දැයට කිරුළ ප්‍රදර්ශනය රුහුණ විශ්ව විද්‍යාලයයේ පැවැත්වීමට ඉඩ දිය යුතු බව කියමින් කඩා වැදුණු පිරිසේ පහරට ලක්වීමෙන් සුළු තුවාල ලැබූ කිහිප දෙනකු රෝහල් ගත කිරීමට නොහැකිව සිටින බව විශ්ව විද්‍යාල සිසුහු කියති.
විරෝධතාකරුවන් පිවිසුම් දොරටුව හා ප්‍රධාන මාර්ගය අවහිර කරගෙන සිටින බව ද ඔවහු පවසති.
නියෝජ්‍ය ඇමැති සනත් ජයසූරිය, දකුණු පළාත් මන්ත්‍රීන් වන සරත්ද අල්විස් සහ අරුණ ගුණරත්න මහත්වරු ද විරෝධතාකරුවන් සමග එක්වූහ.
ඔවුන් කීවේ දැයට කිරුළ ප්‍රදර්ශනය රුහුණ විශ්ව විද්‍යාලයයේ පැවැත්වීමට ඉඩ දෙන තෙක් තමන් ද විරෝධතාකරුවනට සහාය දෙන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න අම්මේ තාත්තේ දැන්ම කිව්වා, තමන්ගේ දරුවන්ව පරිස්සම් කරගන්න' කීදෙනේක්ගේ ජීවිත විනාශ වෙhsද දන්නේ නැහැ. තවත් අටමගුලකට සැරසෙන්නේ. එ්කෙන් වෙන්නේ තමන්ගේ දරුවන් දෙමාපියන්ට නැතිවෙන එක පමණි (නදී)
පොලිසියේ අවම බලය මෙයාලට නැද්ද?.(නදී)
කෝ මේ වීරෝදාර අදහස් දක්වන්නෝ . කව්රුවත් අදහස් දාන පාටක්වත් නැහැනේ.(නදී)
ඔය විරෝදතාවයට සහය දෙන මන්ත්‍රීවරු කඹුරුගමුවෙන් ඡන්දෙ බලාපොරොත්තුවෙන්න වත් කැන්වසින් එන්නවත් එපා.(නදී)
විශ්ව විද්‍යාල කියන්නේ තමන්ගේ පරවේණි බුදල් කියල හිතාගෙන විශ්ව විද්‍යාල ක්ෂේත්‍රයේ වන කිසිම දෙයකට ඉඩ නොදී කඩාකප්පල් කරන්න හදන,නැති අවුල් ඇති කරලා සිසුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්න හදන අන්තරේට මාතර මිනිස්සුන්ගෙන් නිසි පාඩමක් මෙදා පාර ඉගෙන ගන්න පුළුවන් වේවි.(නදී)
කෝ අවම බලය යොදවල පාර අරින්න හමුදාවේ හරි පොලෝසියේ හරි මහත්වරු පේන්න නෑනේ. අඩුම ගානේ සෙල්ලම් පිස්තෝලයක් වත්.(නදී)
කඹුරුගමුව තියන්නේ ඉන්දියාවේ වෙන්න ඇති. ජන්දේ දෙන්නන් අපි බලාගෙන ඉන්නේ එනකම්.(නදී)
අනේ සනත්, ගිය සතියෙත් ලන්ඩන් ඇවිත් ඉන්නවා අපි දැක්කා. ඔයාට හොඳ නැද්ද තත්වේ තියාගෙන හිටියා නම්.(නදී)
ඕක කොහොම හරි විශ්ව විද්‍යාලයේම තියන්න ඕන. (ස)
මේ උද්ගෝෂණය මගින් අපට නිගමනය කල හැක්කේ, රුහුණු විශ්ව විද්‍යාල භුමියේ පස් යට සැඟවුණු මහා ධන සම්භාරයක් ඇති බවද? (ස)
"දැයට කිරුළ" මහජන මුදල් නාස්තියක් පමණි. මොළය ඇති විශ්ව විද්‍යාල සිසුන් ඊට විරුද්ධයි. ආණ්ඩුවට කඩේ යන අය මහජනයාගේ මුදල් කාබාසිනියා කරන බව දන්නේ නෑ. (ස)
අයියෝ සනත්. (ස)
අධ්‍යාපනයේ වටිනාකම සැමදෙනාම තේරුම් ගැනීම වටී (නි)
සමහරු ඉන්නේ ලංකාවෙද කියලා හිතෙනවා අදහස් දුටුවහම (නි)
බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
පසුගිය වර හැදූ මාර්ග ගැන කිවුවොත්, මාස 3ක් ගතවෙද්දී කෑගල්ල නගරය මැද ගිලා බැස්සා. (නි)
මම නම් කියන්නේ දැයට කිරුළ නොමැති නම් මුළු රටම අපහසුතාවයට පත්වන නිසා, ඒ වෙනුවෙන් පාරවල් වසා උද්ඝෝෂණය කළාට කමක් නැහැ කියායි. (නි)
සරසවියත් දැන් හැසිරෙන්නේ හරිම අමුතු ආකාරයකටනේ.... (නි)
ඉතින් ලංකා තිලක් ඔබ හිතන්නේත් මුළු ලංකාවම ඔබේ පරවේණි බුදලේ කියලානේ. අන්තරේ සහ තිලක් තුමා අතර වැඩි වෙනසක් නැහැ. භුමි ප්‍රමාණයේ වෙනස විතරයි. (නදී)
බුද්ධිමත් ළමයිගේ ඉවසීම ඉතාම ඉහලයි. මෝඩයන්ට රැවටෙන්න එපා. නැත්නම් තව මහා ඛේදවාචකයක්.(නදී)
අන්තරේ මුළු රටේම විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය කාල ඉවරයි. 71 ඉදම්ම කරේ කැරලි ගහනවා, පාරවල් වහගෙන උද්ගෝෂණ, ගුටි කනවා පස්සෙන් බලෙන් අරගෙන ගිය උන් මැරුම් කනවා. අහිංසක දෙමාපියන් විදවනවා. නිදහස් අධ්‍යාපනේ රැක ගැනීම කියල දේශප්‍රේමියෝ බඩ ගෝස්තරේ හොයා ගන්නේ මේ වගේ වැඩ වලින් තමයි.(නදී)
මේතුමටත් හරි යන්නේ ලංකා තිලක් වගේ ලේකම් තුමෙක්. කඩේ යනවා, එ්ත් මල්ලේ හිලක්. (නදී)
දේශපාලුවෝ මුළු ලංකාවම පරවේණි බුදලේ හැටියට හිතනකොට අන්තරේ විශ්ව විද්‍යාලේ ඒගොල්ලන්ගේ බුදලේ හැටියට හිතන එක පුදුමයක් නෙවෙයි තිලක් තුමෝ. කකුළුවා හරහට ය නගමන් පැටවුන්ට කෙලින් යන්න කියලා වැඩ නැහැනේ. (නදී)
ඇයි දැයට කිරුල තියන්න මාතර වෙන තැනක් ඇත්තෙම නැද්ද? ළමයින්ගේ ඉගෙන ගන්න කාලයට හානි නොකර වෙන තැනක ඕක තියලා ඊට සමගාමිව විශ්ව විද්‍යාලයත් සංවර්ධනය කලානම් ඉවරනේ. අර ගම් උදාව කාලයේ වගේ.(නදී)
ඉගෙන නොගත් අයට කැම්පස් එකක විශ්ව විද්‍යාලයක තියන වටිනාකම තේරෙනවද? (නදී)
විශ්වවිද්යාල කියන්නේ සංදර්ශන තියන්න කුළියට දෙන හෝල් එකක් නෙමේ. ගමක් සංවර්ධනය කරන්න කෝටි ගණන් වියදම් කරලා දැයට කිරුළ වගේ නාස්තිකාර සංදර්ශන පවත්වන්න ඕනේ නැහැ. යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ආණ්ඩුවක වගකීමක්. ආණ්ඩුවේ ඇමතිලා එළිපිටම තමන්ගේ මැරයන් යොදාගෙන සහ ඇමතිලා නිල වශයෙන් ප්‍රසිද්ධියේ සහභාගී වෙමින් මෙවැනි පහරදීම් කරද්දී මානව හිමිකම් ගැන ජාත්‍යන්තරය ප්‍රශ්න කිරීම පුදුමයක් නෙමේ (නදී)
ප්‍රදර්ශන තියන්න දකුණු පළාතේ තියෙන්නේ ඔතන විතරද? මේ වැඩේට මෙතනම තෝරාගත් එක සද්භාවයෙන් කරපු දෙයක් හැටියට මම හිතන්නේ නැහැ.(නදී)
