(නිමල කොඩිතුවක්කු)
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සමඟ එක්ව අසාධාරණයට පත්වන සමාජ පුරවැසියන්ට සාධාරණත්වය ලබා දීම උදෙසා සම්බන්ධ වී කටයුතු කිරීමට තවත් වෘත්තීය සමිති සහ සහ සංවිධාන කිහිපයක් එක්විය.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ නිවසේදී කරු ජයසූරිය මහතාගේ නිවසේදී මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ද පැවැත්විණ.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මඟින් සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටීමින් හඬනැගීම තම සංගම් අගය කරන බැවින් මෙම පියවර ගත් බව එම සංවිධානය එහිදී පැවසුහ.
තමන් කටයුතු කරන්නේ ද සමාජ අසාධාරණයට එරෙහිව බැවින් තනි තනිව සටන් කිරීමට වඩා එක්ව කටයුතු කිරීම ශක්තියක් බැවින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සමඟ එක්ව ඉදිරියට කටයුතු කිරීමට තම සංගම් අත්වැල් බැඳගැනීමට තීරණය කළ බවත් එම සංවිධානයන්හි නියෝජිතයින් ප්‍රකාශ කළහ.
එම හමුව සදහා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය සහ පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය නියෝජනය කරමින් අසේල සම්පත්, සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය නියෝජනය කරමින් එස්. ප්‍රශාන්තන් සහ චිරාන්ත අමරසිංහ, ලංකා ස්වයංරැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රීරෝද රථ සම්මේලනය නියෝජනය කරමින් මහින්ද කුමාර, මව්බිම සුරැකීමේ ව්‍යාපාරය නියෝජනය කරමින් එම්.බී.එම්. නලීන්, මව්බිම සුරක්ෂා එකමුතුව නියෝජනය කරමින් සම්ස් ෆාරුක් යන මහත්වරුන් ඇතුළු තවත් නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.
මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල සවස් කාලහේදී හෝ රාත්‍රී කාලහේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපා
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්
ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන
7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
“සාධාරණ සමාජයක්’’ ජාතික ව්‍යාපාරයට තවත් සිවිල් සංවිධාන කිහිපයක්
Roland kuranage Tuesday, 27 July 2021 12:17 PM
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථා නායකයින් අතරින් අසාදාරණ අන්දමින් පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු මෙහෙයවපු අය කොහොමද සාධාරණ සමාජයක් ගොඩ නගන්නේ...?
යෝගා Tuesday, 27 July 2021 12:37 PM
සෝභිත හාමුදුරුවන් වගේ කෙනෙක්වත් ගන්න. එතකොට හරි.
අනූශා Tuesday, 27 July 2021 12:38 PM
ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය සහ පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය නියෝජනය කරමින්... මේක නියමයි. එතකොට ආපනශාලා හිමිකරුවන්ගෙන් පාරිභෝගිකයන්ට සිදුවන අසාධාරණ කොහොම වෙයිද?
Sri Lanka Tuesday, 27 July 2021 06:40 PM
ලස්සන නමක්..., සාධාරණ සමාජයක්... කොහේද ඕක තියෙන්නේ...? මහ පොළවේද? පිටරටකද?
BamunuarachchiWednesday, 28 July 2021 10:23 AM
ආදාහනය කරලා කාලයක් වෙනවා. රොටිය තිබෙනවා තැටිය නැහැ.