IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


සතොස මහ පුටු හයක් ඉවතට

සමුපකාර තොග වෙළඳ සංස්ථාවේ (සතොස) සිදුවී ඇති මහා පරිමාණ දූෂණ වංචා සිද්ධි හෙළි කර ගැනීමට සඳහා සිදු කරන පරීක්ණ වලට අනිසි අන්දමින් බලපෑම් කරන බව කියන ඉහළම පෙළේ නිලධාරීන් හය දෙනකු වහාම ආයතනයෙන් ඉවත් කරන ලෙස බරපතල වංචා හා දූෂණ විමර්ශන කොමිසම කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශ ලේකම්ට දැනුම් දී ඇත.

කොමිසමේ සභාපති ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ අත්සනින් නිකුත් කළ ලිපියෙන් සතොස අතිරේක ලේකම් (වෙළඳ) ජී.ජීවානන්ද, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) ආසිරි ප්‍රනාන්දු, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මිලදී ගැනීම්) අංජන නිශ්ශංක, ජ්‍යෙෂ්ඨ කළමනාකාරු ජයවීර බණ්ඩාර, ප්‍රධාන ඉංජිනේරු කේ.ආරියවංශ සහ නීති උපදේශක (මිලදී ගැනීම්) වෛජයන්ති මාලා විජේතිලක ඉවත් කරන ලෙස දන්වා ඇත.

සතොස ආයතනයේ සිදුවී ඇති බරපතල වංචා සහ දූෂණ සිද්ධි සම්බන්ධයෙන් කරන පරීක්ෂණ වලදී කටඋත්තර ගත යුත්තේ මෙම නිලධාරීන් යටතේ සේවය කරන සේවකයින්ගේ බවත් විමර්ශනයට අවශ්‍ය වාර්තා ලබා ගැනීමේදී අනිසි ප්‍රමාදයන් හා විනිවිද භාවයකින් තොරව කටයුතු සිදුවන බව කොමිසමට අනාවරණය වීම නිසා කොමිසම විසින් මෙම දැනුම්දීම කර ඇත.



අදහස් (0)

සතොස මහ පුටු හයක් ඉවතට

අැක්ක Friday, 06 November 2015 03:16 AM

කොලඹ තියෙනව සතොස මිලදිම් අංශය කියල එතත් එ්කට මාසික වියදමට දෙන මුදල් ගැන කිසිම විඝණනයක් නැහැ(රේ)

:       0       0

බුද්ධි Friday, 06 November 2015 03:48 AM

වහාම පරීක්ෂණ කරන්න. තවත් ඉන්න පුලුවන්. (නි)

:       0       0

දිලිප් Friday, 06 November 2015 04:02 AM

සතොසේ පමණක් නොව, බොහෝ රජයේ හා අර්ධ රාජ්‍ය ආයතන වල සිදු වී ඇති දුෂණ හා වංචා යට ගැසී ඇත. නව රජය යටතේ එම ආයතන වල ඉහළ තනතුරු වෙනස් නොකර, දින සියයේ යටතේ පත් වූ අයම තවමත් සිටින නිසා නව ප්‍රධානින් පත් කරන තෙක් එම දුෂණ යට ගැසීම පවතිනු ඇත. යහපාලනය යටතේ එම තනතුරු වෙනස් නොවීම අරුමයකි. (ම)

:       0       0

අැක්ක Friday, 06 November 2015 06:17 AM

මෙ කියන කොලඹ කාර්‍ය්‍යාලයේ වියදමට ලැබෙන මුදල එහි සේවක මණ්ඩලය අැති පදමට ණය හැටියටත් ඔවුන්ම අනුමත කර ගන්නවා. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 613 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 4092 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2531 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 241 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1316 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1433 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 27673 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23556 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 401 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site