IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


සංජීව බණ්ඩාරට කිසිම සරසවියකට ඇතුළු වෙන්න බෑ

අන්තර් විශ්ව විද්‍යාලය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර ඇප මත මුදා හළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඔහු  ශ්‍රී ලංකාවේ කිසිම සරසවියකට ඇතුළු නොවිය යුතු යැයි කොන්දේසියක් ද පැණවීය.

සංජීව බණ්ඩාරගේ ශිෂ්‍ය භාවය රුහුණු සරසවිය 2007 දී අහෝසි කර ඇතැයි එහි උප කුලපති අධිකරණයට ලිඛිතව දන්වා තිබිණි.

 

 



අදහස් (0)

සංජීව බණ්ඩාරට කිසිම සරසවියකට ඇතුළු වෙන්න බෑ

සුරංග මුදියන්සේ Monday, 15 July 2013 02:24 PM

ප්‍රභාකරන් නැති අඩුපාඩුව දැන් තමයි දැනෙන්නේ. මොකද පාලකයන්ගේ ජඩ වැඩ වල සීමාවක් තිබුනා මරණය මොන වේලාවේද නොදන්නා බැවින්. දැන් මේ අය හිතන්නේ මෙයාලට කවදාවත් මරණයක් නෑ කියලා. අහිංසක මිනිසුන් නොමරන දුෂිතයන් මරණ කෙනෙක් වෙලා ආයිත් ඉපදියන් මචෝ.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Monday, 15 July 2013 02:28 PM

දුප්පත් අම්මල , තාත්තලා බඩට නොකා මේ අයව කැම්පස් එවන්නේ, ඒ මදිවට රටේ මිනිස්සු බදු ගෙවනවා මෙයාලට පහසු කම් සලස්වන්න. ඒ ඔක්කොම පැත්තක තියෙද්දී මේ අය දේශපාලනේ කොරන්න හදනවා. ඉස්සෙල්ලම ඉගෙන ගෙන ඉඳපල්ලා ඊට පස්සේ පුළුවන් උඹලා දකින ඔය කියන ලෝකය හදන්න.(නදී)

:       0       0

මචං...!සංජීව උඹට හොඳ වැඩේ Tuesday, 16 July 2013 12:42 PM

උපුටා ගැනීමකි...! මචං...!සංජීව උඹට හොඳ වැඩේ සංජීව... උඹට හොඳ වැඩේය. ලංකාවේ උඹට ඕනෑ හැටියට නටන්නට ඉඩදිය නොහැකිය. උඹ ලංකාව නම් වූ උඹේ රට ගැන හිතාගෙන ඉන්නේ මොනවාදැයි මම හොඳින්ම දනිමි. උඹ එක එකාගේ අයිතීන් වෙනුවෙන් පෙනී හිටින්නට යන එක ඕනෑවට වැඩිය. උඹ හිතා ඉන්නා තරම් ප්‍රශ්න මෙහේ නොමැත. ඔය ඉතින් උඹ දන්නා තරමය. (අ)

:       0       0

නිශාර්ඩ් Monday, 15 July 2013 02:39 PM

ළමයිනේ, ඉගෙන ගන්න ආවා නම් ඉගෙන ගනිල්ලා. උද්ගෝෂණ කරන්නට ඕනෑ නම් විශ්ව විද්‍යාලේට ඇවිල්ලා ඉගෙන ගන්න ආපු අනෙත් දුප්පත් අහිංසක ළමයින්ගේ අධ්‍යාපනය විනාශ නොකරම තමන්ම විනාශ වෙයල්ලා. (නි)

:       0       0

කමල් Monday, 15 July 2013 02:42 PM

මොවුන් අළුතින් එන අයට රැග් කරලා බය කරවලා හොස්ටල් වල ඇදන් අල්ල ගන්නවා, ටිකක් හොයලා බලන්න (නි)

