IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


සීනි වංචාව වහන්න රජයේ හස්තයක් දිගු වෙලා

(යොහාන් භාසුර)

රුපියල් කෝටි 29 කට අධික වටිනාකමින් යුත් නීතිවිරෝධීව ආනයනය කළ දුඹුරු සීනි කිලෝග්‍රෑම් 607,550 ක් (මෙට්‍රික්ටොන් 607) සඳහා ප්‍රධාන පෙළේ සමාගමකට ශ්‍රී ලංකා රේගුව පැනවූ රුපියල් කෝටි 19 ක දඩය දේශපාලන බලපෑම් හේතුවෙන් අයකරගැනීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව රේගු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මුදල් අමාත්‍යංශයේ ඉල්ලීමකට අනුව අදාල දඩය කෝටි 16කට අඩු කිරීමෙන් පසුව දේශපාලන අධිකාරියේ ඉහළතම නිලධාරියෙක් එම දඩය පිළිබඳව සළකා බලන ලෙස රේගු දෙපාර්තමේන්තුවට නිල නොවන මට්ටමින් දැනුම්දීමෙන් දැඩි අර්බුදකාරී තත්වයකට පත්ව තිබේ.    

ශ්‍රී ලංකා රේගු පශ්චාත් නිෂ්කාශන සහ විගණන අංශයේ  නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව පසුගිය ජනවාරි මස අත්අඩංගුවට ගත් මෙම සීනි තොගය බහාලුම් 45 ක සුදු සීනි කිලෝ 50 බැගින් වන මිටි 270 බැගින් අසුරා ආනයනය කර තිබූ බවත් එම සීනි තොගයේ සම්පූර්ණ බර මෙට්‍රික්ටොන් 1,215 ක් බවත් රේගුව සඳහන් කරයි.

දඩය පැනවීමෙන් පසුව අදාල ආනයනකරු මුදල් අමාත්‍යංශයට යොමුකළ අභියාචනය ප්‍රතික්ෂේප කළ එම අමාත්‍යංශය දෙවැනි වර දඩය කෝටි 3ක් අඩු කරන ලෙස දැනුවත් කර ඇති බවත් නැවතත් ඉහළම දේශපාලන අධිකාරියේ ලේකම්වරයෙක් දඩය පිළිබඳව නැවත සළකා බලන ලෙස දැනුම් දී ඇති බවත් රේගු ආරංචි මාර්ග සදඟන් කරයි.

දඩය නියම වූ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයාට සහ ඔහුට අයත්  අනෙකුත් සමාගම්වලට මීට පෙර අවස්ථා 23 ක දී රේගු වැරදි සම්බන්ධයෙන් රුපියල් කෝටි 7කට අධික දඩ මුදලක් පනවා ඇති බව කියන රේගුව මෙහිදී නීතිවිරෝධීව ආනයනය කළ දුඹුරු සීනි සහ සුදු සීනි තොගය රේගු ආඥා පනතට අනුව රාජසන්තක කළ යුතු වුවද, රේගු පරීක්ෂණයේදී වරදේ ස්වභාවය, රජයට අහිමි වන ආදායම සහ ආනයනකරුගේ දුක්ගැනවිලි පිළිබඳව සළකා රුපියල් 189,293,778 අහිමි කිරීමට යටත් කර අයිතිකරු සීනි තොගය මුදා හළ බව ද සඳහන් කළේය.  

දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කිරීම සහ මෙරට විදේශ විනිමය ඉතිරි කර ගැනීමේ අරමුණින් ආනයන අපනයන පාලන පනතේ 2262/17 අංක දරන 11.01.2022 දිනැති ගැසට් පත්‍රය හරහා දුඹුරු සීනි ලංකාවට  ආනයනය කිරීමට සීමා පනවා ඇති අතර ආනයනකරු සතුව රුපියල් මිලියන 189 ගෙවීමට මුදල් නොමැතිවීම හේතුවෙන් ආනයනකරුගේ ඉල්ලීම් මත රුපියල් මිලියන 190 බැංකු ඇපකරයක් තබා සීනි තොගය මුදාහැරි බවත් රේගුව සඳහන් කරයි.



අදහස් (11)

සීනි වංචාව වහන්න රජයේ හස්තයක් දිගු වෙලා

පැරකුම් Monday, 08 May 2023 02:13 PM

ඕක මොකද්ද අනේ...! වෙනදා වගේ අපි කවුරුත් එක්ක ඕක ගෙවලා දාමු. මහ ලොකු ගාණකුත් නෙවෙයිනේ…!

:       4       36

අනුරුද්ධ Monday, 08 May 2023 02:15 PM

ඔහොම යන්නකෝ අපේ අනුරයියා ඇවිල්ලා ඔය දඩේ සියයට සියයක් වැල් පොලියක් සමග අයකර ගන්නවා... බලන්න තමයි අපේ බලාපොරොත්තුව... එතෙක් ඉවසමු...

:       13       34

Always break down Monday, 08 May 2023 02:40 PM

ඔක්කොම යාලුවන්... මාධ්‍යයට ෂෝ... එයා ගෙවයි බදු..

