(යොහාන් භාසුර)
කොළඹ සිට බණ්ඩාරනායක කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත තෙල් ප්‍රවාහන කරන දුම්රිය ඉදිරියට ධාවනය කිරීමට සංඥා දී තිබියදී (බෙල් ඇන්ඩ් ලයිට්) අනාරක්‍ෂිත ලෙස ධාවනය කළ කාර් රථයක් කුඩහකපොළ උප දුම්රියේ දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයන් සිවුදෙනකු තුවාල ලබා සීදුව රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.
එම අනතුර වන විට කාර් රථය තුළ පුද්ගලයන් සිව්දෙනෙක් ගමන් කර ඇති අතර එම සිව්දෙනාම තුවාල ලබා සීදූව රෝහලට ඇතුළත් කළ බවත් ඉන් එක පුද්ගලයකුගේ තත්වය බරපතල බවත් පොලිසිය සඳහන් කළේය.
මෝටර් රථයේ රියදුරු සංඥා පිළිබඳව අවධානය යොමු නොකරමින් රථය ධාවනය කිරීම නිසා මෙම අනතුර වී ඇතැයි මූලික පරීක්‍ෂණවලින් අනාවරණය වූ බව ද පොලිසිය වැඩි දුරටත් කීය.
තෙල් ප්‍රවාහන දුම්රිය කටුනායක බලා ධාවනය කළ බවත් අනතුර හේතුවෙන් පුත්තලම් මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතු වූ බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම
එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම
පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස
විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සීදුවේදී මෝටර් රථය දුම්රියේ ගැටීමෙන් 4 ක් රෝහලට