අධිකරණ නියෝග කඩමින් මැයි පළමු වැනි දා ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ පෙළපාළිය හයිඩ් පිටිය දෙසට යෑමට උත්සාහ කළැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සමන් රත්නප්‍රිය සහ වෘත්තීය සමිති ක්‍රියාකාරිකයකු වන ආර් ඩී සිරිසේන රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.
අධිකරණ නියෝග නොතැකීම සම්බන්ධයෙන් තමා තදින් ක්‍රියා කරන බව පැවසූ මහේස්ත්‍රාත්වරයා එවැනි නියෝගයක් කඩ වෙනවානම් ඒ අවස්ථාවේම නීතිය ක්‍රියාත්මක කළ යුතු බව පොලිසියට කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට පේන්නේ සේනත් රජයේ වැඩ වර්ජන කාරයෙක් වගේ, සේන මේ ඔයාට පොඩි වැරදීමක් වෙලා වගේ, මේ කට්ටිය අදහස් දාල තියෙන්නේ සමස්තයක් වශයෙන් මේගොල්ලන්ගේ වැඩ පිළිවෙල මිසක මැයි 1 වෙනිදා ගැන විතරක් නෙවේ. එ්ක හොදටම පැහැදිලිව තියෙනවනේ. (නදී)
ඇතුගල මහතා. නියමයි. අපි පිටරට ගිහින් හරි හම්බ කළේ පවුලේ උදවිය ජිවත් කරවන්නයි. දරුවෝ තුන් දෙනාට ගෙවල් තුනක් හදන්න කොතරම් මුදලක් වසර තුනකදී ලංකාවට ගෙනෙන්න ඕනද? ඒ උනාට විදේශ විනිමය ලංකාවට ගෙනාව කියලා කිසිම වරප්‍රසාදයක් ලැබුනේ නැහැ. මගේ වෙළඳාමට බද්දක් නම් අය කරනවා. (ස)
සුදර්මන්වත් වයසට ගියාම අල්ලාගෙන එන්න තමා අපි හිතාගෙන ඉන්නේ. (නදී)
නාමල්, කට.! කට...! (නදී)
සේන. අන්න හරි. ඔබතුමා විදේශ මුදල් හෙන කැටියක් ලංකාවට එවනවා කියලා කයියට උනත් කියපු එක හොඳයි. මේ රටෙන් පිටරට යන කට්ටිය අතරින් ඔබතුමා ඇරෙන්න විදේශ විනිමය ලංකාවට යවන්න ඕන කියල හිතාගෙන පිටරට ගිය කිසි කෙනෙක් නැහැ. ඔබතුමා අපේ රටට මාහැඟි භූමි පුත්‍රයෙක්. (නදී)
අර සුධර්මන් රදලියගොඩ මහත්තයාගේ වරෙන්තුවට මොකද වුනේ ? (නදී)
ජෙප්පලාගේ නායක සොයුරා සිය සොහොයුරාව පාවාදීලා පන බේරාගෙන මේ දවස්වල අධිරාජ්‍යවාදී එංගලන්තයට ගිහිල්ල නිර්ධන පන්ති සමාජ විෂමවාදය ගැන බෙරිහන් දෙනවනේ. ඔච්චර තමයි පුළුවන්. (නදී)
ජයසිංහ සහ හේමන්ත මහත්මයා, මම වැඩ වර්ජන කාරයෙක් වත් රජයේ සේවකයෙක්වත් නෙවෙයි. ඩොලර් දස දහස් ගනන් විදේශ විනිමය ලංකාවට ගේන මනුස්සයෙක්. රට විනාස කරන්නේ ඔය මිනිස්සු නෙවෙයි රටේ සල්ලි නාස්ති කරන දේසපලකයෝ. එ්ක දැක දැකත් නොදැක්කා වගේ ඉන්න තමුන්නාන්සේලා වගේ උදවියයි. ඔය මිනිස්සු සටන් කරේ නැතිනම් ඔයාලට වැඩට යන්න රටක් ඉතුරුවෙන්නේ නැහැ.(නදී)
හොඳ වැඩේ මෙයාලට හැමදාම මොනවා හරි උද්ඝෝශනයක් කරලා රටේ ආර්ථිකේ විනාස කරනවා. මේ ජෙප්පෝ එලවල දැම්මා නම් හරි. (ස)
කවුරුත් දැන්වත් තේරුම් ගන්නවානම් හොඳයි. මේ රටේ නීතියක් තියෙනවා. (දිල්)
සේන හරියට කියවල බලන්න මෙතන අදහස් දාල තියෙන්නේ මැයි 1 වෙනිදා ගැන විතරක් නෙවේ. වැඩ නොකර සටන් කර කර ඉදලා තමන්ට දෙයක් ලබාගන්නවා වාගේම රටටත් යමක් කරන්න ඕනේ. අනික මැයි 1 වෙනිදට රැකියාවට යන දවසක් නෙවේ කියල නොදැන ඉන්න තරම් මිනිස්සු මෝඩයි කියල හිතුවද. (නදී)
මැයි පළමුවෙනිදා කියන්නේ ලෝක කම්කරු දිනයදා. එදාට කව්රුවත් වැඩට යන්නේ නැහැ. සටනකින් තොරව වැඩකරන මිනිස්සුන්ට ලැබිච්ච කිසිම දෙයක් නැහැ.(නදී)
ලංකාවේ නීතියක් නැහැ කිව්ව මිලානෝ සහ ඩුබායි කට්ටිය මේ ගැන වචනයක් කියන්නේ නැත්තේ මොකද කියල කාටහරි කියන්න පුලුවන්ද..? (නදී)
අමාලි. මේගොල්ලන්ට රජය මගින් සේවයෙන් බැහැරව වෘත්තීය සමිතිවල වැඩ කරන්ට වැටුප් සහිත නිවාඩු අනුමත කරලා තියෙනවා. එ්ක නිසා මෙයාලා ඉස්කෝල පැත්ත පලාතක යන්නේ නැහැ. මම දන්නා තරමට අදාළ ගුරු සංගමයේ ලේකම්තුමා දුෂ්කර පලාතක සාමාන්‍ය පාසැලක බොහොම සුළු කාලයක් සේවයෙහි දී සිටියා. (නදී)
ඩික්ෂන් මහත්මයා. ඔබ නිවැරදිව කෙටියෙන් කල විග්‍රහය ගැන මම සතුට ප්‍රකාශ කරනවා. (නදී)
පුළුවන් නම් අහන්න මෙයාලගෙන් ගන්න පඩියට හරියන්න දවසට පැය කීයක් වැඩ කරනවද කියලා. මාධ්‍ය සාතච්ඡා වලටයි පාරවල් හරස් කරගන රටේ වැඩ කරන අනිත් මිනිස්සුන්ගේ කාලය නාස්ති කරන තරම්. ඒ වගේම නාස්ති වෙන ඉන්ධන. කාගෙන්ද ඒවා අය කරගන්නේ. මෙයාල හොද සැප ජීවිත ගෙවනවා. (නදී)
අධිකරණ නියෝග වලට ගරු නොකර ජන ජීවිතය අවුල් කරමින් කාර්ය බහුල අවස්ථාවල මාර්ග අවහිර කරමින් සුළු දෙයටත් බොරු උද්ඝෝෂණ, පාගමන් පවත්වමින් නැවත කැලේ නිතිය රජකරවීමට තැත් කරන අන්තවාදී පක්ෂ වලට මහේස්ත්‍රාත් තුමාගේ මෙම ප්‍රකාශය හොඳ පාඩමක්. (නදී)