මේකේ අදහස් දාන හුගක් අය මධ්‍යස්ත නැත. විශ්ව විද්‍යාල ළමයි එක්ක වෛරෙන් ඉන්න බව පේනවා. අන්තරේ සමහරක් ක්‍රියා වලට එකග වෙන්න බැරි උනාට ඔවුන් කරන හැම දේම වැරදි නැහැ. හුගක් අය හැම ප්‍රශ්නයක්ම බලන්නේ තමන්ගේ දේශාපලන පක්ෂේ කරන හැම දේම නිවැරදි විදිහට.(නදී)
අනේ දකුණේ ඉන්නේ බුද්ධිමත් මිනිස්සු කියල නේ අපි හිතුවේ. දැන් බලන කොට ඉන්නේ මොන වගේ අයද කව්රුත් දන්නවා. විශ්ව විද්‍යාල තියෙන්නේ ඉගෙන ගන්න මිසක්, ආණ්ඩුවට මඟුල් නටන්නේ නෙමෙයි.(නදී)
කව්ද මේ නාටකයේ අධ්‍යක්ෂක.(නදී)
කැම්පස් එකේ කට්ටිය සල්ලි ගෙවලද දන්නේ නෑ ඉගෙන ගන්නේ. (නදී)
විශ්ව විද්‍යාල කියන්නේ අන්තරේ බූදලයක් නොවේ. (නදී)
මෙ ප්‍රශ්නය ගැන හුගක් අය දැනුවත් නැහැ වගේ. ඔය කියන දැයට කිරුල ප්‍රදර්ශනය සදහා ළමයි විරුද්ද උන හේතුව තමා කැම්පස් එක වහලා දැයට කිරුල පවත්වන්න යෑම. දැයට කිරුලට විශ්ව විද්‍යාලය මාස තුනක් වහලා තියන්න හැදුවේ. මොකද ඒකෙ ප්‍රදර්ශන බූමිය හදන්න ලොකු වියදමක් කාලයක් යනවා. ළමයි බයවුනේ ඒ අයගේ උපාදිය ගන්න තව 3 මාසයක් පරක්කු වෙන නිසා. ලමයි අතර දේශපාලන අරමුනු තිබුනත් නැතත් මේකෙන් වෙන්නේ ළමයි නිකන් තව මාස ගානක් වයසට යන එක. අධ්‍යාපනය අතපසු කරල කරන්න හදන සංවර්දනය මෝඩ වැඩක් (නදී)
ඇසළ, අන්තරේ සහ ජෙ.වි.පි එකට පින් සිද්ද වෙන්නයි අපි මෙහෙමවත් පොළවේ අඩිය ගහල ජීවත් වෙන්නේ.(නදී)
කෝ මේ බන්දුල පෙරේරා පණ්ඩිත තුමා (නදී)
විශ්ව විද්‍යාල වලට මෙතෙක් දී ඇති " කිරුළු" හොදටම ප්‍රමාණවත්ය , මෙම කිරුල අවශ්‍ය නැත,ළමුන්ට නිදහසේ ඉගෙනීමට ඉඩ දෙන්න (නදී)
ඕක විශ්ව විද්‍යාලයේ තිබ්බම මොකද වෙන්නේ. ප්‍රදර්ශනයක්නේ. ජේවීපී කාරයින්ට නම් ටිකක් රිදෙයි . කරන්න දෙයක් නැහැ .ඕකෙන් හොදක් වෙන්නේ විශ්ව විද්යාලෙටමනේ.(නදී)
මොකද මන්දා මෙතනම මේක තියන්න මෙච්චර දඟලන්නේ? මොකක්හරි විශේෂ හේතුවක් තිබේද? (නි)
දැයට කිරුළ වෙන තැනක තියන්නම බැරිද? (නි)
කෙසේ වෙතත් එය වෙනත් තැනක පැවැත්වූවා යැයි කියා විශ්ව විද්‍යාලයට කිසිදු පාඩුවක් සිදුවන්නේ නැහැ.දැයට කිරුළ නැතුවත් සංවර්ධනය කරන්න වුවමනා නම් එය කළ හැකියි.සනත් වැනි කීර්තිමත් ක්‍රීඩකයකු මෙවැනි දේට යොමුවීම මට නම් කණගාටුවට කරුණකි (නි)
මේ විශ්ව විද්‍යාලයෙම තියන්න මොකද මෙච්චරටම තිබෙන අවශ්‍යතාව? (නි)
දැයට කිරුළේ සංවර්ධනය මොකක්ද?ඇවිල්ලා බලන්න අනුරාධපුර ඔයාමඩුවේ සංවර්ධනය දැන් කොහොමද කියලා. (නි)
මමත් සනත්ගේ පැත්තේ තමයි... (නි)
උසස් අධ්‍යාපනයේ යෙදී සිටින සිසුන්ට නිදහසේ එය කරගන්නට ඉඩදී, බැරිද ඔය දැයට කිරුළ වෙනත් ඉඩ ඇති තැනකට අරගෙන යන්න? අනෙක විශ්ව විද්‍යාල සිසුන් කොහොමත් ආවේගශීලී පිරිසක් බව දැන දැන ඇයි ඔවුන් සමඟ ප්‍රශ්න ඇති කරගන්න යන්නේ? (නි)
කොහොමත් අන්තරේ වැඩි දෙනා හිතාගෙන ඉන්නේ එයාලා හරි ලොක්කන් කියලා. (නි)
ඉතින් ඕක ඔතනම තියන්න ඕනෑද? වෙන තැනක් ඇත්තෙම නැද්ද? (නි)
මමත් ඉන්නේ සරසවි සිසුන්ගේ පැත්තේ.... (නි)
අනේ මන්දා මොනවද කියලා මේ වෙන්නේ? (නි)
සමහරු මැර බලයෙන් තමයි විසදුම් හොයන්නේ,වෙන දෙයක් කරන්න දන්නෙත් නැහැ. ඇඟේ සවිය යොදවා ප්‍රශ්න විසඳන්න හදනවා. මොළය යොදන්නේ නැහැ. විශ්ව විද්‍යාලයේ ඕවා තිබුණහම ළමයි කොහෙද ඉගෙනගන්නේ? (නි)
උගත් සරසවි සිසුන්ට පහර දීම අපි තරයේ හෙළා දකිමු.මුවහත් සීතල යකඩ ගිනියම් නොකරනු! (නි)
ඔය විරෝධයට මමත් විරුද්ධයි (නි)
අපේ රටේ අධ්‍යාපනයට වෙන්කරන්න සල්ලි නැහැ, එහෙත් මේ වගේ දේවල් වලට සල්ලි තිබෙනවා. ඔය ප්‍රදර්ශනය ඔය භූමියේ තිබුනා කියලා ප්‍රදේශවාසීන්ට ලැබෙන සෙත මොකද්ද? (නි)
අන්තරේ දන්නේ මොනවද නිදන් තියෙන තැන දන්නේ නැහැනේ. (නදී)
මේකෙන්ම තේරෙනව නේද ප්‍රශ්ණ ඇති කරන්නෙත් අවුල් කරන්නෙත් වැස්සකටවත් පාසලකට නොගිය දේශ පාලුවෝ කියලා. පොලිසිය මොනවා කරන්නද? (නදී)
මට හිතෙන්නේ රාජ්‍ය ආරක්ෂාව ඇතුව කරන උද්ඝෝශනයක්. එ්කනේ ඇමතිලත් උද්ඝෝශනය පැත්ත අරගන තියෙන්නේ. විශ්ව විද්‍යාලය අවුරුද්දේ වැඩි කාලයක් වහල. ඕක අවොත් එහෙම තව කීකාලයක් වහයිද දන්නේ නෑ. ඕක ඔතන ඇරෙන්න තියන්න වෙන තැනක් තිබුණෙම නැද්ද? (ස)
වයඹ වී. වී. ට දැයට කිරුල හොඳ වෙන්නත් රුහුණට නරක වෙන්නත් හේතුව මොකද්ද? අන්තරේ හැමදාම එක එකාගේ කොන්ත්‍රාත් අරන් ළමයිව බිල්ලට දීපු එකයි කලේ. 1985 ඉඳන් 1991 වෙනකන් වෙච්චදේ අපි හොඳින් දැක්කා. 89 භීෂණයට කලින් සහ පස්සේ තත්වයත් ඊටත් වඩා හොඳට මතකයි. ඔය දැන් දඟලන අය වී. වී. පිටවෙලා අවුරුද්දකින් විතර ඉන්න තැනත් දැන්ම කියන්න පුළුවන්. එනිසා ඕවා නවත්තල දැයට කිරුළෙන් වී.වී.ට අත්‍යවශ්‍ය වැඩ කරව ගත්තා නම් කටත් හොඳයි. (ස)
ක්‍රිකට් ගහපු මේ වගෙ අයට මේ ළමයින්ගෙ අගය තෙරෙන්නෙ නැහැ. වැස්සකට වත් කෑම්පස් එකකට ගිහින් තිබුණා නම් මේ වගෙ වෙන්නෙ නැති වේවි. (ස)
