විදේශ රැකියා අමාත්‍යංශය හා ඊශ්‍රායෙල් රජය සමග ඇතිකර ගන්නා ලද ඒකාබද්ධ නියමු ව්‍යාපෘතිය යටතේ, එරට සත්කාරක ක්ෂේත්රයේ රැකියා 50ක් ශ්‍රී ලංකාවට ලැබී ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි..
ඊශ්‍රායෙලයේ වැඩිහිටි හා ආබාධිත පුද්ගලයින් හට සත්කාර කිරීම වෙනුවෙන් මෙම රැකියා අවස්ථාවන් ලැබී ඇති අතර, ඒ සඳහා වයස අවුරුදු 25-40ත් අතර, පිරිමි කාන්තා දෙපක්ෂයටම අයදුම් කළ හැකි බවද ඊශ්‍රායල් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සදහන් කරයි.
අයදුම්කරුවන්ට, ඉංගි්රසි භාෂාව පිළිබඳව මධ්‍ය මට්ටමට දැනුමක් තිබිය යුතු අතර, මීට පෙර ඊශ්‍රායෙලයේ රැකියාවල නිරත වූ අයට අයදුම් කළ නොහැකි බව විදේශ රැකියා අමාත්‍යංශය පවසයි. මෙම වැඩපිළිවෙළට සහභාගි වීම සඳහා කිසිඳු බඳවා ගැනීම් ගාස්තුවක් අය කරනු නොලබන අතර රාජ්‍යන් දෙක අතර, එකගතාවයට පැමිණ ඇති ගාස්තු පමණක් අයකරනු ලැබේ.
මේ අතර මෙම අයදුම්පත්, රැකියා විස්තරය, වැටුප්, පූර්ව අවශ්‍යතා, රැකියාවේ කාලසීමාව, බඳවා ගැනීමේ පිළිවෙත, දැරිය යුතු වියදම් ඇතුළු විස්තර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියේ ඇත.
අයදුම්පත් සැප්තැම්බර් 07 දක්වා බාර ගැනේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බණ්ඩාර, ඊශ්‍රායලයට ගහන්න රටක් ලෝකේ තවම බිහිවෙලා නැහැ. ඔයාගේ විදේශ දැනුම බින්දුවයි. ආරක්ෂක පද්ධතියෙන් මුළු රටම ආවරණය වෙලා තියෙන්නේ. මෙහෙ ඇති යුද්ධයක් නැහැ (නි)
ලංකාවේ අසරණ රෝගීන්ට සලකන්න දන්නේ නැති කට්ටිය කොහොමද මෙවැනි රටවල් වලට අරින්නේ රටේ නමත් ඉවරයි යුනිෆෝම් එක දාගත්තම දොස්තරටත් වැඩිය ඉහලින් යන්නේ පය තියපු ගමන් ඉල්ලීම් ඉල්ලයි. (ර)
අපේ රට හරියට හිඟන්නා සහ තුවාලය වාගෙයි. අපේ වර්ගයාට නොතේරෙන දේ තමයි අපේ ජාතිය ලෝකයේ තියෙන අපිට නුසුදුසුම රැකියා වලට පිටරට වලට යන්නට සිද්ධවෙලා තියෙන්නේ ඇයි කියලා. අපේ රටේ රැකියා උත්පාදනය කරන්නට තරම් දැනුමක් දේශපාලකයින්ට නැහැ. ඒ වගේම උවමනාවකුත් නැහැ. මේ වගේ වැඩ කරලා තමන්ගේ ආසන වල කිහිප දෙනෙකුට රස්සා හොයලා දීලා ඡන්දෙ අරගෙන ඔවුන් යහමින් වැජඹිලා ඉන්නවා. ඒ වුණාට රට තුළ නිෂ්පාදනයක් හෝ වෙනත් ආදායම් මාර්ග සකස් කිරීමේ ක්‍රමවේදයක් නැහැ. කාට කියන්නද මේ අවනඩුව? (නි)
වැඩේ හොඳයි. එ්ත් කවදානම් මේ කාර්යාංශය ගෘහ සේවිකාවන්, කම්කරුවන්, වයසක උදවිය බලා කියාගන්නන්, වෙනුවට පුහුණු වඩු කාර්මිකයන්, වෙල්ඩින් කාර්මිකයන්, පයිප්ප වෑද්දුම්කරුවන්, විදුලි කාර්මිකයන්, වායු සමීකරණ ශිල්පින් වගේ උදවිය පුහුණු කරලා ඔය රටවල් වලට යවයිද? (නි)
බණ්ඩාර මොනවා දැනගෙනද මන්දා අදහස් දාන්නේ? ඊශ්‍රායල් වගේ රටකට එන්න තියෙනවා නම් මොනතරම් හොඳද? ගොඩක් හොඳ රටක්. මමත් අවුරුදු 6ක් මෙහි සේවය කරනවා (නි)
දේශපාලන වන්දිබට්ටයෝ පොරකනවා ඇති දැන්. (නි)
බොහොම කණගාටුයි බණ්ඩාරගේ දැනුම ගැන. මේ රටේ ආරක්ෂාව 1000%යි. ලංකාවේ අය අවුරුදු 20කට එහා ඉඳලා වැඩ. ඒත් යුධ ගිනි නිසා එක ශ්රිලාංකයෙක් මැරිලවත්, ඇණ ගැහුවා, කන්න දුන්නෙ නැහැ, ලිංගික අපයෝජන, වැටුප් නොගෙව්වා කියලා එක පැමිණිල්ලක් නැති වැටුප් හොඳින් හම්බවෙන රටක් (නි)
