IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘සුදු වෑන් ගෝඩ් ෆාදර්ලා තවම නිදැල්ලේ‘

සුදුවෑන් සංස්කෘතියේ ගෝඩ් ෆාදර්ලා තවම නිදැල්ලේ සිටින බවත්, අපරාධ සඳහා යොදා ගත් දුරකතන මෙතෙක් සොයාගෙන නැති බවත් ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීර මහතා කියයි.
ඔහු මේ බව කීවේ  වෙබ් අඩවි වාරණය කිරීම හා මාධ්‍යවේදීන්ට හිරිහැර කිරීම ගැන ලංකාදීප එසැණ සමඟ කළ සාකච්ඡාවක දී ය.

ප්‍රශ්නය - ලංකාවේ දැන් මාධ්‍ය නිදහසක් නැති බවත්, බොහෝ මාධ්‍ය පක්ෂග්‍රාහීව කටයුතු කරන බවත් හිටපු ජනපති කියනවා. ඒ ගැන ඔබේ අදහස?

පිළිතුර -  ඔහුට මුලින්ම අමතක වුණේ ඔහුගේ තාත්තා ඔහුට දාපු නම. පර්සි මහේන්ද්‍ර කියන නම අමතක කරලා මහින්ද වෙනවා. පස්සේ ජනතාව වෙනුවෙන් පයින් කතරගම ගිය ගමන එහෙම අමතක වෙලා පවුලෙ එක එක්කෙනාට හෙලිකොප්ටර් නැතිව පොඩි දුරක්වත් යන්න බැරිවෙනවා . බලයට ගෙනා මංගල චන්ද්‍රිකා ශ්‍රීපති වගේ අය අමතක වෙලා   මරාගෙන මැරෙන බෝම්බ කරුවන් ගෙනා අය  ලොකු වෙනවා. යුද්දෙ දිනා දීපු හමුදාපතිව අමතක වෙනවා. යුද්දෙ දිනලා පාර්ලිමේන්තුවේ කරපු කතාව අමතක වෙලා ජාතිවාදය ආගම්වාදය කර පින්නා ගන්නවා. දැන් ඔහු මීට මාස 6 කට කලින් අවුරුදු 9ක් මේ රටේ හිටිය ජනාධිපති කියලා අමතක වෙලා.. ඒ කාලේ මාධ්‍ය ආයතන ගිනි තියපුවා, මාධ්‍යවේදීන් මරා දමපුවා, අතුරුදහන් කරපුවා, අමතක වෙලා.. ඒ කාලේ රාජ්‍ය මාධ්‍ය පක්ෂග්‍රාහීව වැඩ කළහැටි අමතක වෙලා. ඕක ලෙඩක්. ඉංග්‍රීසියෙන් කියන්නේ ඇමිනීසියා කියලා. සාමාන්‍ය සිංහල මිනිස්සු කියන්නේ ‘පිස්සු‘ කියලා.

ප්‍රශ්නය -  ලංකා ඊ නිව්ස් කාර්යාලයය ගිනි තැබීම ගැන නොයෙක් මත තිබෙනවා. සමහරුන් කියනවා එය ඔබම ගිනි තබා ගත් බව. පොලිසියෙන් ඒ දවස්වල කිව්වා එහි තිබී විවිධ දේ හමු වූ බව. මොකක්ද ඇත්ත කතාව? ඇයි ලංකා ඊනිව්ස් ගිනි කාර්යාලය ගිනි තියන්න ඇත්තේ?

