IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


සාදයට මත් කුඩු ප්‍රවාහනය කළ තිදෙනාට වැඩවරදී

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

බෙන්තර සංචාරක පුරවරයේ පැවැත්වෙන වෙරළ සාදයකදී අලෙවි කිරීමට  දක්ෂිණ අධිවේගී මාර්ගය  හරහා සුඛෝපභෝගී ජීප් රථයකින්  රැගෙන යමින් තිබූ කුෂ් කොකේන් සහ හෑෂ්  ඇතුළු මත්ද්‍රව්‍ය  තොගයක් සමග පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගත් බව අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාශය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ විදේශීය සංචාරකයින් මෙරටට ගෙන්වන පෞද්ගලික ආයතනයක අධ්‍යක්ෂවරයකු හා පෞද්ගලික තොරතුරු තාක්ෂණ ආයතනයක විධායක නිලධාරීන් දෙදෙනකු බව පොලීසිය කියයි.

කොළඹ දෙස සිට  සුඛෝපභෝගී ජීප් රථයකින් පැමිණි මෙම පුද්ගලයින්  තිදෙනා   කොට්ටාව පිවිසුමෙන්  අධිවේගී මාර්ගයට ඇතුළු වීමට යාමේදී එහි රාජකාරියේ නිරතව සිටි  පොලිස් සැරයක් (61760) ලංකාජීව නිලධාරියාට එහි  රියදුරගේ හැසිරීම පිළිබඳ සැක සිතී  නවතා පරික්ෂා කිරීමේදී රියැදුරු හැදසිටි කලිසම් සාක්කුවේ සඟවා තිබූ  විදේශ රටකින් මෙරටට ගෙන්වන ලද දුම්වැටි 60 හමු වූ බව පැවසේ.

ඒ අනුව මෝටර් රථයේ සිටි තවත් පුද්ගලයෙකු ද පරික්ෂා කිරීමේ දී ඔහු සන්තකයේ කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03 , කොකේන් ග්‍රෑම් 01 , හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01 , මත් මුද්දර 05 , සහ කුඩා විද්‍යුත් තරාදියක් තිබී හමු වූ බව කියයි .

පසුව ජීප් රථයේ සිටි අනෙක් පුද්ගලයා ද පරීක්ෂා කිරීමේ දී ඔහු සන්තකයේ විදේශ රටකින් මෙරටට ගෙන්වන ලද දුම්වැටි 60  , කුෂ් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 900 , හෑෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 650  තිබී හමු වූ බව පවසයි .

ඒ අනුව සැකකරුවන් තිදෙනා සමඟ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ජීප් රථය පොලිස් භාරයට ගෙන තිබේ.

 

 



අදහස් (1)

සාදයට මත් කුඩු ප්‍රවාහනය කළ තිදෙනාට වැඩවරදී

swiss Sunday, 05 June 2022 06:39 PM

දකුණට සංචාරකයින් යන්න හරිම ආස ඇයි කියලා ඔබලාට දැන් තේරුණාද..? අඩු මිලට මත් කුඩු විතරක් නොවේ, ගැහැණු ළමයිනුත් විකුණන පුරවරයක් බවට පත්වෙලා බව බොහෝ අය දන්නවා..!

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස්නාහිරට වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක්
2024 නොවැම්බර් මස 18 662 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.


රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 1583 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 3289 2

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 662 1

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 1569 1

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


බිරිය මරා නැන්දණියත් පහර දී සැමියාත් මිය යයි
2024 නොවැම්බර් මස 18 896 0

මොරගොඩ පොලිස් වසමට අයත් ලබුනෝරුව වන්නම්මඩුව ප්‍රදේශයේදී තියුණු ආයුධකින් පහර දී බිරිය ඝාතනය කළ සැමියගේ සිරුරද නිවසේ කාමරයක එල්ලමෙින් තිබියදී සොයාගත


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 23544 31


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18840 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 362 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 638 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1824 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site