මහර කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරයා කිසිදු හේතුවක් නැතිව එම තනතුරින් ඉවත් කර අඩු සුදුසුකම් ඇති නිලධාරියකු පත්කර ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.
කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂ විය යුත්තේ අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරියකු බවත්, සුදුසුකම් ඇති නිලධාරියා ස්ථානමාරු කර ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ දෙකේ දෙකේ නිලධාරියකු පත් කර ඇති බවත්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂට පරිපාලන නිලධාරියකු ස්ථාන මාරු කිරීමේ හෝ පත් කිරීමේ බලයක් නැතත් මෙම මාරුව කර ඇති බවත් ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.
මහර කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස කටයුතු කළේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන තුන්වැනි පන්තියේ නිලධාරියකු වන ඩී එන් එස් අතුකෝරල මහතායි. පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විමල් ගුණරත්න මහතාගේ අත්සනින් පසුගිය 20 වැනිදා නිකුත් කැරුණු ලිපියක දැක්වෙන්නේ සේවා අවශ්‍යතාවක් මත එම නිලධාරියා පසුගිය 26 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි දෙපාර්තමේන්තුවට ස්ථාන මාරු කර ඇති බවයි.
නව සේවා ස්ථානයේ රාකාරි වාර්තා කිරීමට පෙර ඔහු භාරයේ තිබූ සියලු රජයේ ලිපි ලේඛණ හා බඩු බාහිරාදිය ඔහුගේ අනුප්‍රාප්තිකයා වන ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 11/11 ශ්‍රේණියේ නිලධාරියාට බාර දෙන ලෙස ද එම ලිපියෙන් දන්වා ඇත.
ස්ථාන මාරු කළ නිලධාරියා සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් කර ඇත්ද යන්න සොයා බලා එසේ නොමැති නම් මූලික විමර්ශයක් පවත්වා සුදුසු තීරණයක් ගන්නා තුරු ස්ථානමාරුව අත්හිටුවන ලෙස එම නිලධාරියාගේ අභියාචනයක් සැලකිල්ලට ගත් බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලෙවි මව්ලානා මහතා පළාත් ප්‍රධාන ලේකම් ජයන්ති විජේතුංග මහත්මියට ලිඛිතන දැන්වීය.
ඒ අනුව තීරණයක් ගැනීම සඳහා එම ලිපිය ප්‍රධාන ලේකම්වරිය විසින් පළාත් අධ්‍යාපන ලේකම්ට යොමු කර ඇතත් මෙතෙක් ස්ථානමරුව අවලංගු කර නැතැයි අධ්‍යාපන දෙපාර්තමේන්තු ආරංචි කියයි.
පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එම කොට්ඨාස අධ්‍යක්ෂවරයා ස්ථාන මාරු කළේ තමාගේ අවාරණ අනුමැතිය ඇතිව බවත්, ඔහුවෙන්වෙන් අනුප්‍රාප්තිකයකු පත් කළේ තමාගේ අනුමැතියෙන් නොවන බවත් පළාත් අධ්‍යාපන ලේකම් ටී එස් කොඩිකාර මහතා කියයි.
කොට්ඨාස අධ්‍යක්ෂ ස්ථාන මාරු කළේ සේවා අවශ්‍යතා මත මිස කිසිදු විනය හේතුවක් නිසා නොවන බවත්, ඔහුවෙනුවෙන් පත් කළ නිලධාරියා අඩු සුදුසුකම් ඇති අයකු නිසා එම පත්කිරීම අවලංගු කිරීමට තමා පියවර ගත් බවත් කොඩිකාර මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ලංකාව බව දන්නේ නැද්ද? (නි)
සුදුස්සන්ට තැන ලැබෙන්නේ වෙන රටවල් වල. මේ ලංකාව. (නදී)
සේවයේ අවශ්‍යතාවයක් නිසා නම් සුදුසු පුද්ගලයා තවත් වැදගත් තැනකට යොදන්ඩ කල්පනා කෙරුවා වෙන්ඩ පුළුවනි. අනිත් කාරණේ තමයි මහර කොට්ටාශයට සුදුසුකම් වැඩි කෙනෙක් නැතුව උනත් වැඩ කරන්ඩ පුළුවන් කියලා පළාත් ප්‍රධානියා තීරණය කරන්ඩ ඇති. එහෙමත් නැත්නම්, හොඳ කෙනෙක් තෝරා පත්කරන තුරු නුසුදුස්සා තාවකාලිකව පත් කරන්ඩ ඇති. (නදී)
ඕක පුදුම වෙන්න දෙයක් නොවෙයි. (දිල්)
නුසුදුස්සන් ලංකාවේ තනතුරු දරන අවස්ථා ගැන කියන්න ගියොත්.(නදී)
රටේ උත්තරීතර තැන වැඩි හරියක් ඉන්නේ නුසුදුස්සො නම් ..ඕකත් වැඩක් ද ? (ස)
එංගලන්තේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ.(නදී)
වහාම අධ්‍යාපන ඇමති කෙනෙක් පත් කරන්න.(නදී)
හැමදේම රුවිතෙට යන එකේ එක දෙයක් හරියට කෙරෙයි කියලා හිතන්න පුලුවන්ද? (නි)
හැමදේම වෙන්නේ තම තමන්ගේ යහපතටයි. නමුත් යහපත් කියන දේ විපාක දෙන්නේ කලක් ගතවීමෙන්ය (නි)
අපි ඇත්තටම හේතුව දන්නේ නැහැනේ. සුදුස්සන්ගෙනුත් ලොකු වැරදි සිද්ධවෙන වෙලාවල් තිබෙනවා (නි)
ඕවා ඔහොම තමයි. ඉංග්‍රීසි ගුරු විභාගයෙන් එක් වසරකදී දිස්ත්‍රික්කයේ පළවෙනි තැන ගත් මාව තෝරාගත්තේ නැහැ. අමාත්‍යංශයේ වැඩ කළ මගේ පවුලේ හිතවතෙකු ඒ කාලයේ අමාත්‍යාංශයෙන් මේ ගැන විමසා බැලූ විට අඩු ලකුණු ඇති උදවිය අරගෙන තිබුනා. (නි)
මෙහෙම පුවත් පලකරන එක හොදයි, නුසුදුස්සන් රටටම පච වෙලා යන්න. සත්‍යය හරියටම වාර්තා කරන්න, රටට ජය වෙයි. මිනිසුන් මෙයින් වත් හැදෙයි (ස)
ඉතින් හරිනේ... ඒක තමයි බොහෝවිට අද ක්‍රියාත්මක ක්‍රමය. (නි)
අද කාලේ වෙන දේවල් බලද්දී සුදුස්සෙකුට තැන දීලා තියෙනවා නම් ඒක තමයි පුදුමය වෙන්න ඕනෑ (නි)
ජයවේවා ශ්‍රී ලංකා! (නි)
සුදුස්සා නුසුදුස්සා අද කාලෙ තෝරන්නෙ සුදුසුකම් වලට නෙමෙයිනේ... (නි)