:       0       0

සදුනි Monday, 15 July 2013 02:50 PM

රවී මහත්තයෝ මිනිස්සුන්ට අපහාස කරන්න එපා. මම කැම්පස් අවුට් වෙලා අවු.5 ක් වෙනවා. ඔය සංජීව එදා කලෙත් ඉගෙන ගන්න අයට ලෙඩ දාපු එක තමයි. හරි නම් මෙයාට දඩුවම් දෙන්න ඕනේ දුප්පත් ළමයින්ගේ ඉගෙනීම කඩා කප්පල් කලාටයි. ධනවතුන්ගේ ළමයි නම් රට ගිහින් හරි ඉගෙන ගන්නවා.(නදී)

:       0       0

ඇසළ Monday, 15 July 2013 03:08 PM

මොනයම් කාරණාවකට හරි අඩුතරමින් රිමාන්ඩ් බාරයට පත් වෙච්ච කෙනෙකුටවත් ඡන්දය ඉල්ලන්න බැරි විදියට නීති පනවන්න තියෙන්නේ. එතකොට මේ අයට ඉල්ලන්නත් බැහැ (නි)

:       0       0

ලුම්බිණි Monday, 15 July 2013 03:12 PM

සංජීව, අපේ සහයෝගය. (නදී)

:       0       0

ටෙසාන් Monday, 15 July 2013 11:38 AM

ඔය පැන්නේ බලලා මල්ලෙන් එලියට. එතකොට මෙයාට කැම්පස් යන්න බැරි හින්දද එහේ ඉන්න අනිත් අයගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්නේ? (නි)

:       0       0

ඕමාර් - සෞදි Monday, 15 July 2013 11:46 AM

නියමයි. අර දුප්පත් දෙමව්පියන්ගේ දරුවන්ට දැන්වත් තමන්ගේ බලපොරොත්තු ඉෂ්ට කර ගන්න පුළුවන් වේවි. (නි)

:       0       0

සරසවි සිසුවෙක්ගේ පියෙක් Monday, 15 July 2013 03:20 PM

දැන් තමයි නියම වෙලාව ප්‍රවාහන පහසුකමක් දෙනවා නම් මේ වීරයාට. (නි)

:       0       0

ගාමා Monday, 15 July 2013 03:22 PM

ඔය සංජීවට පක්ෂව අදහස් දාන අයගෙන් අහන්නෙ, ඔය කෙනා වගේ කැම්පස් වල යුක්තියේ සාධාරණයේ නාමයෙන් අනිත් ලමයින්ටත් ඉගෙන ගන්න නොදී කෑ ගගහා ඉදලා උපාධිය අරන් පිටවුන අය දැන් කොහෙද? හොදට සැප විද විද සමහරු බටහිර රටවල එහෙම සැප විදගෙන ඇති (නි)

:       0       0

මංජුල-අබුඩාබි Monday, 15 July 2013 11:48 AM

අවුරුදු 6 ක් යනකන් අධ්‍යාපන බලධාරීන් මොකද කළේ? (නි)

:       0       0

ධම්මික Monday, 15 July 2013 11:50 AM

පාරේ හිටියට කමක් නැහැනෙ! (නි)

:       0       0

උපාලි Monday, 15 July 2013 11:51 AM

බංකොලොත් දේශපාලුවන්ට එකතුවෙලා අර ඉගෙන ගන්න උත්සාහ කරන ළමයි ටික විනාශ කරන්න හදන මේ වගේ අය හොඳයි ඒ බංකොලොත් කාරයින්ටම. ළමයිනේ, දැන්වත් තේරුම් ගත්තොත් හොඳයි ඔය ගොල්ලන්ගේ සටන්කාමී නායකයාගේ කැරැට්ටුව. (නි)

:       0       0

කසුන් Monday, 15 July 2013 11:52 AM

අන්න නියම වැඩේ. රුපියල් ලක්ෂ ගණන් වටිනා උපාධි කිසිම වියදමක් නැතුව ගන්න පුළුවන් එකම තැන විශ්ව විද්‍යාලය.2% පමණක් වන ඉතා සුළු පිරිසකට යන්න ලැබෙන්නේ. එහෙම ගිහිනුත් පාඩුවේ ඉගෙන ගෙන ඉන්න බැහැනේ.පිකටින් කරන්නයි, තව නොමිලේම පහසුකම් වැඩි කරගන්න අරගල කරන්නයි පිස්සු හැදිලා වගෙයි. නිකන් දෙන අශ්වයන්ගේ දත් ගණන් කරන්න එපා බොලව් (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 15 July 2013 11:54 AM

