සන්ධාන ජාතික ලැයිස්තුවේ ඉන්දියා රෝ (පර්යේෂණ හා විශ්ලේෂණ අංශයේ) ඔත්තු සේවයේ සාමාජිකයකුද සිටින නිසා තමාගේ නම ඉල්ලා අස්කර ගත් බව මහාචාර්ය නලින් ද සිල්වා පැවිදි හඬ සංවිධානයේ රැස්වීමකදී අද (15) ප්‍රකාශ කළේය.
එහෙත් ඔහු ඒ කවුදැයි නම් කළේ නැත. ඉන්දියාවේ රෝ සංවිධානයත් ඇමරිකාවේ සීඅයිඒ සංවිධානයත් අද ශ්‍රී ලංකාවේ නොයෙකුත් දේ කරතියි ඔහු චෝදනා කළේය.
ඉන්දියාවත් ඇමරිකාවත් එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මහතා ගැන නූගතුන් ප්‍රකාශ කරන මත දැක්කම හිනා යනවා . නාථ දෙවියන්ට අපහාස කලාට එදා ඒ පරියේෂණ මඩුල්ල කියපු වස පිළිබද දේවල් අද සත්‍ය බව බටහිර විද්‍යාවෙන් පවා ඔප්පුවෙලා තියෙනවා. බටහිර විද්‍යාව කියන්නේ සාපේක්ෂ දැනුමක් බව නොතේරෙන අයට බටහිර විද්‍යාව පරම සත්‍ය උනාට විද්‍යාව ගැන ගැඹුරෙන් උගන්නා අය දන්නවා එහි තිබෙන අසම්පූරණ බව .නුගත්කම කියන්නේ මහා පාපයක්. මෙතන කොමෙන්ට් දමන අය ගැන අනුකම්පා කරනවා හැර වෙන මොනවා කරන්නද ?මොලේ ලැබෙන්න පින් කරගන්න. එතකොට මිට වඩා දේවල් තේරේවි ගුරුත්වාකර්ෂණය කියල බලයක් නැති බව මම කිව්වොත් පිළිගන්නවද ?හොයල බලන්න. (ස)
මම හිතුෙව් නලින්ද සිල්වා කියන්නේ හොඳ ඔලුවක් කියලා බලපුවාම(අ)
මට මුණ ගැසුණා 1985 පමණ කාලයේදී ලෝක බැංකුවට සම්බන්දව කටුයුතු කල ඇමෙරිකන් මහත්මයෙක් . එතුමා ලංකාවේද සිටිය කෙනෙක් . ලංකාවටත් අපේ මිනිසුන්ටත් හරිම අාදර ඇති අයෙක්. එතුම කීවා නුඹලාගේ මිනිස්සු සුද්දට බැන බැන තවමත් ලෝකයේ හිඟමනේ යනවා කියල. නුඹලාගේ කිසිම එකමුතුවක් නැති නිසා මෙය සුන්දර රට අගාදයට ගිහින් කියල. උඹලගේ රටේ ඇමෙරිකාවටත් වඩා උගත් බුද්දිමත් සමාජයක් ඉන්නවා කීවා. නමුත් දේශපාලනය කරන මිනිසුන් අවංක නැති බව කීවා. එමනිසා උගතුන් නිහඬව ඉන්නවා. එහෙමත් නැතිනම් රට දමා යනවා කියල. අනුන්ගේ යැපෙන තුරු අපට මෙම විපත දිගටම වෙයි. එමනිසා මෙම මැතිවරණය ඉතාම වැදගත්. බුද්ධි මතුන් සහ පරිපාලනය පිලිබඳව අවබෝදයක් ඇති අය පාර්ලිමේන්තුවට යැවිය යුතුයි. (ස)
මහාචාර්ය තුමා ඡන්දෙ ඉල්ලුවොත් අපේ ඡන්දෙ ඔබට (ස)
ඉහත අදහස් පළකර ඇති එක පුද්ගලයෙක් හටවත් මේ රටට වෙන්න යන්නේ මොකක්ද කියා කිසිදු අවබෝධයක් නැති බවක් මට දැනේ. මේ වගේ අය බහුතරයක් ඉන්නා රටකට මෙහෙම වෙලා මදි එක අතකට. එක් කෙනෙක්වත් දන්නේ නැහැ සන්ධාන ලැයිස්තුවේ ඉන්න රෝ ඔත්තුකාරයා කවුද කියලා. නලින් ද සිල්වා මේ ටික වෙන බව මීට මාස ගානකට පෙරත් කිව්වා. (නි)
