අන්තර් විශ්ව විද්‍යාලය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර ඇප මත මුදා හළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඔහු ශ්‍රී ලංකාවේ කිසිම සරසවියකට ඇතුළු නොවිය යුතු යැයි කොන්දේසියක් ද පැණවීය.
සංජීව බණ්ඩාරගේ ශිෂ්‍ය භාවය රුහුණු සරසවිය 2007 දී අහෝසි කර ඇතැයි එහි උප කුලපති අධිකරණයට ලිඛිතව දන්වා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවතින පාලනය නිවරදියි කියනවා නෙමෙයි. සිදුහත් කුමාරයත් තමන් බුදු වෙලයි අනිත් අය සසරින් එතර කලේ නේද? හොදින් ඉගෙනගෙන රටට යහ පාලනය ගෙනදිය හැකි බුද්ධිමතෙක් වෙන්න තිබුන අවස්තාව නැති කර ගත්තා. දැන් ඉතින් කුම්බලා මාළු කෑවා නම් වින්දවපන් බල්ලෝ කිව්වලු. (නි)
මේ රටේ මිනිස්සු ඡන්දෙ පාවිච්චි කරන්නේ හරි අමුතු විදිහකට. වැඩියෙන් මැරකම් කරන, කුඩු බිස්නස් කරන, මිනි මරන, දූෂණ වංචා කරන අයට තමා වැඩිපුර ඡන්ද හම්බු වෙන්නේ. එහෙම පුද්ගලයන් පත්කරගෙන පස්සේ බොරුවට බනිනවා. මේ රටේ විශ්ව විද්‍යාල ගැන කතා කරන්න නම් ඒ ගැන අත්දැකීම් තියෙන්න ඕනා. එස්. බී. පුද්ගලික විශ්ව විද්‍යාල හොදයි කියනවා. හැබැයි අනික් පැත්තෙන් රාජ්‍ය විශ්ව විද්‍යාල වල තත්වය බාල කරනවා. මේක විශ්ව විද්‍යාල වලට විතරක් පොදු දෙයක් නෙමේ. උදාහරණ ලෙස ගත් විට මේ රටේ පොදු ප්‍රවාහණය, සෞඛ්‍ය, ඛණිජ තෙල් සංස්ථාව දක්වන්න පුළුවන්. ඒ ආයතන වලට පුද්ගලික බස්, අයි.ඕ.සි. පෞද්ගලික රෝහල් එක්ක තරග කරන්න බෑ. කවද හරි රාජ්‍ය විශ්ව විද්‍යාල වලටත් වෙන්නේ ඔය ටික තමයි. එතකොට සල්ලි ලක්ෂ ගාණක් නැතුව වටිනා උපාධියක් ගන්න එක හීනයක් වෙයි.(නදී)
අනේ රවී මහත්තයෝ, ඔයා ගිහින් කැස්සට බේතක් ගන්න. නැත්නම් නයට කැහැලා ඕක ක්ෂය රෝගෙට යයි. අපි මැට්ටෝ කියල හිතුවද? මේයා කරන්නේ රස්සාවක්. පක්ෂෙන් අවශ්‍ය මුදල් සම්පත් ලැබෙනවා. රස්සාවේ අරමුණ කියන්න ඕන නැහැ. ඔය කැම්පස් වලට ඉගෙනීම විතරක් මුල් තැනට දාල සමාජ අත් දැකීමක් නැතුව එන අහිංසකයෝ ටිකට ඕවා කිව්වට ඔය බංකලොත් දේශපාලනේ අග ගිය මුල ගිය තැන් දන්නා අපිට ඕව කියන්න එන්න එපා. මෙයා හෙට අනිද්දා පක්ෂෙන් ඡන්දෙ ඉල්ලයි.(නදී)