දැන් ඉතින් දෙයියනේ කියලා විශ්ව විද්‍යාල ටිකත් විකුනගෙන කන්න පුලුවන්. අනතරේට බැන්න අයට දෙවියනේ කියලා නින්ද යාවි.(නදී)

:       0       0

තිලක් Monday, 15 July 2013 11:55 AM

දැන් එතින් සොරි.කොම් තමයි අපේ දරුවන්ට. (නි)

:       0       0

දුමින්ද Monday, 15 July 2013 11:55 AM

විශ්ව විද්‍යාල කඩාකප්පල් කිරීම නවතීවි. අනේ හොඳයි. (නි)

:       0       0

ජානක Monday, 15 July 2013 08:09 PM

නියමයි!........ හරියට හරි (අ)

:       0       0

අපොන්සු Monday, 15 July 2013 03:34 PM

පවතින පාලනය නිවරදියි කියනවා නෙමෙයි. සිදුහත් කුමාරයත් තමන් බුදු වෙලයි අනිත් අය සසරින් එතර කලේ නේද? හොදින් ඉගෙනගෙන රටට යහ පාලනය ගෙනදිය හැකි බුද්ධිමතෙක් වෙන්න තිබුන අවස්තාව නැති කර ගත්තා. දැන් ඉතින් කුම්බලා මාළු කෑවා නම් වින්දවපන් බල්ලෝ කිව්වලු. (නි)

:       0       0

සුගත් Monday, 15 July 2013 03:35 PM

කැම්පස් ඔක්කොම පුද්ගලිකරණය කරන්න ඕනෑ.අපිටත් ඕවට යන්න ආසයි (නි)

:       0       0

සදුනි Monday, 15 July 2013 03:37 PM

මට ඔය මල්ලිව අපේ ගෙදර තියා ගන්න කැමතියි. යන්න තැනක් නැත්නම් එන්න (නි)

:       0       0

පිටිගල මිලානෝ Monday, 15 July 2013 12:02 PM

මේ කෙනාට ඉගෙන ගන්න ළමයි කෙරේ තියෙන්නේ ලොකු ඉරිසියාවක්. (නි)

:       0       0

අමර Monday, 15 July 2013 12:03 PM

යදමින් බැඳ විලංගු දා මගේ පුතා රැගෙන යන්න ඉඳිකටු ඇන ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන්න අලුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරද නම් කුමට එරට............... (නි)

:       0       0

සරසවි සිසුවෙක්ගේ පියෙක් Monday, 15 July 2013 12:03 PM

වාස් ගුණවර්දන නැති පාඩුව දැනෙන්නේ දැන් තමයි. (නි)

:       0       0

රවී Monday, 15 July 2013 12:10 PM

එයාට ඉගෙන ගන්න අය එක්ක ඇති ඉරිසියාවක් නෙවෙයි තියේනනේ. එයාට ඉගෙන ගන්න නොදෙන්නෙ කවුද කියලා ඊට කලින් හොයල බලන්න. මෙතන කමෙන්ට් කරල තියෙන ගොබ්බයො. නුඹලා කැම්පස් වල වෙන්නෙ මොනාද කියල දන්නවද? පරිපාලනේ ජඩ වැඩ, අමන වැඩ වලට විරුද්ද වෙන අයට බොරු චෝදනා හදලා, සාක්ෂි හදලා ශිෂ්‍ය බාවය අහෝසි කරනවා. එහෙම කරනකොට උන්ට ගිහින් වැදල උන්ගෙ පදේට නැටුවොත් ආයේ ඇතුලට ගන්නවා. නැත්නම් එලියෙම තියෙනවා. සංජීව බණ්ඩාරට බනින නුඹලා තමයි කුහක. වෙන දේවල් දැනගෙන කතා කරන අය ජඩ කුහකයෝ. නොදැන කතා කරන අය මුග්ධයො ටිකක්.(නදී)

