හිරේ අරින්න අනෙක් සිසුන්ගේ යහපත වෙනුවෙන්..ලමින්ට නිදහසේ ඉගෙන ගන්න ඉඩක් දෙන්නෙති, මිනිහෙකුට නිදහසේ පාරක ගමනක් යන්න දෙන්නෙති දේශපාලනේ රැකියාව කරගත්ත මේ වගේ අයට ප්‍රේමදාස මහත්තය වගේ ජනාධිපති වරයෙක් තමයි ඉන්න තිබුනේ..පිම්බොත් හුළගට ගහ ගෙන යන මේයා හිතන් ඉන්නේ මෙයා තරන් කෙනෙක් නැහැ කියල.. (දී)
"මේ වගේ මිනිස්සු හින්දා තමයි අපේ රටේ කැම්පස් ටික බේරිලා තියෙන්නේ." කැම්පස් බේරිලා වැඩක් තියනවද අපේ දරුවෝ අනාත වෙලා? (නි)
මේයාව දෙමුපියෝ එකතුවෙලා හම ගහන්න ඔනේ. (දී)
මේ වගේ අය සමාජයට ප්‍රශ්නයක්. රටේ ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ මෙයා ළඟ වගේ එයා කතාකරන්නේ. අසේල මහත්මා මේ ගැටලුවට අදාල නැති පිළිතුරක් දුන්නේ ඇයි. (නි)
."මම කැම්පස් ගිය නිසා තමා ඒකේ වටිනාකම දන්නේ" ඒ වගේම තමයි, අපි බිස්නස් අයිතිකාරයෝ. අපි විශ්ව විද්‍යාල නොගිය නිසා තමයි විශ්ව විද්‍යාල ගිය අයට රැකියාවල් දෙන්නේ. අපිත් කැම්පස් ගියා නම් කා යටතේ හරි රැකියාවක් කරන්න සිදුවෙනවා. නැත්නම් තාම රැකියාවල් හොයනවා. ලෝකේ ලොකු බිස්නස්කාරයෝ කැම්පස් ගිහිල්ල නැහැ (නි)
විශ්ව විද්‍යාල විනාහ වෙලා තියෙන්නේ (දී)
රට ගැන හිතන සොහොයුරන්.. (නි)
මේ වගේ පුද්ගලයන් තමයි අපේ සරසවිය කන්නේ. මේ වගේ පුද්ගලයන්ට වහාම දඬුවම් කළ යුතුයි. (දී)
දන්නා කියනා කාලේ ඉඳලා විශ්ව විද්‍යාලවල උද්ගෝෂණ කැරලි පෙළපාලි වර්ජන පිකටින් ඇතුලු කී නොකී හැම දේකින්ම සද්දේ දාගෙන ඉන්න බොහොමයක් ජේවීපී එකේ අය උපාධිය අරගෙන , බර තියෙන තැනකින් කසාදයක් බැඳගත්තට පස්සේ ඔය සමාජවාදය මතක නැහැ. විශ්ව විද්‍යාලවල ඉන්නකල් කරන බොරු ෆැෂන් එකක් එයාලා කරන්නේ. බොරුද කියලා නිකමට හිතලා බලන්න (නි)
කතා කරන්න එපා ඒ ගැන (දී)
තමන් ඉගෙන ගන්නෙත් නැහැ.අනිත් කට්ටියට ඉගෙන ගන්න දෙන්නෙත් නැහැ. (නි)
අයියෝ සල්ලි
අජිත්, ඔයාට මොලේ කොලොප්පන් වෙලාද? නිදාස් අධ්‍යාපනය රැක ගත්තේ මෙයාද? (නි)
මේ වගේ අය හින්ද තමා අනෙක් දුප්පත් අසරණ දරුවන්ට නිදහසේ ඉගෙනගන්න තියෙන අවස්ථාව නැතිවෙන්නේ. (නි)
කෝ දැන් උදුල ප්‍රමරත්න..එයා කොහෙද ඉන්නේ.අමතක කරන්න එපා..විස්සවිද්‍යල්ල වල ඉන්නේ අපේ රටේ අනාගතය.මේ තරුණ ජවය අපිට නැති කරන එකයි මේ අය කරන්නේ.මේ කරන පව්කාර වැඩ හින්දා..අනාගතය විනාස වෙන්නේ අපේ දරුවන්ගේ.71 මැරුනේ අපේ සිංහල කොල්ලෝ.88/89 මැරුනේ අපේ සිංහල කොල්ලෝ..අවුරුදු 30ක යුදදෙන් මැරුනේ අපේ සිංහල කොල්ලෝ..මේ හැම දෙකින්ම අපිට නැති වෙන්නේ අපේ රට.ආණ්ඩු කරන උන් හොද නැත්නම්,උන්ව එළවලා දාමු.එත්,මේ වගේ උන්ට අපේ අහිංසක දරුවන්ගේ අනාගතේ කන්න දෙන්න හොද නැහැ.මුන්ගේ දෙමාපියන්ටවත් බැරිද කියලා දෙන්න..(අ).
