IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


සිතුල්පහුවේ බෝතල් පවුරක්

යාල වනෝද්‍යානයෙහි පිහිටි සිතුල්පහුව පුද බිමට  පසුගිය අගෝස්තු මාසයේ පළමුවැනිදා සිට සැප්තැම්බර් හය වැනිදා දක්වා වාහන වලින් ගෙන ආ බව කියන මත් පැන්  බෝතල් ප්‍රමාණය දහස් ගණනකි.

 සිතුල්පහුව විහාර දොරටුව ළගදී වාහන පරීක්ෂ කැර එම මත්පැන්  බිමට හලනා බව කියති.

හිස් කළ එම මත්පැන් බෝතල් සිතුල්පහුව අසල පාරේ පහුරක් සේ ගොඩ ගසා ඇත.

 



අදහස් (0)

සිතුල්පහුවේ බෝතල් පවුරක්

නිශාර්ඩ් ප්‍රිනා Monday, 16 September 2013 02:15 PM

කොහොම උනත් පූජා භූමියකට මත්පැන් ගෙනයාම වැරදියි . මෙම ලන්කාවෙ හැම පූජභූමියක් ආසන්නව ක්‍රියාත්මක කල යුතුයි (දී)

:       0       0

සිල්වා Monday, 16 September 2013 02:25 PM

මේවා නතර කරන්න බැහැ. ලන්කාවේ සුරා සැල් තියෙනකල් (දී)

:       0       0

නසාර් Monday, 16 September 2013 02:29 PM

බලසේනාව මුරට දාන්න, ජාති වාදී වපුරන එක නවත්වන්න , පන්සිල් පද රකින්න ...... (දී)

:       0       0

උබය somasiri Monday, 07 October 2013 10:53 PM

මතට තිත කියල කරන්නේ අලි බොරුවක් . රජයට ඕනෙ නම් සුරාව නවත්වන්න මත්පැන් හදන සමාගම් වහන්න ඕනා. මේකෙන් තමා අය වැයට ලොකුම මුදලක් ලැබෙන්නේ. මතට තිත කිව්වට 2013 ට මත්පැන් බලපත්‍ර 100 ට වැඩි ගානක් දීල තියනවා.(නදී)

:       0       0

සුරංග Monday, 16 September 2013 02:38 PM

සුරා සල් දාන්න බලපත් දුන්න නිසා තමයි මෙහෙම වෙන්නේ (දී)

:       0       0

රේමා Monday, 16 September 2013 02:56 PM

රූපවතී, සමන් ලංකාතිලක, මම ඔබ දෙදෙනා සමඟ 100% එකඟයි. හරියටම එහෙම තමා වෙන්න ඕන. (ස)

:       0       0

රනා Monday, 16 September 2013 03:03 PM

මේවා දැකල මොනවා ලියන්නද කියල හිතුන. (දී)