:       1       25

de silva Monday, 08 May 2023 02:56 PM

දඩේ ගෙවන්නේ නැති නම් නඩු දමන්න .දේශපාලකයාට බම්බු ගහගන්න කියන්න

:       2       24

ravin Monday, 08 May 2023 02:57 PM

හොර තක්කඩින්ගේ නම ගම ආගම වයසද දාතම සේරම ලියා ඇති හතරැස් කොලේම එලිකරන්නකෝ .වැඩේ කම්මුතුයි

:       2       33

raja Monday, 08 May 2023 04:41 PM

බලු රාජපක්ෂ මුළු පවුලටම හෙණ හතම වැදියන් !!! පවුල් පිටින්ම මකබැවිලා පල !!!

:       6       17

BamunuarachchiWednesday, 10 May 2023 05:55 PM

නියම ජෙප්පෙක්. මේ ගොන්තඩියා මොනවා දැනගෙන කියවනවාද? මේ ගොයියාට මලබද්ධය හැදුණත් රාජපක්ෂලා පලිද? ඒ දඩමුදල අදාළ සමාගම ගෙවා ඉවරයි.

:       1       1

ෆ්‍රැන්සිස්කෝ Monday, 08 May 2023 04:50 PM

2019 පොහොට්ටුව ජය ලැබීමෙන් පස්සේ දෙවැනි වතාවටත් සීනි වංචාවක් කරලා නේද කියන්නේ? එහෙම නම් පොහොට්ටු කියන්නේ සීනිවලට වහවැටුණු ඇඹලයින්ගේ සංවිධානයක් කියන්න පුළුවන්නේ... (ඇඹලයින් කියන්නේ මොන වගේ සතුන්ද කියලා ඔවුන් ගොඩාක් සිටින තැනක හිටගෙන චූටි වේලාවක් ඉඳලා බලන්න... එතකොට තේරුම් ගන්න පුළුවන් පොහොට්ටු පිරිසත් ඒ වගේමයි කියලා)

:       4       17

Aruna Ramanayake Monday, 08 May 2023 04:55 PM

ලංකාවේ මහා පරිමාණ වංචා, දූෂණ නවත්වන්න බැරි ඒවා සඳහා මැදිහත්වෙන දේශපාලකයින් ප්‍රසිද්ධ නොකරන නිසා මේකෙදිත් කියන්නේ දේශපාලන මැදිහත් වීම නිසා දඩය අයකරගන්න අසීරුවෙලා කියලා මේ අයගේ නම්, ගම් එක්කම දැම්මා නම් ජනතාවට දැනගන්න පුළුවන් කාගේද කියලා... ඊට පස්සේ එයාලා ගැන ඡන්දෙදී ජනතාව බලාගනියි.

:       1       22

Manel Samaranayake Monday, 08 May 2023 05:43 PM

නම්ගම් එක්කම දැම්මා නම් තවත් හොඳයි නේද?

:       1       15

udara Tuesday, 09 May 2023 11:08 AM

මේවා ලියද්දි මුන්ගේ නම්ගම් එළිකරන්න බැරිනම් බොරුවට මේවා දාන්න එපා. නම් ගම් දන්නා බැරි මේවා බොරු නිසාද? බය නිසාද? මොකක්ද ඒ මාද්‍ය සදාචාරය? නිවැරදි පුවත් බෙදාහරින්න බය වෙන්න ඕනෙද?

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

වී මිල බැස්සොත් අපි ගන්නවා- ඉහළ ගියොත් ඒ ගොල්ලො ගනියි
2025 අප්‍රේල් මස 20 213 0

නැවත කිසි දිනක ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට විකුණන්න ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුව ජන හමුවකදී පැවසීය.


තෙවැනි දින දළදා වන්දනාව ආරම්භ වේ
2025 අප්‍රේල් මස 20 59 0

’සිරි දළදා වන්දනාව’ තුන්වන දිනය අද (20) දහවල් ආරම්භ කළේය. දළදා වන්දනා කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවර නගරයේ පෝලිම්වල රැඳී සිටින බව අප වාර්තාකරුව


ලාල් කාන්ත ඇත්ත කියන මිනිහෙක්
2025 අප්‍රේල් මස 20 562 0

ලාල් කාන්ත මහත්තයා ඇත්ත ප්‍රකාශ කරන මිනිහෙක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය.


‘මාලිමා රජයේ පොරොන්දු - ප්‍රතිපත්ති පුස්සක්‘
2025 අප්‍රේල් මස 20 288 0

මාලිමා රජයේ මැතිවරණ ප්‍රතිපත්ති සහ පොරොන්දු අද වන විට පුස්සක් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


පාස්කු කොමිෂන් වාර්තාවේ සැඟවූ කොටස් සී.අයි.ඩීයට
2025 අප්‍රේල් මස 20 1344 0

පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඟවා තැබූ කොටස් ඇතුළු සම්පූර්ණ වාර්තාව පරීක්‍ෂණ සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට තමා අද බ


කැටපොලේ ආරවුල මරණයෙන් අවසන් වෙයි
2025 අප්‍රේල් මස 20 1135 0

ආණමඩුව වඩත්ත හල්මිල්ලෑව ප්‍රදේශයේ කැට පොළකදි ඇතිවු අරවුලක් දිග් ගැසිමකින් පොලු මුගුරු වලින් පහර දී තරුණයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 308 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 250 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 406 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site