මෙයාගේ දැන් දේශපාලනේ කොහොම වෙතත් අදහස් දාල තියෙන අයගේ දරුවෝ සරසවියේ ඉන්නවා නම් අහලා බලන්න මොනම පහසුකමක්වත් පරිපාලනෙන් ලැබෙයිද කියලා අන්තරේ නැත්නම්. (නි)
කරුණාකර විශ්ව විද්‍යාල තුල පක්ෂ දේශපාලනය තහනම් කරන්න පනතක් ගෙනෙන්න. අපේ විශ්ව විද්‍යාල වල අධ්‍යාපන තත්වය දියුණු කල යුතුයි. බටහිර රටවල විශ්ව විද්‍යාල තුල පක්ෂ දේශපාලනය නැත එමනිසා ඒවා තුල ප්‍රශ්න අඩුයි.(නදී)
දැන් උදුලා ඉන්නේ පෙරටු ගාමියෙකුටලුනේ.(නදී)
මමත් නීලා සමග එකගයි. ලංකාවේ නිදහස් අධ්‍යාපනය රැකෙන්නේ මෙවැනි පුද්ගලයින් නිසා. පොත් ගුල්ලෝ වගේ උසස් පෙළ කරලා ගිහිල්ල විශ්ව විද්‍යාලෙ නිකන් පොත් ගුල්ලෝ වගේ ඉදලා ඒකෙන් එලියට ඇවිල්ලා පිටරටකට ගිහිල්ලා සැප විදින අයට වඩා මෙවැනි මිනිසුන් රටට වැඩදායකයි. (නි)
දුප්පත් දෙමාපියන්ගේ අසරණ සරසවි දරුවන්ට නිදහසේ සරසවියේ ඉගෙනුම ලබන්න කුහක දේශපාලනයේ මැදිහත් වීමෙන් තොර උද්ගොසන රැලි නැති යහපත් සරසවියක් නිර්මාණය වේවා! (නි)
මේකේ දාල තියන අදහස් බැලුවාම හිතෙන්නේ අපේ රටේ ඉන්න අයගෙන් බහුතරයක් අමනයින් බවයි.(නදී)
සංජීව බණ්ඩාර වැනි බුද්ධිමත් දරුවන්ගෙන් වැඩගන්න මොළයක් ඇති අය කවදා බිහිවෙයිද මේ ලංකාවේ? (නි)
ඔය මනුස්සය උසාවි ගෙන්නලා මදි ජීවිතන්තෙට හිර කරන්න ඕන හොඳ ළමයිගේ අනාගතය කඩ කප්පල් කරනවට ළමයිව නරක් කරන්නේ මෙයාල තමයි (අ)
අන්තරේ කරන්නේ උසස් අධ්‍යාපනය නැතිකරන එක. මේ වගේ මෝඩයින්ට ජීවත් වෙන්න කරන්න රැකියාවක් නැහැ විශ්ව විද්‍යාල වල ඉන්න අසරණ ළමයි කොහොම හරි පාරට බස්සල මුන්ගේ බඩ වඩා ගන්නවා. ඒක ළමයිනට තේරෙන්නේ අවුරුදු 3 ට 5 ක් ඉන්න වුණාම. මේ වගේ ඒ අය කියන්න තියෙන්නේ ලෝකේ පෙන්නේ නැති තැනක. (අ)
ගුවන් යානයේ දොර අරින්න හේදුවේ: ජනාධිපති තුමා අපිට නම් කිය වී පිට රට ගිහින් ලංකාවේ නම කන්න එපා, ලංකාව විකුනන්න කතා කියන්න එපා කියල හැබැයි එතුමාගේ යටතේ ඉන්න ඇමැති මැතිලා, උන්ගේ පුත්තු ලංකාවට මොන තරම් කැත වැඩ කොරත් කමක් නැ නේද? ඉස්කෝලෙක ප්‍රින්සිපල් කෙනෙක් ගෙන් ඇති පලේ කුමක්ද ළමඊ හදා ගන්න බැරි නම්? (අ)
රෙමා නම් ජීවිතේකටවත් විශ්ව විදයාලයකට ගිය කෙනෙක් වෙන්න බැහැ. මට නම් සුවර් නැහැ මෙයා සාමාන්‍ය පෙළවත් පාස්ද කියලා.(නදී)
මේ මනුස්සයා ජේ.වී.පී එකට කඩේ යන හීනමානයෙන් පෙලෙන සරසවි සිසුන් මුල් කර ඔවුන්ගේ කරපිටින් යන්න හදන කෙනෙක්. සරසවියට සිසුන් ඇතුල් වෙන්නේ ඉගෙන ගෙන උපාධියක් ලබා රටට වෙඩ දායක පුරවැසියන් වෙන්න. එහෙත් මොවුන් වැනි මන්ද බුද්ධිකයන් සරසවි සිසුන්වද මන්ද බුද්ධික කර රටට අවැඩක් කරන කොටසක් කරති. අනේ මන්දා මේ අයට මේවා කවදා තේරයිද කියලා.(නදී)