:       0       0

කුමාර Monday, 16 September 2013 10:40 AM

අපේ මිනිස්සු දන්නවාද තැනකට ඇවිල්ලා ඉන්න

:       0       0

ලාල් රාජකරුණා Monday, 16 September 2013 03:21 PM

මෙම ලිපිය දැක මින් හරියටම වසර 20 කට පෙර මා ඇතුලු මිතුරන් කීප දෙනෙකුට සිතුල්පව්වේදී අත්විඳීමට සිදුවූ හාස්‍ය ජනක සිද්ධියක් ලියා එවීමට සිත්විය. අප ආයතනයේ සේවය කල මිතුරන් කීප දෙනෙක් දරු පවුල්ද සමඟ විනෝද චාරිකාවක් යන අතර, 1993 වසරේ ,සිතුල්පව්ව නැරඹීමට ගියෙමු. මෙම වකවානුවේ මෙම පලාතටද එල්ටීටීඊ තර්ජන තිබුන කාලයකි. දැඩි හමුදා රැකවරණ යොදා තිබුණි. ඉතා තරුණ හාමුදුරු නමක් විහාරාධිපතිව සිටියා. දැඩි ලෙස මත්පැන් විරෝධියකුවූ උන්වහන්සේ විහාරය අවට ප්‍රදේශය මත්ද්‍රව්‍ය තහනම් කලාපයක් ලෙස ප්‍රකාශ කර හතර වටේම ගස්වල අවවාද කර දැන්වීම් පවා අලවා තිබුනා. අප සමඟ සිටි කිසිවෙකු එම දැන්වීම් දුටුවේ නෑ. වාහනය නතර කල පසු අප පිරිමි පස් හය දෙනෙකු හැර සෙසු අය වාහනයෙන් බැස පන්සලට ගියා. අප එකකු බෝතලයක එලියට ගෙන මූඩිය කැඩුවා පමනි, 'තරුණයන් හතර පස් දෙනෙකු වහා වාහනය ඇතුලට පැන බෝතලය සහ අපවද අත් අඩංගුවට ගෙන විහාරාධිපති හාමුදුරුවන් ලඟට අප ඇදං ගියා. අප නොවඳිනා වැඳුම් වැඳ සමාව අයැද සිටියා. හාමුදුරුවන් අපට තදින් දෝශාරෝපනය කර අප අතින්ම උන්වහන්සේ ඉදිරිපිටදීම බෝතලය කාණුවට හලා යාමට ඉඩ දුන්නා. (ස)

:       0       0

නිමල් Tuesday, 17 September 2013 11:17 AM

පොදු ස්ථාන වල මත්වතුර,දුම්වැටි පාවිච්චි කිරීම ශ්‍රී ලංකාවේ බලපවත්වන නීති යටතේ තහනම් කර ඇත.සිතුල්පව්ව පොදු ස්ථානයක් බව කවුරුත් දනිති.බොන්න තිබෙන උනන්දුව නිසා රටේ පොදු නීතිය අමතක කරන්න එපා.පොදු නීති පිළිබදව සංවේදී වන පුරවැසියෙක් වීම කයිවාරු ගසනවාට වඩා යහපත් බව මතක් කරමි. (නි)

:       0       0

උපාලි Monday, 16 September 2013 11:20 AM

අනේ ඇයි හැලුවේ? උත්තේජනයක් නැතුව කොහමද ධර්මාවබෝධයක් ලබන්නේ? (ස)

:       0       0

වරුණ Monday, 16 September 2013 03:40 PM

කෝ අපේ චන්දි අක්කා?ඒ රූපෝති අක්කේ ඔයාට විභාගයක් තියෙනවා කිව්වා නේද?ඔය පාඩම් කොරන හැටිද? (ස)

:       0       0

උදයකාන්ත - ඇෆ්ගනිස්ටන් සිට Monday, 16 September 2013 11:23 AM

පුද බිමකට ගියත් අපේ අය මුල් තැන දෙන්නේ බෝතලේට නේද. (ස)

:       0       0

නිහාල් Monday, 16 September 2013 11:27 AM

තව ටිකකලකින් යාල වනසතුන්ටත් සුරාව පුරුදුකරලයි යන්නේ.දැනටත් අලි හිගමන ඉල්ලන්න පුරුදුවෙලානේ ඉන්නේ. (දී)

:       0       0

නීල් Monday, 16 September 2013 11:31 AM

රතු පස් වල වගේ ලින් වලින් මත්පැන් ඒවිද (දී)

:       0       0

ලුම්බිණි Monday, 16 September 2013 11:40 AM

වහනය ඇතුලේ නම් මත්පැන් තිබෙන්නේ මොකද්ද ප්‍රශ්නය. මෙම භුමිය තුල මත්පැන් පානය තහනම් කරාම හරි නේ. මට නම් තේරෙන් නැහැ මේ නීතිය. (දී)

