ඇප කොන්දේසි කඩ කිරීම නිසා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් බාරයට පත් කොට සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජිව බණ්ඩාර මහතාගේ සුවදුක් බැලීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මංගල සමරවීර සහ රුවන් විජයවර්ධන යන මහත්වරු අද (19) වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත ගියහ. මැති ඇමැතිවරුන්ගේ පුත්තුන්ට නීතිවිරෝධී ක්‍රියා කිරීමට ලයිසන් දෙන වත්මන් ආණ්ඩුව ශිෂ්‍ය අයිතීන් සහ තරුණ අයිතීන් වෙනුවෙන් හඩ ගනන තරුණයන් අසාධාරණ ලෙස මර්දනය කරතියි විජයවර්ධන මහතා මාධ්‍යවේදීන් සමග පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුවන් මහත්තා ගිය ගමන වැරදියි (දී)
ෆොන්සේකා මහත්තයා හිරේ ඉන්දැද්දීත් සමහරු හිරගෙදරට ඔය වගේම ගිය හැටි මට මතක් වෙනවා (දී)
නිදහස් සෞඛ්‍යයට මොකද දැන් වෙලා තියෙන්නේ? රෝහල් වල බෙහෙත් තියෙනවද? අපි ෆාමසියෙන් ගිහින් දෙන්න ඕනෑ. ඔන්න ඔය වගේ කලක් තමයි හෙට අනිද්දට නිදහස් අධ්‍යාපනේටත් උදාවෙන්නෙත් (දී)
සංජිව මොනවා කියයිද දන්නෙ නැහැ නේද? (නි)
සෑහෙන්න දුකයි වගේ අපේ මංගල මහත්තයට. කොහොම වුනත් රුවන් මහත්තයා ප්‍රවේශම් වෙන්න. ඔයා අනාගතයක් තියෙන තරුණ දේශපාලකයෙක්. (නි)
ඔන්න අපේ රටේ දේශපාලනයේ තත්වය. ඔයාලා රටේ දැවෙන ප්‍රශ්න වෙනුවෙන් සද්භාවයෙන්ම මිනිසුන් සමග එක්වී විරෝධය පාමින් තමන්ගේ වැඩ පිලිවෙල එළිදක්වන්නේ නම් ඔයාලටත් මිනිසුන් ඇත්තෙන්ම කැමති වේවි (නි)
අර කොටු කමිසය ඇදපු කෙනාගේ පෙනුමට මට ටිකක් බය හිතෙනවා (නි)
අනේ මහත්තයෝ මොකටද එයා බලන්නේ (දී)
කොටු ෂර්ට් එක ඇදල ඉන්න කෙනා තමයි මංගල මහත්තයගේ බොඩි ගාර්ඩ්.. (දී)
රුවන් මහත්තයා කාලගුණ දන්නවා (දී)
කාගේ සහයෝගය ලැබුනත් රට ආශ්චර්යය කරා යන ගමනට විපක්ෂය හැටියට එතුමා දෙන සහයෝගය වචනයෙන් කියලා නිමකරන්න බැහැ. (දී)
ඔය යන්නේ හිරේ ඉන්න එක්කෙනාට තියෙන ආදරේකට නෙමේ.....අනිවාර්යෙන්ම වෙන මොනවා හරි දේකට (දී)
මංගල මහත්තයෝ සංජීව නැතුව පාළුද......!!! (දී)
මංගල මාම දැන්මම සර්ට් එකේ බොත්තම් ගලවන්න හදන්නේ මොකෝ? (දී)
සංජීව සැඟවූ ආයුද පෙවන්න ගිය කියන නිවුස් එක දෙන්න. (නදී)
"මොහුව වයඹින් පළාත් ඡන්දයට ඉදිරිපත් කරමුද බලන්න?" කැම්පස් කොල්ලන්ගේ කරපිටින් අන්තිමට එන්නේ ඔතනට. ඊට පසුව ආවෙ කොහොමද කියලා මතක නැහැ.(නදී)