විද්‍යා..67 ක් උනේ ඕක තම .67ක් මේ ඉන්න දෙගොල්ල විභාගේ ලියල ෆිල් .එත් තාම ලියන්න දෙනවා .ඊට පස්සේ ලෝකේ වටේ හිගාකනවා .අපේ රටේ ගැනු ගිහින් මැද පෙරදිග පිගන් හෝදලා එවන සල්ලි වලින් රට දුවන්නේ (ස)
අපි දන්නවා රට විරුවා කියලා (ස)
දෙවියන් වහන්සේ මහින්ද ආධාරකරුවන්ට දඬුවම් කරනවා නියතයි. (ස)
ඔය කිව්ව එක අර මිදී වල්ල කඩා ගන්න බැරි වුන විට සිවලා එම මිදී වල්ල ඇඹුලයි කියල දාල ගහල ගිය කතා ව වගෙයි. විශ්ව විද්‍යාල වලත් රෝ කාරයෝ ඕන තරම් ඉන්නව. ඒ වුනාට සිල්වා මහත්තය විශ්ව විද්‍යාලයේ සේවය කාලය ත් පහුවන තෙක් බලයෙන් අල්ලාගෙන හිටිය. මෙයා මහා බොරු කාරය. (ස)
නලින් ද සිල්වා තමන් යන්නේ කොහෙද කියල නොදන්නා කෙනෙක්. (ස)
කියන්නකෝ දැනගන්න. මොන තිලකද කියලා (නදී)
ඉන්නේ ,සන්ධානේ විපක්ෂේ ..ඉන්දවන්න .. ඒක ඉර හද කිව්වා වගේ විශ්වාසයි .(ස)
අම්මප බලාගෙන යනකොට නලින් නේ නියම ඔත්තු කාරයා (නදී)
නමක් ගමක් නැතිව ඔහේ උඩ බලාගෙන චෝදනා කරන එක උගත් කම නොවෙයි. නුගත් මිනිස්සු නං එහෙම කරනවා. (ස)
සන්ධානයේ 'රෝ' ඔත්තුකාරයෙක් ඉන්නවා නම් කළ යුත්තේ බුද්ධිමතෙක් විදියට එතන ඉදන් ඔත්තුකාරය කරන වැඩ ගැන සෝදිසියෙන් ඉදීම මිස එතනින් පැන දිවීම නොවෙයි. නිකන් ලෝකෙට බොරු ආරංචි පතුරවන්ට එපා මහත්තයෝ. (අ)
නිවන් සැප ලැබේවා (අ)
රට වෙන හානිය ගැන කතා කරන කෙනාට මඩ ගහන්න මදි නොකියන්න මේ රටේ කාලකන්නි ඉන්නවා, කව්රුත් දන්නවා දැන් ඉන්දියාව අැමරිකාව ලංකාවේ පාලනයට අැඟිලි ගහනවා කියල. මේවට විරුද්ධ නොවෙන්නේ ඉතින් සුද්දන්ගේ කලේ සුද්දෝ අතින් දිනපතා සල්ලන් වෙච්ච පරම්පරාවලින් පැවත එන බාග සිංහලුන්. (ස)
මට තේරෙන දැනෙන හැටියට කොම්පියුටර් ජිල්මාර්ට් කමෙන්ට් නඩයක් වෙබ් සයිට් වලට බැහැලා තදට වැඩ, කනගාටුයි ඔබ වැන්නන් ඔබගේ අනාගතය ගැන නොසිතන එක ගැන ලංකාවේ ජිවත් වෙනවානම් තවදුරටත්. (නදී)
මට තේරෙන දැනෙන හැටියට කොම්පියුටර් ජිල්මාර්ට් නඩයක් වෙබ් සයිට් වලට බැහැලා තදට වැඩ. කනගාටුයි ඔබ වැන්නන් ඔබගේ අනාගතය ගැන නොසිතන එක ගැන. (නදී)
ඔබ තුමා බොහෝ දුර දකින මහා ඇදුරෙක් . ඔබට දළදා සරණ ලැබේවා (බ)
තිලක කෙනෙක් තමයි ඉතින්. තිලකයක් තියෙනවනේ මේ රටේ පිනට පහල වෙච්ච. (බ)
