බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නුවර ආසන්නයේ ඇති දුප්පත් ගම්මානයකි. එහි ජිවත්වන වයස අවුරුදු හතරත් පහළොවත් අතර කුඩා පිරිමි දරුවන් 1991 සිට අතුරුදන් වීමට පටන්ගනී.
42 වැනි දරුවා ද අතුරුදන් වීමෙන් පසු ලැබෙන පැමිණිල්ලක් අනුව පොලිස් පරීක්ෂණ ඇරැඹේ. කුරිරු ආසවන්ගෙන් පිරි මිනීමරුවකුගේ නොනිමි ආශාවන්ට ගොදුරු වූ කුඩා දරුවන් 42 දෙදෙනෙකුට අත් වූ ඉරණම අළලා සැකසු සාතන්ගේ අඩවිය හයවන කොටස මේ විඩියෝවෙන් දැක ගත හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බ්‍රසීලය , ඉතාලිය නොවෙයි ශ්‍රී ලාංකික අපි හැමදේම පටලවාගෙන.ඡන්දය දෙන්න ගියත් හොරාට දුෂකයාට ඡන්දය දෙනවා. රටකට ගියත් ඉන්න දන්නේ නැහැ. ඒ රට ගැන විස්තර දන්නේ නැහැ. අඩුතරමේ ඒ රට තියෙන්නේ කොහෙද, අගනුවර මොකක්ද කියලවත් දන්නේ නැහැ.සමහරු නගර වල නම් රටවල් විදියට කියනවා (නි)
ලෝකයේ බෞද්ධයි කියාගන්නා රටවල බුද්ධාගම ගැන හරි අවබෝධයක් නැහැ. ඒ මිනිසුන්ගේ පින් මදි කම නිසයි. මෙම කතාව මැදදී ඝාතකයා චාගස් ක්‍රමයෙන් ජොනතන් වෙන හැටි ඊටත් දුකයි. (ස)
නරකද කහවත්තේ පැත්තේ උනේ මොකක්ද කියල බැලුවා නම්.(නදී)
මේ කුමාර් කියන පුද්ගලයා මොන ජාතියකට අයිති කෙනෙක් දැයි මම නොදනිමි. නමුත් මොහුගේ අදහස් වල ඉතිහාසය දිහාට අවුරුදු දෙක තුනක් ආපසු හැරී බැලුවොත් මට පෙනී යන්නේ බුදුදහමත් සමග මොහුට ලොකු ප්‍රශ්නයක් තිබෙන බවය.(නදී)
අනේ මේහෙමත් මිනිස්සු.(නදී)
ශ්‍රියානන්දට පිස්සුද? ලංකාවේ වෙන අපරාධ , තායිලන්තයේ වෙන කාම අපරාධ, එතකොට බුරුමයේ නැගෙනහිර හා බටහිර සිදුවන මහා මිනිස් ඝාතන මේවා ඔක්කොම ලෝකය ලස්සන වීමේ ප්‍රතිපලද? (නි)
සාතන්ගේ අඩවිය මොකක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ (නි)
බුද්ධාගම අනුගමනය කළොත් ලෝකය ලස්සන වෙනවා (නි)
බුදුන්ගේ ඉගැන්වීම් වූයේ මෛත්‍රිය, කරුණාව සහ අවිහිංසාවය. (නි)
අම්මෝ! (නි)
උපාලි නිව්යෝර්ක්, ඔබ හරි. මටත් ඒ දේම සිතුනා (නි)
බ්‍රසීලය කියලා ගන්න චමින්ද, එච්චරයි වෙනස. (නි)
මම දකින ලොකු වරදක් තමයි අපරාධකාරයින්ව, සමාජය පිළිකුල් කරන තත්ත්වයට පත් කරනවට වඩා ඒගොල්ලෝ නිකන් මහා වීරකමක් කළ බුද්ධිමත් සූර වීර චරිත හැටියට වර්ණනා කර කොටස් වශයෙන් සමහර අය කතා පළකිරීම. මේවා කියවන තරුණ පිරිස් මෙවැනි දේවල් වලට පෙළඹෙනවා. මේවා කියවලා, මගේ නමත් පත්තරේ වැටෙන්න ඕනෑ කියලා අපරාධ වලට යොමු වූ මෝඩ අයත් ඉන්නවා. ඉතින් සමාජයේ වගකිවයුතු පිරිසක් හැටියට අපේ සීමාවන් මොනවාදැයි දැනගෙන කටයුතු කළොත් හොඳයි. මොකද අපි කවුරුත් කැමති සාමකාමී සුන්දර සමාජයකටයි. (නි)