:       0       0

රූපවතී Monday, 16 September 2013 04:13 PM

වරුණ මල්ලි, උදේ පාන්දර ඉඳන් රෑ වෙනකම්ම..පාඩම් කරන්න නම් බැහැ....?එතකොට මොකවත් මතක හිටින් නැහැ... පොඩි එකී අඩනවා ..ඒකිව බලන් නත් ඕන ..උයන්න කන්න ..? ඔය මොනවා කලත් මට ලංකාදීපෙට ලියන්නැතිව නම් ඉන්න බැහැ ...පාඩම් කරන කොට ..මගේ හිත කියනවා ..මේ පිටුව විතරක් කියවලා ලංකාදීපේ ටිකක් කියවන්න ඕන කියලා ...?තොපිලා ... හපුටුවො ටික දැක්කේ නැතිනම් ..එදාට ..කැදබීලා වගේ වැඩක් කරන්නවත් බැහැ හරියට ...?මගේ එකම සතුට ලංකාදීපේ ඔයාලා ...විභාගෙට මම පාඩම් කරනවා ෂුවර් ...? (ස)

:       0       0

සමීර Monday, 16 September 2013 12:15 PM

ඔය ව්දීහට ගියෝත් අපේකමට මොකද වන්නේ.(දී)

:       0       0

රූපවතී Monday, 16 September 2013 11:09 PM

සරත් මල්ලි, ඔයාගේ නෝන හාමි කොච්චර කාලයක් වෙනවද දැන් සියඹලා කන්න පටන් අරගෙන. කල්යල් පනිනකොට මට කියන්න සේරම වැඩ ටික කරලා දෙන්නම්. නොමිලේ නැතිනම් අපි වගේ අයගෙන් ඇති වැඩේ මොකද්ද?(නදී)

:       0       0

විජේසිංහ Monday, 16 September 2013 12:16 PM

මේවට කෑ ගහන්න කව්රුත් නැද්ද ? අපි හිතාගෙන ඉන්නේ ලොකුම ප්‍රශ්නේ හලාල් සහ හරක් මරණ එක කියල. හැබය් අපේ සමාජය පිරිහෙන්නේ සුරව සූදුව නිසා නේද ? (දී)

:       0       0

චානක Monday, 16 September 2013 04:40 PM

අරක්කු හලන්නේ බිමටද නැත්නම් පොලෝසියේ මහත්වරුන්ගේ කටටද දන් නැහැ නේද ආයුබෝවන් ! (ස)

:       0       0

ටිරෝන් සෙනෙවිරත්න Monday, 16 September 2013 12:20 PM

තිතට මත... (ස)

:       0       0

ලද්දු නිශාන් Monday, 16 September 2013 12:27 PM

විශිෂ්ට වැඩක්.. (ස)

:       0       0

ජනක Monday, 16 September 2013 05:06 PM

හොදයි (නි)

:       0       0

දර්ශන Wednesday, 18 September 2013 07:06 PM

ඔය සේරම අය අදහස් ප්‍රකාශ කරලා තියෙන්නේ වැරදි මතයකින්. එහෙම මත්පැන් හලන්නේ, නැහැ කියලා හොරෙන් අරන් යන්න හැදුවොත් විතරයි. තියෙනවා කියලා කිව්වොත් මාර්ග බාධකයෙන් තියලා යනකොට අරන් යන්න දෙනවා. (නි)

:       0       0

සරත් Monday, 16 September 2013 05:12 PM

කොහොම නමුත් කරන වැඩේ හොඳයි. මත්පැන් පානය කරන්නම ඕනෑ නම් ගෙදර ඉදලා ඒ දේ කරන්න පුලුවන්නේ. මෙහිදී ප්‍රධාන ප්‍රශ්නය චාරිකාවක පරමාර්ථය මොකක්ද කියලා හරි හැටි හදුනාගෙන නොමැතිකමයි. මේ බෝතල් ගොඩෙන් පෙන්නුම් කරන්නේ රසවින්දනය උදෙක්ම ලබාගත හැක්කේ මත්පැන් වලින්ම පමණක් බව සිතන පරිසරය ගහකොළ සතා සිව්පාවුන් ගැන සංවේදනයක් නොමැති, හෝ එසේ පත්කළ බහුතරයක් වූ ශ්‍රී ලාංකික මිනිසුන්ගේ රසවින්දනය පිළිබඳ පොදු සමලෝචනයයි! (නි)