අමාර මහත්තයෝ, ඔහොම ලොවක් හොයන්න ගිහින් තමයි මෙයාව මෙහෙයවන මෙයාගේ ලොක්කෝ 60000ක් අහිංසක තරුණ ජීවිත වලට වග කිව්වේ. ඔය සින්දු දැන් යල් පැනලා මහත්තයෝ. ඒ මෝඩකම් දැන් පරපුර කරන්නේ නැහැ.(නදී)
චින්තක හරියටම හරි .පේනවනේ මුනේ හැටි (නි)
ප්‍රභාකරන් නැති අඩුපාඩුව දැන් තමයි දැනෙන්නේ. මොකද පාලකයන්ගේ ජඩ වැඩ වල සීමාවක් තිබුනා මරණය මොන වේලාවේද නොදන්නා බැවින්. දැන් මේ අය හිතන්නේ මෙයාලට කවදාවත් මරණයක් නෑ කියලා. අහිංසක මිනිසුන් නොමරන දුෂිතයන් මරණ කෙනෙක් වෙලා ආයිත් ඉපදියන් මචෝ.(නදී)
දුප්පත් අම්මල , තාත්තලා බඩට නොකා මේ අයව කැම්පස් එවන්නේ, ඒ මදිවට රටේ මිනිස්සු බදු ගෙවනවා මෙයාලට පහසු කම් සලස්වන්න. ඒ ඔක්කොම පැත්තක තියෙද්දී මේ අය දේශපාලනේ කොරන්න හදනවා. ඉස්සෙල්ලම ඉගෙන ගෙන ඉඳපල්ලා ඊට පස්සේ පුළුවන් උඹලා දකින ඔය කියන ලෝකය හදන්න.(නදී)
ළමයිනේ, ඉගෙන ගන්න ආවා නම් ඉගෙන ගනිල්ලා. උද්ගෝෂණ කරන්නට ඕනෑ නම් විශ්ව විද්‍යාලේට ඇවිල්ලා ඉගෙන ගන්න ආපු අනෙත් දුප්පත් අහිංසක ළමයින්ගේ අධ්‍යාපනය විනාශ නොකරම තමන්ම විනාශ වෙයල්ලා. (නි)
මොවුන් අළුතින් එන අයට රැග් කරලා බය කරවලා හොස්ටල් වල ඇදන් අල්ල ගන්නවා, ටිකක් හොයලා බලන්න (නි)
රවී මහත්තයෝ මිනිස්සුන්ට අපහාස කරන්න එපා. මම කැම්පස් අවුට් වෙලා අවු.5 ක් වෙනවා. ඔය සංජීව එදා කලෙත් ඉගෙන ගන්න අයට ලෙඩ දාපු එක තමයි. හරි නම් මෙයාට දඩුවම් දෙන්න ඕනේ දුප්පත් ළමයින්ගේ ඉගෙනීම කඩා කප්පල් කලාටයි. ධනවතුන්ගේ ළමයි නම් රට ගිහින් හරි ඉගෙන ගන්නවා.(නදී)
මොනයම් කාරණාවකට හරි අඩුතරමින් රිමාන්ඩ් බාරයට පත් වෙච්ච කෙනෙකුටවත් ඡන්දය ඉල්ලන්න බැරි විදියට නීති පනවන්න තියෙන්නේ. එතකොට මේ අයට ඉල්ලන්නත් බැහැ (නි)
සංජීව, අපේ සහයෝගය. (නදී)
දැන් තමයි නියම වෙලාව ප්‍රවාහන පහසුකමක් දෙනවා නම් මේ වීරයාට. (නි)
ඔය සංජීවට පක්ෂව අදහස් දාන අයගෙන් අහන්නෙ, ඔය කෙනා වගේ කැම්පස් වල යුක්තියේ සාධාරණයේ නාමයෙන් අනිත් ලමයින්ටත් ඉගෙන ගන්න නොදී කෑ ගගහා ඉදලා උපාධිය අරන් පිටවුන අය දැන් කොහෙද? හොදට සැප විද විද සමහරු බටහිර රටවල එහෙම සැප විදගෙන ඇති (නි)
නියම තීරණයක්. දුප්පත් ළමයන්ට දැන්වත් නිදහසේ ඉගෙන ගන්න පුළුවන්. (දී)
