බම්බලපිටියේ රිදම් ඇන්ඩ් බ්ලූ සමාජ ශාලාවේදී මින් දෙවසරකට පෙර මාලක සිල්වා බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක ඇදගෙන යන්නට තැත් කළැයි කියන සිද්ධියේ පැමිණිලිකරු වන ජේම්ස් කැසර්ලි අද (25) එංගලන්තයේ සිට අධිකරණයට පැමිණි සිටියේය.
අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඉදිරියේ මේ පැමිණිල්ල අද විභාගයට ගැනීමට නියමිතය. පැමිණිලිකරු එම කාන්තාවගේ සැමියාය.
බ්‍රිතාන්‍ය ජාතිකයා මාලකට පහර දුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් බ්‍රිතන්‍ය ජාතිකයා සැකකරුවකු කළ මහේස්ත්‍රාත් නඩු දෙකම දෙසැම්බර් 08 වැනි දා දක්වා කල් තැබිණි.
රුපියල් දෙලක්ෂයක ශරිර ඇපයක් මත බ්‍රිත්‍යාන්‍ය ජාතිකයා මුදා හැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරේ දාන්න ඕනි අවුරුදු පහකටම !! (හේ)
වරදකරුවන් සැමටම නිසි දඩුවම් ලබා දිය යුතුයි.(හේ)
අද ඉන්නේ එදා මාලක නොවේ. බොහෝවිට පරණ දේවල් ඔහුට අමතකවීමටද ඉඩ තිබේ. (නි)
වරද කරුවන් සැමටම දඬුවම් ලබා දිය යුතුය. එය පාලකයන්ගේ මිත්‍රයන්ට වගේම රජ පවුල්වල පුතුන්ටද පොදු විය යුතුය. (ම)
අනේ මන්දා මේවා කවදා අවසන්වෙයිද කියලා (නි)
දෙන්නම ගැහුවනම් සමාදාන වෙන එක ගුණයි (බ)
එතකොට මත් කළේ බලෙන්ද? අපි නොදන්න මත් කාලක් ගහපුවහම කරන්නේ මොනවද කියල කියල දන්නේ නැද්ද? නිකන් ඔල්මාදේ වගේ වෙනවද? එහෙම මතක් නං ලංකාවේ නැහැ (බ)