:       0       0

රෝහණ Monday, 15 July 2013 12:10 PM

රුහුණු සරසවියේ උප කුලපති තුමෝ ඔබ තුමාට ළමයි ඉන්නවද? අන්න මිනි මරපු ශ්‍රී ලංකාවේ මන්ත්‍රීලා රටට එනවා යනවා. කුඩු බිස්නස් ටිකත් කරගෙන අගේට ඉන්නවා.(නදී)

:       0       0

ශ්‍රී Monday, 15 July 2013 12:12 PM

අදහස් දාපු අය ගැන දුකයි (නි)

:       0       0

සරත් Monday, 15 July 2013 12:14 PM

තව ඕනෑතරම් සන්ජිවල බිහිවේවි. එසේ වියයුතුයි (ත)

:       0       0

සරත් Monday, 15 July 2013 12:17 PM

සංජීව, තමන් ගැන නොසිතා අනුන් ගැන සිතුවේ. අපේ රටේ වෙන වැඩ ? ලංකාවේ යමක් කරන්න ගියොත් මිනිස්සු බලන්නේ කැත විදියට (නි)

:       0       0

ෆනෑන්ඩු ඩුබායි Monday, 15 July 2013 04:01 PM

අසේල මල්ලි, ඒක එහෙම කලොත් ජනාධිපති තුමාටත් ඡන්දෙ ඉල්ලන්න බැරි වෙනවා. (ත)

:       0       0

දිනේෂ් Monday, 15 July 2013 12:25 PM

අපිට මොනවද නිකන් දෙන්නේ. දුප්පත් අපේ හාල් කිලෝවෙන් පරිප්පු 250 න් පවා ගහන බද්ද අමතකද? මේවා තේරෙන්න තව කල් යාවි. එතකොට හැම දෙයක්ම නැති වෙලා තියේවි (නි)

:       0       0

නලින්, අබු ඩාබි Monday, 15 July 2013 12:30 PM

දැන් ඉතින් දෙයියනේ කියලා විශ්ව විද්‍යාල ටිකත් විකුනගෙන කන්න පුලුවන්. අනතරේට බැන්න අයට දෙවියනේ කියලා නින්ද යාවි.(නදී)

:       0       0

රානි Monday, 15 July 2013 04:27 PM

ඔය මල්ලිට මල්ලි කෙනෙක් ඉන්නවා. එයාට මම ආසයි.(නදී)

:       0       0

මහේෂ් Monday, 15 July 2013 04:28 PM

මිනීමරුවන්ට/කුඩු කාරයින්ට /සල්ලාලයන්ට පාර්ලිමේන්තුවටත් යන්න පුලුවන් නම් මේ කොල්ලා ගියාම මොකෝ...... (නි)

:       0       0

අසංග Monday, 15 July 2013 04:30 PM

ඕවයේ ඉන්න අයට ඉන්ග්ලිෂ් වචනයක්වත් බැහැ. (නි)

:       0       0

විකුම් Monday, 15 July 2013 04:31 PM

තමන් ගේ ඉගෙනුමත් කඩාකප්පල් කරගෙන අහිංසක අපිටත් ඉගනගන්න ඉඩ දෙන්නේ නැති මෙවැනි මානසික ලෙඩ්ඩු ලංකාවෙනුත් පිටුවහල් කලයුතුයි. අසරණ දෙමාපියන් බලාපොරොත්තු සහ අනාගතය විනාශ කරන මොවුන් මෙහෙයවන උන් සොයා උන්ටත් දඬුවම් ලබා දිය යුතුයි.(නදී)

:       0       0

මාලක සිල්වා Monday, 15 July 2013 12:57 PM

සංජීවගේ තැන ගන්න හැම කෙනෙකුටම සරසවි බිම තහනම් කරන්න වේවි. ඔහුට මිනිස් අයිතිවාසිකම් නැද්ද? සංජීවලා සරසවි බිම තුල අඩුවක් නැත. (නි)