කැම්පස් ඔක්කොම පුද්ගලිකරණය කරන්න ඕනෑ.අපිටත් ඕවට යන්න ආසයි (නි)
මට ඔය මල්ලිව අපේ ගෙදර තියා ගන්න කැමතියි. යන්න තැනක් නැත්නම් එන්න (නි)
අසේල මල්ලි, ඒක එහෙම කලොත් ජනාධිපති තුමාටත් ඡන්දෙ ඉල්ලන්න බැරි වෙනවා. (ත)
ඔය මල්ලිට මල්ලි කෙනෙක් ඉන්නවා. එයාට මම ආසයි.(නදී)
මිනීමරුවන්ට/කුඩු කාරයින්ට /සල්ලාලයන්ට පාර්ලිමේන්තුවටත් යන්න පුලුවන් නම් මේ කොල්ලා ගියාම මොකෝ...... (නි)
ඕවයේ ඉන්න අයට ඉන්ග්ලිෂ් වචනයක්වත් බැහැ. (නි)
තමන් ගේ ඉගෙනුමත් කඩාකප්පල් කරගෙන අහිංසක අපිටත් ඉගනගන්න ඉඩ දෙන්නේ නැති මෙවැනි මානසික ලෙඩ්ඩු ලංකාවෙනුත් පිටුවහල් කලයුතුයි. අසරණ දෙමාපියන් බලාපොරොත්තු සහ අනාගතය විනාශ කරන මොවුන් මෙහෙයවන උන් සොයා උන්ටත් දඬුවම් ලබා දිය යුතුයි.(නදී)
මේ වගේ පිළිල ලංකාවෙන් මකා දමන්න ඕනෑ. ප්‍රභාකරන් කළාට වඩා විනාශයක් ලංකාවට මෙයාලගෙන් වෙන්නේ (නි)
ඇත්තටම මෙයා මානසික ලෙඩෙක් තමයි. අහිංසක දරුවන්ගේ අධ්‍යාපනයත් කඩාකප්පල් කරනවා.(නදී)
නියමයි!........ හරියට හරි (අ)
උපුටා ගැනීමකි...! මචං...!සංජීව උඹට හොඳ වැඩේ සංජීව... උඹට හොඳ වැඩේය. ලංකාවේ උඹට ඕනෑ හැටියට නටන්නට ඉඩදිය නොහැකිය. උඹ ලංකාව නම් වූ උඹේ රට ගැන හිතාගෙන ඉන්නේ මොනවාදැයි මම හොඳින්ම දනිමි. උඹ එක එකාගේ අයිතීන් වෙනුවෙන් පෙනී හිටින්නට යන එක ඕනෑවට වැඩිය. උඹ හිතා ඉන්නා තරම් ප්‍රශ්න මෙහේ නොමැත. ඔය ඉතින් උඹ දන්නා තරමය. (අ)
මෙහි ප්‍රතිචාර බොහොමයක් දැක්කහම මතක් වන්නේ ලිප ගිනි මෙළවෙන තෙක් දිය කෙලින කකුළුවන් පිරිසකි .මේ පත්තරය පුරාම හැමදාම ප්‍රතිචාර දමන මේ පිරිස නිදහස් අධ්‍යාපනයේ නිසි පල තමන්ට නෙලා ගැනීමට නොහැකිවූ යම් විශාධියකින් පෙලෙන අය බව පෙනේ . (නි)
අදහස් දාපු අය ගැන දුකයි (නි)
නියමයි. අර දුප්පත් දෙමව්පියන්ගේ දරුවන්ට දැන්වත් තමන්ගේ බලපොරොත්තු ඉෂ්ට කර ගන්න පුළුවන් වේවි. (නි)
අවුරුදු 6 ක් යනකන් අධ්‍යාපන බලධාරීන් මොකද කළේ? (නි)
පාරේ හිටියට කමක් නැහැනෙ! (නි)
බංකොලොත් දේශපාලුවන්ට එකතුවෙලා අර ඉගෙන ගන්න උත්සාහ කරන ළමයි ටික විනාශ කරන්න හදන මේ වගේ අය හොඳයි ඒ බංකොලොත් කාරයින්ටම. ළමයිනේ, දැන්වත් තේරුම් ගත්තොත් හොඳයි ඔය ගොල්ලන්ගේ සටන්කාමී නායකයාගේ කැරැට්ටුව. (නි)
