IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


සන්ධානය, සන්ධානය ගහ ගනී

මධ්‍යම පළාත් සභා ඡන්දය ආරම්භ වීමටත් පෙර පළමු ප්‍රචන්ඩ ක්‍රියාව මින් මද වේලාවකට පෙර නාවුල නගරයෙන් වාර්තා විය.

සන්ධානයේ පළාත් සභා අපේක්ෂකයන් දෙදෙනෙකු අතර මේ ගැටුම ඇති වූ බවත් එය වාර්තා කිරීමට නාවුල පොලිසියට ගිය විද්‍යුත් මාධ්‍යෙව්දී අසිත දර්ශන මහතාටද මැර ප්‍රහාරයක් එල්ල වූ බවත් වාර්තා විය.

ප්‍රමිත බංඩාර තෙන්නකෝන් මහතා ගමන් කළ රිය නාවුල නගරයේදී හරස් කළ සන්දානයේම පිරිසක් ඔහුට පහර දී ඔහුගේ වාහනයටද අළාභ හානි කර ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.

දෙපාර්ශවයම පොලීසියට රැගෙන ගිය බව පොලීසිය කියයි.

ප්‍රමිත තෙන්නකෝන් ජනක බංඩාර ඇමතිගේ පුත්‍රයාය.

 



අදහස් (0)

සන්ධානය, සන්ධානය ගහ ගනී

ලුම්බිණි Monday, 29 July 2013 06:09 AM

මනාප ක්‍රමය බොහෝ රටවල තියෙන තෝරා ගැනීම් ක්‍රමයක්. මේක ජේ ආර් හොයා ගත් දෙයක් නොවෙයි. ප්‍රශ්නය මනාප ක්‍රමයේ නොවෙයි. ප්‍රශ්නය තියෙන්නේ මැර දේශපාලනයේ සහ ඒවාට අනුබල දෙන්නන්ගේ. රටේ නීතියක් නැති කමේ. (නි)

:       0       0

හේරත් Monday, 29 July 2013 06:45 AM

බලන්නකෝ මුහුණ. මිනිස්සු හිනා වෙනවා..දෙකොනෙන්ම .... (නි)

:       0       0

රෝහණ Monday, 29 July 2013 06:57 AM

හෙක්ටර් සහ කරුණාරත්න යන අයගේ අදහස් අනුමත කරමි. (නි)

:       0       0

ජෙරාඩ් Monday, 29 July 2013 07:25 AM

ඔබේ ඡන්දය මොන පක්ෂයේ හෝ මැරයෙකුට නොව අතලොස්සක් වන සාමකාමී උගත් මහත්මයෙකුට දෙන්න (නි)

:       0       0

සෙන්සා Monday, 29 July 2013 08:02 AM

වයඹ 1999 වර්ෂයේදී වුන දේම වෙයි වගේ.එදා හිටපු කටිටියම එකතුවෙලා ඉන්නේ. (දී)

:       0       0

කෙවින් Monday, 29 July 2013 08:43 AM

දැන් අපට ලංකාදීපේ බලනකොට පොඩි සතුටක් දැනෙනවා . ගහගත්ත, මරාගත්ත, ඒවා 5,6 ක් වත් බලන්න උදෙන්ම දමන්න. විශේෂයෙන්ම එකම පක්ෂයේ. (දී)

:       0       0

හේමන්ත Monday, 29 July 2013 08:45 AM

ජනතාවනි, ඔබ නාලිකාවල දකින දෙය සත්‍ය නොවේ. ඒ ඒ අයගේ බලාපොරොත්තු සඳහා හෝ වාසියට හෝ මුදලට කියන දේවල්ය. සත්‍ය බොහෝ විට නොලැබේ. විමංසා බුද්ධියෙන් රට ගැන හිතන්න. ඉපදෙන්න ඉන්න එකාටත් නය ගිණුම් හදන්න චන්දෙ දෙන ඔබ මොනතරම් අකාරුනිකද? මහත්වරුන්ට චන්දය දෙන්න. රට හදන්න හැකි අය තෝරාගන්න. (දී)

:       0       0

රාජු Monday, 29 July 2013 09:02 AM

අපි ඡන්දය වර්ජනය කරමු. (නි)

:       0       0

ගාමින්ද Monday, 29 July 2013 09:20 AM

පක්ෂය ඇතුලේ ප්‍රශ්න (දී)

:       0       0

චමින්ද Monday, 29 July 2013 09:22 AM

මොන චන්දෙ තිබුනත් ඔයදේම තමයි හැමදාම වෙන්නේ ඕක ලොකුවට හිතන්න එපා. අද රටේ දේශපාලනය මොට්ටවෙලා තියෙන්නේ (දී)