මැතිතුමා තැන තියාගෙන ඉන්නකෝ. ඕනෑම කෙනෙක් කොච්චර උඩට ආවත් තමුන්ගේ පසුබිම මත එයාලගේ අනාගතය රදවගන්නවා කියන කතාව ඇත්ත කියල හිතෙනවා.ගොඩක් උඩට අව මිනිස්සුන්ට තැන තියාගන ඉන්න දන්නේ නැහැ.(ස)
ඕකේ ඉගෙන ගන්න ළමයි කී දෙනෙකුට විතර කඹුරුගමුවේ චන්දෙ තියෙනවද? (ස)
අයියෝ ! (ස)
මුලින්ම මොන යම් විධියේ මැර ප්‍රහාරයක් උනත් හෙලා දකිනවා සහ එයට විරුද්ධව ජනතාව පෙළ ගැසිය යුතුයි කියන තැනත් මම ඉන්නවා. නමුත් එදා ලෝක තරුණ සමලුව දවසේ අන්තරේ කැදවුම් කරු අරලිය ගහ මන්දිරේ ලඟ පාරම් බෑවේ දැයට කිරුල තියන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. එවැනි ප්‍රකාශ වලටත් සාමාන්‍ය මනුස්යයෙක් විධිහට මම විරුද්ධයි. මොකද එයාල පාලු ගෙයි වලන් බිඳිනවා වගේ තනියම වීරයෝ වෙන්න හැදුවා. එයාලා ඔය විදියට 88-89 කාලේ කිවුව නම් එහෙම වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්න බැරිවෙනවා. දැන් මැර ප්‍රහාර ගැන කතා කරන බහුතරයකට ඒ කාලේ සිදුවීම් මතක නැහැ වගේ කතා කරන්නේ. අද අඩු තරමේ කොළඹ පාරකට ඇවිත් ඔහොම හරි දගලන්න එයාලට නිදහසවත් තියෙනවා. සිදුවෙන සිදුකරන සියලු මැර ක්‍රියා අකටයුතුකම් දුෂණ වංචා ජනමාධ්‍යවල නිතර අහන්න දකින්න ලැබෙනවා. (ස)
බංකොලොත් දේශපාලන ව්‍යාපාර වලට සරසවිය යොදා ගැනීමට ඉඩ නොදෙන සිසුන්ට අපේ ප්‍රණාමය. (ස)
දේශපාලකයෝ මේ හැම කෙහෙල්මලකටම රිංගනවා. (ස)
රුහුණේ අය හිතන් ඉන්නේ විශ්වවිද්‍යාලෙ උන්ගේ බුදලේ කියල එ්ක ෙම්වා නඩත්තුෙවන්ෙන් මහජන මුදල් වලින් (ස)
තරිඳු එක එක අයට මෙහෙම විශ්ව විද්‍යාලය ඇතුලට එන්න දෙන්න බැහැ.(නදී)
රුහුණු විශ්ව විද්‍යාල පරිශ්‍රය මාතර සාමාන්‍ය ජනතාවට අයිති දෙයක් නොවේ. එහි තීරණ ගත යුත්තේ විශ්ව විද්‍යාලයට අයත් පිරිසයි (නි)
මෙහි අවසානය කෙසේ විසඳේවිද? (නි)
ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදියට අපි සනත්ට කොච්චර ගරු කරාද. එ්ත් දැන්? (නදී)
විශ්ව විද්‍යාලයකට අහම්බෙන්වත් ගිය නැති අයියල දන්නේ නැහැ විශ්ව විද්‍යාලය භූමියකට ඇතුල් වීමට පොලිසියටත් ඕනේ විදියට නොකළ හැකි බව. (නදී)
ලංකා තිලක් ඔයා ගියේ මොන විශ්ව විද්යාලයටද ? විශ්වවිදයාල තියෙන්නේ ළමයින්ට ඉගෙන ගන්න මිසක් එක එක දේවල් පෙන්නන්න නෙමේ. ඔයා දන්නවද ලංකාවේ නොම්ලේ අද්‍යාපනය තවදුරටත් රැකිලා තියෙන්නේ සිසුන්ගේ ඉල්ලීම් නිසා කියලා. පොලිසියෙන් දේශපාලුවන්ගේ ගුටි කාකා මේ රකින්නේ අනාගත දුප්පත් දරුවන්න්ගේ නිදහස් අද්‍යාපනය කියලා. එහෙම අයට බනින එක නවත්තල බුද්දියෙන් හිතන්න බලන්න. දේශපාලුවන්ට කඩේ යන්නේ නැතිව (නදී)
අනේ කොල්ලනේ උබලත් සනත් ජයසූරිය වගේ ක්‍රිකට් ගහපල්ලා.(නදී)
අද්‍යාපනයේ අගය තේරෙන්නේ උගත් අයටයි.(නදී)
මම මේ මතය මධ්‍යස්ථව තමා ලියන්නේ. මෙතන ළමයින් ඉගෙන ගන්න තැනක්. සැණකෙළි මඩුවක් නෙවෙයි නේ. මෙහෙම දේවල් කරන්න ගියාම එතන කරන අධ්‍යයන කටයුතු වල ට බාධා වෙනවා. ඊළඟට සරසවි භුමිය පුරා නොයෙකුත් තාවකාලික ඉදිකිරීම් නිසා පරිසරය අපිරිසිදු වෙනවා. ඒ මදිවාට සංවිධාන කටයුතු ආදී නොයෙකුත් දේවල් කරන්න කියලා පිටස්තරයන් රිංගාගෙන විශ්ව විද්‍යාල දේපල වලටත් අත තියන්න පුළුවන්. මේ ප්‍රශ්න වලට පිළියම් සහිතව මේ වැඩේ කරන්න යනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. (නදී)
ලංකා තිලක් , කාට කඩේ ගියත් සනත් ට ට කඩේ ගියොත් නම් වැටෙන්නේ එසේ මෙසේ අමාරුවක නෙවෙයි. (නදී)
ඉතාම කණගාටුයි. මහජන නියෝජිතයෝ කියාගෙන ඉන්න අය කරන වැඩ කටයුතු දැක්කම. විශ්විද්‍යාලය කාගේ වත් බුදලයක් නුනත් හමුදා ප්‍රදර්ශනයක් ඒ වගේ තැනක තියන්න තරම් අද ඉන්න මිනිසුන් නුගත්ද කියන එකයි ප්‍රශ්නය. බොහොම දෙනෙකුට අමතක වෙලා හමුදාවේ මහත්වරු 1971, 1989 වගේ කාලවල විශ්ව විද්‍යාල සිසුන්ට සලකපු ආකාරය සහ විශ්වවිද්‍යාල හිර කඳවුරු කරලා ඒවා හමුදා පාලනයට යටත් කරගෙන තිබුන බව. මගේ අදහස මෙම ප්‍රදර්ශනය අවශ්‍යම නම් වෙනත් ස්ථානයක් තෝරා ගත යුතු බවයි.(නදී)
රට පාලනයට එන එන උදවියට කුමක් හෝ උසස් අධ්‍යාපන සුදුසු කමක් තිබිය යුතුයි. වැස්සකටවත් සරසවියකට ගොඩ නොවුන, පවුල් පසුබිමේ හතර වරිගයේ වත් උගත්කමක් කෙසේ වෙතත් , යහපත් ප්‍රතිපත්තිවත් නොතිබුන මිනිස්සුන්ට බලය අතට දුන්නම හැමදාම ඉතින් රටේ ජරමරම තමයි. . (නදී)
මාතර කියන්නේ බුද්ධිමතුන්ගේ පුරවරයක්. එ්ත් ඉතින් වඳුරාට දැලි පිහිය අතට දුන්න සේ මොකද්ද පෙර පිනකින් කඩා වැටුන ජන බලය ලැබුන නුසුදුස්සෝ නිසා මුළු දකුණු පලාතම දැන් විහිළුවක් වෙලා. (නදී)
මහා ජනයාගේ සල්ලි වලින් විශ්වවිදයල පාලනය කරන්නේ. මේ අයට මොලේ නැද්ද කෝලම් කරන්නේ? තව දවස් කිපයෙකින් කීප දෙකෙක් වෙඩි කාල මරුනමද තේරෙන්නේ? (නදී)
"කෝ මේ වීරෝදාර අදහස් දක්වන්නෝ . කව්රුවත් අදහස් දාන පාටක්වත් නැහැනේ" (නදී)
"රුහුණේ අය හිතන් ඉන්නේ විශ්ව විද්‍යාලෙ ඒ අයගේ බුදලේ කියලා. මේවා නඩත්තු වෙන්නේ මහජන මුදල් වලින්" ඔය විරෝද පලකරන කව්රුවත් වැස්සකටවත් විශ්ව විද්‍යාලයකට ගොඩ වෙලා තිබෙනවද? (නදී)