අන්න නියම වැඩේ. රුපියල් ලක්ෂ ගණන් වටිනා උපාධි කිසිම වියදමක් නැතුව ගන්න පුළුවන් එකම තැන විශ්ව විද්‍යාලය.2% පමණක් වන ඉතා සුළු පිරිසකට යන්න ලැබෙන්නේ. එහෙම ගිහිනුත් පාඩුවේ ඉගෙන ගෙන ඉන්න බැහැනේ.පිකටින් කරන්නයි, තව නොමිලේම පහසුකම් වැඩි කරගන්න අරගල කරන්නයි පිස්සු හැදිලා වගෙයි. නිකන් දෙන අශ්වයන්ගේ දත් ගණන් කරන්න එපා බොලව් (නි)
දැන් ඉතින් දෙයියනේ කියලා විශ්ව විද්‍යාල ටිකත් විකුනගෙන කන්න පුලුවන්. අනතරේට බැන්න අයට දෙවියනේ කියලා නින්ද යාවි.(නදී)
දැන් එතින් සොරි.කොම් තමයි අපේ දරුවන්ට. (නි)
විශ්ව විද්‍යාල කඩාකප්පල් කිරීම නවතීවි. අනේ හොඳයි. (නි)
මේ කෙනාට ඉගෙන ගන්න ළමයි කෙරේ තියෙන්නේ ලොකු ඉරිසියාවක්. (නි)
යදමින් බැඳ විලංගු දා මගේ පුතා රැගෙන යන්න ඉඳිකටු ඇන ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන්න අලුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරද නම් කුමට එරට............... (නි)
වාස් ගුණවර්දන නැති පාඩුව දැනෙන්නේ දැන් තමයි. (නි)
එයාට ඉගෙන ගන්න අය එක්ක ඇති ඉරිසියාවක් නෙවෙයි තියේනනේ. එයාට ඉගෙන ගන්න නොදෙන්නෙ කවුද කියලා ඊට කලින් හොයල බලන්න. මෙතන කමෙන්ට් කරල තියෙන ගොබ්බයො. නුඹලා කැම්පස් වල වෙන්නෙ මොනාද කියල දන්නවද? පරිපාලනේ ජඩ වැඩ, අමන වැඩ වලට විරුද්ද වෙන අයට බොරු චෝදනා හදලා, සාක්ෂි හදලා ශිෂ්‍ය බාවය අහෝසි කරනවා. එහෙම කරනකොට උන්ට ගිහින් වැදල උන්ගෙ පදේට නැටුවොත් ආයේ ඇතුලට ගන්නවා. නැත්නම් එලියෙම තියෙනවා. සංජීව බණ්ඩාරට බනින නුඹලා තමයි කුහක. වෙන දේවල් දැනගෙන කතා කරන අය ජඩ කුහකයෝ. නොදැන කතා කරන අය මුග්ධයො ටිකක්.(නදී)
රුහුණු සරසවියේ උප කුලපති තුමෝ ඔබ තුමාට ළමයි ඉන්නවද? අන්න මිනි මරපු ශ්‍රී ලංකාවේ මන්ත්‍රීලා රටට එනවා යනවා. කුඩු බිස්නස් ටිකත් කරගෙන අගේට ඉන්නවා.(නදී)
ඔය පැන්නේ බලලා මල්ලෙන් එලියට. එතකොට මෙයාට කැම්පස් යන්න බැරි හින්දද එහේ ඉන්න අනිත් අයගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්නේ? (නි)
තව ඕනෑතරම් සන්ජිවල බිහිවේවි. එසේ වියයුතුයි (ත)
