IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


සෞදි කම්කරු නීති බළ ගන්වයි

සෞදි අරාබියේ සේවය කරන රියදුරන් හා ගෘහ සේවක සේවිකාවන්   සහ   හාම්පුතුන් අතර අන්‍යෝන්‍ය බැඳීම  වර්දනය කිරීම සහ දෙපාර්ශවය අතර අනිසි ගැටුම්  වැළක්වීමේ අරමුණෙන් සෞදි රජය විසින් ගෙන එනලද නව රෙගුලාසි පිලිබදව මානව හිමිකම් කොමිසම සහ විදේශ රැකියා ආයතන සතුට පළකරන බව එරට පුවත්පත් සඳහන් කරයි.

 නව රෙගුලාසි අනුව ගෘහ සේවක සේවිකාවන් හට මාසය අවසානයේදී නියමිත වැටුප අනිවාර්යයෙන්ම ගෙවිය යුතු අතරම දිනපතා පය 9 ක විවේක කාලයක් ලබාදිය යුතුය.

සෑම සතියකටම එක් දිනක් නිවාඩු ලබාදිය යුතුය,මෙම නීතිය උල්ලංගනය කරන හාම්පුතුන් සදහා සෞදි රියාල් 2000 සිට 5000 ක (රුපියල් 31623.8 - 79059.5) දඩ    නව නීතිය අනුව අයකර හැකි බවද පවසයි.
කෙසේ වුවද මානව හිමිකම් කොමිසමේ සහ විදේශ රැකියා ආයතන ප්‍රධානීන් පැවසුවේ අපරාද ,අඩම්තේට්ටම් සහ විවිධ හිංසන ක්‍රියා නතර කිරීමට මෙන්ම  සුහදත්වය වර්දනය කිරීමට  දෙපාර්ශවයම වගකීමින් තම රාජකාරිය නිසිලෙස ඉටුකළ යුතුබවයි.

නමක් සදහන් නොකළ නිලධරයකු පුවත්පතට පැවසුවේ  මෙම නව නීතිය මගින් ගෘහසේවක සේවිකාවන් අපරාධ වලට සම්බන්ධ වීම  අවම කළ හැකි බවයි.

මේ අතර කම්කරු අමාත්‍යංශ නිලධරයකුපැවසුවේ ඉතා ඉක්මනින් ගෘහසේවක සේවිකාවන් පිළිබද රැකියා පරිගණක ගතකරන බවයි.



අදහස් (0)

සෞදි කම්කරු නීති බළ ගන්වයි

පසාල් Thursday, 05 June 2014 09:57 PM

ගෘහ සේවිකාවන් සෞදි අරාබියට යවන එක නවත්වන්න. (නදී)

:       0       0

උපුල් Friday, 06 June 2014 01:30 PM

නිතිය හොදය නමුත් ගෘහ සේවිකාවන් තමන්ට වන වැරදි වගකිව යුත්තන්ට දන්වන්නේ කොහොමද.අපේ එම්බසි කට්ටියනම් ගොඩක් දුරට කරන්නේ මුදලට අපේ කාන්තාවන් පාවා දිමය් . (දී)

:       0       0

සුනිල් රියාද් සිට Thursday, 05 June 2014 10:51 PM

මොන නීති ගෙනාවත් වැඩක් නැහැ තානාපති කාර්යාලය පණ නැත්නම්. පිලිපීන තානාපති කාර්යාලය ඊට හොඳම නිදසුන. පැවති නීතිය යටතේත් පිලිපීන සේවකයින්ව හොඳින් ආරක්ෂා කළා. සෞදි වැසියන්ගේත් පිළිගැනීමක් තියෙනවා තානාපති කාර්යාලයට. ලංකාවේ තානාපති කාර්යාලේ අයව රියල් 1.50 බීම කෑන් එකටත් ගන්න පුළුවන් කියල සෞදි වැසියෝ කියන්නේ. ඉතින් කොහෙද මොන නීති ආවත් අපේ අයට ආරක්ෂාවක්. ඇත්ත තත්ත්වය මේකයි.(නදී)

:       0       0

රනිල් හේවගේ Thursday, 05 June 2014 11:37 PM

අපිට හරිම සන්තෝෂයි එහෙම දෙයක් වෙනවා නම්... (නි)