සමහරු ප්‍රතිචාර දක්වල තියෙන්නේ සනත්ගෙන් ගානක් අරගෙන වගේ. සනත් ක්‍රිකට් වලින් පටන් ගත්තට දේශපාලනයෙන් ඉවර කර ගන්න වගේ හදන්නේ. දැයට කිරුල කියල අහිංසක ගැමි මිනිසුන්ව මෝඩයින්ට අන්දවන්ට පුළුවන් උනාට විශ්ව විද්‍යාල වල තියා පාසැලක ළමයෙක් වත් රවටන්න බැරි බව මේ ගොල්ලෝ නොදන්නා වා නොවේ. ඔය අන්තට්ටුව (කිරුල) තමන්ම පළඳවා ගන්න එක හොඳයි. (නදී)
විශ්ව විද්‍යාල තියෙන්නේ ඉගෙන ගන්න මිසක් එක එක අයට ඕන ඕන විදියට උත්සව තියන්න නෙමෙයි.(නදී)
මෙතන අවම බලය පාවිච්චි නොකළේ තමන්ගේ කඩුල්ල ආරක්ෂා කරගත යුතු නිසා, මොකද අර දඩ කොලය දීලා වුනු සිද්ධිය මතකනේ. (නදී)
විශ්ව විද්‍යාල කියන්නේ , අධ්‍යාන කටයුතු කෙරෙන තැනක් මිසක් ප්‍රදර්ශන තියන තැන නෙවෙයි. මේ ළමයින් ගේ ඉගෙන ගන්න කටයුතු වලට බාධා නොකර වෙන තැනක තියන්න. (නදී)
මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙවෙයි. මතකනේ අර කලින් වතාවක නෝනා කෙනෙක් පරම්පරා හතකට හම්බ කරගෙන මේ ප්‍රදර්ශනය හින්දා නඩුවක් පටලවා ගත්තා. (නදී)
මෙවන් ගේ කතාව හරියට හරි. ඊළඟට ප්‍රදර්ශන වැඩ කටයුතු වල ට කියලා විශ්ව විද්‍යාලයේ පරිගණකයේ ඉඳලා බඩු මුට්ටු ටික අරගනීවි. අන්තිමට ඒවා ගිහින් නවතීවි ගත්තු මිනිස්සුන්ගේ ගෙවල් වල. අපේ රටේ සංවිධායක වැඩ ගැන අපේ හොඳට දන්නවානේ. බලවතුන්ගේ ළමයින් පිටරට , ඉතින් මෙතන ළමයින් ගේ ඉගනීම් වැඩ පාඩු වුනාට කමක් නැහැ.(නදී)
විශ්ව විද්‍යාලය ළමයින්ගේ බුදලයක් නොවෙන්න පුළුවන්. එ්ත් ඔය කෑගහන අයට වඩා ලොකු අයිතියක් ඒ ළමයින්ට තියනවා. විශ්ව විද්‍යාලය කියන්න මොකද්ද කියලා වත් දන් නැති අය කියන කතා අහනකොට ඇත්තටම දුකයි. විශ්ව විද්‍යාලය තියෙන්නේ ඒවා වහලා රජයේ උත්සව තියන්න නෙමෙයි.(නදී)
උගත්කමක් කෙසේ වෙතත් , බුද්ධිමත් කමක් වත් තියන දේශපාලකයන්ට විතරයි ඉගෙනීමේ සහ අධ්‍යයන කටයුතු අඛණ්ඩව බාධා කිරීම් වලින් තොරව ගෙන යාමේ වටිනාකම තේරෙන්නේ. එහෙම අයද පත් කරගත්තේ කියන එක හිතන එක මාතර ජනතාවට භාරයි. (නදී)
ලැජිජයි අපොයි ලැජ්ජයි (නදී)
මම මෙවන් චානක , ඉහත මෙවන් ගේ අදහස් වලට ප්‍රතිචාර දැක්වූ. නම නිසා පටලැවිල්ලක් වෙන්න පුළුවන් නේ එක දවසක් ලලිත් ල දෙන්නෙක් අදහස් දාල සිද්ධ වුනා වගේ. (නදී)
මේ අපි උඩ පැන පැන චියර් කරපු ලෝක පුජිත ක්‍රීඩකයාද ? (නදී)
කවුරු හරි වුණත්, කවුරු වැරදි වුණත් කාටවත් තව කෙනෙකුට ගහන්න අයිතියක් නැහැ. අවසානයේදී තමන්ටම එය එනවා, එතකොට කවුරුවත් නැහැ (නි)
මම නම් හිතන්නේ විශ්ව විද්‍යාල දියුණු කරන්න නම් විද්‍යාගාර, පුස්තකාල,දේශන ශාලා, පර්යේෂණ කටයුතු වගේ දේවල් තමයි අවශ්‍ය වෙන්නේ කියලා (නි)
විශ්ව විද්‍යාලයේම තියන්න මෙච්චර වලිකන්නේ මොකද මන්දා? (නි)
අනේ මන්දා මේවා කොහෙන් කෙළවර වේවිද කියලා (නි)
මමත් සනත් ජයසූරියට එකඟයි (නි)
මම නම් කියන්නේ විශ්ව විද්‍යාලය යනු සිසුන්ට ඉගෙනීමට ඇති පෙදෙසකි (නි)
මේ වැඩේට වෙන තැනක් ඇත්තෙම නැද්ද? මම මේ ශිෂ්‍යන්ගේ ඉගෙනීම් කටයුතු ගැන සිතලා අහන්නේ? එහෙම නැතුව අන්තරයකින් හෝ වෙනත් මන්තරයකින් මට වැඩක් නැහැ. (නි)
දැයට කිරුළට මෙච්චර සල්ලි කන්දරාවක් වියදම් කරන එකේ තේරුමක් නැහැ නේද? මේ ජනතාවගෙ සල්ලි නේද? මේ රටේ මිනිස්සු කවදා ඇත්ත තේරුම් ගනීද දන්නෙ නැහැ.අන්තරයට මගේ උත්තමාචාරය! (නි)
සිසුන් යනු බුද්ධිමත් පිරිසකි. මෙම හැසිරීම මම අනුමත නොකරමි (නි)
අපි මාතර අවමඟුල් ගෙදරක ගියා. පාරවල් වල වාහන තියා මිනිස්සුන්ට යන්නත් බැහැ. ගම් ප්‍රදේශ වලට වෙන්න මිනිසුන්ට හදිසි ලෙඩෙක්වත් ගෙනියන්න බැරි විදියට පාරවල් අන්තිමයි. සැණකෙළි ප්‍රදර්ශන කටයුතු වලට ‘හෝයියා‘ කියන්න දුවන්න පෙර මේ දේවල් සොයා බැලුවා නම් හොඳයි. (නි)
මින්පෙර දැයට කිරුළ පැවැත්වූ ප්‍රදේශ වල මිනිසුන්ට ලැබුණේ මොනවාද? (නි)
ඇයි මේක වෙන තැනක තියන්න බැරි ? (නදී)
දැයට කිරුළ මාතර වෙන තැනකට ගෙනියන්න පුලුවන්. ඇයි විශ්ව විද්‍යාල වහලා ඕවා තියෙන්නේ? (නි)
මිනිස්සුන්ට ලැබුනේ නැතිවුනාට ලාල් වගකිවයුතු උදවිය පරම්පරා හතකට හරි හම්බ කරගත්තේ. මතකනේ අර නෝනා කෙනෙකුගේ නඩුව . විශ්වවිද්‍යාලයේ නෙවෙයි , දෙවුන්දර දේවාල භූමියට හරි ගිහින් උද්ගෝෂණ කරාවි කමක් නැහැ තමන්ගේ මඩිය තරවෙනවා නම්. (නදී)
විශ්වවිද්යාල දියුනු කරන්න ඕනෑම නම් ඔච්චර දඟලන්න ඕන නැහැනේ. විශ්වවිද්‍යාලය හදන්න. ළමයින්ට ඉගෙනගන්න දෙන්න. දැයට කිරුල හරි නයට කිරුල හරි කඹුරුගමුවේ තියන්න. මොනවද මේ කරන්නේ ඉස්සර ප්‍රේමදාස මහත්තයා ගම් උදාව කියල එකක් කරා කාටවත් කරදරයක් උනාද?. (නදී)
ඇත්තටම දැයට කිරුළ කියන්නෙ මහජන මුදල් සුලු පිරිසක් විසින් සාක්කුවෙ දා ගැනීමක්. මෙවැනි කාලකන්නි මුදල් නාස්ති කරන වැඩවලට උගත් සිසුන් විරුද්ධ වීම රටේ පැවැත්මට හොඳ පෙර නිමිත්තකි. අනේ සනත් හරිම දුකයි. (ස)
දකුණේ මිනිස්සු මෙච්චර මෝඩයෝ ද? (ස)