ඔබ දන්නවද දන්නේ නැහැ. බොහොමයක් විදේශ රැකියා ආයතන කරන්නේ ඊශ්‍රායලයේ රැකියා ලබාදීම විතරයි. ඒකෙන්ම හිතාගන්න කෙතරම් මෙය දියුණුයිද කියලා. ලක්ෂ 20 ක් විතර ගෙවන්න ඕනෑ රැකියාවක් හදා ගන්න. ඒ හින්දා තමයි මේ අය අඩු මුදලට රැකියා දීමේ ක්‍රමයක් ඇතිකරලා තියෙන්නේ. (නි)
ඊශ්‍රායලය රැකුනොත් බුදු දහම ලොව පවතී. ලෝකයේ උගත් මිනිසුන් ඉන්න රට. අරාබි රටවලට යනවට වඩා හොඳයි බුද්ධිමතුන් සහ මිනිසාගේ අයිතිවාසිකම් රකින රටකට ගියාම. (නි)
50 කියන්නේ ඉතාම කුඩා ගණනක්. නමුත් එ්ක වටිනවා. මෙයාලා හොඳට සේවය කළොත් එන වර්ෂයේ වැඩි ගණනක් ගනී. (නි)
කොරහෙත් කිඹුල්ලු දකිනවා සමහරු. අපේ සුව සේවාව ඉහළ තත්ත්වක තියනවා. එ්ක අපේ සංස්කෘතියට සම්බන්ධ දෙයක්. මේ පළමු පියවර සාර්ථක වේවා කියා පතමි. (නි)
සිල්වා, ලංකාවේ වගේ ඇඳගෙන ඉන්න ඇදුමෙන් විදේශ රටවල රෝගීන් බලන්න බැහැ. ඒ අයට එම ආයතනයෙන් ඇඳුමක් දෙනවා. ඒ ඇඳුම අැන්ඳහම ඒ රටේ වැසියන් දන්නවා මේ සාත්තු සේවිකාවන් බව. (නි)
චතුරි,ලංකාවේ විරැකියාවෙන් පෙලෙන කිසියම් පිරිසකට හෝ රැකියා අවස්තාවන් ලැබෙනවාට සතුටු වෙන්න.(හේ)
බොහොම කණගාටුයි... යුද අවිලෙන රටවල් වලටද දැන් රැකියා දොර අරින්නේ... නොදැන යන මිනිසුන් කරදරේ වැටුනම... ජීවිත නැති වුනම ඒවාට වගකියන්න ඕන දොර අරින අයම තමා... ලාංකිකයන් මෙවනි මුලාකිරීම් වලට යොමුකරවන ලාංකික ශ්‍රමය විකුණන මේ බලධාරීන්ට වග කියන්න ඕනේ.(හේ)
ඒකත් ඇත්ත. ඒත් සල්ලි ඕනේනම් උනන්දුවෙන් තමන්ගේ රැකියාව කරන්න ඕනේ.(හේ)
ඒකත් ඇත්ත.(හේ)
මේගොල්ලන් වැඩ කරන්න යන්නේ ගෙවල්වල අසරණවෙලා ඉන්න වැඩිහිටි අයට සත්තු කරන්න මිස යුනිෆොර්ම් දාගෙන හොස්පිටල් වලට නොවේ (හේ)
මේ සඳහා මා යාමට කැමැත්තෙමි.. මේ සඳහා උපදෙස් බලා සිටිමි..!!!
ඊශ්‍රායල් සාත්තු සේවිකාවන් ලෙස මට මොන වාගේ සුදුසුකම් ද අවශ්‍ය වන්නේ ?
මා යාමට කැමැත්තෙන් ඉන්නෙ. සම්බන්ධ විමට කල යුත්තේ කුමක්ද ?
රැකියා සදහා අයදුම් කරන්නේ කොහොමද?
අවුරුදු 15 ක් හෙදියක ලෙස පෞද්ගලික රෝහලක සේවය කළෙමි... ඊස්රායලයට යාමට පුළුවන් වෙවිද මට...? උපදෙස් බලා සිටිමි...
මම යන්න කැමැතියි... දැන් බඳවා ගැනීම් සිදුවෙනවද?
අවුරුදු 22 අයට අයදුම් කරන්න බැරිද?
ඊශ්‍රායල් යන්න අවස්තාවක් තියනවනම් යන්න කැමති. මගේ වයස 35යි
මම කැමතියි එහි සේවය හා එක් වන්න..තොරතුරු දක්වන්න
මමත් යන්න කැමැතියි.. මට 25යි...
ඊශ්‍රායල් යන්න අවස්ථාවක් තියනවාද මම යන්න කැමති මට අවුරුදු 22 .
මේ වෙනකොට සම්මුඛ පරීක්ෂණයට පෙනී හිටලා ඉන්න 104 දෙනාගෙන් මේ පුරප්පාඩු පුරවන්නේ නැත්තේ ඇයි? ඇයි අලුතින් අයැදුම්පත්‍ර නිකුත් කරන්නේ?
මට වයස 22 යි. ඊශ්‍රායලයට ගිහින් එම රැකියාව කිරීමට මම කැමතියි. කොහොමද අයැදුම් කරන්නේ...?
ඒකට ජොයින් වෙන්නේ කොහොමද?
මම යන්න කැමැතියි.. මට විස්තර ටිකක් දන්වන්න.
මේ රැකියාවට සම්බන්ධ වෙන්නේ කොහොමද?
ඉල්ලම් කල යුතු ආකාරය දන්වා එවන්න.
මමත් කැමතියි
කොපමණ මුදලක් අයකරනු ලබනවද? කොපමන කාලයක් ගතවෙනවද?
හොඳයි...!
මම කැමැතියි.
ඉංග්‍රීසි භාෂාව ඕනෑමද?
මමත් කැමති මට යන්න පුළුවන්ද? උදවු කරන්න රට යන්න...