:       0       0

හේමන්ත Monday, 29 July 2013 10:04 AM

ලංකාදීප පාඨකයිනි ඔබේ හිතට එකගව සුදුසුම පක්ෂයට හා පුද්ගලයින්ට ඔබේ වටිනා චන්දය දෙන්න. චන්දය නොදීම නිසා ඔබ හිතාමතාම ප්‍රජාතන්ත්‍ර වාදයට ද්‍රෝහී කමක් සිදුකරයි. ප්‍රථිපලය විකුර්ති කරවයි. චන්දය දෙන්න. චන්ද පොලට යන්න. (දී)

:       0       0

හෙක්ටර් Sunday, 28 July 2013 09:55 PM

වයඹ ඔයිට හපන් වෙයි. බලාගෙන ඉන්නකෝ. එක්සත් ජාතික පාක්ෂිකයිනි, චන්දෙ දාන්න යන්නේ නැතුව ඉන්න එපා. පෙන්නන්න අපේ බලේ. (නි)

:       0       0

නිමල් ලලිත Monday, 29 July 2013 10:49 AM

මෙවැනි දේ ගැන පුදුම විය යුතු නැත. මනාපයේ අමනාපය, සාපය මේ රටේ මොලේ කලඳක් ඇති සියලු දෙනාම දනිති. එය නොදන්නේ , නොදන්නා ලෙස සිටින්නේ බලලෝබි, මගේ මුණුබුරාට මිනිබිරියට කුමක් උනත් මම බලයේ සිටියොත්. මගේ තනතුර රැකගත්තොත් ඇත කියා සිතන දෙසපලකයන් පමණි. (ස)

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Sunday, 28 July 2013 10:02 PM

මෙන්න ප්‍රථම චන්ද ප්‍රතිපලය (නි)

:       0       0

ෂෙරිෆ් Sunday, 28 July 2013 10:03 PM

මට කොළොන්නාවේ සිද්දිය මතක් වුනා! (නි)

:       0       0

විජේසින්ග්හේ Sunday, 28 July 2013 10:05 PM

ඉස්සර අපි චන්ද ප්‍රතිපල ඇහුවේ මැතිවරණය ඉවර වුනාට පස්සේ.දැන් පටන් ගන්නත් කලින් ප්‍රතිපල නිකුත්වෙන්න පටන් අරගෙන. ආශ්චර්යයේ මහිමයෙන් ලංකාවට සෝමාලියාවක් වෙන්න වැඩි දවසක් යන්නෙ නැහැ (නි)

:       0       0

අලී Monday, 29 July 2013 10:51 AM

චන්දය කුඩා පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට දෙමු. (නි)

:       0       0

නිමල් Monday, 29 July 2013 10:54 AM

මෙම මැතිවරණයේදී ඡන්දය දෙන සාමකාමී පුරවැසියනි, පක්ෂය කුමක් වේවා මනාපයට මරා ගන්න අමනුස්සයන් කාටවත් පක්ෂය කුමක් වුවත් ඡන්දය දෙන්න එපා. මේ ගොල්ලෝ පත්වී ගියහොත් මේ ගොල්ලන්ගේ ජරා වැඩ කරන අතවැසියන්ගේ තැන රැකගැනීමට සාමකාමී ඔබට කරන්නෙත් ඔය ටිකම තමා. දකින්න ලැබෙනවා ඇතිනේ පුවත්පත් ප්‍රවෘත්ති. (නි)

:       0       0

අස්මිත් Monday, 29 July 2013 11:00 AM

මේකට ජේ.ආර්.ට බැනලා හරි යන්නේ නැහැ.බල ලෝබය,තණ්හාව,මැරකම්,දුෂණය,වංචාව,නැතිව කොයාතරම් අගේට රට පාලනය කරන්න පුලුවන්ද?ජපානය ඇතුළු දියුණු රටවල් රටට කොයිතරම් ආදරයකින්ද,කැප වීමකින්ද,රට ගොඩ නැගුවේ? අපේ රටේ සුළු සේවකයා ඉදලා එහාට ජනතාවගේ පිට රටින් ලැබුන සහනාදාර පවා මහා පරිමාණයෙන් වංචා කෙරුවා,(කෝප් වාර්තා හරිහැටි පරික්ෂා කරන්න)දැන් බලයේ ඉන්නේ,බාල අපරාදකාරයෝ, වංචා,දුෂණය, මිනීමැරුම්, අල්ලස්, කොමිස්,මත්කුඩු යන හැම ජාවාරමකම කප්පිත්තෝ!නමුත් අත්වල පිරිත් නුල් බන්ඩල් ගණන්,පෝය දිනයට පන්සලේ,පළාතේම මහා දානපතියෝ,ඔවුන්ගේ ඇතුල් පැත්ත නොදන්නා කෙනෙක් නැහැ.නමුත් ඔහු වටකරගෙන ජනතාවත් ඉන්නවා. ඉදිරියේදී,රට හුගක් පහත තත්වයට වැටීම වලක්වන්න බැහැ ඔය හා ජරා දේශපාලකයන් රටෙන් අතුගානකම්! (නි)