පිළිතුර -  මම මගේ කාර්යාලය ගිනි තියාගන්නේ මොකටද? කාර්යාලය විතරක් නොවෙයි එතන තිබුනේ මං පාසල් යන කාලේ ඉඳලා එකතු කරපු පොත් පත්  තුන් දහසක් පමණ ගිනි ගෙන විනාශ වුණා. මගේ අම්මගෙයි තාත්තගෙයි මංගල පින්තූරෙ, මගේ දරුවන්ගේ මතක සටහන් පවා ගින්නෙන් විනාශ වුණා. එවැනි දෙයක් මටම කරගන්න මට පිස්සුවක් නෑ. අනෙක මං ඒ වන විට ලංකාවේ හිටියෙත් නෑ. විවිධ දේ හමුවුණා කියන්නේ කොන්ඩම් හමුවුනැයි පොලිසිය කියපු කතාව වෙන්න ඇති.  කොන්ඩම් කියන්නේ ගිනි ගැනීමක් ඇතිකරවන භාණ්ඩයක්ද? කොන්ඩම් කියන්නේ මොනවා හරි ආරක්ෂාවකට භාවිතා කරන දෙයක්නේ..  ගිනි තියන්න හේතු වුනේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හොරෙන්ම ගිහින් ඇමරිකාවේ හූස්ටන් වල තියෙන පිළිකා රෝගීන්ට පමණක් ප්‍රතිකාර කරන රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීම ගැන අප පළකළ පුවතයි. ඒ ගිනි තැබීම ගැන පරීක්ෂනයක් කරන්න ඕනේ. වැරදි කරුවන්ට දඬුවම් දෙන්න ඕනේ. අලුත් ආණ්ඩුව පවා ඒ ගැන පරීක්ෂණ නොකිරීම ගැන මං  ගොඩක් කලකිරීමකින් ඉන්නේ. මං ඒ ගැන අලුත් ආණ්ඩුවේ ප්‍රබලයෙකුගෙන් ඇහුවහම කීවේ මං ලංකාවට ඇවිල්ලා පැමිණිල්ලක් කරන්නේ නැතිනම් පරීක්ෂණ කළ නොහැකි බවයි. ඒක විකාර කතාවක්. මරා දැමූ මිනිහකුගේ මරණය ගැන පරීක්ෂණ කරන්න ඒ මිනිහා වළෙන් නැගිටලා ඇවිත් පැමිණිලි කරන්න ඕනෙද?  

ප්‍රශ්නය -  පෝද්දල ජයන්තට පහර දීම ගැන ඔබ සහ ලංකා ඊ නිව්ස් තවත් කෙනකු අත්අඩංගුවට ගත්තා නේද?

පිළිතුර - පෝද්දලව පැහැර ගත්තා කියලා මුලින්ම කීවේ ඒක දැකපු අසල කඩයක හිටිය කෙනෙක්. ඔහු දුරකථනයෙන් මට කීවා අන්න ඕගොල්ලන්ගේ අර පෝද්දල ජයන්ත වගේ කෙනෙක් දැන් ඇඹුල්දෙනියෙ හන්දියෙන් බස් එකෙන් බහිනවත් එක්කම සුදු වෑන් එකකට ඇදලා දාගත්තා කියලා. ඒ ගැන එවක ජනාධිපති මහින්ද රාජපක්ෂට කියන්න කියලා මම අපේ ප්‍රවෘත්ති කර්තෘට කිව්වා. පෝද්දලට කෝල් කළා. දුරකථනය වැඩ කලේ නෑ. ඔෆිස් එකෙන් පිටත් වුණාද කියලා හෙව්වා. පිටත් වෙලා තිබුණා. ගෙදරට කතා කළාම ගෙදරට ඇවිත් නෑ. එතැන ඉඳන් අපි පෝද්දල හොයා ගන්න ක්ෂණිකව මැදිහත් වුණා. ජනාධිපති මහින්ද ඒ වෙනකොටත් මාධ්‍යවේදීන් කණ්ඩායමක් සමග සාකච්ඡාවක හිටියේ. ඒ සාකච්ඡාවට පෝද්දල ගිහින් තිබුනේ නෑ. කොහොම වුනත් ඉක්මන් මැදිහත් වීම නිසා පැහැර ගත් මිනීමරුවන්ට පෝද්දල  මරා දාන්න කලින් එළියට දාන්න සිද්ධ වුණා.  ඒ ගැන අපෙන් පළිගන්න තමයි අපි පෝද්දල පැහැර ගැනීම ගැන දැනගෙන හිටියා කියලා කැකිල්ලේ නීතිය අනුව මාත් අපේ එවක ප්‍රවෘත්ති කර්තෘ බෙනට් රූපසිංහවත් එදාම හවස අත් අඩංගුවට ගත්තේ. රැයක් පොලිසියේ තියාගෙන ඉඳලා පහුවදා රිමාන්ඩ් කරන්නමයි හැදුවේ. ඒ අවස්ථාවේ අප මහේස්ත්‍රාත්ට ඉදිරිපත් කරපු පොලිස් නිලධාරියා මේක අසාධාරණයක් නිසා රිමාන්ඩ් කරන්න කියා ඉල්ලුවේ නෑ. එනිසා ඇප දුන්නා. පසුව නඩුව අහක දැම්මා. අපි දෙන්නාට මාස ගානක් හැමදාම ඉරිදට ගිහින් පොලිස් පොතේ අත්සන් කරන්න වෙලා තිබුණා. අර අප රිමාන්ඩ් කරන්නැයි නොඉල්ලූ පොලිස් නිලධාරියාව පසුවදාම ත්‍රිකුණාමලයට මාරු කළා.. එහෙම තමයි ඔය අද බුදු වෙලා වගේ කතා කරන රාජපක්ෂලා වැඩ කළේ..