:       0       0

ධනුෂ්ක Thursday, 05 June 2014 11:37 PM

මේවා ක්‍රියාත්මක වේවිද කියන එකයි සැක (නි)

:       0       0

මනෝජ් Friday, 06 June 2014 01:05 AM

මොන නීති දැම්මත් සෞදිය ගැන නම් මගේ කිසිම පැහැදීමක් නැහැ (නි)

:       0       0

පීරිස් Friday, 06 June 2014 01:07 AM

බලමුකෝ කොහොම වෙයිද කියලා. හොඳක් වෙනවා නම් සතුටුයි (නි)

:       0       0

ලහිරු Friday, 06 June 2014 01:19 AM

මේවා කවදා ක්‍රියාත්මක වේවිද කියලයි අපි බලා සිටින්නේ (නි)

:       0       0

සඳලි සිතාරා Friday, 06 June 2014 01:53 AM

ඔවා වෙනවා නම් හොඳයි. එ්ත් වෙන්නෙ නැති එකයි ප්‍රශ්නෙ. මොකද අපි දන්නවා මෙහෙ මිනිස්සු මොන වගේද කියා.(නදී)

:       0       0

රමණී කුසුම ලතා Friday, 06 June 2014 02:33 AM

බලමුකෝ මොනවද වෙන්නේ කියා.(නදී)

:       0       0

චාමර Friday, 06 June 2014 05:19 AM

මේවා කවදා ක්‍රියාත්මක වේද දන්නෙ නැහැ. ඒත් මේ රටවල දුක් විඳින අපට මෙය අහන්න ලැබීමත් ලොකු සතුටක් (නි)

:       0       0

සුනිල් රියාද් සිට Friday, 06 June 2014 04:35 PM

මගේ ප්‍රතිචාරයට සාධාරණයක් කළාට ස්තුතියි. කෙසේ වෙතත් මම කරන්නෙ සාධාරණ විවේචන. (ස)

:       0       0

ටෙනිසන් Thursday, 05 June 2014 04:22 PM

සතුටුදායක ආරංචියක්.ප්‍රථිපල කොහොම වෙයිද කියන එකනම් දැම්ම කියන්න බැහැ. කෙසේ වෙතත් සෞදි රජතුමාට හා පාළකයින්ට අපේ ප්‍රණාමය.(දිල්)

:       0       0

සුමිත් Thursday, 05 June 2014 04:32 PM

මේ විදියට ක්‍රියාත්මක වෙනවනම් අපිට ගොඩක් සතුටුයි (දිල්)

:       0       0

ශාමල් Friday, 06 June 2014 08:15 AM

ගිවිසුම් ගැහුවට, සම්මුතියකට ආව කිව්ව්ට ලංකාවෙ ඉන්න බලධාරීන් දන්නෙ නෑ සෞදිකාරයො හිතුවක්කාරයෝ කියා.(නදී)

:       0       0

ලලිත් - එස්.එල් Friday, 06 June 2014 08:43 AM

සෞදි හාම්පුතුන් ඕවා ගණන් ගන්නේ නැහැ.(නදී)

:       0       0

නුවන් Thursday, 05 June 2014 05:36 PM

ඇත්තටම ගොඩක් සතුටුයි ඒ වගේ දෙයක් කරනවා නම් (නි)

:       0       0

නිලන්ග Thursday, 05 June 2014 05:55 PM

බලමුකෝ කොහොම ක්‍රියාත්මක වේවිද කියලා (නි)

:       0       0

සරත් Thursday, 05 June 2014 06:28 PM

බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

පාලිත හේමචන්ද්‍ර Friday, 06 June 2014 10:19 AM

සව්දි විතරක් ඇයි? අනෙක් මද පෙරදිග රටවලටත් මේ පහසුකම් ලබා දෙන්න (දී)

:       0       0

රොෂාන්ත Friday, 06 June 2014 06:22 PM

නීතිය කොහොමත් මට නම් මාස3ක පඩිත් නැහැ.යවන්නෙත් නැහැ. මොනවා වෙයිද කියල දෙයියෝ තම‍යි දන්නේ. (අ)