සංජීව, තමන් ගැන නොසිතා අනුන් ගැන සිතුවේ. අපේ රටේ වෙන වැඩ ? ලංකාවේ යමක් කරන්න ගියොත් මිනිස්සු බලන්නේ කැත විදියට (නි)
අපිට මොනවද නිකන් දෙන්නේ. දුප්පත් අපේ හාල් කිලෝවෙන් පරිප්පු 250 න් පවා ගහන බද්ද අමතකද? මේවා තේරෙන්න තව කල් යාවි. එතකොට හැම දෙයක්ම නැති වෙලා තියේවි (නි)
දැන් ඉතින් දෙයියනේ කියලා විශ්ව විද්‍යාල ටිකත් විකුනගෙන කන්න පුලුවන්. අනතරේට බැන්න අයට දෙවියනේ කියලා නින්ද යාවි.(නදී)
සංජීවගේ තැන ගන්න හැම කෙනෙකුටම සරසවි බිම තහනම් කරන්න වේවි. ඔහුට මිනිස් අයිතිවාසිකම් නැද්ද? සංජීවලා සරසවි බිම තුල අඩුවක් නැත. (නි)
දෙමවුපියන් දරුවන් විශ්ව විද්‍යාලවලට යවන්නේ දේශපාලනේ කරන්න නොවේ. එනිසා විශ්ව විද්‍යාල තුල දේශපාලනය තහනම් කරන්න. (නි)
ජේ.වී.පී. අයට තියෙන්න සමාජය ගෙන ලොකු ඊර්ෂ්‍යාවක්. එයාලා ඒක ඉදිරියට දමන්නේ විෂය විද්‍යාලවල ඉගෙන ගන්න ළමයින්ගෙන්. මතකද 88/89 කාලේ සිද්දවුනු දේවල්. ඔය සංජීවලත් පරිනත වෙනකොට තේරුම් ගනීවි තරුණ කාලේ නිරපරාදේ මෝඩ විදිහට නටන්න ගිහිල්ලා වීරයා වෙන්න හදපු එකේ අනුවණකම (නි)
සරසවි ටික වහලා ඇමැති පුත්තු ටිකට මොනයම් හරි සරසවියක් හදන්න (නි)
අපේ රටේ මිනිස්සුන්ට නින්ද යයි දැන්. ඔහොම්ම විශ්ව විද්‍යාල ටිකත් වහලා දාලා ප්‍රයිවට් ඒවා දාන්න (නි)
පිනට ඉගෙනගන්න ළමයින්ට මොන අයිතිවාසිකම් ද? (නි)
මමත් ලංකාවේ සරසවියකින් මගේ මූලික උපාධිය ගත්ත කෙනෙක් නිසා මේ අදහස දාන්නේ ලංකාවේ තියන නිදහස් අධ්‍යාපනය ලෝකේ බොහෝ රටවල් වල නෑ ලංකාවේ ඉන්න හරකුන්ටඅයට එක තේරෙන්නේ නෑ හැමදාම කෑ ගගහ පාරවල් වල නාකි වෙනවා ඉගෙනගෙන රටට වැඩක් කරන්න හිතන්නේ නෑ වෙනරටවල මිනිස්සු ලක්ෂ ගණන් අතින් වියදම් කරගෙන ඉගෙන ගන්නේ (දී)
අගෝස්තු තුන සිට 20 වැනිදා දක්වා එතෙර ප්‍රතිකාර ලැබීමට කොළඹ මහාධිකරණය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට අද අවසර දුන්නේය. ඔහු භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ 11 වැනි සැකකරුය. දුමින්ද සිල්වා සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේ වසර එකහමාරක් පමණ ප්‍රතිකාර ලැබීය.