ප්‍රශ්නය - ඊ නිව්ස් සේවකයකු වූ ප්‍රගීත් එක්නැලිගොඩට ඇත්තටම මොකද වුණේ? ඔහු අවසන් වරට ඔබ සමඟ ඉඳලායි ගියේ. ?

පිළිතුර - ඔහු අපේ සේවකයෙක් නොවෙයි. ඔහු ඊ නිව්ස් වෙනුවෙන් කළ කිසිදු සේවයකට මුදල් අරගෙන නෑ. ඔහු මගේ දීර්ඝ කාලීන මිතුරෙක්.. එදා මගේ ජීවිතයේ ඉතාම අවසනාවන්ත දිනය. තවමත් හීනෙන් පේනවා. එදා 2010 ජනාධිපතිවරණය දින දෙකකට කලින් දිනය. ප්‍රගීත් එදා උදේ මට කෝල් කරලා කීවා එයාගේ නිවස අසල අංක රහිත සුදුපාට වෑන් රියක් තිබෙනවා කියලා. මං කීවා ගෙදරින් එළියට බහින්න එපා. මං කළ හැකි දෙයක් කරන්නම් කියා. එවිට ඔහු කීවා මං දැනටමත් ගෙදරින් පිටත් වෙලා ඉන්නේ කියලා. ටික වේලාවකට පස්සේ ඔහු අපේ කාර්යාලයට ආවා. අප නොදන්නා කිසියම් පුද්ගලයෙක් දඹුල්ලේ සිට එනවා කියා ඔහු එන තුරු බොහෝ වේලා රැඳුණා. අන්තිමේ රෑ 7.30 පමණ ඒ පුද්ගලයා ත්‍රීවීලර් රථයකින් ආවා කීවා. ඔහු රාජගිරියේ කාර්ගිල්ස් ෂොප් එක අසල ඉන්නවා ඔහු සමග යනවා කියා ගියා. ප්‍රගීත්ගෙන් මා ඒ වෙලාවේ ඇහුවා කව්ද මේ කොහෙද යන්නේ කියා. ඔහු ඒ පුද්ගලයා ඉතා වැදගත් පුද්ගලයකු බවත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට ඔහු  හඳුන්වාදීමට අවශ්‍ය බවත් කියා ගියා.  ඒක තමයි අවසන් යෑම. ඒ ආව කෙනා තමයි ඔහු  පැහැරගැනීමට යෙදූ ඉත්තා. ඔහු පසුපස ඔහු  ඇරලන්න ගියානම් ආ  පුද්ගලයා කව්දැයි දැන ගන්න තිබුණා. එසේ කරන්නට නොහැකි වීම ගැන මා තවමත් දුක්වෙනවා. කොහොම වුනත් පහුවදා දහවල් 10.30 ට විතර තමයි දැන ගත්තේ ඔහු ගෙදර ගිහින් නැති බව. එදා ඉඳන් අද දක්වාම අපි ප්‍රගීත්ට වූ දේ හොයනවා.. හැබැයි එක දෙයක් කිව යුතුයි. පෝද්දල පැහැර  ගත් අවස්ථාවේදීම දැන ගත්තා වගේ ප්‍රගීත් එදා රෑ ගෙදර නොගිය බව එදා රෑම මා දැනගත්තා  නම් යම් වෙනසක් වෙන්න ඉඩ තිබුණා යැයි මට හිතෙනවා. කොහොම වෙතත් එදා පාන්දර 2 විතර වෙනකම්ම අපේ කාර්යාලය ගැන ඔත්තු බලමින් සුදු වෑන් රථයක් තිබුණා. එහි හිටියේ පාන්දර වෙලත් ටයි පටියක් බැඳගත් අයෙක්..  මේ වෙනකොට ගොඩක් දේ දැන් හෙළි වෙලා තියෙනවා. සීඅයිඩිය පරීක්ෂණ සිදුකරන නිසා ඒවා හෙලිදරව් නොකර ඉම්මු..!  ප්‍රගීත්  අතුරුදහන් කළ පුද්ගලයන්ට දඬුවම් ලැබේවි කියා විශ්වාසයක් තියෙනවා. “

ප්‍රශ්නය -  එක්නැලිගොඩගේ මරණය සම්බන්ධයෙන් රාජපක්ෂ රජයේ මෙන්ම වර්තමාන රජයේ ඉන්න ඇමැතිවරයකුට සමහරුන් ඇඟිල්ල දිගු කළා?