:       0       0

රන්ජිත් Thursday, 05 June 2014 07:07 PM

අප වැනි රියදුරන්ට මෙම නීතිය ක්‍රියාත්මක වුවහොත් එය ලොකු අස්වැසිල්ලක් වේවි (නි)

:       0       0

රන්ජිත් Thursday, 05 June 2014 07:11 PM

මේවා මේ ආකාරයෙන්ම ක්‍රියාත්මක වුවහොත් හොඳයි (නි)

:       0       0

මජ් ඉර්ෂාඩ් Sunday, 08 June 2014 04:19 AM

ජයවේවා (දී)

:       0       0

නිහාල් අදිකාරිනායක Thursday, 05 June 2014 07:17 PM

ඔය කිව්වට කවදාවත් වෙන්නේ නැහැ.(නදී)

:       0       0

ජයම්පති Friday, 06 June 2014 11:11 AM

ඕවා වෙනවා නම් හොඳයි (දී)

:       0       0

ෆර්ඩීන් Thursday, 05 June 2014 07:29 PM

කියලා විතරක් මදි. කරන්නත් ඕනෑ (නි)

:       0       0

දිනේෂ් Thursday, 05 June 2014 07:51 PM

මෙහේ සමහර ගෘහ සේවිකාවන් ගෙවල් ඇතුළට වුණහම නැවත මවුරටට යනතුරුම දකින්නවත් නැහැ. ඉතින් කොහොමද එයාලට කරදරයක් වුණහම කියන්නේ? (නි)

:       0       0

බුද්ධික Thursday, 05 June 2014 07:55 PM

මේවා මේ විදියටම වුණොත් කොච්චර හොඳද? (නි)

:       0       0

ජයේ Friday, 06 June 2014 09:12 PM

නමක් කියාගන්න බැරි නිලධාරින් මේවා කරයි කියලා කොහොම හොතන්නද? (දී)

:       0       0

කිරුළු Friday, 06 June 2014 09:13 PM

හදයි සන්තෝසයි දිගටම ක්‍රියාත්මක උනොත් (දී)

:       0       0

අතුල - සෞදි Thursday, 05 June 2014 08:49 PM

මෙව්වා නම් කක්වදවත් වෙන ඒවා නම් නෙමෙයි. ඕවා පොතට විතරක් සිමා උන සෞදි කාරයන්ට වලංගු නැති නීති. (නදී)

:       0       0

ෂෙරිෆ් Thursday, 05 June 2014 09:25 PM

කොහෝම හරි කමක් නැහැ දෙරට අතර තියෙන සුහදත්වය තව දියුණු කරගන්න උත්සහ කරමු, (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉකුත් ආණ්ඩුවේ අමාත්‍යංශ වාහන ගාලු මුවදොර ගොඩගහලා
2024 සැප්තැම්බර් මස 25 51 0

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් ක


‘‘ජනපතිගේ කකුලෙන් අදින්න එපා‘‘
2024 සැප්තැම්බර් මස 25 766 0

මේ රටේ දේශපාලඥයන් කරපු ජඩ වැඩ හින්දා, වෛරී දේශපාලනය තමයි අනුර කුමාර මහතාගේ ජයග්‍රහණයට හේතු වුණේ,යැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ පැව


නව ජනපතිට IMF සුබ පතයි
2024 සැප්තැම්බර් මස 25 540 0

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සු


පාස්පෝට් පෝලිම නැති කරන්න විකල්ප යෝජනා ඉල්ලුවා
2024 සැප්තැම්බර් මස 25 1705 1

මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන විදේශ ගමන් බලපත්‍ර ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් දෙන බවත් ලබන ඔක්තෝබර් මස 15ත් 20ත් අතර කාල වන විට පෝලිම අවසන්


බිත්තරයක් 30ට බහියි
2024 සැප්තැම්බර් මස 25 1585 4

පාසල් දුවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය පිරිමසාලීම වෙනුවෙන් ප්‍රවාහනය ද ඇතුළත්ව බිත්තරයක් රුපියල් 30ක මුදලට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සං


ඉරානය තර්ජනයක් ට්‍රම්ප් කියයි
2024 සැප්තැම්බර් මස 25 674 0

ඉරානයෙන් සිය ජීවිතයට විශාල තර්ජන තිබෙන බව ඇමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) ප්‍රකාශ කළේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36992 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24381 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 590 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 234 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site