ඔබ තුමා ගොඩනගාගෙන තිබෙන ජාතික අනන්‍යතාවය තුල මෙම නම් හෙළිදරව් නොකිරීම වූ කලී හිටපු නීතිපති සේ පිල්මාරුවක සේයාවක් පෙන්වීමකි. එහෙත් සතරවරන් දෙවිවරු සුරකින ලංකාවේ අද ඔබ තුමාට යන්නට කිසි තැනක් නැත. යන යන හැමතැනම "එන්ජිඕ" මුලිකයන් විරාජමාන හෙයිනි. (බ)
ශ්‍රී ලංකාවේදී අපි මහජාතියේ වුනාට ජාත්‍යන්තරයේදී අපි සුළු ජාතියක් නිසා මේ රටේදී සුළු ජාතීන්ට එරෙහිව හෝ මහජාතියට විශේෂ වන ක්‍රියා ජාත්‍යන්තරයේදී අපිට දිට්ටදර්මවේදනිය කර්මයක් වේ. ගෙම්බාට ළිඳ ඇතුල වුව සුව දායක නොවනු ඇත. (ස)
ඒත් තවම මෙයා මහින්දටයි එජනිස කඩේ යනවා. නියම දේශප්‍රෙමියෙක්නේ ? (ස)
මට තේරෙන දැනෙන හැටියට කොම්පියුටර් ජිල්මර්ට් කොමෙට් නඩයක් වෙබ් සයිට් වලට බැහැලා තදට වැඩ, කනගාටුයි ඔබ වැන්නන් ඔබගේ අනාගතය ගැන නොසිතන එක ගැන ලංකාවේ ජිවත් වෙනවානම් තවදුරටත්. (ස)
එජාප ලයිස්තුවේ කොටි හිතවාදීන් ඉන්නවද ? (නදී).
මමත් මහාචාර්ය නලින් ද සිල්වා මහතාට තාමත් ආදරෙයි. එතුමා 90 දශකය 2000 දශකය හොදින් ගත්කලා. නමුත් දැන් තත්වය වෙනස්. සිංහලයෝ ගෙන ඇත්තටම කැක්කුමක් තියනවා නම් සිංහල නමෙන් පෙනී සිටින සිංහල ජන්තාවගේ මුදල් සංවර්ධනය නමෙන් කොල්ලකන අය ප්‍රතික්ෂේප කරන්න ඕනේ. එ්ක අපේ මහාචාර්ය තුමාට තාමත් වැටහෙන්නේ නැහැ. එ්කයි අපේ කරුමේ. ජාතික චින්තනය දිනේවා. ජාතිය වනසන අය වැනසේවා. (නදී)
මෙතුමා දුර පෙනෙන හොඳ දැක්මක් ඇති රටට ආදරය කරන සැබෑ බුද්ධිමතෙක්. (නි)
මේ මහත්තයට ඉගනගෙන වැඩි වෙලාද කොහෙද අමුතු අමුතු දේවල් කියනවා.... තමන් ඉගන ගත්ත විද්‍යාවම පට්ටපල් බොරුවක් කියල කියන කෙනෙක් නේ මේ..මේ වගේ අය කිසිම කෙනෙක් ළං කර ගන්න හොද නෑ. බොරුවට මිනිස්සුන්ගේ කුතුහලය අවුස්සනවා විතරයි. (අ)
අපිට නම් මේවා අහල ඇති වෙලා. මගේ රට මගේ අදර මාතෘ භුමි කියල රටේ සම්පත් මන් කොල්ල කෑවා. කෑදරකම ඔලුවේ ගහලා. (ස)
ඔබ තුමා බොහෝ දුර දකින මහා ඇදුරෙක් . ඔබට දළදා සරණ ලැබේවා! (ස)
එහෙනම් හංසයා දිනුවා වගේ 17 වෙනිදා දිනවයි ද ? (ස)
කවු ද මේ. (ස)
ඕක ඔයා විතරක් තනියම දැනගෙන ඉඳල ඇති වැඩේ මොකක්ද අපිට දැනගන්න කියන්නකෝ අගේ කරන්නැතුව (ස)
හපොයි ගහ ඇතුලේම පිළිල හැදෙනවා වගේ (ස)
එතුමාට දෙවිවරු එක එක ඒවා කියනවලු. මේකත් ඒ වගේ දෙවියෝ කියන්නෙ ඇති. (ස)
ඔත්තු කරය අර ර..... නේද ?