පිළිතුර - ඔය කියන්නේ චම්පික රණවක ඇමැතිවරයා ගැන. මා ඒක විශ්වාස කරන්නේ නෑ. කවදාවත් විශ්වාස කළෙත් නෑ. ඇඟිල්ල දිගු කරන අය කියන්නේ චම්පික රණවකගේ ලිංගික ජීවිතය ගැන ප්‍රගීත් ලියූ ලිපියක් නිසා චම්පික ප්‍රගීත්ගේ අතුරුදහන් කිරීමට සම්බන්ධයි කියා. එකක් කිව යුතුයි. ඔය කියන ලිපිය ලියුවේ ප්‍රගීත් නොවෙයි. එහි වගකීම මා දරනවා. ඒ ලිපියෙන් චම්පික රණවක ඇමැතිවරයාට ඍජුව චෝදනා කළෙත් නෑ. දැන් අන්තර් ජාලයේ සැරි සරන ලිපිය ව්‍යාජ මඩක්. අවසාන අතුරුදන් කිරීමට පෙර අගෝස්තුවේදි ප්‍රගීත් පැහැර ගැනීමකට ලක්වී තිබුණා. ඒ වනවිට ඔය කියන ලිපියක් පළවී තිබුනෙත් නෑ. පළමු පැහැරගැනීම කළ අයම තමයි දෙවැනි වරටත් පැහැර ගෙන අතුරුදන් කිරීමට වග කිව යුත්තේ. එවැනි තත්ත්වයක් තිබියදී චම්පික රණවක ඇමැතිවරයාට නිකරුණේ චෝදනා කිරීම වැරදියි. ඒක චම්පිකටත් ප්‍රගීත්ටත් දෙදෙනාටම කරන අවමානයක්, අසාධාරණයක්..“

ප්‍රශ්නය -  උදය ගම්මන්පිල කියනවා ලසන්ත වික්‍රමතුංග, ප්‍රදීප් එක්නැලිගොඩ ඇතුළු මාධ්‍ය වේදීන් මරා දැමීම, අතුරුදන් කිරීම හා පහරදීම් ගැන විමර්ශන ඔවුන්ගේ රජයක් යටතේ යළි අරඹන බව?

පිළිතුර - ගම්මන්පිල ආණ්ඩුවක් පිහිටුවන්න එපැයි.. ඔහු සම්බන්ධ ආණ්ඩුවක් එන්න තව දශක කිහිපයක් යාවි. ඒ වෙනකොට ලසන්තලා ප්‍රගීත්ලා ගැන විමර්ශන වෙලා වැරදි කාරයෝ දඬුවම් ලබා තියේවි. අනෙක පහුගිය කාලයේ මාධ්‍යවේදීන් ඝාතනය කරද්දි පැහැරගනිද්දි ගම්මන්පිල හොල්මන් පිල වෙලා හිටියාද?

ප්‍රශ්නය -  ඔබ ලංකාවෙන් පිටවූයේ ඇයි?

පිළිතුර - 2009 වසරේදි ලසන්ත ඝාතනයෙන් පස්සෙ මා රහස් පොලිසිය සහ වෙනත් ආරක්ෂක අංශ විසින් 9 වතාවක්ම ප්‍රශ්න කිරීම් වලට ලක් කළා. 2010 ජනාධිපතිවරණයට දින දෙකක් තියා තමයි ප්‍රගීත් පැහැරගත්තේ. ජනාධිපතිවරණය අවසන් ප්‍රතිඵලය නිකුත් වීමෙන් පසුව ලැබුණු තොරතුරු අනුව අප ආරක්ෂිත ස්ථාන වලට ගියා. ඒ ගිහින් විනාඩි 30 ක් යන කොටම කැබ් රථයකින් පැමිණි කළු ඇඳුම් ඇඳගත් පිරිසක් අපගේ කාර්යාලය වට කරලා අප සෙව්වා. ඉන්පසුව ඔවුන් අපගේ කාර්යාලට පිටතින් ඉබ්බන් දමා ගියා. අපට කාර්යාලයට යන්නත් බෑ. ඒ ස්ථානය හිමිකරුට තර්ජනය කළා. වතුර කැපුවා. දුරකථන කැපුවා. ඒ අතරවාරයේ මා එක රාත්‍රියක කාර්යාලය තිබූ ස්ථානයට ආවා. ඇවිත් මොහොතක් ගියේ නෑ පෙර කී කැබ්රථය හඹා ආවා. මා පලා ගියා. එක් රාත්‍රියක විනාඩි 15 දී  දුරකථන ඇමැතුම් 40 ගණනක් දෙමින් ‘උඹ කොහේ හිටියත් මරා දානවා පවුලේ අය මරා දානවා‘ කියමින් තර්ජනය කළා. ඒ දුරකථන අංක මා සතුව තියෙනවා. ඒවා කොම්පියුටර් ජෙනරේටඩ් අංක. ඉන්පසුව මාසයක් පමණ කාලයක් සැඟවී සිටීමෙන් අනතුරුව තමයි රටින් පිටත්ව ගියේ. 

