රණවිරු රියල් ස්ටාර් දෙවන මෙහෙයුෙමේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් පස්වන ස්ථානයට හිමිකර ගත් සැරයන් ඉමාලි පතිරණ වෙත නිවසක් ප්‍රධානය කිරීම තලකිරියාගම පහලවැව යන ස්ථානයේදී ගුවන් හමුදධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි රොෂාණි ගුණතිලක මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
මෙම නිවස ඉදිකිරීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ලබා දී ඇති අතර සම්පූර්ණ ශ්‍රම දායකත්වය ගුවන් හමුදා සීගිරි කඳවුරෙන් දක්වන ලදී.
මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා සුභසාධක අධ්‍යකෂක එයාර් වයිෂ් මාර්ෂල් ලාල් පෙරේරා, ගුවන් හමුදා සීගිරි කඳවුරු අණදෙණ නිළධාරි විංග් කමාන්ඩර් සී පී ගුණතිලක ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකයෝ ඇතුලු ඉමාලි ගේ ඥාතීහු සහභාගි වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සන ගෙයක්, ලස්සන වටපිටාවක්, ලස්සන සෙබළියක්. (අ)
හරිම ලස්සනයි. (ත)
හැම දේටම වඩා ඔබේ නිහතමානී කම අක්කේ මේ (ස)
පස් වෙනියාට මෙහෙමනම් පලවෙනියාට කොහොම ඇත්ද? ලස්සන ගෙයක් (දී)
අපි හොදදේට හොදයි කියමූ (දී)
සුභපතනවා ඔඅබට (දී)
මේවා හොඳ වැඩ. ඔවුන් දිරි ගැන්වීමත් රටට ආස්වාදයක් ඔවුන්ගෙන් ලබා දීමත් මේවයින් සිදුවෙනවා.(නදී)
කෙනෙක්ගේ දක්ෂතාවයට, උත්සාහයට, ලැබුණු දෙයක් දිහා වැරදි කෝනෙන් බලන්න එපා. කෙනෙකුට ලැබීමක් තිබේනම් ඒක වලක් වන්න තවක් කෙනෙකුට බෑ. ඉමාලි සොයුරිය ඔබට සුබ පතනවා.(නදී)
මෙම හමුදා නිලදාරීන් සුදු පැහැති බුදු රුවක් උස්සා සිටීමත් බුදහු දහමට නිගාවක් කියා රටින් පිටුවහල් කරාවිද දන්නේ නෑ (ස)
ඉමාලි නෙවෙයි සුදුස්සා ගෙයක් දොරක් නොමැති යුද්දයේ මරු කටේ දි අබාදිත උන සෙබලු කී දෙනෙක් නම් ඇත්ද ඉමාලි යුද්දය ඇස් දෙකින් දැක්කාදවත් දන්නෙ නැහැ.(නදී)
සුබ පැතුම් ඉමාලි ...................... (දී)
ස්තුති (දී)
මෙම ත්‍යාගය ඔබට ලැබුනේ ගී ගයුවට පමණක්ම නොවේ කුරිරු ත්‍රස්තවාදී යුද්ද සමයේ අම්පාරේ බංකර තුල රට වෙනුවෙන් ඔබ කල අනුපමීය සේවාව වෙනුවෙනි. ඉමාලි , ඔබ අපට හැමදා වීර තරුවකි. ඔබට උණුසුම් සුබ පැතුම්! (අ)
රණවිරුවෝ ඉන්නවා නේද ඒ ළමයිට ගෙයක් හදලා දෙන්න තිබුන නේද? (නදී)
සුබ පැතුම්! දක්ෂ කමට ලැබුණු දෙයක්. සුබ අනාගතයක් සොයුරිය. (නදී)
අඩු පාඩු හොයනවා ඇරෙන්න මෙයාලට කියන්න දෙයක් නැද්ද? ලස්සන ගෙයක්. (අ)
හැමේටම ස්තුතියි
මෙහෙමයි පොන්සේකා මහත්තයෝ, අපි අඩු පාඩු දකින්නේ මිනිස්සුන්ගේ නෙමෙයි. වැඩ වල. එතකොට තමයි ඒ ගැන තවත් කෙනෙක් හිතන්නේ. අපි හැමෝම දන්නවා මේ වැඩේ සුපිරි වැඩක් කියල. එත් ඒ වැඩේට අදාලව එකේ ඇති අඩුවක් පෙන්නලා දීමයි කරන්නේ. නැතුව මේ සද්කාර්ය හෙළා දැකීමක් එහෙම නෙමේ. (අ)
හොඳ ත්‍යාගයක්,එත් ආරක්‍ෂිත සමහර දෑ මෙහි අඩංගු වී නැහැ.බලන්න පඩි පෙලට සම්බන්ධ ආරක්‍ෂිත වැට,ගොඩක් හිස්.මෙය දඟකාර කුඩා දරුවන්ට හිතකර නොවේ. ඉතින් මේ ගැන වැඩ කල්පනා කාරිවන්න. (අ)
අනේ මන්ද හොද නරක නෙමේ කියන්නේ ගාපු තීන්ත එකේ පාට..සිංහල අයගේ සිරිතක්ද මන්ද .ඇයට ඕනි පාට ඇය ගාන්න කියන්න ඇති ඉතින් ඔයාලට මොකෝ (අ)
නිමාලි ඔයාට මගෙන් සුබ පැතුම් ඔයාගේ දක්ෂ කමට විතරක්ම නෙමේ මෙවැනි තිළිණයක් ලැබුනේ ඔයාගේ වාසනාවත් බලපානවා,ජයෙන් ජයම වේවා,(අ)
නාවික සෙබළුන්ගේ ශ්‍රමය නොමිලේ ගත්ත එක වැරදිය. (අ)
ආශීර්වාද මුසු සුභපැතුම්. ඇස, කණ හා මනස විසින් ග්‍රහණය කරගන්නා වූ යහපත් ක්‍රියාවක් ඇසීමෙන්, දැකීමෙන් සහ සිතීමෙන් සිතෙහි හටගන්නාවූ ප්‍රභාස්වරය තුළින් නොමනා සිතුවිලි යටපත් වෙයි.(අ)
චමින්ද, ඒක තමයි මේ මාත් බැලුවේ මොකද මෙච්චර තද පාටක් ගේ ඇතුලට ගාල තියෙන්නේ කියල. ඉර එලිය වැටුනම කොහොම ඉන්නද? වාස්තු ශිල්පිය කොහෙන් ආව කෙනෙක්ද දන්නෑ. (අ)
කීප දෙනෙකුට මේ වගේ දෙනවට වඩා වැඩි දෙනෙකුට බෙදිලා යනවනම් වඩා හොඳයි. (අ)
මගෙන් සුබ පැතුම් ! හැබැයි, ඇස් නිලංකාර වෙන තැබිලි පාටක් නේ, ගේ ඇතුලට ගාලා තියෙන්නේ.කාගේද දන්නේ නැහැ පාට තේරීම ? (අ)
මේක අවශ්‍ය වැඩක් ද? (අ)
මෙයිට වැඩිය හොඳ නැද්ද රට වෙනුවෙන් දිවි පිදු දරුවෙකුට මේ ගෙවල් දුන්නා නම්.(නදී)