දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් දක්වන සුවිශාල කැපවීම සහ උනන්දුව අගය කිරීම සඳහා වු මා පිය සම්මානයක් බ්‍රිතන්‍ය ශ්‍රී ලාංකික යුවළකට බ්‍රිතාන්‍යයෙන් පිරි නැමිණි.
දෙවසරකට වරක් මෙම සම්මාන උළෙල පවත්වනුයේ මහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ නසීර් අහමඩ් සාමීවරයාගේ උදේශකත්වයෙනි.
බ්‍රිතාන්‍යයේ ෙව්‍යාපාරික කටයුතුවල නිතර ශ්‍රී ලාංකික මා පිය යුවළක් වන මාධව රන්මණ්ඩල සහ දිල්හානී ගුණවර්ධන මෙලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ දිනුර රන්මණ්ඩල සහ වෙනුර රන්මණ්ඩල යන තම දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන දස්කම් වෙනුවෙන් ඔවුන් දක්වන උනන්දුව කැපවීම හා ආදර්ශවත් වැඩපිළිවෙළ අධික්ෂණය කිරීමෙනි.
අධ්‍යාපනයේ අවශ්‍යතාව සහ වැදගත්කම අවබෝධ කරමින් ඒ වෙනුවෙන් තම දරුවන් යොමු කරමින් මහත් කැපවීමක් කරන දෙමව්පියන් අගය කරනු වස් බ්‍රිතාන්‍ය සාමී මන්ත්‍රී මණ්ඩල සම්මානය මෙවර මාපිය ජෝඩු හතරකට හිමි විය.
ශ්‍රී ලාංකිය මා පිය යුවළකට එම සම්මානය හිමි වුයේ ප්‍රථම වතාවටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ආසියානුවන් බ්‍රිතාන්‍ය තුළ ඉහලින්ම ඉන්න නිසා සුදු ජාතිකයන් දරුවන්ව ටියුෂන් පන්ති වලට යවනවා.ලෝකෙ කොහේ හිටියත් ලාංකිකයෝ බලන්නෙ තමන්ට වඩා දරුවන් ඉස්සරහින් තියන්න. (ස)
මේ සම්මානේ මේ ශ්‍රී ලාංකික යුවලට හම්බවීම ගැන තරහෙන් කතා කල යුත්තේ අන් ජාතිකයෝ මිස ලාංකිකයෝ නෙවෙයි කියලයි මට නම් හිතෙන්නේ. මොකද නැත්නම් ප්‍රවෘතියේ කියල තියන විදිහට අනික් සම්මාන 3 වගේම මේකත් බ්‍රිතාන්‍ය ජාතික යුවලකට ම දුන්නානම් මේ ඉරිසියාකාර දුර්ජනයන්ට නින්දයන්නේ. අනේ මෙහෙමත් දේශප්‍රේමයක්. කවදා නම් ආලෝකයක් දකීවිද මේ උන්මත්තකයෝ.(ස)
එතකොට අපි දිවා රෑ නොබලා දරුවන් වෙනුවෙන් කැප වෙන කැපවිල්ල කාට කියන්නද? අපිට තෑගි දෙන්න කවුද එන්නේ? කොහොමද එන්නේ? (නදී)
ඔය ගොල්ලෝ දන්නේ නැහැ දැන් මෙහි රජයේ පාසැල් වලට යන අයට හරි ප්‍රාථමික අධ්‍යාපනයක් දෙන්නේ නැහැ. ඒක තමා ඇත්ත. සල්ලි තියන ළමයි හොදට ඉගනගෙන හොද රස්සාවල් කරනවා. අනිත් අය අඩු වයසෙන් ලමයි හදා පහසුකම් ගන්නවා .ආණ්ඩුව එ්කට කැමතියි. ඒක ඒගොල්ලන්ට හොඳයි.(නදී)
ගයාන් ඔයා ලියපු දේවල් ගොඩක් වටිනවා. දැන් ඉන්න හැම අම්ම කෙනෙක්ම ගයන් කියපු දේ ගැන හිතට ගන්නවා නම් ළමා පරපුරේම වාසනාවක්.(නදී)
අපි කාටත් ආදර්ශමත් දරු පවුලක්. මේ අයට ඉදිරියටත් ඉදිරියට යන්න වාසනාව උදාවේවා මගෙන් සුබපැතුම්! (නදී)
රංගන හරියටම හරි ගෝත්‍රවාදී අදහස් කවදා අපෙන් දුරුවෙයිද ? (නදී)
ඉන්දික දරුවාගේ ටියුෂන් පන්තියේ සල්ලි ගෙවා ඉගෙන ගන්න අම්ම ල ගැන ඇසුවාම අනේ අපේ අම්ම ට මල් තියලා වඳින්න හිතුනා. අපිට නිදහස් ළමා ලෝකයක් දුන්න ට . ගුරුවරියක් වෙලත් ගෙදෙර ඇවිල්ල අපිට පාඩම් කරන්න කියා කියා බෙරිහන් දුන්නේ නැහැ. අනවශ්‍ය තරඟයකට යොමු කලෙත් නැහැ. අල්ලපු ගෙදෙර දන්නා කියන දරුවන් එක්ක සන්සන්ධනය කලෙත් නැහැ. අපි හොඳින් ඉගෙන ගත්ත. මගේ අක්ක ඕස්ට්‍රේලියාවේ කථිකාචාර්ය වරියක්. (අ)