ප්‍රශ්නය -  ඊ නිව්ස් තහනම් කළේ ඇයි?

පිළිතුර - ඒක හරියටම දැන ගන්න පුළුවන් මහින්ද රාජපක්ෂගෙන්ම තමයි. නමුත් මා විශ්වාස කරන්නේ භාරත ලක්ෂ්මන් ඝාතනයෙන් පසුව එය වසන් කරන්න රාජපක්ෂ රෙජීමය උත්සාහ කරද්දී ඒ ගැන සත්‍ය තොරතුරු හෙලිදරව් කිරීම තමයි තහනම් කිරීමට ආසන්න හේතුව වුනේ..

ප්‍රශ්නය - ඔබ වෙබ් අඩවියේ භාවිත කරන ඇතැම් වචන ගැන විවේචන තිබෙනවා?

පිළිතුර - ලංකාවේ වැඩිම මර්දනයකට ලක්වූ මාධ්‍යය ලංකා ඊ නිව්ස්. රාජපක්ෂ රෙජීමය මගේ මිතුරන් අතුරුදන් කරද්දී, මගේ මාධ්‍ය සගයන්ව නිකරුනේ අත් අඩංගුවට අරන්  හිර ගෙවල්වල ලග්ග වද්දී, මගේ දේපොල ගිනි තියද්දී, මගේ මාධ්‍යය සම්පූර්ණයෙන්ම තහනම් කරද්දී, මා වසර 48 ක් ජීවත් වූ උපන් බිමේ ඉන්න නොදී එළවා දමා නාඳුනන රටක සරණාගතයෙක් කරද්දී, මගෙන් කාලිදාසයන්ගේ කාව්‍යමය භාෂාව බලාපොරොත්තු වීම විහිළුවක්.., අනෙක පසුගිය වසර පහක කාලයේ මා ලීවේ නිදාගත් මිනිසුන් අවදි කරන්න..ඒක දැනුවත්ව භාවිතා කළ විලාසයක්. දැන් එහි කඩ ඉමකට ඇවිත් තියෙනවා. තහනම ඉවත් වෙලා තියෙනවා. සමාජය යහපත් වේවි. අනාගතයේ ඊට ගැලපෙන ලෙස අපේ භාෂාවත් වෙනස් වේවි.  

ප්‍රශ්නය -  රට ගිය මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් ලංකාවට ආවා. ඇයි ඔබ ලංකාවට නාවේ?

පිළිතුර -  කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි දැන් සුදු වෑන් වලින් මාධ්‍යවේදීන් පැහැර ගන්නේ නැති වුනාට පැහැර ගැනීම් මරා දැමීම් ගිනි තැබීම් කළ අපරාධ කරුවන් සහ ඔවුන්ගේ ගෝඩ් ෆාදර්ලා තවම නිදැල්ලේ. කිසිවෙක් අත් අඩංගුවට අරන් නෑ.  ඔබ දන්නවාද රාජපක්ෂ රෙජීම සමයේ ජනාධිපති ආරක්ෂක අංශයෙන් අතුරුදහන් වූ අවි ආයුධ රැසක් තවම සොයාගෙන නැති බව.? ඔබ දන්නවාද කිසිදු තැනක ලියාපදිංචියක් නොමැතිව මිනීමරු කල්ලි භාවිතා කළ දුරකථන රාශියක් තවමත් සොයාගෙන නැති බව. ඒවා තවමත් ක්‍රියාත්මකයි.. ඒ කියන්නේ තවම අනතුර පහව ගොස් නෑ. දෙවැන්න තමයි, මා රටින් පිටවූ පසුව මා නිර්මාණය කළ මගේ අභ්‍යන්තර තොරතුරු සේවයක් තිබෙනවා. එහි දහසකට ආසන්න පිරිසක් සෑම ක්ෂේත්‍රයකම ස්වේච්ඡාවෙන් ක්‍රියා කරනවා. එනිසා රටේ සැබෑ තත්ත්වය ගැන මට ඉතා හොඳ තක්සේරුවක් තිබෙනවා. ආරක්ෂාව ගැන බියක් නැති බව මගේ අභ්‍යන්තර තොරතුරු සේවය තහවුරු කළ පසු සහ මා දැන් ජීවත් වන රටේ ආරක්ෂක අංශ විසින්ද ලංකාවේදී මගේ ආරක්ෂාව ගැන බිය නොවන්නැයි මට උපදෙස් දුන් පසු මා ලංකාවට එනවා.“

ප්‍රශ්නය -  ලංකාවේ තොරතුරු ඔබට ලැබුණෙ කෙසේද?