විශ්ව විද්‍යාල අයිති එහි ඉගෙන ගන්න ශිෂ්ෂ්‍යයින්ටද ? නැත්නම් දේශපාලුවන්ටද ? (නදී)
ලෝකයේ මොන අධිරාජ්‍යවාදියෙක් වත් ප්‍රදර්ශන තියන්න කියල රටේ විශ්වවිද්‍යාල වහල දානවා කියල මම නම් උපන්තෙකට අහල දැකල නැහැ. (ස)
අනිවාර්යයෙන්ම විශ්වවිද්‍යාල භූමියේත් අනුරාධපුර ඔයාමඩුවේ වගේ ලොකු නිධානයක් ඇති. (ස)
ඕන දෙයක් ක්‍රිකට් වලටයි තැපෑලටයි දමා ගත්තාට කමක් නැහැ. දරුවන්ගේ අධ්‍යාපන නිදහසට අත නොතියා. (ස)
රටේ නීතිය කරවන අග්‍රවිනිසුරු තුමිය එලවන්න උද්ඝෝශනය කරපු, පොළවේ පස් කාපු උදවිය ඉන්න රටක නේ අපේ කරුමෙට ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. (ස)
රටේ පුන්නකු මිලට නම් අත තියන්න එපා. (ස)
ජනතාවනි, සනත් කියන්නේ මොන ජාතියේ කෙනෙක්ද කියා දැන්වත් තේරුම් ගන්න. (ස)
අපොයි අපේ සනත් මන්ත්‍රී තුමාට වයසේ හැටියට කරන පුළුවන් වැඩද අනේ මේ භාර ගන්න වෙලා තියෙන්නේ ? ක්‍රිකට් වැඩ, තැපැල් වැඩ, ගුවන් සේවා කාර්ය මණ්ඩල වැඩ මදිවට මේ උද්ගෝෂණ වැඩත් ඔලුවට පැටවිලානේ. (නදී)
ඇමතිවරු ජරමර ඇතිකරගෙන උද්ගෝෂණ කරන එකම රට මේක වෙන්න ඇති. ඉන්දියාවේ වගේ අත්‍යාවශ්‍ය ඇමති ධුර විතරක් තිබුනා නම් මෙහෙම ජනතාවට විහිලු සපයන්නේ නැහැනේ. දැන් මෙහෙම වෙලා තියෙන්නේ එදිනෙදා කරන්න කිසිම වැඩක් රාජකාරියක් නැති නිසාත තව මදි නම් උද්ගෝෂණ ඇමති ධුරයකුත් හදලා කවුරු හරි එ්කටත් පත් කර ගමු. (නදී)
අදහස් දාන අය පොඩ්ඩක් හිතන්න, මාධ්‍ය වලින් හුවා දක්වන කරුණු ගැන විතරක් හිතලා කතාකරන් නැතිව අපි හැමෝටම තියෙන බුද්ධිය මෙහෙයවලා ස්වාධිනව හිතලා අදහස් දාන්න. මෙම සිද්ධියේදී නිවැරදි අන්තරයද? විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ද? රජයද? විරෝධතාකරුවන්ද? කියලා නැතිව මේ එකිනෙක පාර්ශව මේ ගැන දක්වා ඇති කරුණු කාරණා ගැන. මමත් රුහුණ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය යෙකු විදියට අධ්‍යාපනය ලැබූ අයෙක්. ඒ වගේම දැයට කිරුළ එක් ප්‍රදර්ශණයකට ඍජුව සම්බන්ධ වූ අයෙක්. ඊට සම්බන්ධවන සංවර්ධන ව්‍යාපෘති හැරුණූ කල නිරර්ථක යැයි මට හැඟෙන්නාවූ මෙන්ම ජාතික ධනය විශාල වශයෙන් වැයකරන්නාවූ මෙකී ප්‍රදර්ශණය වෙනුවෙන් ශ්‍රි ලංකාවේ ඇති සුවිශේෂී ගෘහ නිර්මාණ ශිල්පයක් විදහා දක්වන රුහුණ විශ්ව විද්‍යාල පරිශ්‍රය අක්‍රමවත් කිරීමට ඉඩදිය යුතු නැත. දේශපාලනය තුළ මනාප ගොඩකර ගැනීමේ අරමුණින් මෙවන් දේට දායක වීමට පෙර විමසා බැලිය යුතුයි නේද? (නදී)
දේශපාලන ප්‍රචාරක කටයුතු විශ්ව විද්‍යාල වලට ගෙන එ්ම හොඳ නෑ. ඕනම නම් මේක වෙනත් තැනක තියෙන එක තමයි හොඳ. (ස)
මේවා කොච්චර ලස්සනට සැලසුම් කරලද කියල පේනවා අර බැනර් එක දැක්කම. අර කතාවක් තියනවා වෙලාව අාපුවහම ගෙදර හිටියත් කෝච්චියට අහුවෙනවා කියල. මේකට උපදෙස් දුන්න අයත් උපදෙස් පිලිගත්ත අයත් ලඟඳීම ගෙදර යාවි. (ස)
අදහස් දාල තියෙන්නෙ පින්තූරෙකින්වත් විශ්ව විද්‍යාලයක් නොදැක්ක මිනිස්සු කියලා තේරෙනවා. හරියට සාමාන්‍ය පෙළවත් ගොඩදාගන්න බැරි කොම්පියුටර් දාර්ශනිකයො මෙතන පිරිලා. විශ්‍වවිද්‍යාල වල ඉන්නෙ බුද්ධිමත්ම කොටස. ඒක අමතක කරන්න එපා. මාසෙකින් හරි ඉගෙන ගන්න කාලේ පස්සට යනව කියන්නෙ අම්මට තාත්තට තවත් නොකා නොබී ඉන්න වෙනව කියන එක. අපි කැම්පස් වල සැප විදින්නෙ නෑ. කන්නේ දවසට එක වේලයි. ඉතුරු සල්ලි වල අධ්‍යාපන වැඩ. මහපොල බෝඩිම් ගාස්තුවටත් මදි. හුඟක් ළමයි ඉගෙන ගන්න අතර රස්සාවල් කරන්නේ ආශාවට නෙවෙයි. ජීවත් වෙන්න කරන්න දෙයක් නැති හින්දා. අපි කොහොමහරි උපාධිය අරගෙන රස්සාවක් ගන්න ඕන.අපි පාඩුවේ උපාධිය කරගෙන යන්නම් ඔයගොල්ලො දැයට කිරුළ දාගෙන ලෝකෙටම ණය වෙන්න.අපෙ ඉගෙනීමේ නිදහසට බාධා කරන්න එපා. (ස)
දකුණේ ඕක තියන්න වෙන තැනක් ඇත්තෙම නැද්ද ? (නදී)
ලංකා තිලක්ව නම් පෙර පාසලකට යවන්න වෙයි වගේ (නි)
අජිත්, පළමුව පුවත් සංවාදය හොඳින් කියවා බලන්න. මෙතන බහුතරයක් මේ වැඩේට විරුද්ධයි. (නි)
අජිත් පේරා, ඔබේ උගත්කම කෙසේ වෙතත් බුද්ධිමත් කම ඔය කියවපු කියවිල්ලෙන් පෙනුනා. අනුන් ගේ උගත්කම සොයන්න කලින් ඔබේ ආකල්ප වල ඇති නුගත්කම සොයා බලන්න. මෙතන අදහස් ලියන කවුරුන්වත් තම තමන්ගේ විභාග සහතික දිග ඇරගෙන නැහැ. මේක විවුර්ත සංවාදයක්. මහන්තත්වයෙන් හිස උදුම්මාගෙන අනුන්ව පහත් කරන ඔබ උගත්කම කියන්නේ මොකද කියා වත්නොදන්න කෙනෙක්. (නදී)