මටත් හිරේ යන්න හිතෙනවා.(නදී)
ඇප කොන්දේසි කැඩුවා නම් රිමාන්ඩ් කරපු එක නීතිය හරි හැටි ක්‍රියත්මක වීමක්නේ. ඊට විරුද්ධ නැහැ මම නම්. නමුත් ගැටලුව වන්නේ මීට වැඩිය බරපතල අපරාධ වලට සමහර වෙලාවල් වලදී නීතිය තදින් ක්‍රියාත්මක නොවීමයි. එවිට එම ක්‍රියාදාමයන් පිලිබඳ විශ්වාස නැති වෙනවා නේද? මිනීමැරුම් වලට සම්බන්ධ අයට රෝගී තත්වයන් සලකලා ඇප දෙන අවස්ථාත් තිබෙනවා. ඉන්පසුව ඔවුන් දක්වපු කරුණු බොරු බව ඇස්පනාපිට පේනවා. ඒත් ඒවා ගැන නීතිය පසුවට ක්‍රියාත්මක වනවාද? මා සිතන්නේ හාස්කම් නීතිය විසින් පිලි නොගනු ඇති බවයි. අපි හැමදෙනාටම නීතිය එකසේ ක්‍රියාත්මක විය යුතුයි. (නි)
අර අනික් අය කියනවා වගේ මෙයත් මතක නැහැ කිවුවා නම් හරියන එකක් නැද්ද? (නි)
අර කොටු ෂර්ට් එක ඇදගෙන ඉන්න කෙනා කවුද? (දී)
ඔන්න අපේ විපක්ෂයේ වැඩ. මේ සිද්ධියෙන්ම අපිට රටේ අනාගතය ගැන කිසිම බලාපොරොත්තුවක් අපේ විපක්ෂයෙන් ලැබෙන්නේ නැති බව පෙනෙනවා නේද? (දී)
ඔන්න ඔහේ සංජිව බණ්ඩාරව එලියට දාන්න (දී)
රජීව් ගාන්ධිට සලකපු රටේ අසරණ සිසුන් වෙනුවෙන් පොල්ලක් අතට ගන්න අයෙක් හිරේ නැතුවා. (දී)
මොකද බයෙන් බයෙන් වගේ යන්නේ? (දී)
මංගල මහත්තයා ඔය වගේ යන එක ගැන මම නම් සතුටු නැහැ (දී)
මංගල ඔයා අපිවත් බලන්න එන්නකෝ,හරි ඇසි ඔයාව දකින්න (අ)
වරුණ වගේ ලනු කාපු උදවිය තමා 88-89 එලොව ගියේ. (දී)
සංජිව බණ්ඩාර මොන වගේ ප‍්‍රතිචාරයක් දැක්වුවාද දැන ගන්න ආසයි. (දී)
සංජීව පුතේ, හිරේ හිටියත් සැප වේවා නුඹට! (දී)
මොහුව වයඹින් පළාත් ඡන්දයට ඉදිරිපත් කරමුද බලන්න? (දී)
ඇත්තටම සංජීවට තියන ආදරේටමද මේ මෙයාලා යන්නේ? (දී)
සංජීව, බලාගෙන. කෝකටත් ප්‍රවේශමෙන් හොදේ (දී)
මංගල මහත්තයා ඉතින් කවදත් තරුණ පරපුරට අත දෙනවනේ... (දී)
මංගලට පිදුරු ගහක් අහු වෙලා (අ)
මෙන්න දුක සැප හොයලා බලන මිනිස්සු (දී)
සංජීව නිදහස් කර පහත් වැඩ කරන දේශපාලකයන් සියල්ල අල්ලා හිරේ දැමිය යුතුයැයි මම යෝජනා කරමි (දී)
හිරගෙවල් පැත්තේ ගියාට වරදක් නැහැ. හැබැයි සංජීව සිසුවාගේ දුක සැප වගේම,වාස් ගුණවර්දනගේ දුක සැපත් බැලුවා නම් හොදයි නේද ? (දී)
සංජීව වහා නිදහස් කළ යුතුයි කියලයි මම කියන්නේ. මෙය රටේ සියලුම සිසුන්ට මෙන්ම දෙමව්පියන්ට කරන අසාදාරනයක්. (දී)