:       0       0

නිශේන්ද්‍ර Monday, 15 July 2013 01:04 PM

දෙමවුපියන් දරුවන් විශ්ව විද්‍යාලවලට යවන්නේ දේශපාලනේ කරන්න නොවේ. එනිසා විශ්ව විද්‍යාල තුල දේශපාලනය තහනම් කරන්න. (නි)

:       0       0

සිරිපාල Monday, 15 July 2013 04:36 PM

මේ වගේ පිළිල ලංකාවෙන් මකා දමන්න ඕනෑ. ප්‍රභාකරන් කළාට වඩා විනාශයක් ලංකාවට මෙයාලගෙන් වෙන්නේ (නි)

:       0       0

චින්තක Monday, 15 July 2013 01:04 PM

ජේ.වී.පී. අයට තියෙන්න සමාජය ගෙන ලොකු ඊර්ෂ්‍යාවක්. එයාලා ඒක ඉදිරියට දමන්නේ විෂය විද්‍යාලවල ඉගෙන ගන්න ළමයින්ගෙන්. මතකද 88/89 කාලේ සිද්දවුනු දේවල්. ඔය සංජීවලත් පරිනත වෙනකොට තේරුම් ගනීවි තරුණ කාලේ නිරපරාදේ මෝඩ විදිහට නටන්න ගිහිල්ලා වීරයා වෙන්න හදපු එකේ අනුවණකම (නි)

:       0       0

අනිල් Monday, 15 July 2013 01:04 PM

සරසවි ටික වහලා ඇමැති පුත්තු ටිකට මොනයම් හරි සරසවියක් හදන්න (නි)

:       0       0

රසනි Monday, 15 July 2013 01:11 PM

අපේ රටේ මිනිස්සුන්ට නින්ද යයි දැන්. ඔහොම්ම විශ්ව විද්‍යාල ටිකත් වහලා දාලා ප්‍රයිවට් ඒවා දාන්න (නි)

:       0       0

රනිල් Monday, 15 July 2013 01:17 PM

පිනට ඉගෙනගන්න ළමයින්ට මොන අයිතිවාසිකම් ද? (නි)

:       0       0

කුමාර Tuesday, 16 July 2013 07:05 PM

මෙහි ප්‍රතිචාර බොහොමයක් දැක්කහම මතක් වන්නේ ලිප ගිනි මෙළවෙන තෙක් දිය කෙලින කකුළුවන් පිරිසකි .මේ පත්තරය පුරාම හැමදාම ප්‍රතිචාර දමන මේ පිරිස නිදහස් අධ්‍යාපනයේ නිසි පල තමන්ට නෙලා ගැනීමට නොහැකිවූ යම් විශාධියකින් පෙලෙන අය බව පෙනේ . (නි)

:       0       0

ග්‍රේඩ් Monday, 15 July 2013 01:27 PM

මමත් ලංකාවේ සරසවියකින් මගේ මූලික උපාධිය ගත්ත කෙනෙක් නිසා මේ අදහස දාන්නේ ලංකාවේ තියන නිදහස් අධ්‍යාපනය ලෝකේ බොහෝ රටවල් වල නෑ ලංකාවේ ඉන්න හරකුන්ටඅයට එක තේරෙන්නේ නෑ හැමදාම කෑ ගගහ පාරවල් වල නාකි වෙනවා ඉගෙනගෙන රටට වැඩක් කරන්න හිතන්නේ නෑ වෙනරටවල මිනිස්සු ලක්ෂ ගණන් අතින් වියදම් කරගෙන ඉගෙන ගන්නේ (දී)

:       0       0

අසංග Monday, 15 July 2013 05:10 PM

ඇත්තටම මෙයා මානසික ලෙඩෙක් තමයි. අහිංසක දරුවන්ගේ අධ්‍යාපනයත් කඩාකප්පල් කරනවා.(නදී)

:       0       0

හේමන්ත Monday, 15 July 2013 01:32 PM

අගෝස්තු තුන සිට 20 වැනිදා දක්වා එතෙර ප්‍රතිකාර ලැබීමට කොළඹ මහාධිකරණය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට අද අවසර දුන්නේය. ඔහු භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ 11 වැනි සැකකරුය. දුමින්ද සිල්වා සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේ වසර එකහමාරක් පමණ ප්‍රතිකාර ලැබීය.