:       0       0

විදානගේ Sunday, 28 July 2013 10:26 PM

අපිට තව ඕනෑ මේ වගේ ඒවා බලන්න (නි)

:       0       0

සමන්ත Sunday, 28 July 2013 10:28 PM

හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට.... ඔහොම යමු (නි)

:       0       0

රිෂාර්ඩ් Monday, 29 July 2013 03:10 PM

ඔව් දැන් ඉතින් ඕක තමයි කරන්න තියෙන්නේ විරුද්ද පක්ෂයත් නැහැනේ ඔක්කොම පනිනවා (දී)

:       0       0

චානක. Sunday, 28 July 2013 10:29 PM

ආණ්ඩුවට කඩේ යන අය පොඩ්ඩක් ඉන්න ... පළමු ඕවරයටම සාර්ථක ප්‍රහාරයක් ... තව ඕවර 49 ක් තියෙනවා.ආශ්චර්ය සමග චින්තනය හොඳට බලාගන්න පුළුවන් (නි)

:       0       0

කෙවින් Sunday, 28 July 2013 10:33 PM

දෙතුන් දෙනෙකුට ලොකු දෙයක් වුනා නම් අපේ හිතට හොද ගතියක් එනවා (නි)

:       0       0

බන්දුල Sunday, 28 July 2013 10:31 PM

පව් කුක්කු බබාලා ..මනාප ක්‍රමේ මැතිවරණයක් ගැන අහන අත්දැකීම් ලබන පලවෙනි වතාව වෙන්න ඇති. කට්ටිය හදෙන් ගොඩ බැහැලා වගේ.හෙක්ටෙර් මහත්තයට වයර් මාරු වෙලා.දැන්ම චන්ද පොලට යන්න හදන්නේ.ජයවර්දන මහත්තයා ඔය ක්‍රමේ හැදුවේ තම තමන්ගේ අයව මරා ගන්න තමයි.අපි නම් 77 ඉදලම ඕවා දැක්කා.ඔයාලා මං හිතන්නේ තම මොන්ටිසෝරි වයසේ වෙන්න ඇති නේද.. (නි)

:       0       0

නලින් අබු ඩාබි Sunday, 28 July 2013 10:34 PM

මෙච්චරයි අඩු (නි)

:       0       0

චානක. Sunday, 28 July 2013 10:33 PM

1977 න් පසුව තිබු සියලුම මැතිවරණ දුෂිත මැතිවරන බවයි මගේ හැගිම. බලමු මේක ගැන... (නි)

:       0       0

චමින්ද ජයනාත් Sunday, 28 July 2013 10:37 PM

තමන් වපුරපු දේ අනුව තම අස්වැන්න නෙලා ගන්න වෙන්නේ කියලා බුදු බනේ කියලා තියෙන්නෙ ඕකට තමා. සමාජයක් යහමගට ගන්නෙ නැතුව බලය පස්සෙම දුවන ඕනැම ආයතනයකට, රජයකට, පුද්ගලයෙකුට අවසානයෙ සිදුවන්නෙ ඔය දේ තමා. අවසානයෙ තමන්ටම පාලනය කරගන්න බැරිව විකාශ වෙලා යනවා. (නි)

:       0       0

රංග Sunday, 28 July 2013 10:39 PM

වැඩිම මනාප ගන්න පොරේ. (නි)

:       0       0

සමන් Sunday, 28 July 2013 11:10 PM

කාගේ පවර් එකද දන්නෙ නැහැ (නි)

:       0       0

ටිකිරි Sunday, 28 July 2013 11:22 PM

මොවුන්ට පාඩමක් උගන්වන්න විරුද්ධ පක්ෂයේ කාට හෝ ඡන්දය දෙන්න. (නි)

:       0       0

සම්පත් Sunday, 28 July 2013 11:31 PM

රට ආගාධයට තල්ලු කරන්න එපා (නි)