මුන් වගේ බුරුවො හින්ද තමා කැම්පස් විනාස උනේ . ප්‍රේමදාස හිටියනම් හොදයි (අ)
වගකීම භාරගත්තා නම් ඕවට මුහුණ දෙන්න වෙනවා තමයි. (නි)
මේ වගේ මිනිස්සු හින්දා තමයි අපේ රටේ කැම්පස් ටික බේරිලා තියෙන්නේ (නි)
අර යකඩ වගේකට සිතාසි දීපු කෙනා තවමත් නිදැල්ලේ.ඒ මොකෝ? (නි)
මම මේ වැඩිහිටියෙක් විදිහට කැම්පස් වල ඉගෙන ගන්න දු දරුවන්ට කියන්නේ මගේ අතීත අත්දැකීම්.මීට වසර ගානකට පෙර අපි විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න කාලෙත් මේ වගේ ප්‍රශ්න තිබුනා. එදත් මේවා පිටුපස්සේ සිටියේ ජවිපෙ .අදත් ඒකේ වෙනසක් නැහැ.අද මේවා පිටිපස්සේ ඉන්නේ ජවිපෙන් කැඩුන පෙරටුගාමීන්. ඔය දෙගොල්ලොම දන්නේ හරි හෝ වැරදි පවතින ආණ්ඩුවට වෛර කරන්න විතරමයි. ඉස්සරත් බහුතරයක් වුන මද්‍යස්ථ සිසුන් යන්නන් වාලේ රැල්ලට උද්ගෝෂණ වලට ගියා .අන්තිමට ඕවගෙන් අනතුරට පත්වෙන්නේ විනාශ වෙන්නේ අහිංසක ළමයි.ඒ නිසා ආදරණිය දුවේ පුතේ, අහුවෙන්න එපා ඔය සැලසුම් වලට.ඔබට තියෙන්නේ ඔබේ අහිංසක මව්පියන් වෙනුවෙන් ඉගෙනගන්න. (නි)
මට නම් මෙයාව පෙන්නන්න බැහැ (නි)
මෙයාල ඉගෙන ගන්න නෙවෙයි කැම්පස් ගිහින් තියෙන්නේ දේශපාලනේ කරලා අනිත් අයවත් අමාරුවේ දාන්න..හොරට උසස්පෙළ පාස් වෙලා වෙන්නැති. එකනේ අවුරුදු ගණනක්ම පළමු වසර ගොඩ දාගන්න බැරිවෙලා තියෙන්නේ.(අ)
මම කැම්පස් ගිය නිසා තමා ඒකේ වටිනාකම දන්නේ (නි)
මිනිහගෙ වරද ජවිපෙ නායකය මම කියල හිතාගෙන උඩ පනින එක ඒ ගොන් වෑඩෙන් ජවිපෙ ගෑන තියන හොඳ මතයත් යට යනව (අ)
ඒක නම් ඇත්ත සුරන් (නි)
නීතිය කාටත් සමාන විය යුතුයි. මේවා දකින අයට ඇතිවෙන වේගයට මේ වාගේ තව කොල්ලෝ බිහිවන එක නවත්වන්න බැරිවෙයි. (නි)
පිස්සෙක්. ජවිපේ ලොක්කෝ බටහිර රටවල සැප විඳිනවා. මේ මිනිහා කඩේ යනවා. (අ)
මෙයාලා නොහිටින්න අද අපේ කොල්ලෝ සල්ලි ගෙවලා ඉගෙනගන්නේ. කාටද මතක ධවල පත්‍රිකාව...? පුතුනි බලන් -යොමා නුවන් -කවුරුද එන්නේ.... (නි)
මිට වඩා වරෙන්තු පිට ප්‍රසිද්ධියේ ඉන්න අයත් ඉන්නවා. ඒ අයට කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙහි අදහස් පල කරපු බොහෝ දෙනෙක් විශ්ව විද්‍යාල ගැන අවබෝධයක් නැති අය බවයි පෙනෙන්නේ. (නි)
ඒ අයට වැරදිලාද දැන්. පස්සෙන් ගිහින් උපාධිය නැති කරගත්ත අය නම් බර ගානක් ඉන්නවලු. (නි)
මේ වගේ මිනිස්සු හින්දා තමයි අපේ රටේ කැම්පස් ටික බේරිලා තියෙන්නේ. (නි)
මේ ළමයා වැසිකිළියේ දොර කියලා හිතාගෙන ප්ලේන් එකේ දොර ඇරලද? (නි)