ඔන්න කෙලින් මහත්වරු ජයවේවා (අ)
දැන් ඔබතුමන්ලා යහපලානේ නේද ඔය ජාත්‍යන්තර බලවේග තියනවා කිවේ. දැන් එතකොට අර කොටි කතාව වගේ තමයි (හේ)
මහාචාර්යතුමනි ඔබතුමා ගේ දර්ශනය ජනතාවට තේරුම් යාමට නම් ඔබ තුමා මීට වඩා යමක් කළයුතුව ඇත. එනම් තරුණ සංවිධාන නොව සියලුම සංවිධාන ගොස් රටට අද දින අවැසි ජාතික හැගීම දීමට ජනතාව අවධිකරනු මැන. (හේ)
කවුද ඒ රෝ ඔත්තුකාරයා (හේ)
ඔබතුමාගේ දරුවන් කොහෙද ඉන්නේ හැබෑටම .ඉතියෝපියාවේ වෙන්න ඇති...ඇමෙරිකාවේ ඉන්නේ මගේ ළමයි වෙන්න ඇති. (අ)
ඕක ඔයා විතරක් තනියම දැනගෙන ඉඳල ඇති වැඩේ මොකක්ද අපිට දැනගන්න කියන්නකෝ අගේ කරන්නැතුව (ස)
ඔබතුමා අපිට සිටින විශිට උගතෙක් විය ජ්‍යෙෂ්ඨ ගණනාවක් ගැන පැතිරුණ දැනුමක් ඇති විද්වතෙක් කරුනකර නම් ගම් සහිතව හෙළිකරන්න (අ)
මෙතුමා සැබෑ බුද්ධිමතෙක්. ප්‍රාඥයෙක්. අනුන්ගේ අදහස් තමන්ගේ අදහස් මෙන් වමාරන ගිරා පෝතක විද්‍යාඥයෙක් නෙවෙයි. බටහිර විද්‍යාවට, දැනුමට අභියෝග කරන්න පුලුවන් ඔලුවක් තිබෙන මනුස්සයෙක්. (නි)
කවුද අප්පේ ඒ? අපිටත් කියන්නකෝ දැනගන්න (නි)
රටට මොනා උනත්, තමන්ගේ ප්‍රතිපත්ති පස්සේ දුවන මිනිස්සු. (ර)
ඉන්දියා රෝ (පර්යේෂණ හා විශ්ලේෂණ අංශයේ) ඔත්තු සේවයේ සාමාජිකයකු කියන්නේ මෙයාගේ පරණ බොස් ද ? (ස)
මේ අය කියනවා විතරනේ. ඒත් රටට මොනවද කරලා තියෙන්නේ? (නි)
නලින් සිල්වාගේ තරම අපි දන්නවා.පහුගිය කාලේ රැස්වීමකට බේබි ආපුවෙලාවේ බුලත් අතක් දීලා වැන්දා. තමාගේ උගත්කම වයස ගැනවත් නොහිත බේබිට වැන්දේ (ස)
මේ මහත්තය කොයි දේත් බාගෙට තම කියන්නේ. නියම ඇත්ත හැමදාම ගිලගන්නවා. * කලින් නාථ දෙයියෝ කිවුව කියල පොහොරවල වස විස තියෙනවා. (අ)
නලින් සිල්වාට පොඩ්ඩක් මොලේ වැඩි , අ(අ)
මහාචාර්ය නලින් ද සිල්වා ගණිතය හැර ඕන දෙයක් උගැන්විය හැකි බුද්ධිමතෙකි (අ)
මේ මහත්තයා දක්ෂ විශ්ව විද්‍යාල ඇදුරෙක් හැබැයි දැන් දැන් ටිකක් මීයෝ කාපු වයලින් එක වගේ 'නට් ලුස්'. (අ)
මෙයාට මහින්ද රාජපක්ස ජනපති කාලේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන සභාවේ ඉහල තනතුරක් පිරිනැමුවා කාර් එකක් එක්ක. ඒකයි ඔය කඩේ යන්නේ (ස)
එකත් නාථ දෙවියෝ ඇවිත් කිව්ව දෙයක්ද? (අ)