විශ්ව විද්‍යාල වහන වට අන්තරේට වඩා කැමති කට්ටියක් තවත් නැහැ..ප්‍රශ්නේ තියෙන්නේ තමන්ගේ ක්‍රියාකලපයකින් නැතුව රජයේ යම් පරමාර්ථයකට වහන එක...ඔය විශ්ව විද්‍යාල සිසුනුත් අම්බරුවෝ වගේ තමයි.දක්කන කෙනා දක්කන පැත්තට මෙලෝ හසරක් නැතුව දැක්කෙනවා...අන්තරේ දක්කනවා.මෙයාල දැක්කෙනවා..සමාජය ගැන මෙලෝ හසරක දැනීමක් නැතුව පොත් ගුල්ලෝ වෙලා විශ්ව විද්‍යාලයට රිංග ගත්තම අන්තරේ මවන ලෝකේ තමයි ලෝකේ. ඊට වඩා දෙයක් ලෝකේ නැහැ කියල හිතන ඔය සරසවි සිසු පරපුරේ මොළ අන්තරේ ගොඩක් ලේසියෙන් හෝදලා එයාලට ඕන විදියට පදම් කර ගන්නවා.දැයට කිරුළට විරුද්ධ දේශපාලන කුහක කමකට මිස වෙන දේකට නෙමෙයි..අජිත් මහත්තය කැම්පස් වහනවා දැකලම නැහැ වගේ . මාස ගණන් නෙමෙයි අවුරුදු ගණන් කැම්පස් වහල තරුණ තරුණියෝ ගෙවල් වලට නාකි කරවපු විතරක් නෙමෙයි හතර රියනේ සැත පෙන්නවත් වරම් නොදී ටයර් සෑය වල යවපු අන්තරේ මේක වහනවට විරුද්ධ වෙන්නේ ළමයින්ගේ අධ්‍යාපනේ ගැනම හිතල වෙන්න ඇති. කොහොම උනත් නන්දිකඩාල් වලින් පස්සේ ලංකාවේ මුදා නොගත් ප්‍රදේශයක් තිබිල තියෙනවා කියල මේ සිදුවීමෙන් පැහැදිලි වුණා.මම හිතන්නේ දැන් ගමේ මිනිස්සුම ඒකත් මුදා ගන්න මෙහෙයුම් ආරම්භ කරලා තියෙන්නේ. (ස)
විශ්වවිද්‍යාලයක් යනු දේශපාලන මැරයන්ගේ නාඩගම් මඩුවක් නෙවේ.එදා එයාල අපිට ගහද්දී අපේ කොල්ලො මරන්න හදද්දී රටේ නීතීය අපි දිහා හිනාවෙවී බලා හිටියා. රෑ වෙලා එලියට එන්න බැරුව හරියට කෑමක්වත් නැතුව ඇතුලට වෙලා මැරයන්ගේ කුණු කතා අැහුවේ අපි ජාතක කරපු දෙමව්පියන්ට ඉඳලා බැනුම් ඇහුවේ අපි ආණ්ඩු පෙරලන්නවත් ගහගන්න ගිය නිසාවත් නොවේ. අපිට සන්තකටම ඉතිරි වෙලා තියන අධ්‍යාපනය වෙනුවෙන් කට අරින්න ගිහින්. කඩු,පොලු ,කිණිසි අරන් රටේ අනාගත කොල්ලන්ට,කෙල්ලන්ට ගහන්න ආපු මැරයන් අතරින් උදේ,හවස බත් පැකට් එක හදලා දෙන ගමේ ඉන්න අක්කා කෙනෙක්වත්, මල්ලී කොහොමද කියලා හැමදාම අහන ගමේ අයියා කෙනෙක්වත් නෙවෙයි.එල්ලෙන්න වැල් නැතුව,වැස්සකටවත් පාසලකට නොගිය හෙන්චයියල ටිකක්. (ස)
විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න බහුතරය ලංකාවේ දුප්පත් දෙමව්පියන්ගේ දරුවෝ. එයාලා ගැන වෛරයෙන් හිතන්න අපේ බුද්ධිමත් ජනතාව යොමුවෙන්න හේතුව මොකක්ද? පෞද්ගලික න්‍යාය පත්‍ර අනුව වැඩකරන අන්තවාදී ඇසින් බලන්නේ නැතිව ඔබේ ඇසින් සරසවි ශිෂ්‍යයන් දෙස බලන්න. (නදී)
මොනවා වුණත් සරසවියට පැමිණියා නම් ඉගෙනගැනීමටයි මුල් තැන දියයුත්තේ (නි)
විශ්ව විද්‍යාල කියන්නේ දේශපාලන මැරයන්ගේ නාඩගම් මඩුවක් නෙමෙයි කියල කවුද කියන්නේ. එදා ඉදල අපි දැක්කේ එක්තරා බංකලොත් දේශපාලන පක්ෂයකින් ඔවුන්ගේ දේශපාලන අභිමතාර්ථ ඉෂ්ට කරන්න විශ්ව විද්‍යාල පද්දතිය තුල නඩත්තු කරවන කොන්ත්‍රාත් මැරයන්ගේ කෙලි බිමක් හැටියට තමයි. එදත් එහෙමයි අදත් එහෙමයි. මේ ගහපු මිනිස්සු මැරයෝ නම් ඉතින් පොඩි වෙනසයි දෙගොල්ලන්ගේ තියෙන්නේ. ඇතුලෙයි පිටෙයි කියන වෙනස විතරයි. මැරයන්ට මැරයෝ ගහල අපිනම් දන්නේ එච්චරයි.(නදී)
මංජුල කොපමණ බුද්ධිමත් ජනතාවක් රටේ සිටිත්ද? වැඩි හරියක් බුද්ධිමත් ද ? එහෙම නැත්නම් අහිංසක අසරණයෝද? (නදී)
කව්ද මැරයෝ? අහිංසක දෙමව්පියන්ගේ බලාපොරොත්තු ඉටුකරන්න ආපු, පක්ෂ විපක්ෂ කඹ ඇදිලි වලින් අන්තිමටම තැලෙන, රුපියල් 30 කැන්ටිමේ බත් එක කාලා උදේම ලෙක්චර් දුවන, එකම කලිසම මුලු සතියෙම හෝද හෝද අදින, රටේ වෙන දේවල් වලට බල්ලෙක් වත් බුරන්නේ නැතිකොට ඒ වෙනුවෙන් කෑ ගහන අපිද? මේ රටේ වෙන දේවල්වලට තරුණ අපිට කතා කරන්න අයිතියක් නැද්ද ? එහෙම කතා කරන්න යන අපි මැරයෝ එහෙමද? අපිත් ආවේ පිකටින් කරන්නවත් දෙමව්පියන්ගේ මුදල් කාබසිනියා කරන්නවත් නෙවෙයි ඉගෙනගන්න. ඒත් අපි පොත් ගුල්ලෝ නෙවෙයි. පොතටම ඇලිලා සමාජය ගැන මෙලෝ හසරක් නොදන්න බෝනික්කන් වාගේ අනාගතේ එක එක අයගේ සුරතල්ලු වෙලා ඉන්න, තියන එකා ළග දෙකට නැමිලා, නැති මිනිහා දිහාට පුප්පන උපාධිධාරින්ද බලදාරින් හා රටේ මිනිස්සු බලාපොරොත්තුවෙන්නේ. කොන්දක් ඇති කොල්ලෙක් කෙල්ලෙක් රටකට බිහිවෙන එක,පණ ඇතුව කෙලින් කතා කරන්න පුලුවන් මිනිසෙක්,ගැහැණියක් රටට බිහිවෙන එක රටට බරක්ද? එහෙම නැත්නම් ඒකට බයද? ඇතැම් මාධ්‍ය පෙන්නන දේවල්ම ලෙවකකා වටපිටාව ගැන මෙලෝ හසරක් නොදන්න ලිං ගෙම්බො වගේ ලිං ගැට්ටට ඒහා ලෝකයක් විශ්වාශ නොකරන ගතානුගතික මිනිසුන් ඇත්ත ලෝකය විශ්වාස නොකරයි. යතාර්ථය පිලිකුල් කරයි. මන්ද ඔවුන්හට ගැති බවින් තොරව පැවැත්මක් නොමැති හෙයිනි. එවන් සිතුවිලි වලින් හිස්ගෙඩි පුරවා ගත්තවුන්ගේ හිත් දැන් ඇත්න් ලවා වත් අද්දවා ගත නොහැක. අපට ඉතිරිවී ඇත්තේ ඔවුන් දෙස උපෙක්ශාවෙන් බැලීම පමනි. අපද 100% නිවැරදි නොවිය හැකියි....නමුත් අපේ හඩ සම්පූර්නයෙන්ම වැරදිද නැත....පෞද්ගලික කැම්පස් එකකට යන්න වත්කමක් නැතිව රාජ්‍ය විශ්ව විද්‍යාලයකට පැමිණි අපි, අපි වෙනුවෙන් කතා කරන එක මිනිස්සු දකින්නේ මහජන මුදල් කාබාසිනිය කිරීමක් ලෙසද? අපිත් ඉගෙනගන්නේ අනාගත රටට සේවයක් කරන්න...අපේ දැනුම,අප ලබාගත් දෙය එක හා සමානව අපේ නංගිලා,මල්ලිලාට දෙන්න..මහ පාරවල් ගානේ රස්තියාදුවෙවී,උගුරට ලේ රහ එනකන් කෑ ගැසීමට,කාලකණ්ණි,නාස්තිකාරයෝ කියා ඇසීමට අපිත් අකමැතිය....!!!! ඒත් මතක තියාගන්න!!!!විශ්වවිද්යාල ශිෂ්‍ය ප්‍රජාව යනු මැරයන් නොවෙයි...කන බත් කටට පවා දෙමව්පියන්ට,අහිංසක මිනිසුන්ට ණය වී සිටින,කවදා හෝ ඒ ණය ගෙවාදමන අභිමානවත් ශිෂ්‍ය ප්‍රජාවකි.(නදී).