:       0       0

විදුරංග Monday, 15 July 2013 01:35 PM

නියම තීරණයක්. දුප්පත් ළමයන්ට දැන්වත් නිදහසේ ඉගෙන ගන්න පුළුවන්. (දී)

:       0       0

හිරු Monday, 15 July 2013 01:44 PM

මේ රටේ මිනිස්සු ඡන්දෙ පාවිච්චි කරන්නේ හරි අමුතු විදිහකට. ‍‍වැඩියෙන් මැරකම් කරන, කුඩු බිස්නස් කරන, මිනි මරන, දූෂණ වංචා කරන අයට තමා වැඩිපුර ඡන්ද හම්බු වෙන්නේ. එහෙම පුද්ගලයන් පත්කරගෙන පස්සේ ‍‍බොරුවට බනින‍වා. මේ රටේ විශ්ව විද්‍යාල ගැන කතා කරන්න නම් ඒ ගැන අත්දැකීම් තියෙන්න ඕනා. එස්. බී. පුද්ගලික විශ්ව විද්‍යාල හොදයි කියනවා. හැබැයි අනික් පැත්තෙන් රාජ්‍ය විශ්ව විද්‍යාල වල තත්වය බාල කරනවා. මේක විශ්ව විද්‍යාල වලට විතරක් පොදු දෙයක් නෙමේ. උදාහරණ ලෙස ගත් විට මේ රටේ පොදු ප්‍රවාහණය, සෞඛ්‍ය, ඛණිජ තෙල් සංස්ථාව දක්වන්න පුළුවන්. ඒ ආයතන වලට පුද්ගලික බස්, අයි.ඕ.සි. පෞද්ගලික රෝහල් එක්ක තරග කරන්න බෑ. කවද හරි රාජ්‍ය විශ්ව විද්‍යාල වලටත් වෙන්නේ ඔය ටික තමයි. එතකොට සල්ලි ලක්ෂ ගාණක් නැතුව වටිනා උපාධියක් ගන්න එක හීනයක් වෙයි.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Monday, 15 July 2013 02:03 PM

අනේ රවී මහත්තයෝ, ඔයා ගිහින් කැස්සට බේතක් ගන්න. නැත්නම් නයට කැහැලා ඕක ක්ෂය රෝගෙට යයි. අපි මැට්ටෝ කියල හිතුවද? මේයා කරන්නේ රස්සාවක්. පක්ෂෙන් අවශ්‍ය මුදල් සම්පත් ලැබෙනවා. රස්සාවේ අරමුණ කියන්න ඕන නැහැ. ඔය කැම්පස් වලට ඉගෙනීම විතරක් මුල් තැනට දාල සමාජ අත් දැකීමක් නැතුව එන අහිංසකයෝ ටිකට ඕවා කිව්වට ඔය බංකලොත් දේශපාලනේ අග ගිය මුල ගිය තැන් දන්නා අපිට ඕව කියන්න එන්න එපා. මෙයා හෙට අනිද්දා පක්ෂෙන් ඡන්දෙ ඉල්ලයි.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Monday, 15 July 2013 02:07 PM

අමාර මහත්තයෝ, ඔහොම ලොවක් හොයන්න ගිහින් තමයි මෙයාව මෙහෙයවන මෙයාගේ ලොක්කෝ 60000ක් අහිංසක තරුණ ජීවිත වලට වග කිව්වේ. ඔය සින්දු දැන් යල් පැනලා මහත්තයෝ. ඒ මෝඩකම් දැන් පරපුර කරන්නේ නැහැ.(නදී)

:       0       0

නුවන් Monday, 15 July 2013 02:22 PM

චින්තක හරියටම හරි .පේනවනේ මුනේ හැටි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 267 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 2011 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 228 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 908 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 1011 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 1232 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37580 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24768 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 700 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site