අශාන්, ඇත්ත. ඔස්ට්‍රලියාවේ අයටත් දැන් ටියුෂන් ලෙඩේ බෝ කරලා තියෙන්නේ ලංකාවෙන් ගිය අය. (අ)
සමන්ගේ අදහසට මමත් එකඟයි. ඒගොල්ලොන්ට මේක අමුතු දෙයක් උනාට ලංකාවේ ඔයවගේ ය ඕනෑතරම් ඉන්නවා. සමහර අම්මල ළමයි ටියුෂන් පන්තියවල එගොල්ලොත් සල්ලි ගෙවල ඒ පන්තිවලම ඉගෙනගන්නවා. ඒ පස්සේ ළමයට අයෙත් උගන්නන්න. (අ)
ජාති බේද නැතුව සමයෙන් වැඩ කරන තැන මොනතරම් ලස්සනද. (අ)
සමන්, ඔයා 100% හරි. මම ඉන්නේ ඕස්ට්‍රෙිලියාවේ. මෙහෙත් තරඟයට දුවන්නේ අපේ ළමයි තමයි. මොකද මේ රටවල මොන රැකියාවත් එකයි. එයාලා ළමයින්ගේ ළමා කාලය ගැන ගොඩක් හිතනවා. හැබැයි පවු පොඩි අය. (නි)
සමන්, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ලෝඩ් සභිකයෙක් වීම අපේ පාර්ලිමේන්තුවේ චිට් මන්ත්‍රී කෙනෙක් වෙනවා වගේ ලේසි වැඩක් නෙවෙයි. ඉහළ දැනීමක් හා අධ්‍යාපනයක් ඔහුට තිබිය යුතුමයි. එහෙම කෙනෙකුගෙන් ශ්‍රී ලාංකිකයෙක් සම්මාන ලැබිම ඔයාට කොහොම වුනත් ලාංකිකයෙක් විදිහට අපිට නම් ආඩම්බරයක්. (ස)
කිසිම බේදයක් නැහැ නේද? (අ)
මමත් මේ පවුල ගැන අහල තියෙනව. මාධව ලංකාවේදීත් දන්නවා. ගෙවල් පිළියන්දල. ආනන්දේ ඉගෙනගත්තේ. සවුත් හම්ප්ටෝන් පැත්තේ කඩයක් දාගෙන හිටියේ .දැන් හවුන්ස්ලෝව් වලට ඇවිල්ල ඉන්නේ. හොඳ දානව වගේ ඇත්ත විස්තරත් දාන්න .ළමයි දෙමවුපියන්ගේ ආරෙට නොයන එකට නම් සතුටුයි. (ස)
නරකද අපේ ටියුෂන් ගුරුවරු පිටරට පැටෙව්වොත්.!! කඩුව ටිකක් හොර උනාට අපේ අය්යල ඒක ටික දවසකින් අල්ල ගනීවි. (ස)
අනේ මන්දා කිසිම කෙනෙකුගේ ලැබීමකට සතුටු වෙන්න බැරි උදවිය අපි අතර ඉන්නවා. මේ දරුවන්ට යහපත් අනාගතයක් පතමි. (ස)
මම මේ පවුල් ගැන පුද්ගලිකව දන්නවා. හොද ආදර්ශමත් උගත් දෙමය්පියෝ. සුබපතනවා ඔබට.(ස)
මේ කාටත් ටිකක් වැරදිලා. මේ රටවල අය ළමා කාලයේ ළමයින්ට නිසි නිදහස දී වැඩ කරනවා. ඒත් අපේ අය ආවම ලංකාවේ පුරුද්දට ළමයි රේස් එකේ ගෙනියනවා. මේ බව වැරදි ලෙස වටහා ගත් සුදු නොවෙන මුස්ලීම් පුද්ගලයෙකු අගය කරලා. මේ පුද්ගලයා ලංකාවට ආවනම් අපේ හැම අම්ම තාත්ත කෙනෙක්ම මේ සම්මාන ගන්නවා. ඒත් දරුවන්ට බුදු සරණයි දෙවිපිහිටයි. (ස)
රංගන..ඔයා බ්‍රිතාන්ය ගැන දන්නේ ටිකයි. එයාලා තමයි වැඩියම සුදු මානසිකත්වයෙන් බලන්නෙ. පුරවැසියන්ට සලකන එක යුතුකමක් නේ.අපි පුරවැසිකම ලබන්නේ මේ රටවලට මොන තරම් ශ්‍රමයක් ලබා දීලද. (ස)
වාසනාවන්ත දරුවෝ දෙදෙනෙක් සහ ආදර්ශමත් දෙමාපියන්.සතුටුයි. (ස)
බණ්ඩාර මන් දන්න තරමට බ්‍රිතාන්‍යෙය් ඉන්නේ බ්‍රිතාන්‍ය පුරවැසියන් මිසක් හම සුදුදු කළුද කියලා බලන්නේ නැහැ. අපේ ගතිය තමයි නැති දේම හොයන එක. (ස)
බණ්ඩාර, ඔයාට දැන් ඒකද ප්‍රශ්නේ? හොඳ දෙයක් අගය කරන්න බැරිද? (නි)
ඒත් සුදු ජාතිකයින් නම් පෙනෙන්න නැහැ නේද? (නි)
රටට ආඩම්බරයි. අපේ තැන තැබූ පවුලක්. බුදුසරණයි ඔබ සැමට! (නි)