ඉෂාන් ඔබගේ අදහස් කදිමය.මමත් ඔබ සමග 100% එකහ වෙමි. (දී)
අපි ජිවිතේ අත් විඳලා තියෙනවා..අත්දැකීම් ලබල තියෙනවා..අඳුරු යුග පහුකරන් මෙතනට ආපු අපිට ඒ අඳුරු යුග ආයේ දකින්න අවශ්‍ය නැහැ.ඒවාට යන්න අවශ්‍ය නැහැ. ඒ තරුණ තරුණියන්ගේ මර ලතෝනි ජිවිත ඉල්ලලා යදින යැදුම් අහන්න අවශ්‍ය නැහැ. අපේ දරුවන්ට අපි ආදරෙයි. තරුණ පරපුරට අපි ආදරෙයි. ඔවුන් බංකලොත් දෙශපාලකයන්ගේ අභිමතාර්ථ සපුරන්න අපි කැමති නැහැ. ඔයාල ඔය දකින ඔයාලට ඔය පෙන්නන ලෝකෙට වඩා ඇතුල ගොඩක් ගැඹුරුයි. අඳුරුයි. අතීතය නොදන්නා ඔයාලට බණ කිව්වට තේරෙන්නේ නැහැ කියල දන්නවා. විශ්ව විද්‍යාල පද්ධතියේ අඩුපාඩු ඇති. සර්ව සම්පුර්ණ කිසිවක් මේ ලෝකේ නැහැ.රජයකට හැම අඩුපාඩුවක්ම සපුරන්නත් බැහැ. තමන් කවුද තමන්ගේ වගකීම කුමක්ද කියන එක වටහාගත් සිසුවාට ඔය අඩුපාඩු තමන්ගේ අධ්‍යාපනයට බාධාවක් නෙමෙයි කවදාවත් තමන්ගේ ඉලක්කය සපුරා ගන්න. අපිට අවශ්‍ය අන්න ඒ සිසුවාට ඉගෙන ගෙන එලියට එන්න පුළුවන් වටපිටාවක් සරසවි පද්ධතිය තුළ ඇති වෙනවා දකින්න. නමුත් එ්ක වෙන්න දෙන්නේ නැහැ.එහෙම උනොත් තමාට පැවැත්මක් නැති බව කට්ටිය දන්නවා. (ස)
නියම අදහස ඉෂාන්. ඔබ කියා ඇති ලෙසම සිසුන් කරන සියලු දේ නිවැරදි නොවෙයි. නමුත් මෙතන ලියන සමහරක් හිතාගෙන ඉන්නේ විශ්ව විද්‍යාලය කියන්නේ ටියුෂන් පන්තියක් වගේ කියලා. බුද්ධිමතුන්ට ඒ අය ඉරිසියා කරනවා. (දී)
71 පටන් ගත්තේ සරසවිය ඇතුලින්..88/89 පටන් ගත්තේ සරසවිය ඇතුලෙන්.තරුණ වයසේ ඇතිවන ආවේගයන් තමන්ගේ අභිමතාර්ථ සදහා යොමු කරවගන්න පහසුම ස්ථානය හැටියට මළමිනී දෙසපාලනය සරසවි බිම එදත් තෝරා ගත්ත..අදත් තෝරා ගන්නවා..හෙටත් තෝරා ගනීවි..මේ ක්‍රියාවලිය සදහා ඔවුන් විසින් අධ්‍යාපනය සදහා නොවන අරමුණු උදෙසාම සියලු නඩත්තු දරමින් ඔවුන්ගේ ඉත්තන් ඇතුලත්කරගෙන ඉන්නවා..ඔවුන්ගේ කාර්යය විශ්ව විද්‍යාල පද්දතිය අඩාල කරාන එක කඩාකප්පල් කරන එක සරසවි වස්සවන එක .පුළුවන් තරම් සිසුන්ගේ මළමිනී ගොඩ ගහන එක.ඕක මේ රටේ හැමෝම දන්නා සත්‍යය ඉශාන් මල්ලි. .ඔයා දන්නේ නැති උනාට.ඕකෙන් එලියට ආපු දවසකට තමයි තේරෙන්නේ තමනුත් ඇතුලේ ඉන්නකම් කලේ බංකලොත් දේශපාලනයේ පැවැත්ම වෙනුවෙන් කඩේ ගිය එක විතරයි කියල. (දී)
ඔය කිරුළෙන් රට ලබා ගත් දියුණුව මොකක්ද කියා ටිකක් හිතලා බලනවද? වටේ පිටේ පාරවල් ටික කඩිමුඩියෙ හැදුවට දැන් කීයක් ගිලා බහිනවද? ඔය ටික කරන්න මේ වගේ සංදර්ශනාත්මක සැණකෙළිම ඕනෑද?අන්තරයට අපේ උත්තමාචාරය! (නි)
ඉෂාන්, ඔබගේ පිළිතුර කදිමයි. ඉන්න සනා ඊලග චන්දෙදි අපි බැට් කරලා පෙන්නන්නම්. (දී)
රමසි බැට් කරන්න සනාව අවුට් කරගන්න එපැයි..ඔය විදියට බෝල් කරලා සනාව ගලවනවා බොරු.ඕවට මොන්ටිසෝරි ළමයිනුත් ඇස් වහගෙන ගහයි..රම්සිට හැමදාම බෝල අහුලන්න තමයි වෙන්නේ..ගහන්නනම් වෙන්නේ නැහැ ..සනා දිගටම බැට් කරනවා..එක ඉතින් හෙට ඉර පායනවා වගේ ෂුවර්.. (දී)
බන්දු අය්යා, මාතර මිනිස්සු දෙපාරක් මෝඩ වෙන්නේ නැහැ. මතක නැද්ද අනර්කලී කියපු තොරොම්බල් කරත්තෙට දුන්න පාර. (ස)
පව් අප්පා , ඔහොම හරි මෙයාට විශ්ව විද්‍යාලයක පස් පාගන්න ලැබුනානේ. මීට පස්සේ එයත් කියාවි "මමත් කැම්පස් ගිහින් තියෙනවා..." කියල. අපි එයාට ආචාර්ය පට්ටමක් දෙමුද? මම යෝජනා කරනවා ...ආචාරිය කියල, මොඩ් විදියට නම් බට්ටාචාර්ය කියල උනත් කියන්න පුළුවන්. (ස)
අර පාර හරහා දපල ඉන්නේ, හම්බන්තොට කුනු බිත්තර ගහපු එක්කෙනාගේ මල්ලිද? (ස)
රම්සිලගේ දේශපාලනේ තියෙන ප්‍රධාන දුර්වලතාවය තමයි සතුරාව අවතක්සේරු කිරීම. සමච්චල් කිරීම.තමන් ගැන අධි තක්සේරුවකින් සිතීම. 71 දී ඉල්ලන් කෑවෙත්,88/89 දී ඉල්ලන් කෑවෙත් අද වැලේ වැල් නැතුව පළාත් සභාවක ආසනයක් ගත්තම ආංඩුව පෙරලුව කියල හිතන්නෙත් එක තමයි. ඔය ලෙඩේ හොඳ කරගෙන සතුරාව නිවැරදිව හදුනා ගෙන ඒ අනුව ක්‍රියා කලොත් කවද හරි කලක් යාවි...නැත්නම් ඉතින් හැමදාමත් ඉල්ලන් කන්න තමයි වෙන්නේ. (ස)
කාගේවත් අතකොලු වීමට,කාගේවත් පදයකට නැටීමට අපිත් අකමැතිය...අපි මේ සැරසෙන්නේ 71,88,89 අඳුරු කාල සීමව තුල පැවති භීෂණ සමයක් එදා පැවති අඳුරු කාල සීමාවක් නැවත ඇති කිරීමට නොවෙයි...එ වෙනි අඳුරු යුගයක් නැවත හිස ඔසවා ගැනීමට සැරසුනොත් ඊට විරුද්ධව මමත් ඔබ සමග සිටිනු ඇත.දෙමව්පියන්ගේ කරගැට දහඩිය සුවද දැනුනු,කෝටි ගනන් වත්කම් නොමැති දරුවාගේ ඉගෙනීම වෙනුවෙන් කනකර පවා උකස් තියපු,තම දරුවාගේ ජීවිතයට දීමට ඉතිරිව තිබෙන එකම,වටිනම දායාදය වන අධ්‍යාපනය ලබාදුන් අහිංසක දෙමව්පියන්ගේ හඩ නෙමෙයිද අයියේ අපෙන් ඇසෙන්නෙ...??කැම්පස් යන අපි ,අයියලා දකින ආකාරයේ සුරංගනා ලෝක,සිහින ලෝක වල ජීවත් නොවෙමු.එවැනි ලෝකයන් අපිට උවමනාත් නැත. දැයට කිරුලට මා පෞද්ගලිකවම විරුද්ධ වූවත් එය වලක්වන්නට මාගේ වචන ප්‍රමානවත් නොවිය හැක..නමුත් විශ්වවිද්‍යාලය තුල හැර වෙනත් පෙදෙසක පැවැත්වීම පිලිබඳව අප හට කිසිවක් කිරීමට නොහැකිවූවත් එයට අපගේ විරුද්ධත්වයක්ද නොමැත...එතරම් අප අසරණ වී ඇත....අපව අසරණ කර ඇත.... (ස)