:       0       0

මිනිපෙ Sunday, 28 July 2013 11:40 PM

ඔය ඔක්කම අපේක්ෂකයන්ට එකිනෙකාට මරා ගන්න කියලා, අපි බුද්ධිමත් ඡන්දදායකයින් හැටියට, ඉතාම සන්සුන්ව,තම ඡන්දය දෙන්නේ කාටද කියා ලොවට අණබෙර නොගසා, වැදගත්,වගකීමකින් යුතු පුරවැසියන් ලෙස ඡන්ද පොලට ගොස් තම සිවිල් අයිතිවාසිකම උරගා බලන්න.එක එකාව රජකරවන්ට, ඔබ බිලි නොවන්න .අපි, එනම් සාමාන්‍ය පුරවැසියා ඉතාම අහිංසකයි."අපි හොද වැදගත් පවුල් වලින් පවැත එන වැදගත් මිනිස්සු" කියලා හෝ හිතන අයට, එය ඔප්පු කිරීමට මෙය හොද අවස්ථාවකි.ඔබ වෙහෙසින් වැඩ කර පවුලක් රකින කෙනෙකි.අනවශ්‍ය මෝඩ වැඩ කරන්න ගිහින්,තම ආදරණිය දු දරුවන්ට දුක් නොදෙන්න.මා මෙයින් අදහස් කරන්නේ, තම වටිනා ඡන්දය පාවිච්චි කරන්න එපා කියන එක නොවේ.එය වැදගත්කමට පාවිච්චි කරන හැටියි. (නි)

:       0       0

ආසිරි Monday, 29 July 2013 11:59 AM

සන්ධානේ කට්ටිය අදරෙටනේ ගහගන්නේ.සිරිකොතේ අය තමා මිනිමරගන්නේ......දැක්කේ නැද්ද දයාසිරි අයියත් ආණ්ඩුවට දිව්වේ එකනේ. (දී)

:       0       0

කුමාර Monday, 29 July 2013 12:57 AM

මුල්ම චන්ද ප්‍රතිපලය සන්දානය දිනුවා වගේම අවසානයත් එහෙමම වේවිද? (නි)

:       0       0

සත්‍යපාල Monday, 29 July 2013 03:23 AM

චමින්ද ජයනාත්,ගිනි දවල් දෙනෝ දාහක් බලා සිටියදී 4 දෙනෙකු වෙඩි තබා ඝාතනේ කල සිද්දියේ පලවෙනි සැකකරු අද ඉන්නේ කොහේද? ඇමරිකාවේ එහෙම උනත්, ලංකාවේ එහෙම වෙන්නේ නැහැ.අපේ කට්ටිය මරාගන්නේ නැහැ. හරිම නීති ගරුකයි. (නි)

:       0       0

බන්දුල Monday, 29 July 2013 12:33 PM

පුංචි ටිකිරිගේ පුංචි මොලේ ගොම පස්ම තමයි තියෙන්නේ, ..හා හා අපි ගිහින් විපක්ෂයට ඡන්දෙ දෙන්නම්.. (නි)

:       0       0

උපාලි Monday, 29 July 2013 04:57 AM

කෙවින්, විදානගේ, අම්මපා ඇත්ත. එක පැත්තේ අපේක්ෂක මහත්වරුනි, අපටත් පොඩි වින්දනයක් දෙන්නකෝ ඔන්න ඔහොම. කම්මැලිකමේ අපිත් ඉන්නේ අප්පා. (නි)

:       0       0

චානක. Monday, 29 July 2013 12:40 PM

අපි විපක්ෂයට ඡන්දය දීමෙන් පලක් වේද ? (නි)

:       0       0

කරුණාරත්න Monday, 29 July 2013 05:22 AM

එ.ජා.ප. නෝනාවරුනි, මහත්වරුනි වඳින්නම්, ඡන්දෙ නොදී ඉන්න එපා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 22 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 272 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 1461 1

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති
2024 සැප්තැම්බර් මස 25 1612 0

නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.


ශිෂ්‍යත්ව පත්‍රය පිටවීම: අධ්‍යාපන ලොක්කෝ මානව කොමිසමට
2024 සැප්තැම්බර් මස 25 565 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාවද විශේෂ විමර්ශනයක් අර


ඉකුත් ආණ්ඩුවේ අමාත්‍යංශ වාහන ගාලු මුවදොර ගොඩගහලා
2024 සැප්තැම්බර් මස 25 1805 4

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37037 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24403 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 600 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 235 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site