පිළිතුර -  මම මේ කිසිවක් තනියම සිදු කළේ නෑ.   රටේ විශාල පිරිසක් ලංකා ඊ නිව්ස් සමග එක්ව පරිත්‍යාගශීලීව බිය නැතිව තොරතුරු දුන්නා.  ඒ සත්‍ය පිළිගත් ජනතාවක් හිටියා. ඔවුන් නැතිනම් ඊ නිව්ස්   නැහැ.  ගිනි තැබූ අවස්ථාවේදී මෙන්ම තහනමින් පසුවත් අපට මුදලින් ශ්‍රමයෙන් ද්‍රව්‍ය වලින් පරිත්‍යාග කළ ජනතාවට සංවිධාන වලට ස්තුති කරනවා.



අදහස් (0)

‘සුදු වෑන් ගෝඩ් ෆාදර්ලා තවම නිදැල්ලේ‘

කරුණාරත්න Wednesday, 29 July 2015 01:42 PM

සඳරුවන් සේනාධීර තුන්කල් දක්නා නුවණක් ඇති බොහෝ දැනුම් සම්භාරයක් ඇති පුද්ගලයෙකු හැටියටයි මට පෙනෙන්නේ (නි)

:       0       0

නිශාන්ත Wednesday, 29 July 2015 01:48 PM

ලංකා ඊ නිව්ස් ඉතාම හොඳින් මහන්සියෙන් කරන මාධ්‍ය මෙහෙවරක්. සත්‍ය බය නැතුව ප්‍රකාශ කරන්න පුළුවන් කොන්දක් තිබෙන පත්‍රයක්. (නි)

:       0       0

අමිල් Wednesday, 29 July 2015 01:55 PM

මට කියන්න හිතෙන දේ නොකියාම ඉන්න තීරණය කළා (නි)

:       0       0

පෙරේරා Wednesday, 29 July 2015 09:34 AM

ඒ වුණාට මහින්ද යුගය කාලේ හරි ජොලි!! (ම)

:       0       0

ඉන්දික Wednesday, 29 July 2015 02:17 PM

ඇයි එහෙනම් ඒ වැරැදි කරුවන් අත්අඩංගුවට නොගන්නේ.(හේ)

:       0       0

කැනඩා දිසා Thursday, 30 July 2015 03:29 AM

එල සද , එලයි. (නදී)

:       0       0

කසුන් Thursday, 24 March 2016 05:08 PM

මම නම් කියන්නේ අනුන් හදන්න ප්‍රථම තමන් හැදෙන්න ඕනෑ කියලයි (නි)

:       0       0

චන්න බුවනක Wednesday, 29 July 2015 02:38 PM

ඔබල කොහේ ඉඳල හරි මේවා ලොවට හෙළි කරන එක ලොකු දෙයක්. කවද හරි සත්‍යය දිනයි.(බ)

:       0       0

සිරිමෙවන් Wednesday, 29 July 2015 03:05 PM

රට වෙනුවෙන් උදාර සේවයක් කළ නිර්භීත සැබෑ මාධ්‍යවේදියෙක්. නිහාල්, සඳු, ඔබලා හෝ ඔබලාගේ කිට්ටු ඥාතියෙකුට මෙවන් අසාධාරණයක් වෙනතුරු ඔබගේ ඇස් ඇරෙන්නේ නෑ. මෙය ඔබලාගේ වරදක් නොව ඔබගේ හෘද සාක්ෂියේ හෝ ජානමය දෝෂයකි. (නි)

:       0       0

නිශේන් Wednesday, 29 July 2015 03:05 PM

සියළුදේටම පෙර අපි අපේ රට ගැන සිතිය යුතුයි (නි)

:       0       0

සත්‍යා Wednesday, 29 July 2015 03:09 PM

මේ ලියන මාද සඳරුවන් මුහුණ පෑ සිද්ධියට සමාන ජීවිත අනතුරකට දැනට දශක කිහිපයකට උඩදී මුහුණ දුන්නා. ඒ තත්වයට මුහුණදීමට සිදුවුයේ දේශයට ද්‍රෝහීවීම නිසා නොව අසාධාරණයට විරුද්ධව හඬ නඟන්න යාම නිසයි. ලංකාව මෙතෙක් පාලනය කරපු කිසිම් ආණ්ඩුවකට මේ චෝදනාවෙන් ගැළවෙන්න ලැබෙන්නේ නැහැ. මෛත්‍රී මහතාවත් මේ තත්වය වෙනස් කළයුතුයි. (නි)