මේවා කතා කරලා වැඩක් නැහැ (දී)
මගේ කිසිම දේශපාලනයක් නැහැ. හුදෙක් අහිංසක සරල අදහස් දැක්වීමක් කළා පමණයි. (ස)
සමවෙන්න බන්දු අයියා මගේ කිසිම දේශපලනයක් නැහැ. බොහෝම සරල ප්‍රතිචාරයක් දැම්මා පමණයි. අනිත් එක මේ ලොකෙ තක්සෙරු කරන්න පුළුවන් හරි කෙලින් ස්තවර ප්‍රතිපත්තියක් තියෙන සහ බුද්ධිමත් මිනිසුන් පමණයි. අපේ රටේ ඉන්න දේශපලකයන්ට ඔය දෙකම නැහැ. (අ)
වෙන දෙයක් බලාගෙන ඉන්න තමයි අපිට වෙන්නේ (දී)
ජයවේවා නියමයි සුභපතනවා (දී)
දැයට කිරුල ලංකාවේ නව ප්‍රවනතාවයක් (දී)
තරඟය ඉවර වෙනකල්ම සෙල්ලම් කරන්න (දී)
අනිවාර්යයෙන්ම ඒ පිල දිනනවා (දී)
අපිට මොකද අනේ (දී)
ජයසුරිය මහත්තයා මොන පදනමෙන්ද ඒ පැත්ත ගත්තේ (දී)
සමහරු මේකට බනිද්දි සමහරු තියන්න කියලා ගහ ගන්නවා (දී)
දැයට කිරුල තියන්න ඕන තැන තීරණය කරන්නේ කවුද (දී)
වාසි පැත්තට හෝයියා (දී)
ඕන නැති දේවල් වලට අත දාලා සව්ත්තු වෙන්න එපා (දී)
මේ දැයට කිරුල යනු අහිංසක ජනතාවගේ මුදල් නහස්ති කිරීමකි. ඒ මුදලින් අසරණ අබාධිත රණවිරුවන්ට සේවයක් කරන්න (දී)
බන්දුල පෙරේරා ඔබ හරි (දී)
ජනතාව එකතු කරගෙන කරන පිස්සු වැඩක් (දී)
හරි පැත්තට බැට් කලාට කමක් නැහැ (දී)
නිකන් ඉන්න බැරුවට (දී)
කව්රු මොනවා කිව්වත් අනිතිමට වෙන දේ බලන්නකෝ (දී)
මේකට නම් අපිත් විරුද්ධයි (දී)
මේවා ගැන මෙයාල මොනවා දන්නවාද? (දී)
දයට කිරුල කරන්න හදන්නේ අතට පිස්තොලේ අරන් වගේ (දී)
ළමයින්ටත් උද්ඝෝෂණය කරන්න එකක් තිබිලම නැහැ (දී)
සමාවෙන්න බන්දු අයියා මගේ කිසි දේශපාලනයක් නැහැ. නැහැ. හුදෙක් අහිංසක සරල කමෙන්ට් එකක් දැම්මා විතරයි අනිත් එක මේ ලෝකේ කරන්න පුළුවන් හරි කෙලින් ස්ථාවර ප්‍රතිපත්තියක් තියෙන බුද්ධිමත් මිනිස්සු පමණයි.අපේ රටේ දේශපාලකයන්ට ඔය දෙකම නැහැ (දී)
මොනවා උනත් විරුද්ධ වෙන එක අන්තරේ හැටිනේ (දී)
රුපියල් කොටි සිය ගානක් හිමි ධන කුවේරයෙක් වට කරගත් ඔහුට කත අදින,එදා වෙලා කාල කුලියට කරන මිනිස්සු (දී)
සමිතාගේ කතාව හරියටම හරි (දී)
නොදැවී ඉන්න ලැබේවා (දී)
අනික් පැත්තෙන් මුහුණ දෙන්න බැරි පන්දුවක් ආවොත් තමා වැඩේ (දී)
කාට කියන්නද මේ අවනඩුව ...................(දී)
විශ්ව විද්‍යාල සිසුන් එක්ක අපේ තරහක් නැහැ.අපි තරහ එකේ ඉන්න දේශපාලකයන්ගෙන් නඩත්තු වෙන දේශපාලන කොන්ත්‍රත්කාරයෝ ටිකත් එක්ක.අපේ දු දරුවන්ට අපි උගන්නන්නෙත් ඔතනට යන්න. ගිහින් ජීවිතය ජය ගන්න අඩි තාලම දාගන්න. හැම දේම අපේ කැමැත්තට වෙන්නේ නැහැ. පවත්නා රජයට පමණක් නෙමෙයි පත් වුනු පත් වෙන සියලු රජයන්ට යම් දේශපාලනික න්‍යාය පත්‍රයක් තියෙනවා. රාජ්‍ය ආයතන කිසිවක් ස්වාධීන නැහැ. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් රජයේ බලය තියෙන කාල සිමාව තුල ඔවුන්ගේ න්‍යාය පත්‍රයට යටත් වෙන්න ආයතන වලට සිදු වෙනවා. විශ්ව විද්‍යාල කියන්නේ ස්වාධීන ආයතන කියල හිතනව නම් එ්ක මුලාවක්. රජයේ න්‍යාය පත්‍රයට ඒකත් යටත්. රජයේ දේශපාලන ප්‍රතිරූපය පුම්බන්න හෝ අවංක අදහසින් හෝ රජයෙන් කරන කාර්යයකදී රජයෙන් වෙන්වන ප්‍රතිපාදන වලින් යැපෙන විශ්ව විද්‍යාල වලට ඒවා වර්ජනය කරන්න ඒවාට තහංචි දාන්න බැහැ. අවශ්‍ය නම් රජය විශ්ව විද්‍යාල වහල හරි ඒක කරයි ඔය කව්රු විරෝධතා දැක්වුවත් එපා කිව්වත්. සර්ව අසුභවාදිව සෑම දෙයක්ම දිහා බලන අන්තරේ කන්නාඩියෙන් බැලුවොත් නරකට පේන දෙයින් ඇත්තටම නොසිතන හොඳක් වෙන්නත් පුළුවන්. සිසුන්ගේ තර්ක සාධාරන නම් ගමේ මිනිස්සුන්ගේ කේන්තියත් සාධාරණයි. මම දන්නා විධියට නම් මේ ප්‍රදර්ශනය සරසවි භූමියේ තියන්නේ නැහැ. ඒ අන්තරේට බයේ නෙමෙයි. වෙන තාක්ෂණික ගැටළුවක් නිසා. අද හෙට ඔය ප්‍රශ්න විසඳේවි. (ස)
".....මම දන්නා විධියට නම් මේ ප්‍රදර්ශනය සරසවි භූමියේ තියන්නේ නැහැ. ඒ අන්තරේට බයේ නෙමෙයි. වෙන තාක්ෂණික ගැටළුවක් නිසා. අද හෙට ඔය ප්‍රශ්න විසඳේවි. ..............................." පැන්නා නේද බළලා මල්ලෙන් එලියට. (දී)
සති අන්ත ලංකාදීපේ හොද මධ්‍යස්ත ලිපියක් තියෙනවා මේ ප්‍රශ්නය පිලිබදව..නොදන්නා ගොඩක් දේ ඒකෙන් දැන ගන්න පුළුවන්..එපා කියන ඕන කියන සියලු දෙනාගෙන් ඒ ලිපිය බලන්න කියල කාරුණිකව ඉල්ලනවා..(දී)
මගේ රටට මොකද මේ වෙන්නේ මෙතන අපිට නොකියන නොපෙනෙන මොකාක් හෝ දෙයක් තියෙනවා (දී)
දේශපාලනයට යටකරන්න එපා දැයට කිරුල (දී)