:       0       0

සරත් Monday, 16 September 2013 05:15 PM

රූපවතී අක්කේ, අක්කාගේ "වින්නඹු අම්මා" විබාගය කවදාද? ප්‍රායෝගික පරික්ෂණයකුත් තියෙනවද? (නි)

:       0       0

ආනන්ද Monday, 16 September 2013 12:39 PM

අපරාදේ බැරල් එකකට හැලුවා නම් දන්සැලක්වත් පස්සෙ දවසක පෝයකට දෙන්න තිබුනා. කොහොමත් ලංකාවේ බෞද්ධයෝ වැඩියෙන්ම බොන්නේ ලොකුම පෝය දෙකටනේ. (ස)

:       0       0

දර්ශිකා Monday, 16 September 2013 12:41 PM

මේවා නතර කරන්න කවුරුවත් බලධාරින් නැද්ද (දී)

:       0       0

වරුණ Monday, 16 September 2013 12:49 PM

මැරෙන්න බෙරිහන්දෙන්නේ මතට තිත කියල . ඒ වුනාට බාර් පර්මිට් 300ක් දීලලු අලුතෙන් අයියෝ අපේ රට බෙබේලගෙන් පිරි ඉතිරි යනවා (දී)

:       0       0

සම්පත් Monday, 16 September 2013 12:50 PM

මමනම් කියන්නේ ආණ්ඩුව හරි. මිනිස්සුන්ට තව තව බදු දාන්න ඕන. එතකොට මේ වගේ අනවශ්‍ය වැඩ නවත්වයි (දී)

:       0       0

දයා අළහකෝන් Monday, 16 September 2013 05:45 PM

මේක නම් සහගහන අපරාධ්‍යක් (නි)

:       0       0

මොහාන් Monday, 16 September 2013 12:56 PM

අරක්කු හලන එකෙනුත් වාසිය ආණ්ඩුවට. මිනිස්සු යන ගමන් බොන්න ගන්නවා ආපහු තිස්සමහාරාමේ බාර් එකෙන්. (දී)

:       0       0

සුමුදු Monday, 16 September 2013 12:58 PM

මොනවා උනත් නියම වැඩේ (දී)

:       0       0

අමිල - බලන්ගොඩ Monday, 16 September 2013 01:03 PM

හරි වචනේ පහුරද? පවුරද? මම දන්නා හැටියට පහුර කියන්නේ වතුරේ පදින යාත්‍රාවක්. කොහොම උනත් මෙතන ගොඩක්ම තියෙන්නේ සාමාන්‍ය ජනය බොන වර්ගෙයේ බෝතල් . සුපිරි වාහන වලින් ආපු කීදෙනෙක් පරීක්ෂා කරලා සුපිරි වර්ග වල බෝතල් කීයක් අල්ලගත්තද? මේවා බොරු විකාර. විකුනන්න තහනම් කරන්නේ නැතුව අමාරුවෙන් සල්ලි දීල ගන්න බෝතල් විසිකරන එක හරිද? අනික මේවා පන්සල ඇතුලේ බොන්න ගේනවා කියල කොහොම කියන්නද? සුරාව, සූදුව, ස්ත්‍රිය, ඔය තුනේම තියන රසය විඳින්න හොඳ හදවතක් වගේම ඔලුව ඇතුලේ බුද්ධියක් තියෙන්න ඕනි. (දී)