:       0       0

මාලක Thursday, 30 July 2015 04:01 AM

මෙවැනි නීර්බීත මාද්යවෙදීන්ට මාගේ ස්තුතිය. ඇත්ත තිත්ත බවත්, දකින දේ තීරණය වෙන්නේ දාගෙන ඇති කණ්ණාඩියේ පාට අනුව බවත් නොතේරෙන බාල බොලන්දයින් ගැන කණගාටුයි. (නදී)

:       0       0

නිහාල් Wednesday, 29 July 2015 10:11 AM

මේ මාධ්‍යවේදියොද මෙයාලට මාධ්‍යවේදියෝ කිව්වොත් ඇත්ත අයට කියන්න නමක් නෑ. (බ)

:       0       0

ලෙස්ලි ලෝව් මිලානෝ Wednesday, 29 July 2015 03:19 PM

සදරුවන් මහතා කියන දේ සැහැල්ලුවට ගන්න එපා. අපි එරෙහි විය යුතු වන්නේ පුද්ගලයින්ට නොව මේ ක්‍රමයටයි. මේ ක්‍රමය වෙනස් කිරීමට තමයි මයිත්‍රී ජනාදිපති තුමා යටතේ ඒ ජා ප ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ (නදී)

:       0       0

අංගොඩ ලාල් Wednesday, 29 July 2015 10:27 AM

සඳරුවන් සේනාධීර කියන මේ නිර්භීත , අවංක මාධ්‍ය වේදියා මේ විදියට මිනීමරුවන්ගෙන් බේරිලා වෙනත් රටක ඉඳල හරි තමන්ගේ රට වෙනුවෙන් කරන මාධ්‍ය මෙහෙවර ඉතාමත් ඉහලයි , අගේකල යුතුයි . ඉතා ඉක්මනින්ම රට හැර ගිය මෙවැනි උගත් , දක්ෂ , නිර්භීත මිනිසුන්ට අපේ රටට නැවත පැමිණිය හැකි පරිසරයක් උදාවේවි කියල බලාපොරොත්තුවෙන්න පුළුවන් ලකුණු පහල වෙලා තියෙනවා . එතෙක් ඔබට ජය හා නිදුක් නිරෝගීකම ප්‍රර්ථනා කරනවා . (නදී)

:       0       0

නන්දලාල් ප්‍රංශය Wednesday, 29 July 2015 10:28 AM

ඒක කවුරුත් දන්නා "රහසක්" බව යලිත් වරක් පසුගිය දවසක මිරිහාන පැත්තේ උන සිද්දියෙන් පැහැදිලි උන බව මුළු රටම දන්නවා. මිරිහාන සිද්දිය රනිල් මෛත්‍රී රජය මගින් කල එකක් බව විදහා දැක්වීමට කල්ලිය කරපු වැඩක් බවත්, අනුකම්පාව දිනා ගෙන ඡන්ද හිඟා කෑමට කරපු උප්පරවැට්ටියක් බව හැමෝම දන්නවා. (නදී)

:       0       0

යොහාන් Wednesday, 29 July 2015 03:44 PM

අනේ මන්දා! මම නම් මොකුත්ම කියන්නේ නැහැ (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 29 July 2015 04:01 PM

සැබෑ අපරාධකරුවන් අල්ලලා දඩුවම් පැමිණවීම රජයේ යුතුකමක්. (නි)

:       0       0

ඉඳුනිල් Wednesday, 29 July 2015 04:31 PM

මෙයා සඳ රුවන් කියල නම වෙනස් කර ගත්ත් කෙනෙක්. අපි මෙයාව ඉස්සර ඉඳන් දන්නවා. (නදී)

:       0       0

සනා Wednesday, 29 July 2015 05:26 PM

නිහාල්, එහෙනම් උඹ කියන්නේ අර ජනපති වරණයට කලින් මැරුන මහින්දට කඩේ ගිය දෙන්නා පත්තර කාරයෝ කියලද ? (නදී)

:       0       0

ටෝනි. ආර්. Wednesday, 29 July 2015 05:37 PM

කලබල වී ලංකාවට පැමිණිය යුතු නැත. ඊට පෙරාතුව ඔබ විසින් "ලංකා ඊ නිව්ස්" හරහා කළ යුතු බොහොමයක් කාර්‍යය භාරයන් ඇත. ඒ සැවොම නිමා කොට, වඩාත් ආරක්ෂිත තත්ත්වයක් උද්ගතවූ පසු ලංකාවට පැමිණෙන්න. අගෝස්තු 18 දාට පසුව නම් වඩාත් සුභදායක විය හැක.(නදී)