මෙවැනි ප්‍රවෘත්ති අපට ශෝකය ගෙනෙන දේවල්ය. මගේ නම් මෙය නැරඹීමට කොහෙත්ම සිතක් උපදින්නේ නැත. සමාවෙන්න මට, මම මෙම ප්‍රවෘත්තිය කියෙවුවා පමණය, නැරඹීමෙන් වැළකුණෙමි. මීට පෙර තිබුන ගැහැණු ළමයෙක් එයාගේ යහළුවා මැරීම නැරඹීමෙන් අපි ඉගෙනගත් පාඩමක් නොමැත. මනස වෙහෙසී සිටින අපගේ මනසට තවත් වේදනා නොදෙන, ධනාත්මක සිත සතුටු වන, යමක් ඉගෙනගත හැකි, ලෝකයේ ලස්සන කියාදෙන, මිනිසත් බවේ ලස්සන බව කියාදෙන ඉමිහිරි ප්‍රවෘත්ති නැරඹීමට මම කැමැත්තෙමි. (නි)
8.00 වන මිනිත්තුවේ සිට කතාව ටිකක් පැටලෙනවා නේද? (නි)
හැම කෙනෙකුටම වැදගත් වැඩසටනකි. ලෝකයේ සිදුවන සමහර සිදුවීම් ගැන විස්තරාත්මකව ක්‍රමවත්ව ඉදිරිපත් කිරීම ඉහළම මට්ටමකින් සිදුකිරීම අගය කළ යුතුය. වීඩියෝ දසුන් මගින් පාඨකයා වෙත පැමිණීම "ලංකාදීප" පුවත්පත ලබා ඇති විශිෂ්ට ජයග්‍රහණයකි. මේ සඳහා දායක වූ සැමට සුභ පතමු. (නි)
මොකද මේ එක්කෙනෙක්, බ්‍රසීලයයි ඉතාලියයි පටවලවාගෙන ? (දී)
හරියට හරි.කලින් සහෝදරයා පෙන්වපු විදිහට මාර්තෘකාවෙන් හඳුනාගත යුතුයි හොඳද නරකද කියලා. ඔබ හොඳ පුද්ගලයෙක් නම් නරක දේ ඉවත් කරාවි. සුභ වෙසක් මංගල්‍යයක් ලංකාවාසීන්ට උදා වේවා! (නි)
දියුණුයි කියන ඉතාලියේ එකම ප්‍රදේශයක සිදුවුණු මෙම අපරාධය සොයා ගන්න මෙපමණ කල් ගියේ මන්ද? තුන්වන ලෝකයේ නොදියුණු ජනපදයකවත් පොලිසිය මෙතරම් දුර්වල නැහැ. කියන හැටියට ඉතාලි පොලිසියට ඒ ගැන සොයන්න වුවමනාවක් තිබුනේ නැද්ද? ළමයින් 42ක් අතුරුදන් වෙනවා කියන්නේ පොඩි සෙල්ලමක්ද? (නි)
ඉතාමත් කාලෝචිත වැඩසටහනක්.අපේ කට්ටියටත් මේවා හොඳ පාඩම්. (නි)
අපරාධ වලින් ආරක්ෂා වීමට මෙවන් පුවත් ඉතා ප්‍රයෝජනවත්. " ලංකාදීප " ට තුති.(නදී)
බලන්නත් බයයි (නි)
තවත් අපරාධ රැසක් සිදු වෙන එක නැවැත්වීමට නම් නීතිය අකුරට ක්‍රියාත්මක විය යුතුයි.(නදී)
ඕවා අපිට පෙන්වනවට වඩා හොඳයි රටේ නායකයන්ට, නීතිය ක්‍රියාත්මක කරන අයට හා නීති හදන අයට පෙන්වීම. සාමාන්‍ය ජනයා වන අපි කැමති සාධාරණය රජකරන වරදට තරාතිරම නොබලා දඩුවම් කරන යහපත් සමාජයක් පමණයි. (නි)
අම්මෝ! මම නම් බලන්නෙ නැහැ (නි)
ලෝක විනාශය අතළඟයි (නි)