:       0       0

කින් බෙනට් Monday, 16 September 2013 01:13 PM

ඉතින් අනේ ඔය මිනිස්සු ඔය බෝතල් සල්ලි දීල ගන්නෙත් ඔය හලන්න කියල නීති දාන රට පාලනය කරන අයගේ තැබෑරුම් වලින් නේ ..පුද්ගලික වාහනයක් නවත්වල ආරක්ෂක අංශ වලට මෙහෙම වාහනේ ඇතුලේ තියෙන බඩු මේ යුද්දයක් නැති කාලෙත් පරික්ෂා කරන්න බලයක් දුන්නේ කොහොමද ? මේ වගේ දේවල් වලින් පෙනෙන්නේ රටේ සාමාන්‍ය ජනතාව ව තාම පිළිගන්නේ 3 වන පන්තියේ තත්වයෙන් බවයි ..අරක්කු බෝතලයක් කාටවත් නොපෙනෙන්න වාහනයක් ඇතුලේ තියෙනවා නම් , බිලත් නැතිනම් , මෙහෙම කොහොමද කෙනෙක් සල්ලි දීලා ගත්ත නිත්‍යානුකුල බීමක් බලහත්කාරෙන් හලලා දාන්නේ ? ඕවලට ඉතින් අපි කතා කලාට වැඩක් නැ.. (දී)

:       0       0

නිරන්ජන් Monday, 16 September 2013 01:13 PM

බහුතර ජනතාවගේ එකම පානය..................

:       0       0

දිනේෂ් ශ්‍රී Monday, 16 September 2013 06:05 PM

පූජනීය ස්ථානයක මත්පැන් පානය කරලා අවිනීතව හැසිරෙනවා කියන එක නරක වැඩක්. නමුත් මේ මිනිස්සු බොන්නේ නීත්‍යානුකූල මත්පැන්. ඒ කියන්නේ එතෙක් මෙතෙක් ලංකාවේ පැවති රජයන් විසින් මිනිසුන් විසින් පානය කළාට වරදක් නැහැ කියන පානයක්. රජය කරන්න ඕනෑ මෙහෙම තැන් තැන්වල වාහන පරීක්ෂා කරලා මත්පැන් බෝතල් හොයලා හලන එක නොවේ. මේ නීත්‍යානුකූලව දීලා තිබෙන බාර් ලයිසන් තහනම් කරලා සියලු අරක්කු බාර් වහලා දාන එක. එතකොට දේශිය හෝ විදේශීය කියන කිසිම මත්පැන් වර්ගයක් ලංකාවේ මිනිස්සුන්ට මිලදී ගන්න නැති වුනාම ඉබේම ලංකාවෙන් මත්පැන් තුරන් වෙලා යාවි. යහපත් ජන සමාජයක් බිහි වේවි. (නි)

:       0       0

නෙරන්ජ Monday, 16 September 2013 01:14 PM

ජීප් කාර් බලලම නැ වගේ (දී)

:       0       0

තරංග Monday, 16 September 2013 06:12 PM

අදහස් දැක්කහම අපිටත් බොන්න හිතෙනවා (නි)

:       0       0

ඉෂාර Monday, 16 September 2013 01:16 PM

සිතුල්පහුව විහාර දොරටුව ළගදී ඉන්න කූඹි වගේ සත්තු මේ දවස් වල පැය 24ම සූර් පිටලු ඉන්නේ (දී)

:       0       0

සැමන් Monday, 16 September 2013 01:19 PM

මේ ගොඩ වහලා තියන්න.. නැත්තං පස්සෙන් එන ඒවා ළගට එනකොට හංග ගනීවී. (දී)

:       0       0

චාමර Monday, 16 September 2013 01:27 PM

උපාලි, ඔබේ අදහස අනුමත කරන්න බැහැ. විජේසිංහ, අනුන්ට කෑ නොගහ ඔබ මේවට විරුද්ධව හඬක් නගන්න. ආනන්ද, ඔබ කොහොමද කියන්නේ 'බෞද්ධයන් පෝයට වැඩියෙන්ම බොනවා' කියලා. බොන අයගේ ආගම පරීක්ෂා කළාද? (ස)