:       0       0

සේන Wednesday, 29 July 2015 12:05 PM

ඒ නිව්ස් ගිනිතියපු මිනිස්සු අල්ලලා දඩුවම් පැමිණවීම රජයේ යුතුකමක්. (බ)

:       0       0

ලුම්බිණි Wednesday, 29 July 2015 12:06 PM

ඔබ කරපු සේවයට සහ කරන සේවයට අපේ උපහාරය (බ)

:       0       0

සඳු Wednesday, 29 July 2015 12:07 PM

"මාධ්‍යවේදියා" කවුද මෙයාද ? (බ)

:       0       0

වින්සන්ට් Wednesday, 29 July 2015 07:01 PM

මල්වට්ටිය අරගෙන වට වන්දනාවේ යන හිටපු ජනාධිපතිතුමා දකිනවිට මේවා කොහොම පිළිගන්නද? තවමත් සත්‍ය හෙළි කර නොදෙන "කුමට එරට නීතිය අධිකරණය හා විනිසුරන්"(නදී)

:       0       0

විපුල Wednesday, 29 July 2015 07:12 PM

අපිට අතීතයත් මතකයි වර්තමානයේ වෙන දේවලුත් පෙනෙනවා (නි)

:       0       0

ශාන් Thursday, 30 July 2015 01:49 PM

අපි හැමදාම සත්‍යය එක්කයි. හොරුන්ට නම් අායෙත් අපේ මවු බිම උන්ගේ බුදලය වගේ කන්න දෙන්නේ නෑ නෑ මයි.(නදී)

:       0       0

තිළිණ Wednesday, 29 July 2015 07:18 PM

ලංකාදීපයට ස්තූතියි! (නි)

:       0       0

විජේසුන්දර Wednesday, 29 July 2015 07:18 PM

හොඳ සාකච්ඡාවක් (නි)

:       0       0

කුමාරි Wednesday, 29 July 2015 07:17 PM

රට බේරාගත්තේ මහින්ද බව දැන් ගොඩක් අයට අමතකයි (නි)

:       0       0

සමීර කළුපහන Wednesday, 29 July 2015 12:29 PM

නිහාල් මහත්තයා කවද්ද ඉපදුනේ මේ ලෝකෙට හැබෑටම (නදී)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 29 July 2015 12:33 PM

සඳරුවන් සේනාධීර කියන්නේ මෑත ඉතිහාසයේ සිටිය නිර්භීතම මාධ්‍යවේදියෙක්. සඳරුවන් සේනාධීර රට වෙනුවෙන්, රටේ අනාගත දරු පරම්පරාව වෙනුවෙන්, දුක් විදින අසරණ මිනිසුන් වෙනුවෙන්, ඒකාධිපතියෙකුගේ අසරණ වහලුන් වෙනුවෙන් කරන්න පුළුවන් උපරිමයෙන් සේවය කළා. මරණය පෙනී පෙනී නොබියව සත්‍ය හෙලිකිරීම වෙනුවෙන් සඳරුවන් සේනාධීර මහතාණෙනි අපි ඔබට නය ගැතියි. (නදී)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 29 July 2015 12:35 PM

තවමත් රට විනාශ කළ උන්ගෙන් රට නිදහස් කරගෙන නැහැ. රාජපක්ෂලා එනවා කියන්නේ නැවත රටට සොරි කොම් තමයි. (නදී)

:       0       0

නජීව Wednesday, 29 July 2015 07:34 PM

අම්මෝ නන්ද ලාල් ප්‍රන්ශේ ඉඳලත් දන්න දේවල්. (නදී)

:       0       0

කාව්‍යා Wednesday, 29 July 2015 12:49 PM

තවමත් මිනිස්සුන්ට මහින්දව අඳුර ගන්න බැරි එකට කණගාටු වෙනවා. සඳරුවන් සේනාධීර කියන්නේ නියම මාධ්‍යවේදියෙක්. මිනිස්සුන්ට රටේ වෙන දේවල් නිර්භීතව කියන අවංක මනුස්සයෙක්. ඔබ තුමා කරන මෙහෙයට හදවතින්ම ගෞරව කරනවා (නදී)

:       0       0

දිලිප් වික්‍රමරත්න Wednesday, 29 July 2015 12:57 PM

මේ අය ඇත්තටම පෙනීහිටියේ කවුරු වෙනුවෙන්ද කියලා බොහොම ඉක්මනට දැනගන්න ලැබේවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 12 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 12 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 3312 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2468 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3064 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5889 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18714 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 281 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 147 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site