පාසල් රග්බි පාපන්දු සංගමය මෙහෙයවන වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ (2013) තෙවැනි සතියේ තරග අවසන් වන විට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවිය. වෙස්ලි විදුහල දෙවැනි ස්ථානයේ පසු වෙයි.
ශාන්ත පීතර සහ වෙස්ලි විදුහල් සහභාගි වූ තරග තුනම ජය ලබා ප‍්‍රසාද ලකුණු 16.5 බැගින් ලබා සිටින අතර ශාන්ත පීතර විදුහල උත්සාහක දිනුම් අනුව පෙරමුණේ පසුවෙයි. ශාන්ත පීතර විදුහල තරග තුනේදී උත්සාහක දිනුම් 18 ක් ද, වෙස්ලි විදුහල තරග තුනේදී උත්සාහක දිනුම් 15 ක් ද, සම්පූර්ණ කර තිබේ.
පසුගිය වසරේ ලීග් සහ පිළිමළුන් පිටු දැකීමේ ශූරයන් බවට පත්වූ ඉසිපතන විදුහල තරග තුනම පරාජයට පත්ව අවසන් ස්ථානයේ පසුවීම කැපී පෙනෙන සිද්ධියක් බවට පත්ව තිබේ.
ප‍්‍රසාද ලකුණු සටහන - පළමු කොටස ‘ඒ’ කාණ්ඩය
පාසල | තරග | ජය | පරාජ | වි.තො | ලැ.ල | දු.ල | අ.ප‍්‍ර | ප‍්‍ර.ල | සාමා. |
ශා. පීතර | 3 | 3 | - | - | 124 | 46 | 1.5 | 16.5 | 5.50 |
වෙස්ලි | 3 | 3 | - | - | 95 | 64 | 1.5 | 16.5 | 5.50 |
ත‍්‍රිත්ව | 3 | 2 | - | 1 | 90 | 16 | 1.5 | 14.0 | 4.67 |
ධර්මරාජ | 3 | 2 | - | 1 | 90 | 62 | 1.0 | 13.5 | 4.50 |
විද්‍යා විදුහල | 3 | 1 | 2 | - | 67 | 58 | 2.0 | 9.0 | 3.00 |
ශා. ජෝශප් | 3 | 1 | 2 | - | 66 | 102 | 0.5 | 7.5 | 2.50 |
ශා. අන්තෝනි | 3 | 1 | 2 | - | 61 | 104 | 0.5 | 7.5 | 2.50 |
රාජකීය | 3 | 1 | 2 | - | 51 | 74 | 0.5 | 7.5 | 2.50 |
කිංග්ස්වුඞ් | 3 | - | 3 | - | 49 | 78 | 1.0 | 4.0 | 1.33 |
ඉසිපතන | 3 | - | 3 | - | 53 | 91 | 0.5 | 3.5 | 1.67 |
කෙටි යෙදුම්: වි.තො - විසඳුමකින් තොර, ලැ.ල - ලැබු ලකුණු, දු.ල - දුන් ලකුණු, අ.ප‍්‍ර - අතිරේක ප‍්‍රසාද ලකුණු, ප‍්‍ර.ල - ප‍්‍රසාද ලකුණු, සාමා. - සාමාන්‍යය
අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සති තුනක් අවසානයේදී පීතරයෝ පෙරමුණ ගනිති
ප්‍රියනාත් Thursday, 11 April 2013 08:24 AM
පීතර මෙවර ජයග්‍රහණය ලබනවා! (නි)
නිශා Friday, 19 April 2013 12:57 PM
වෙස්ලි අනිවාර්යයෙන්ම දිනනවා. (නි)