:       0       0

දර්ශන Monday, 16 September 2013 01:40 PM

සිතුල්පව්වට මත්පැන් හා මත්ද්‍රව්‍ය රැගෙන ආවොත් ගැමුණුගෙන් කරදර වෙන්නත් වෙනවා. (දී)

:       0       0

තුසිත Monday, 16 September 2013 06:46 PM

අපි මෙහෙමයි නිවන් යන්නේ (නි)

:       0       0

චන්දි Saturday, 21 September 2013 09:30 AM

වරුණ මල්ලි, මට මේ ගැන කියන්න දෙයක් නැහැ. කියන්න තියෙන දේ කිවුවොත් සේරම එක්ක මට බනියි (ඔයාට විතරයි මාව මතක් වුනේ නේද )ඒකට ස්තුතියි (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 17 September 2013 07:50 AM

වරුණ මැරෙන්න බෙරිහන් දෙන්නේ මතට තිත කියලා . ඒ වුනාට බාර් පර්මිට් 300ක් දීලලු අලුතෙන්. අයියෝ! අපේ රට බෙබේලගෙන් පිරි ඉතිරි යනවා (නි)

:       0       0

සමන් ලංකාතිලක Monday, 16 September 2013 02:00 PM

මෙතන අදහස් පළකරලා තියෙන සමහරු කියන්න උත්සාහ කරලා තියෙනවා "සල්ලි දීල ගත්ත අරක්කු වාහනේ ඇතුලෙ තියෙනවා නම් ඇයි හලන්නේ? එහෙම හලන්න අයිතියක් නෑ. ඒක මානව හිමිකම් කඩ කිරීමක්ය" වගේ අදහසක්. නමුත් මම ඒ ගොල්ලන්ගෙන් අහන්නෙ මේ පුදබිමේ බොන්න තහනම් බව දන්නවා නම් ඇයි අරක්කු අරගෙන යන්නේ? නොදැනුවත්ව අරගෙන ගියා කියමුකෝ වාහනේ ඇතුලට වෙලා නොබී ඉඳීද අපේ මිනිස්සු. එතකොට අරක්කු බිවුවා කියලා වාහනෙන් බහින්නෙ නැතුව ඉඳීද? මේ අරක්කු අරගන්නේ නීත්‍යානුකූලව වෙන්ඩ පුළුවන් නමුත් මේ අරගෙන යන්න හදන්නෙ 'අරක්කු නීති විරෝධී' තැනකට, ඒ නීති පිළිපදින්න බැරිනම් නොයා හිටියාම ඉවරයි. ඒ වගේම අරක්කු බොන්න ඕන නම් පුදබිම් වලට යන්ඩ ඕන නෑනෙ. (ස)

:       0       0

රුපවති Monday, 16 September 2013 02:02 PM

මෙතන ඉන්න කව්රුවත් හිතුවද .මේ ගැන ..? අද අපේ රටේ, ආපහු ගෙදර එන්න බලාගෙන වාහනයකින් ගමනක් යනවා කියන්නේ ...කොටියාගේ කටට පනිනවා වගේ වැඩක් ...? මෙතැනදී පමණක් නොව මුළු රට පුරාම වාහන තුල මත්පැන් අත් අඩංගුවට ගැනීම වටී, රැගෙන යාම සපුරා තහනම් කලයුතුයි ..?බීල බීල ..පාරේ හිත පිත් නැති ..යකඩ ගොඩක් තල්ලු කරන්නේ .. මුළු රටේම ජනතාවගේ උගුරු දණ්ඩ මිරිකන්න බලාගෙන හොදට පදම් වෙලා..දත් විලිස්සගත්තු යක්ෂයෝ වගේ ...? (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1001 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6170 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3442 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 293 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1488 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1599 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28522 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23599 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site